Main Logo

Friday 7 January 2022

අනුර උපාසක මහතා හා සිංහල බෞද්ධ සංස්කෘතිය

 

අනුර උපාසක මහතා  හා සිංහල බෞද්ධ සංස්කෘතිය

 

අනේ මූ මහාචාර්ය කෙනෙක්ද?

වයස ගැන සලකලා මොකුත් නොකියා ඉන්නවා

 

වැඩිහිටියෝ හින්ද මුකුත් කියලත් බෑ...නොකියත් බෑ...දැන් එතකොට පන්සල් යන්න පුලුවන් ඔහේගෙ මහලොකු හොරපවුලට(රාජපක්ෂ) විතරද?..... අනුර කුමාර උඩින් පාත් වෙච්ච එකෙක්ද?.... නිකම් ගොන් කතා කියන්න එපා.... ජී.එල්.පීරිස් ඔබතුමා කොලබ කැම්පස් එකෙන් එලෙවුවෙත් ඔය ගොන් කතා කියන නිසා වෙන්න ඇති නේද?

 

Mother f.....r .. if I become the leader of SL ...First one to be executed in Galle Face Green

 

 

නලින් ද සිල්වා යනු ජාතිකවාදී නරියෙකි

 

නලින් ද සිල්වා මහත්තයාට තව බොහෝ කලක් ජීවත් වෙන්න ලැබෙන්න ඕනැ ,එතකොට තේරේවි එතුම මොන තරම් ලොකු පඹ ගාලකද පැටලිලා ඉන්නෙ කියල”

 

ඊයේ පළවූ ලිපියෙන් පසු මා බොහෝ දේ ඉගෙන ගත්තා. ඉහත පළවන්නේ මා හිතන විධියට ජෙප්පන් කිහිප දෙනකු ඒ ලිපියට දැක් වූ ප්‍රතිචාරයි. ඒ ලිපිය ගැන එතරම් හොඳක් කිසිවකු කියා තිබුණේ නැහැ. මට අකමැති පිරිස කැමති පිරිසට වඩා වැඩි බව මා දන්නවා. ඉහත සඳහන් ප්‍රතිචාර ගැන මා එතරම් දෙයක් කියන්නේ නැහැ. එහෙත් මා මහාචාර්යවරයකු බා උගතකුවත් නොවන බව නම් කියන්න ඕන. මා කොළඹ විභ්වවිිද්‍යාලයෙන් අස් කෙරුණේ ගොන් කතා කීි නිසා වෙන්න ඇති. මා අස් කළ විට ජෙප්පන්වත් සුවාදීනයන්වත් පමණක් නොව චින්තන කණ්ඩායම යැයි ප්‍රසිද්ධ වී තිබුණු චම්පකගේ කණ්ඩායමවත් අස්කිරීමට විරුද්ධ ව කිසිවක් නොකෙළේ ගොන් කතා කී නිසා වෙන්න ඇති. එපමණක් නොව ආචාර්ය සමිති සම්මේලනයවත් කිසිවක් නොකළේ ඒ නිසා වෙන්න ඇති. එහෙත් ආචාර්යවරු මගේ නායකත්වයෙන් කළ සටන නිසා වැඩි වූ වැටුප ලබා ගන්නට නම් මැළිකමක් දැක් වූයේ නැහැ. අදත් ඔවුන්ගේ වැටුප් ව්‍ය්‍රහ එදා අනුමත වූ ව්‍යුහමයි.

 

මා මිනිසුන්ගෙන් ඈත්වෙලා ඉන්න අයෙක්. මට ඇත්තේ මිතුරන් කිහිප දෙනකු පමණයි. ඒ මිතුරන් මුහුණු පොතේ දකින්න නැහැ. මට විරුද්ධ ව ජී එල් සමග වුවත් එකතු වීමට ජෙප්පන් සුවාදීනයන් ඊනියා චින්තකයන් එදත් අදත් කැමතියි. ඔවුන් මට විරුද්ධ ව ඔවුන්ගේ වෛරයට පාත්‍ර වූ රාජපක්‍ෂලා සමග වුවත් එකතු වේවි. ගුණදාස අමරසේකරගෙන් පටන් ගත්ත ම ජාතිකවාදීන් අති විශාල බහුතරය මට විරුද්ධයි.  ඊයේ ලිපියේ මුල් කොටස ඇතැම් රාජපක්‍ෂලාට විරුද්ධ ව ලියූවක්. බැසිල් පමණක් නොව මහින්දගේ දරුවන් ද භාර්යාව ද එහි විවේචනයට ලක් වුණා. එහෙත් මෙරට බුද්ධිමත් ජනතාව ඒ බව තේරුම් ගෙන නැහැ. ඔවුන්ගේ බුද්ධිය මගේ ගෞරවයට පාත්‍ර වෙනවා. නරක ද මට විරුද්ධ ව ඒ රාජපක්‍ෂලා සමග එකතු වුණොත්. සියල්ලන් ම මට විරුද්ධ වුණත් මට ප්‍රශ්නයක් නැහැ.

