Main Logo

Friday 10 February 2023

දහතුන ගැන දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ හා චින්තන පර්ෂදයේ ප්‍රකාශය

දහතුන ගැන දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ හා චින්තන පර්ෂදයේ ප්‍රකාශය

 

 

13 වන සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට වර්තමාන ජනාධිපතිතුමා කර ඇති ප්‍රකාශය තරයේ හෙලා දකිමු

 

13 වන සංශෝධනය සම්පුර්ණයෙන් ක්රියාත්මක කරන බවට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කර ඇති
ප්රකාශය සම්බන්ධයෙන් ත්රෛයිනිකායික මහා සංඝරත්නය තමන්වහන්සේලාගේ මතය ප්රකාශයට පත්කර
ඇත. එ්ම ප්රකාශය මඟින් මෙතෙක් කිසිම ජනාධිපතිවරයකු විසින් ක්රියාත්මක නොකරන ලද ඉඩම් බලතල
සහ පොලිස් බලතල පළාත් සභාවලට පැවරීමෙන් වැළකී සිටින ලෙස උන්වහන්සේලා ජනාධිපති රනිල්
වික්රමසිංහ මහතාට දන්වා තිබේ. ශ්රී ලංකාවේ එ්කීයභාවය රැකගැනීම වෙනුවෙන් මෙසේ මැදිහත් වීම
පිළ ිබඳව ත්රෛයිනිකායික මහා සංඝරත්නයට අපේ ප්රණාමය පුද කර සිටිමු.
දැනටමත් ප්රජාතන්ත්ර විරෝධිව හා ව්යවස්ථා විරෝධිව පාර්ලිමේනතුවේදි සම්ම්ත කරගන්නා ලද 13 වන
ව්යවස්ථා සංශෝධනය මඟින් ශ්රී ලංකාවේ එ්කීයභාවය පඵදු වී තිබේග එ්කිය රාජ්යයක් තුළ ව්යවස්ථාදායක
බලය ඛෙදිම යන්නම විසංවාදයකි. මක්නිසාදයන් එ්කිය රාජ්යයයක ව්යවස්ථාදායක බලතල එනම් නීති
සම්පාදනය සිදුවන්නේ එක් කේන්ද්රනයකින් පමණිග එනම් ශ්රී ලංකාවේදි පාර්ලිමේන්තුව මඟින්
ව්යවස්ථාදායක බලය ක්රියාත්මක වේග 13 වන සංශෝධනය මඟින් ව්යවස්ථාදායක බලතල සමහරක්
දැනටමත් පළාත් සභාවලට පවරා තිබේ. මෙය ෆෙඩරල් ව්යවස්ථාවක ලක්ෂණයකි. එනම් නීති සම්පාදනය
කේන්ද්ර කිහිපයකින් සිදුවේග ජනතාවගේ එදිනෙදා කටයුතු වලට අදාළ පරිපාලන බලතල විමධ්යගත කිරීම
මේ සමඟ පටලවා නොගත යුතුයිග පරිපාලන බලය විමධ්යගත කිරීමට අපද එකඟය.
13 වන සංශෝධනය ප්රජාතන්ත්ර විරෝධිව පාර්ලිමේන්තුවේදි සම්මත කරගන්නා ලද්දකි. එ් කෙසේදයත්
එදා ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා විසින් සියලූම මන්ත්රීවරුන්ගෙන්දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි
ලබාගෙන ඔවුන්ව හෝටලයකට ගාල් කොට තබාගනු ලැබිමෙන්ය. එ්මඟින් පාර්ලිමේන්තු මන්ත්රීවරුයකුට
හිමි විය යුතු තම හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමේ අයිතිය මුළුමනින්ම උල්ලංඝනය කරන ලදි.
තවද 13 වන සංශෝධනය ව්යවස්ථා විරෝධිව සම්මත කරගන්නා ලද්දකි. මන්දයත් එදා 13 වන
සංශෝධනට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුව විභාගයට ගන්නා ලද්දේ විනිසුරුවන්
නවදෙනෙකුගෙන් සමන්විත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදිය. එයින් විනිසුරුවන්
