Main Logo

Friday 29 December 2017

සිද්ධි දෙකක්

සිද්ධි දෙකක්


ගෙවී යන සතියේ වැදගත් නොවුණත් වැදගත් සිද්ධි දෙකක් ගැන යමක් කිව යුතුයි. මා ඊනියා අපෝහකයක් හෙවත් දයලෙක්තිකයක් කතා කරනවා නො වෙයි. දයලෙක්තියක් ගැන කතා කරන අයට අනෙක් බොහෝ දේ මෙන් ම එය අවබෝධයකින් තොරව තම පඬි බව පෙන්වීමට යොදා ගන්නා වචනයක් පමණයි. මාක්ස්වාදී අපෝහකය තවත් රූපිකයක් පමණයි. අපෝහකයේ රූපිකය පොතෙහි මේ ගැන සඳහන් වෙනවා. කසිකබල් මාක්ස්වාදීන් හා වෙනත් පඬියන් අපෝහකයක් ගැන පාරම්බාන්නේ චතුස්කෝටිකය ගැන දැනීමකින් තොරව. චතුස්කෝටිකය බටහිර අපෝහකයට වඩා බෙහෙවින් පොහොසත්. මෙරට ඊනියා උගතුන්ට ග්‍රීකයන්ගෙන් තොර ලෝකයක් නැහැ. හෙරෙක්ලිටස් අයකුට එක ම ගඟට දෙවරක් බහින්න බැරිය කී කතාව ඔවුන්ට හරි වැදගත්. අප දන්නේ ගඟක් කියා දෙයක්වත් අයකු කියා පුද්ගලයකුවත්, එක වර කියා ක්‍ෂණයක්වත් නැති බව. දෙවරක් ගැන කතා කුමට ද?

සිද්ධි දෙකෙන් එකක් තේ කුරුමිණියාගේ කතාව. අපේ උගතුන් නම් පටන් ගන්නේ කුරුමිණියාගේ වර්ගය කියා තේ කෝප්පයේ කුණාටුවක් ගැනත් යමක් කියා. බහාලුමක කුරුමිණියකු හිටි නිසා අපේ තේ මිල දී නොගෙන සිටීමට තරම් රුසියානුවන් මෝඩ ය කියා හෝ දඩබ්බරය කියා හෝ මා හිතන්නේ නැහැ. ඇස්බැස්ටස් තහනමක් නිසා තේ තහනමක් කරන්නේත් නැහැ. අනෙක් අතට මෙවැනි සිද්ධියක් එක් ලිපියකින් විසඳීමට තරම් මෛත්‍රිපාල දක්‍ෂ රාජ්‍ය තාන්ත්‍රිකයකු කියාවත් මා හිතන්නේ නැහැ. කොහොමත් දැන් ඇස්බැස්ටස් තහනම නැවත ක්‍රියාත්මක වෙනවා ද කියා කවුරුන්වත් කියන්නේවත් අහන්නේවත් නැහැ. සිද්ධියෙන් සිද්ධියට ප්‍රචාරය සඳහා පමණක් පනින රතන හිමියන් තවත් සිද්ධියක් වෙන තුරු බලා ඉන්නවා ඇති.

අර රුසියන් පරිගණක අපරාධකරු (හැකරා) බොර්ගොවිච්ට සිදු වුණේ මොකක් ද කියා දන්න අයකු ඉන්නවා ද? අප දන්නේ ඔහු ලංකාවේ දී මනොකින් නමින් අත්අඩංගුවට ගත් බවත් ඇප මත නිදහස් කළ බවත් පසුව අතුරුදහන් වූ බවත් පමණයි. හැම දේට ම මෙන් පනින රතන හාමුදුරුවන් ඔහු හැන දන්නවා ද? රුසියන් ගුවන් යානාවක් මිල දී ගැනීම , සිරිසේනගේ බෑණා හා සිරසේ මහාරාජා අතර සම්බන්ධය කුරුමිණියාටත් සම්බන්ධ දබොර්ගොවිච් දැන් ඉන්නේ ලංකාවේ ද, රුසියාවේ ද, වෙනත් රටක ද? මේ සියල්ල ගැන මංගල සමරවීර කියන්නේ කුමක් ද? රනිල් කියන්නේ කුමක් දකුරුමිණියා තේ ඇස්බැස්ටස් නැව බොර්ගොවිච් එකිනෙකට සම්බන්ධ නැහැ කියා හිතුණත් සම්බන්ධ වෙන්නත් පුළුවන්. අප බලා ගෙන ඉන්නවා. ඒ එක සිද්ධියක්.

