Main Logo

Tuesday 11 January 2022

ඩොලර් අර්බුදය දශම තිත වෙනස් කිරීම හා අල බැහීම

 

ඩොලර් අර්බුදය දශම තිත වෙනස් කිරීම හා අල බැහීම

 

ඩොලර් අර්බුදය ඇති කරන ලද්දක් බව පැහැදිලියි. කොවිඩ් පටන් ගත්තේ පසුගිය ජූලි මාසයේ නො වෙයි. සංචාරකයන් නොපැමිණීමත් අද ඊයේ සිදු වූ දෙයක් නො වෙයි. මේ සමග ඇති සටහනෙන් මෙරට ඩොලර් සංචිත දැක්වෙනවා. ජූලි මාසය වන තුරු විශාල අහේනියක් සිදු වී නැහැ. එහෙත් ජූලි මාසයේ සිට තමයි කඩා වැටීම පටන් අරන් තියෙන්නෙ. අගෝස්තු මාසයේ  සුළු වැඩිවීමක් වෙලා තියෙනවා. එය අර උගතුන් කියන ව්‍යතිරේකයක්. එහෙත් ඉන් පසු කඩා වැටීම දිගට ම සිද්ධ වෙලා තියෙනවා. දෙසැම්බරයේ වැඩි වීම රත්තරන් සංචිතය අඩුවීමත් සමග ගලපන්න පුළුවන්.

 

මෙරට ආර්ථික විිද්‍යාඥයන් කොතෙක් හිටියත් විසඳුමක් ඉදිරිපත් කරන්නේ නැහැ. ජාමූලෙට යන්න ණය ගෙවීම කල් දාගන්න කියන්න තමයි ඔවුන් දන්නෙ. බැංකු නොගිය අපේ අම්මලා ඒ දවස්වල සීට්ටු දැම්මා. අතමාරුවක් කර ගත්තා. රටවල් හැටියටත් සීට්ටු දානවා. සීට්ටු ගෙදර තියෙන්නෙ බටහිර. හැමදාම වාසිය සීට්ටු ගෙදරට. ඒ දවස්වල අම්මා සමහරදාට මා අතේ සීට්ටු සල්ලි යවනවා. නැහැ බටහිරට නො වෙයි. ගමේ සීට්ටු ගෙදරට. ඔය ක්‍ෂුද්‍ර මූල්‍ය කතා හා මහේක්‍ෂ මූල්‍ය කතා අතර ලොකු වෙනසක් නැහැ.

 

පහුගිය අප්‍රේල් මාසෙ තමයි පොහොර කතාව පටන් ගත්තෙ. මා දන්නා තරමින් හා මගේ කතන්දරය අනුව පුංචි බණ්ඩා තමයි පොහොර උපදේශය දීල තියෙන්නෙ. ඒ ඔය ඩොලර් අර්බුදය පොඩ්ඩකට හරි විසඳ ගන්න කියලා. ඕකෙ මහා ලොකු ගණිතයක් නැහැ. ඉතාමත් ප්‍රාථමික අංක ගණිතයක් තියෙන්නෙ. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම හා බෙදීම. හතරවැනි පංතිය වෙන විට දීර්ඝ වැඩි කිරීම් දීර්ඝ බෙදීම් දශම වැඩි කිරීම් දශම බෙදීම් ඉගෙන ඉවරයි. දශම වැඩිකිරීම්වල හා බෙදීම්වල අර දශම තිත එහාට මෙහාට කරන සූත්තරේ දැන ගත්තත් මට එය තේරුණේ නැහැ. මා තේරෙන්නෙ නැති තැන ඇඬුවා. පොඩි කාලෙදි පිරිමින්ටත් අඬන්න පුළුවන්. අම්මාටත් හිතට අමාරුයි. ඒත් ඇයත් දන්නෙ දශම තිත එහාට මෙහාට කරන සූත්තරේ විතරයි.  දශම වැඩි කරනවා කියන්නෙ එකක් තේරුම් ගන්නවා කියන්නෙ තව එකක්. ඇඬුවයි කියල වැඩේ තේරුණෙ  නැහැ. ඒක තේරුම් ගන්න ටික කලක් ගතවුණා.

