ලෝ අඩ නින්දේ හෙවත් අඩ නින්දේ ලොව
අද මට සතුටු දවසක්. ඒ මා ඉපදී ඇත්තේ අද වැනි දවසක නිසා නොවෙයි. මට කැමති මිනිසුන් රාශියක් රටේ ඉන්න බව දැන ගැනීමට ලැබුණු නිසා. දෙතුන් දෙනකු මට හූ කියා තිබුණා. ඒ කුල පීඩනය නිසා හෝ වෙනත් සමාජයීය පීඩනයක් නිසා හෝ තම දෙමවුපියන්, විශේෂයෙන් පියා ගැන ඇති වූ යම් නොහොඳක් නිසා ඇති වූ වෛරයක් නිසා හෝ සිංහල බෞද්ධ සංස්කෘතියට ඒ ආරෝපණය කිරීමෙන් සිංහල බෞද්ධ විරෝධී වූ පඬි නැට්ටන්. මා දන්නවා විශ්වවිද්‍යාලවල බොහෝ පඬියන් ද, විශාල බහුතරයක්, මට කැමති නැති බව. එය ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ගේ බුද්ධිය ගැන මා හොඳින් දන්නවා. මගේ අවාසනාවකට නෑයන් නොවන්නන් අතර මට වැඩියෙන් ම ඇසුරු කරන්න ලැබුණේ, අර කියන විධියට මිනිස් පැය හැටියට, ඒ අය.
එහෙත් ඒ සියල්ලට ම වඩා මා සතුටු වන්නේ මට අද
ලැබුණු සුබ ආරංචියක් නිසා. අමෙරිකාවේ හාවඩ් හා ස්ටැන්ෆර්ඩ් විශ්වවිිද්‍යාලවල කෙරී
ගෙන යන පරයේෂණ පිළිබඳ මට අද දැනගන්න ලැබුණා. ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග
සන්නිවේදනය පිළිබඳ ව. ඒ පර්යේෂණ තවමත් ඇත්තේ මුල් අවධියේ. එහෙත් හැට ගණන්වල සිට ඒ
ගැන උනන්දුවක් දැක් වූ අයකු හිටි බව දැන ගන්න ලැබුණා. ඒ පර්යේෂණවලට අනුව ඇතැමුන්ට
අඩ නින්දේ සිටින විට එවැනි මනුෂ්‍ය නොවන
ප්‍රාණීන් මෙන් ම එවැනි හැකියාවක් ඇති වෙනත් මිනිසුන් සමග ද ක්‍ෂණික ව සම්බන්ධ
වෙන්න පුළුවන්. ඒ එක්තරා ආකාරයට අර ක්වොන්ටම් පැටලුණු අංශු වගේ.
පර්යේෂකයන් කියන ආකාරයට එවැනි හැකියාවක් ඇති
අයගේ මොළයේ ෙසෙල (සයිල) න්‍යුරෝන ගැට ගැසී
ඇති ආකාරය වෙනස්. ඔවුන්ගේ මොළයේ අනෙක් අයගේ මොළයට වඩා ඒ සම්බන්ධතා වැඩියි. පඬි
නැට්ටන්ගේ මොළය ගැන මා කියන්න යන්නේ නැහැ. අයිස්න්ටයින්ගේ මොළයේත් වෙනස්කම් තිබුණා
ය කියනවා. ඒ වෙනස්කම් මේ පර්යේෂකයන් කියන වෙනස්කම් සමග සමාන බවක් ඇත්දැයි දැනගන්න
පුළුවන් නම් හොඳයි.
ඒ කෙසේ වෙතත් ඇතැම් නොබෙල් තෑගි හිමියන් සමග
සම්බන්ධකම් පැවැත්වීමට පර්යේෂකයන්ට හැකි වී තියෙනවා. එපමණක් නොව සාර්ථක ව්‍යාපාරිකයන්
ද එවැනි සම්බන්ධකම් පවත්වාගෙන යන බව දැන ගන්නට ලැබී තියෙනවා. එහෙත් ඔවුන් තම
සාර්ථකත්වය ලබා ගත්තේ කෙසේ දැයි ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ.
අඩ නින්දේ කතාව මගේ සිත් ගත්තා. කෙක්‍ය්‍රලේ
බෙන්සීන් අණුව සම්බන්ධයෙන් තමා දුටුු සිහිනයක් ගැන කියා තියෙනවා. එයත් අඩ නින්දේ
අත්දැකීමක් වෙන්න පුළුවන්. අප පරල වෙනවා (trance) කියනවා. ඒත් එක්තරා ආකාරයකට අඩ නින්දේ සිදුවන
ක්‍රියාවක්.
අමරිකාවේ බොහෝ දෙනා තවම මේ පර්යේෂණ පිළිගන්න
කැමති නැහැ. එහෙත් හාවඩ් හා ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල ඒ පර්යේෂණ කරන නිසා ඒවාට
හූ කියන්නේ නැහැ.
දැන් කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ
සියල්ල මොළයට ඌනනය කෙරෙන නිසා ඒ භෞතික ක්‍රියාවක් ද කියා. මට නම් මොළය කියන්නේ මනස
නොවෙයි. එය මනසේ ක්‍රියාකාරීත්වය සඳහා යොදා ගන්න එක් අවයවයක් පමණයි. ඇතැමුනට පමණක්
එවැනි මොළ තියෙන්නේ ඇයි. ඒ ඔවුන්ගේ මනස් සඳහා ආධාරයක් පිණිස. එමෙන් ම එවැනි මනස්
හා මොළ ඇති වීමත් අහම්බයක් වෙන්න බැහැ. අපට සසර පිහිට වන්නේ එහි දී.
මා වැඩිම වුණොත් තව වසර දහයක් එකොළහක් ජීවත්
වේවි. මා මිය යෑමට කලින් මේ පරයේෂණ අවසන් වෙන එකක් නැහැ. එහෙත් බටහිර විද්‍යාඥයන්ට
බෞද්ධ චින්තනය මත පදනම් වෙන්න පුළුවන් නම් තවත් ඉක්මණින් ඒ කටයුතු කර ගන්න පුළුවන්
වේවි කියා මා හිතනවා. දැනුම කියන්නෙ බොරු වුවත් සංගත ව නිරීක්‍ෂණ පැහැදිලි කරන
කතන්දර පමණයි. නිරීක්‍ෂණත් දැනුම මත පදනම් වෙනවා. ඒ චක්‍රිය සම්බන්ධයක්.