Main Logo

Monday 15 October 2018

කොටින්ට වන්දි ගෙවනවා නම් එංගලන්තය ඒ කළ යුතුයි


කොටින්ට වන්දි ගෙවනවා නම් එංගලන්තය ඒ කළ යුතුයි



දෙමළ කතාකරන දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියල තරුණයන් ටිකක් අනුරාධපුරයේ බන්ධනාගාරය අසල උද්ඝෝෂණය කරලා. එයට තවත් තරුණයන් පිරිසක් විරුද්ධ වෙලා. දෙමළ කතාකරන සිරකරුවන් මෙන් ම ඔවුන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ තරුණයන් පිටුපස විග්නේස්වරන්, සුමන්තිරන් සම්බන්ධන් ශිවාජිලිංගම් ඇතුළු දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් ඉන්නවා. එහෙත් ඒ උද්ඝෝෂණයට විරුද්ධ වූවන් පිටුපස සිංහලයන් යැයි කියන දේශපාලනඥයන් නැහැ. මේක තමයි සිංහල දේශපාලනයේත් දෙමළ කතාකරන්නන්ගේ දේශපාලනයේත් වෙනස.




මා කියන්නේ නැහැ විග්නේස්වරන්ලා සම්බන්ධන්ල එක ම කඳවුරක කියා. විග්නේස්වරන් සම්බන්ධන්ට වඩා දෙමළ ජාතිවාදි වෙලා උතුරෙ බලය අරගන්න ලැහැස්ති වෙනවා. ඔහුට බටහිර රටවල, විශේෂයෙන් එංගලන්තයේ දෙමළ කතාකරන විසුරුණු ජනයාගේ  සහාය ලැබෙනවා. සම්බන්ධන්ලාට ඉන්දියාවේ සහාය තියෙනවා. බටහිර රටවලට තවත් කොටි සංවිධානයක් අවශ්‍යයි. ඉන්දියාවට අවශ්‍ය නැහැ. එහෙත් ඉන්දියාවටත් දෙමළ ජාතිවාදය අවශ්‍යයි. සම්බන්ධන් පාර්ලිමේන්තුවේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. විග්නේස්වරන් පාර්ලිමේන්තුවෙන් පිට දෙමළ ජාතිවාදී ක්‍රියාවල නිරත වෙනවා. ඔහු කියනවා දෙමළ කතාකරන දේශපාලන සිරකරුවන් නිදහස් කෙළෙ නැත්නම් අයවැයෙ දි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දිය යුතුයි කියලා.



ඊයේ මා සැකෙවින් සඳහන් කළා අතුරුදහන් වූ කොටින්ට වන්දි ගෙවීම පිළිබඳ ව.  මන්ත්‍රීවරන් පනස්ගණනක් අදාළ  පනතට පක්‍ෂ ව ඡන්දෙ දීලා. මා ඊයේත් පැවසුවෙ වන්දි ගෙවන්න ඕනෙ රජය වෙනුවෙන් යම් ක්‍රියාවකට ගිහින් යමකු යම් ආපදාවකට පත් වුණා නම් හරි රජයේ වරදක් නිසා වරදක් නොමැති අයකු යම් ආපදාවකට පත් වුණා නම් හරි කියලා. කොටි ත්‍රස්තවාදීන් මේ දෙකොටසින් එක් කොටසකටවත් අයත් වන්නේ නැහැ. ඔවුන් ආයුධ අතට ගත්තෙ රජය වෙනුවෙන් නොව රජයට විරුද්ධව. එසේ රජයට විරුද්ධව අවි ගත් විට සිංහල බෞද්ධ විරෝධීන් සිංහල බෞද්ධයන්ගෙන් බලාපොරොත්තු වන්නෙ ප්‍රාණඝාත නොකර අවි ගත් අය ඉල්ලන දෙයක් දෙන්න. පඬියන් කියාවි නැහැ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳන්න කියා.



මෙරට පාලකයන් දශක ගණනාවක් තිස්සෙ කෙළෙ එයයි. සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳන්න හැදුව. ඒත් ප්‍රශ්නෙ මොකක් ද කියල කවුරුවත් තාම කියන්නෙ නැහැ. කොහොම වුණත් සාකච්ඡා හරියන්නෙ නැතිි බව මෙරට සාමාන්‍ය සිිංහලයන් තේරුම් ගෙන හිටියා. අප ඒ සාමාන්‍ය සිංහලයන්ගෙ මතය යුක්තියුක්ත කරලා ප්‍රසිද්ධ කළා. අවසානයේ දි මහින්ද ඒ මතය සමග එකඟ වුණා. සිංහලයන්ගේ දේශපාලනය පහළින් උඩට යන එකක්. ඒත් රනිල් වැන්නන්ට සිංහල මතය යන්නෙ නැහැ. රනිල් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙ අයකු මිසක් සිිංහල බෞද්ධ සංස්කෘතියට අයත් කෙනකු නො වෙයි. ඔහු අර හතළිස්දාහේ කතාව කියා ඇත්නම් මා පුදුම වෙන්නෙ නැහැ. සමහරවිට කවුරුන් හරි ඔහු ලවා ඒ කතාව කියෙව්ව ද දන්නෙ නැහැ. ඔහු කුමක් කළත් ඒ සිිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව කරන්නක්.