අනෙක් සිද්ධිය යාපනයේ නාග විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආදාහනයට විරුද්ධ ව යාපනයේ නීතිඥයන් පිරිසක් අධිකරණයට යෑමයි. ඔවුන්ට අනුව ආදාහනය නිසා පරිසර දූෂණයක් ද වුණා! කෙසේ නමුත් විනිසුරුතුමා ආදාහනයට අවසර දුන්නා. නාග විහාරය (නාග දීපය) ගැන සොළොස්මස්ථානයේත් කියැවෙනවා. වරක් ජේ ආර් පී සූරියප්පෙරුම මහතා කීවේ සොළොස්මස්ථානය දැක්වෙන සිතියම මෙරට බෞද්ධ සිතියම කියා. දැන් ඒ මහතා ගැන අහන්න නැහැ. ගුණදාස අමරසේකරට ධර්මපාලතුමා මාක්ස්වාදී ද යන ප්‍රශ්නය මතු කෙළේ ඒ මහතා. කලක් ඒ මහතා එ ජා පක්‍ෂයේත් ශ්‍රී ල නි පක්‍ෂයේත් ලේකම් ව හිටියා. එහෙත් එක්වර නො වෙයි. එකල ඊනියා ජාතික ආණ්ඩු තිබුණේ නැහැ. දැනුත් නැහැ. දැන් ආණ්ඩු දෙකක් එක්වර ක්‍රියාත්මක වෙනවා. එහි අපෝහකය කුමක් ද?

ආදාහනයට විරුද්ධ වීමෙන් පෙන්වන්නේ දෙමළ ජාතිවාදීන්ගේ සිංහල බෞද්ධයනට එරෙහි ව ඇති  කැකෑරෙන වෛරයයි. ආදාහනයට විරුද්ධව අධිකරණයට ගියේ සාමාන්‍ය ජනයා නොව දෙමළ උගතුන් පිරිසක්, නීතිඥයන් පිරිසක්. ඔවුන්ට විරුද්ධව තීන්දුව දුන්නේත් නීතිඥයෙක්. මෙරට දෙමළ ජාතිවාදය ඇති කෙළේ ඉංගිරිසින් දෙමළ උගතුන් යොදා ගනිමින්. එහෙත් අද වන විට ඇතැම් දෙමළ උගතුන් තේරුම් ගෙන සිටිනවා සිංහලයන්ට විරුද්ධ වීම වැරදි බව. ඒ එසේ වුණත් සිංහල පඬියන් නම් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට දොස් කියන එක කිසි දිනෙක නවත්වන එකක් නැහැ. ඔවුන් මේ ප්‍රකාශයට විරුද්ධ වේවි තමන් සිංහලයන් නොවන බවත් ගෝත්‍රවාදීන් නොවන බවත් කියමින්. ඔවුන් මානවයන් පමණක් බවත් කියාවි. ඩාවින්ට අනුව නම් මානවයන් වානරයන් වර්ගයකගේ විකාශයක්.   

මේ පඬියන් කිසිවකු ආදාහනයට විරුද්ධ වූවන්ට වචනයක්වත් කීව්වේ නැහැ. එය සමහර විට දෙමළ ජාතිවාදීන්ගේ නීතිඥයන්ගේ මානව අයිතිවාසිකමක් වෙන්න ඇති. නීතිඥයන් උසාවි ගිය දවසෙම විජයකලා ඇමතිතුමිය නම්  දෙමළ ජනයා ඝාතනය කිරීම ගැන නැවතත් ප්‍රකාශයක් කළා. එය අර නීතිඥයන්ගේ උසාවි යෑම යුක්තියුක්ත කිරීමක් වගේ වැඩක්. ආණ්ඩුව මේ ගැන අද වන තුරු කිසිවක් කීවේත් නැහැ. මෛත්‍රිපාල පත්තරෙකින්වත් ඒ ප්‍රවෘත්තිය දැක නැති පාටයි. එහෙත් අද හින්දු කටයුතු පිළිබඳ ඇමති ඩී එම් ස්වාමිනාදන් උසාවි ගිය නීතිඥයන්ට විරුද්ධව ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ ගැන මා ඔහුට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනාදනුත් නීතිඥයකු වීම වැදගත්.

යම් අයුරකින් බෞද්ධයන් හින්දු පූජකවරයකුගේ ආදාහනයට විරුද්ධ ව අධිකරණයට ගියේ නම් කුමක් සිදුවන්නට තිබුණි ද? සිවල් සාමාජිකයන්, මානව හිමිකම් අයිතිකරුවන්, සංහිඳියා කපටින් ජෙනීවා යනවා නොදනුමානයි. සිංහලයන් මොන තරම් ම්ලෙච්ඡයන් ද කියලා ඔවුන් ලෝකයට පෙන්වීමට උත්සාහ ගනීවි. සිංහලයන් බෙදී සිටින තාක් දෙමළ ජාතිවාදීන්ට හා පඬියන්ට වාසියි.  


______________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු

2017-12-29