Main Logo

Saturday 3 December 2022

පරගලයේ බල අරගලය

 පරගලයේ බල අරගලය

 

පරගලය බටහිර සැලැස්මක් අනුව ක්‍රියාත්මක වුවත් හරහා බලය අල්ලා ගැනීමට විවිධ කණ්ඩායම් උත්සාහ දරා ඇති බව පැහැදිලියි. මා හිතන්නෙ නැහැ සජිත් ප්‍රේමදාසවත් ජෙප්පන්වත් සඳහා උත්සාහ දැරුවා කියා. ඔවුන්ගේ හොඳ කමකට නොවෙයි. ඔවුන් තම නොහැකියාව දන්නවා. කොහොමත් ජෙප්පන් රනිල්ට අවශ්‍ය දේ මිස වෙනත් දෙයක් කරන්නේ නැහැ. ඔවුන් තම අනුගාමිකයන් රඳවා ගැනීමට හා සතුටු කිරීමට බොරු උද්ඝෝෂණ ආදිය පවත්වනවා. ඔවුන්ට මුදල් ලැබෙනවා. සහෝදරයන්ගෙන් කියල තමයි කියන්නෙ. සෙප්පන්ට මුදල් දෙන්නෙත් සහෝදරයො වෙන්න ඇති.

 

තම නොහැකියාව ගැන හොඳින් දන්නා සජිත් ප්‍රේමදාස ජනමාධ්‍ය ඔස්සේ විවිධ දේ කියනවා. එහෙත් බලය ලබා ගැනීමට ඔහුට ඇති වුවමනාවක් නැහැ. බලය ලබාගන්නවාට වඩා මේ අවස්ථාවේ විපක්‍ෂයේ සිටීම ශරීර සෞඛ්‍යයට හොඳයි. එහෙත් සෙප්පන් චම්පක හා සේනාංකය වගේ තවත් බල ඇණි බලය ලබා ගැනීමේ වුවමනාවෙන් කටයුතු කර ඇති බව පේනවා. පරගලයේ කැපී පෙනුණේ කතෝලික පාදිලි උන්නාන්සේලා කාදිනල් උන්නාන්සේ කන්‍යා සොහොයුරියන්. සමග අගසවු දෙනම තවත් හාමුදුරුනමක් දකින්නට පුළුවන් වුණා. චම්පක සමග සම්බන්ධකම් ඇති අගසවු නමක් මා හිතන්නෙ නැහැ වෙන කවුරුන් වෙනුවෙන්වත් බලය ලබා ගැනීමට කටයුතු කළා කියල. වටලප්පන් බිරියානි බෙදු කට්ටියට අද බලය ගන්න අවශ්‍ය නැහැ.

 

පඬි නැට්ටන් කරන්නේ වැඩි පුර ප්‍රදර්ශනාත්මක වැඩ. ඔවුන්ට බලය ගන්න බැහැ. බලය ගන්න වුවමනාවකුත් නැහැ. ගත්තත් කරන්නත් බැහැ. ඔවුන් වෙනුවට බැලුවේ සෙප්පන් හා ජෙප්පන් ශක්තිමත් කිරීමට. ජෙප්පන්ට ශක්තිය අවශ්‍ය රනිල්ට සේවය කිරීමට පමණයි. පඬි නැට්ටන්ට වත්මන් දේශපාලනය ගැන මෙලෝ හසරක දැනුමක් නැහැ. ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය ගැන බටහිරයන් ලියා නැහැ.   බිරිතානි අධිරාජ්‍යයේ බ් නාමධාරි මික් මුවර් දන්නෙත් නැහැ. නිසා පඬි නැට්ටන් දන්නෙ නැහැ. එක් පඬි නැට්ටකු වරක් කිවුවේ රනිල්දාස දැන් රනිල්දාස නො වේය කියා. සෙප්පන්ට අන්තරෙන් එහාට දේශපාලනයක් නැහැ.

 

එහෙත් බල ඇණියක් බලය ලබා ගැනීමේ චේතනාවෙන් කටයුතු කර ඇති බව පේනවා. ගෝඨාභය රූපවාහිනිය අහම්බෙන් නොබලන්න ජනාධිපති මන්දිරය වටලන බව නොදැන ඉන්න තත්වයකට පත් වෙලා ඉඳලා තියෙන්නෙ. මේ බුද්ධි අංශ මොනව කරල තියෙන්නෙ. නියම තොරතුරු ගෝඨාභයට නොලැබුණේ කොහොමද? ඔහුට දුන්නේ වැරදි තොරතුරු ? ඔහු රූපවාහිනිය අහම්බෙන් නොබලන්නට අද බලයේ සිටින්නේ කවුද?