දෙමළ දේශපාලනය උඩ සිට පහළට එන්නක්. රාමනාදන්ලගෙ කාලෙ ඉඳල ම එහෙමයි. අද විග්නේස්වරන් හරි සම්බන්න් හරි සුමන්තිරන් හරි කියන ආකාරයට දෙමළ කතාකරන අය කටයුුතු කරනවා. ඒත් මා කලින් කී අයුරෙන් එක ම විධියට නො වෙයි. දෙමළ දේශපාලනය මෙහෙයවන්නෙ බටහිරින් හා ඉන්දියාවෙන්. තමිල්නාඩුවෙ දෙමළ බෙදුම්වාදයටත් ලංකාවෙ දෙමළ බෙදුම්වාදයටත් කතෝලික/ක්‍රිස්තියානි පූජකවරුන් බලපෑවා. දෙමළ ත්‍රස්තවාදීන් කටයුතු කෙළෙ ලංකාවෙ රජයට ඕන විධියට නො වෙයි. ඔවුන් අතුරුදහන් වුණා නම් එසේ වී ඇත්තේ බටහිරයන් හෝ ඉන්දියාව හෝ වෙනුවෙන් ආයුධ අරගෙන. ඒ නිසා ඔවුන්ට වන්දි ගෙවන්න ඕන ඉන්දියාව හරි එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හරි මිස ලංකාව නොවෙයි. ඒත් රනිල් එංගලන්ත ක්‍රිස්තියානි සංස්කෘතියෙ අයකු නිසා දෙමළ ත්‍රස්තවාදීන්ට එංගලන්තය වෙනුවෙන් වන්දි ගෙවනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ වන්දි ගෙවන්නෙ අපේ බාල්දු වූ රුපියල්වලින්. එංගලන්තෙන් පවුම් ටිකක් දෙන්නෙ නැහැ. මෙරට වැඩියෙන් බදු ගෙවන්නෙ සිංහල බෞද්ධයන්. රනිල් සිංහල බෞද්ධයන්ගෙ සල්ලිවලින් සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව සටන් කළ දෙමළ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවා. රනිල් වහාම ඉවත් නොකළොත් තව මොනවා නොකරයි ද?   



රනිල් හදිසියෙ නෝර්වෙ හා එංගලන්තෙ ගියෙ වන්දි ගෙවන්න විදේශ විනිමය ඉල්ලන්න නො වෙයි. අද ඉන්දියාව ඔහු අගමැති කමෙන් ඉවත් කරන්න සූදානම් වෙනවා. ඒ ඉන්දියාවට ඔහු ප්‍රශ්නයක් වී ඇති නිසා. අද ඔය ඊනියා සභාග/භාරකාර සාකච්ඡා ඇතිවෙලා තියෙන්නෙ අප කියන හන්දා ම නොවෙයි. සමහර අය ඒ සාකච්ඡා හරියාවි කියල හිතාගෙන ඒකෙ ගෞරවය ගන්න හදනවා. ඒත් සාකචඡා සාර්ථක වේ ද කියන එක ගැන මට විශ්වාසයක් නැහැ. මේ ප්‍රශ්නයේ දි වැදගත් වන්නෙ අප නොවෙයි. මෝදි, මහින්ද, බැසිල් හා මෛත්‍රිපාලයි. එංගලන්තය නෝර්වෙ හා රනිල් අනිත පැත්තෙ. රනිල් ඉවත් කරන්න ඕන කියන එක ඉන්දියාව අතට අරගත්ත බවක් පේනවා. ඒක හරියට රතන හිමි වස විස නැති ආහාර කතාව අතට ගත්ත වගේ.



ඇතැමුන් කියාවි මා මේ බිල්ලන් මවනව කියලා. හින්දු ඉන්දියාව හා ක්‍රිස්තියානි එංගලන්තය කොහොමටත් බිල්ලන්. අමුතුවෙන් මවන්න ඕන නැහැ. තවත් අය අසාවි මා ඒ ඒ තැන්වල හිටිය ද මේව දැනගන්න කියා. අපට යමක් දැන ගන්න සිද්ධිය ඇති වුණු තැනට ම යන්න අවශ්‍ය නැහැ. එහෙම වුණොත් අපට බොහෝ දේ දැනගන්න ලැබෙන්නෙ නැහැ.



පහුගිය දවස්වල ඉහත සඳහන් අය කළ විදේශ සංචාර පැමිණීම්, ආගමන-විගමන, කළ කී දේ සමස්තයෙහි බහා සලකා බලන්න. දෙමළ ජතිවාදයේ විකාශය ගැන, සමස්තය ගැන  මට කතාවක් තියෙනවා. මා සිද්ධියෙන් සිද්ධියට යන්නෙ නැහැ. මගේ ඒ් කතාවත් සමග මේ කියන දේ සංගත වෙනවා. මෝදි මහින්ද බැසිල් මෛත්‍රිපාල චතුරංගිකය ගැන තවදුරටත් පසුව කතා කරමු. ඊනියා සභාග/භාරකාර ආණ්ඩුව තීරණය වන්නෙ ඒ චතුරංගිකය මත. මේ කතාවහි වෙල්ගමලා අමරවීරලා ඉතා සුළු චරිත වුණත් අපි ඔවුන් ගැනත් කතා කරමු.