 

පුංචි බණ්ඩා සංඛ්‍යා හරඹ කරල ඩොලර් අර්බුදයට පොහොර විසඳුම ඉදිරිපත් කරලා. දශම තිත එහාට මෙහාට කරල තියෙන බව පේනවා. ඒකෙන් නාළිකාවල දශම තිතත් එහාට මෙහාට ගිහිල්ල. ප්‍රාදේශීය වාර්තාකරුවන් ගොවීන් මුණ ගැහෙන්න යනවා. පොහොර කුඹුරට නොව ඇළට දාන ඊනියා පින්තුරෙ කතා එවනවා. ගොයම් ගස් පෙන්නනව. මේ කාබනික මේ රසායනික. කාබනික දැම්මම කහ වෙනවා. අලත් එහෙමයි. අල බහින්න නම් රසායනික දාන්න ඕන.

 

ඒ අතර ගෑස් පෝලිම්. රූපවාහිනි නාළිකා ඒවත් පෙන්නනවා. ඒ පෙන්නීම් නිසා නාළිකාවල නම් අල බහිනවා. ප්‍රදේශීය වාර්තාකරුවන්ටත් හොඳ ඇති. මේ සමහරුන්ගෙ අල බහින කාලයයි.  ඒත් විසඳුම් නැහැ. මට නම් මේ සියල්ල පිටුපස රටාවක් පේනවා. ජූලි මාසෙ වෙනකන් සාමාන්‍යයෙන් ස්ථාවර ව තිබුණු ඩොලර් සංචිතය ඉන් පසු අඩුවෙන්න පටන් ගත්තෙ මොක ද? ඩොලර් සංචිතය අඩු වුණු පළමු අවස්ථාව මේක ද? මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලෙත් ඩොලර් සංචිතය අඩු වෙලා. ඒත් ඒක දැන ගෙන හිටියෙ කවුද?

 

මෙවර ඩොලර් සංචිතය අඩුවීම නොදන්නෙ කවුද? යමක් අඩුවෙන බව ප්‍රචාරය කළොත් අප කරන්නෙ කුමක් ද? ඒ දෙය ගොඩගහ ගැනීමට උත්සාහ කිරීම. තෙල් නැතිවෙනවා කියල ප්‍රචාරයක් ගෙනිච්චොත් පිරවුම්හල් ළඟ වාහන පෝලිම් ඇති වෙනවා. ඩොලර් අර්බුදයක් ගැන  දැන ගත්තම පිටරට ඉන්න ශ්‍රමිකයො ඩොලර් එවන එක නතර කළා. අපනයන කරන අය වෙනදටත් වැඩිය තමන් උපයන ඩොලර් පිටරට ම තියා ගන්න කටයුතු කළා. ඩොලර් සංචිතය අඩු වුණා.  ගෑස් සමාගම සංයුතිය වෙනස් කරල දශම තිත එහාට මෙහාට කරන්න බැලුවා.

 

ඒ සමග බටහිරයන් ක්‍රියාත්මක වුණා. ආණ්ඩුව පෙරලන්න අවස්ථාවක් ඇවිල්ල කියල  ඔවුන් දැන ගත්තා. බටහිරයන් එ ජා ප නොවන ආණ්ඩුවලට සාමාන්‍යයෙන් කැමති නැහැ. ඒ ආණ්ඩුවල යම් ජාතිකත්වයක් තියෙන නිසා. බටහිරයන්ට අවශ්‍ය එ ජා ප, ස ජ බ ප්‍රධාන ආණ්ඩු. ජ වි පෙට පුළුවන් යම් පක්‍ෂයක ආණ්ඩුවකට මුක්කු ගැහීම පමණයි. කලක සිට ඔවුන් රනිල්ට හා සජිත්ට මුක්කු ගහනවා. බටහිරයන් ශ්‍රී ල නි ප යෙදා ගත්තා එක වෙලාවක ජාතිකත්වය පරාජය කරන්න. ඒ පුරසාරම් මෛත්‍රිපාල මගින්. යමපාලනය බටහිරයන්ගෙ හා ඉනදියානුවන්ගෙ ආණ්ඩුවක්. ජෙනීවාහි මංගල රණවිරුවන් පාවා දුන්නෙ බටහිරයන්ගෙ වුවමනාවට. ඒ වෙලාවෙ පුරසාරම් මෛත්‍රිපාල මොකද කෙළෙ. මංගල ඇමතිකමෙන් අස් කෙරුව ද?