 

අනුර උපාසක මහතා අස්ගිරි මල්වතු මහා නායක හිමිවරුන් බැහැ දැකීම නිසා වඩාත් ම සතුටට පත්වෙන තැනැත්තා මා යැයි කියන්නේ නැහැ. ඒ අනෙක් අයගේ සතුට ගැන මා නොදන්නා නිසා. එහෙත් ඒ නිසා මා ඉතාම සතුටට පත් වූ බව නම් කියන්න ඕන. එයට හේතුව ජනතාව රැවටීමට වුවත් නැතත් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගැනීම නිසා. විවිධ දේශපාලනඥයන් මහා නායක හිමිවරුන් බැහැ දැකීම සුලබ දසුනක්. ඔවුන් සියලු දෙනා ම අව්‍යාජ බැතිමතුන් යැයි මා කියන්නේ නැහැ. ජනතාව රැවටීමට හරි ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගන්නවා.

 

මෙරට ජනයා සිංහල බෞද්ධ වේවා සිංහල කතෝලික වේවා දෙමළ හින්දු වේවා මුස්ලිම් වේවා සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගන්නවා. මෙරට කිරිඅම්මලාගේ දාන දෙන මුස්ලිමුන් ඉන්නවා. කේන්දර බලන කතෝලිකයන් ඉන්නවා. ඒ විශේෂත්වය නොපිළිගන්නේ ඊනියා ජාත්‍යන්තරවාදයක් කියන ඉංගිරිසි ජාතිකවාදයේ නියෝජිතයන් වූ කසිකබල් මාක්ස්වාදීන්, වමක් නැති වමාලා, ලිබරල්වාදීන්, ඇතැම් උගතුන් බුද්ධිමතුන්, යළි උපන් ක්‍රිස්තියානින්, නිරාගාමිකයන්, ඇතැම් විද්‍යාඥයන්, දෙමළ ජාතිවාදීන්, මුස්ලිම් ආගමිකවාදීන් ආදීන්. අනුර උපාසක මහතාත් පහුගිය දා වන තෙක් ඒ ගොඩේ හිටිය අයෙක්. මෙයින් මා අදහස් කරන්නේ ඊනියා ගොඩේ කියන එක නොවෙයි. අර අපි ගොඩේ කෙල්ලො ද කියල නාට්‍යයක අහන අර්ථයෙන් නො වෙයි. ඉහත කී අය බොහෝ දෙනකු සිංහල බෞද්ධ සංස්කෘතිය සලකන්නේ ගොඩේ හැටියට.

 

අවුරුදු පන්සියයක් පමණ බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතිය  ගොඩේ සංස්කෘතියක් ලෙස සළකා පහත දැමීමට උත්සාහ කළා. අප රටේ ප්‍රභූ පාසල් හරහා කෙරුණු මේ උත්සාහය නිදහස් අධ්‍යාපනයෙන් පසු උසස් පෙළ පංති ඇති සෑම පාසලකට ම ප්‍රචලිත වුණා. අද ඊනියා බිග් මැච් දිනයට කවුරු කවුරුත් ඔවුන් කියන විධියට සෙට් වෙන්නෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට කෙළින්න. කොච්චර කෙළියත් සිංහල බෞද්ධ සංස්කෘතිය කෙළින් ඉන්නවා. අනුර උපාසක මහතා පෙන්නුම් කර ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට කෙළින්න බැරි බවයි. ඔහු සිංහල බෞද්ධ සංස්කෘතිය නියෝජනය කරන මහානායක හිමිවරුන්ගේ පාද නමස්කාර කරනවා. මා ඒ ගැන සතුටු වෙනවා. යම්කිසිවකු හිතනවා නම් අනුර උපාසක මහතා එලෙස ගෞරවය පිදීමෙන් කිච වෙලා කියල එයින් කියැවෙන්නේ ඒ තැනැත්තාට සිංහල බෞද්ධ සංස්කෘතියට කෙළින්න ඇති වුවමනාවයි. ජ වි පෙට කඩේ ගිය නිරාලාට මොන විධියට ගත්තත් ප්‍රශ්නයක් වෙලා.

 

අනුර උපාසක මහතා සිංහල බෞද්ධ සංස්කෘතියට තම ගෞරවය පිදුවේ වංචාවට ද නැද්ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. ඔහු එය වංචාවකට කළත් ඉන් කියැවෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට කෙළින්න බැරි බවයි. මා කඩේ පොළේ සෑම තැනක ම යනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන්. එක එකා මොන අර්ථයෙන් ගත්තත් මා කළු කුහර අධ්‍යයනය කරන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතිය පැත්තෙන්. කළු කුහරත් පට්ටපල් බොරු.