 

මා හිතන්නෙ නැහැ බටහිරයන්ට බල ඇණි බලයට පත් කිරීමේ වුවමනාවක් තිබුණා කියා. බටහිරයන්ට අවශ්‍ය වූයේ රනිල් හා රනිල් පමණයි. ඉන්දියාවටත් අවශ්‍ය වුණේ ඔහු පමණයි. වෙනත් කණ්ඩායමක් බලයට පත් වුණා නම් බටහිරයන් වැඩිකල් ඔවුන්ට බලයේ ඉන්න දෙන එකක් නැහැ. අර තහංචි මේ තහංචි මගින් අප හෙම්බත් කරන්න ඔවුන් කටයුතු කරන්න තිබුණා. දැන් බටහිරයන් තහංචි දාන්නෙ නැහැ. අපට ආධාර දෙන්නෙත් නැහැ.

 

සරත් ෆොන්සේකා දැන් පරගලය ගමට ගෙනි යන්න හදනවා. එය කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඔහු තම දේශපාලන නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් සෙප්පන්ට සහාය දෙන බවක් පේනවා. සෙප්පන්ට මේ කපේ බලයට එන්න බැහැ. රටේ බුද්ධිමය නායකත්වය ඇත්තේ ඊනියා වාමාංශික අදහස්වලට වුවත් නැති වමට බලය ලබාගන්න බැහැ. වාමාංශික අදහස්වලට බලය ඇත්තේත් වැඩිම වුණොත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට. ඊනියා විප්ලවීය ආකාරයකට නො වෙයි. අද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් බටහිරත් නගරවල විශ්වවිද්‍යාලවල දැක ගන්න පුළුවන්. ඒත් එතැනින් එහාට යෑමක් නැහැ.

 

සාමාන්‍යයෙන් ජනමාධ්‍යයේ ඇත්තේත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස්. එහි මාත්‍රාව පමණක් වෙනස් වෙනවා. ඊනියා මානව දයාව, මානව හිතවාදය, එක ලෝකයක වැසියන්, ලෝකයට ඇත්තේ එක දැනුම් පද්ධතියක්, බහු සංස්කෘතික බහු බූත ආදිය මේ අදහස්වල අඩුවැඩි වශයෙන් පවතිනවා. සියල්ල බටහිර සංස්කෘතික ආධිපත්‍යය යටතේ පැතිරෙණ අදහස් බවට අදහස් දරන්නන්ට හැඟීමක් නැහැ. කිසිම රටක සංස්කෘතීන් සමානත්වයෙන් සැලකෙන්නේ නැහැ. එංගලන්තයේ අගමෑති භගවද් ගීතයේ අත තබා වැඩ භාර ගන්න ඇති. එහෙත් ඔහු වැඩ කරන්නේ භගවද් ගීතයට අනුව නො වෙයි.

 

වාමාංශික අදහස් බලයේ තබා ගන්නේ රටවල ජාතිකත්වයට එරෙහි . ඊනියා ලෝකවැසි බවක් ගැන කියන විට තමාගේ කියා කිසිම හැකියාවක් නැති අයට අපි ලොක්කෝ කියන මානසිකත්වයක් ඇති වෙනවා. තම හීනමානය නිසා එවැනි හැඟීමක් ඇතැමුනට අවශ්‍යයි. ඔය ඊනියා ලෝකවැසියන්ට බැරි ලෝකයට හරියන දැනුමක් සංස්කරණය (නිර්මාණය) කරන්න. හැම තිස්සෙ බටහිර කාගෙ හරි දැනුමක් ගැන කියවන්නෙ නැතුව. ලංකාවෙ සඳහා පහසුකම් නැහැ කියනව නම් ඔය ලෝකෙ විවිධ රටවල පදිංචි වෙලා ඉන්න විද්වතුන්ට බැරි ? ඔය දුරකතන කනේ ගහගෙන ඉන්න අයට බැරි කනේ ඇඟිලි ගහන්න වෙන ප්‍රමාණයේ දැනුමක් නිර්මාණය කරන්න. ලෝකවැසියන් ගැන අපි දන්නෙ නැතුවයැ. ඔවුන් ලෝකයන්වත් නොවෙයි.

 

පරගලය අස්සේ තිබුණෙ බල පොරයක්. ඒත් පරගලය සැලසුම් කළ අයට අවශ්‍ය දේයි අවසානයේ දී වුණෙ. පොඩි කාලෙ සෙල්ලමක් තිබුණා ගස්මාරුව කියල. පරගලයෙත් ගස්මාරු තිබුණා. සමහරු ගස් තියෙද්දි මාරු වෙලා.