සතරදෙනෙකු 13 වන සංශෝධනය ව්යවස්ථාවට පටහැනි නොවන බවටත්, විනිසුරුවන් සතරදෙනෙකු 13
වන සංශෝධනය ව්යවස්ථාවට පටහැනි බවටත්, තීන්දු කළහ. එක් විනිසුරුවරයෙක්ක්, එනම් පාරින්ද
රණසිංහ විනිසුරුතුමා, 13 වන සංශෝධනයේ වගන්ති 2ක් ව්යවස්ථාවට පටහැනි බැවින් එ්වා ජනමත
විචාරනයකට ලක් කළ යුතු බවට වෙනම තීන්දුවක් ලබා දුන්නේය. එම නිසා සමස්තයක් වශයෙන් ගත්
කළ විනිසුරුවරුන් 9 දෙනාගෙන් පස්දෙනෙක් (එනම් බහුතරය) 13 වන සංශෝධනය සඳහා ජනමත
විචාරනයක් අවශ්ය බව පෙන්වා දි ඇත. නමුත් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බහුතරයෙන් පමණක් 13
වන සංශෝධනය සම්මත කරගන්නා ලදි. මේ අනුව 13 වන සංශෝධනය ව්යවස්ථා විරෝධිව සම්මත
කරගන්නා ලද්දකි.
කෙසේ නමුත් මෙතෙක් බලයට පත්වු කිසිම ජනාධිපතිවරයකු විසින් 13 වන සංශෝධනයේ අඩංගු ඉඩම්
බලතල හා පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම ක්රියාත්මක නොකරන ලදි. දැනට සෑහෙන කාලයක
පමණ සිට පළාත් සභා ක්රියාත්මක වි නොමැත. මේ නිසා රටේ පාලනයට සිදුවූ අවුලක් හෝ පළාත් සභා
මැතිවරණයක් පවත්වන ලෙසට ඉල්ලීමක් ජනතාවගෙන් සිදු වී හෝ නොමැතග මේ ඉල්ලීම සිදු කරන්නේ
පළාත් සභා ක්රියාත්මකවු අවධීයේ එ්වායේ වරප්රසාද භූක්ති විිඳි පළාත් සභා මන්ත්රීවරුන් පමණකි. මේ
පළාත් සභා නඩත්තු කිරීම සඳහා වැය වන ජාතික ධනය අති විශාල වන අතර මහා ආර්ථීක අර්බුදයක
රට ගිලි ඇති මේ අවස්ථාවේ පළාත් සභා කොහෙත්ම අවශ්ය නැත. සැබවින්ම විය යුත්තේ 13 වන
ව්යවස්ථා සංශෝධනය මුළුමනින්ම අහෝසි කිරීමයි.
වර්තමාන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහජන ඡන්දයෙන් බලයට පත් ජනාධිපතිතුවරයකු නොවේ. 69 ලක්ෂයක ජනතාවගේ බහුතර ඡන්දයෙන් බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලා
අස්වීම නිසා පාර්ලිමේන්තු බහුතරයෙන් රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්විය.
එතුමගේ කාර්යභාරය විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ධූරකාලයේ ඉතිරි කොටස තුළ
69 ලක්ෂයේ ජනවරම ක්රියාත්මක කිරීමයි. එම ජනවරම ලබාගත් “සෞභාග්යයේ දැක්ම” මැතිවරණ
ප්රකාශය තුළ 13 වන සංශෝධනය සම්පුර්ණයෙන් බලාත්මක කිරිමක් නොතිබුණු අතරල ඊට ප්රතිපක්ෂව
නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමට යෝජනා කර තිබුණි. එම නිසා රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා 13
වන සංශෝධනය සම්පුර්ණයෙන් ක්රියාත්මක කිරීමට සුදානම් වීම 69 ලක්ෂයේ ජනවරමට පිටුපා යෑමකි.
මුළු රටම මහා ආර්ථීක අර්බුදයක ගිලි ඇති මේ මෙහොතේ රටේ පාලන ව්යුහය වෙනස් කරන බරපතල
ව්යස්ථා සංශෝධන ගෙන එ්ම පසෙක ලා එම ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒමට ක්රියාමාර්ග ගත යුතුය.
දේශප්රේමි භික්ෂු පෙරමුණ

චින්තන පර්ෂදය