 

මෛත්‍රිපාලට යහපාලනේට යනතැනට කටයුතු කෙළෙ කවුද කියන එක දන්නවා. ඒත් ඔහු නොයා යුතුව තිබුණා. ගියාට පස්සෙ ඔහු නමට ජනාධිපති. ඔහු කළ එක ම යහපත් දේ දින පනස්දෙකේ ආණ්ඩුව පිහිටුවන්න මහින්ද අගමැති කරපු එක. ඒත් අර පුද්ගලයා ඒ ආණ්ඩුව ආරක්‍ෂා කරන්න කටයුතු කෙළෙ නැහැ. ඔහු බැරි සිල් ගත්තා. යටත්විජිත මීටර් සීයෙ වාර්තාව කඩල විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ල දින පනස් දෙකේ ආණ්ඩුව වැට්ටුව. එදා බටහිර තානාපති කාර්යාලවල අය පාර්ලිමේන්තුවෙ අත්පොළසන් දුන්න යටත්විජිතල ඒ ආණ්ඩුව වැට්ටුවම. ඒක ජෙනීවා සම්මුතියට එකඟ ද? කිරිඇල්ල හා රනිල් මොකද කියන්නෙ. මා සජිත්ගෙන් අහන්නෙ නැහැ.

 

යටත්විජිතලට අත්පොළොසන් දුන්න බටහිරයන් ගෝඨාභය රාජපක්‍ෂගෙ  ආණ්ඩුව තියා ගන්න කටයුතු කරාවි කියල හිතනවා ද? බටහිරයන්ට අවශ්‍ය මේ ආණ්ඩුව හැකි ඉක්මණින් වට්ටන්න. ඩොලර් සංචිත අඩුවීම කතාවට ඔවුන් මයිකොෆොන ඇල්ලුවෙ අර වොයිස් කට්වලට වගේ. මේ ප්‍රචාරය සමග බටහිරයන් ණය දීම පිළිබඳ බාධක ඇති කළා. බටහිරයන්ට අවශ්‍ය ගෝඨාභයගෙ ආණ්ඩුව වට්ටන්න මිසක් පොදුජන පෙරමුණු ආණ්ඩුව වට්ටවන්න නො වෙයි. මේ වෙලාවෙ යටත්විජිතටත් දුවල යමක් කරන්න බැහැ.

 

පොහොර වැඩේ අවුල් කෙළෙ පුංචි බණ්ඩා. ගෑස් වැඩේ අවුල් කෙළෙ ලොකු බණ්ඩගෙ කොස් වතු ද? මේ සියල්ල පසුපස කොමිස් නිසා අල බහිනවා ද? අර පොහොර නැවේ අශූචි කතාව කාගෙ නිර්මාණයක් ද? ඒ ඊනියා පරීක්‍ෂණය වැරදුණා ද වැරැද්දුව ද? සිංගප්පූරුවෙ කළ පරීක්‍ෂණය වැරදි ද? ගෑස් සංයුතිය වෙනස් කිරීම, පොහොර අවුල, අර ඊනියා පරීක්‍ෂණය සහ සංචිත අඩු බව ප්‍රචාරය කිරීම අහම්බයකින් සිදු වූ දේ වෙන්න පුළුවන් ද? බටහිරයන් ලංකා වසන්තයක් නිර්මාණය කරන්නෙ සජිත් ගේන්න ද? රනිල්දාස ගේන්න ද? ලොකු බණ්ඩා ගේන්න ද?