Main Logo

Wednesday 15 February 2023

ඡන්දෙ කල් දැමීම

 ඡන්දෙ කල් දැමීම

 

පළාත් පාලන ආයතන තැපැල් ඡන්දය දින නියමයක් නැතිව කල් දාලා. පළාත් පාලන ඡන්දය තියන්න ඇති ඉඩකඩ ඉතා අඩුයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඉස්තරම් ක්‍රමයක් නො වෙයි. වෙනත් ක්‍රමයක් නැති නිසා යොදා ගන්නා ක්‍රමයක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අද හැම රටක දේශපාලන පක්‍ෂ ක්‍රමය නිසා දුෂිත වෙලා. බොහෝ වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදයේ දි ලංකාව වගේ රටවල කෙරෙන්නේ ඡන්දදායකයාට අල්ලස් පොරොන්දු වීම. අල්ලස් දීමකුත් නො වෙයි. පොරොන්දු ඉටු වෙනවා අඩුයි. දේශපාලන පක්‍ෂ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ?

 

මොනව වුණත් පළාත් පාලන ඡන්දය කල් දැමීම ගැන මගේ මනාපයක් නැහැ. මෙටා පඬි නැට්ටන් කියන්න පුළුවන් තමුසෙ වගේ පිස්සකුගෙ මනාපය අපට වැඩක් නැහැ කියලා. ඒත් මා ලියන්නෙ මට හින්ද කතාවලින් මට වැඩක් නැහැ. පළාත් පාලන ඡන්දය  කල් දැමීම නරක පූර්වාදර්ශයක් සපයනවා. මුදල් නැති නම් ඕනෑම ඡන්දයක් කල් දාන්න පුළුවන් ?. මුදල් ඇති නැති බව තීරණය කරන්නෙ කවුද? භාණ්ඩාගාරය , මුදල් අමාත්‍යාංශය , වෙනත් කවුරුන්වත් ?

 

ගැන කතා කිරීම පසුවට. මා පළාත් පාලන ඡන්දය කල් දානවට අකමැති තවත් කරුණක් තියෙනවා. ඔය මුදල් තත්වය ළඟක දි හොඳ වෙන පාටක් නැති නිසා එය බොහෝ කලකට නොපැවැත්වීමට ඉඩ තියෙන නිසා. ඡන්දය තිබුණ නම් වි පෙ (ජා ) ආයතන කිහිපයක බලයට ඒන එක අනිවාර්යයි. එහෙම ආව නම් එය ඉතා හොඳ වැඩක් වෙනවා. අපට වි පෙරමුණේ අකාර්යක්‍ෂමතාව ඇස් පනාපිට දැක ගන්න තිබුණා. අර වැවු දාහෙ වැඩ කිඩ හුඟ දෙනෙක් දන්නෙ නැහැ. අද වි පෙරමුණට යම් රැල්ලක් තියෙනවා. ඔවුන් හොඳ හින්ද නොවෙයි. අනෙක් අය තමන් නරක බව පෙන්නල තියෙන නිසා. අප වි පෙරමුණට තමන් එළොවටත් මෙළොවටත් වැඩකට නැති පිරිසක් බව පෙන්වීමට අවස්ථාව දෙන්න ඕන. වි පෙ අනුගාමිකයන්ට ඇත්තෙ ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම, අපේක්‍ෂා භංගත්වය ආදී ගුණ පමණයි. 

 

ඡන්දය තිබුණ නම් චම්පක වෙල්ගම ආදීන්ට තමන් වැටිල තියෙන තැන අනෙක් අයට දැන ගන්න සලස්සන්න තිබුණා. වගේ බැසිල් රාජපක්‍ෂට තමන්ගෙ දක්‍ෂකම මැන ගන්නත් තිබුණ. 2015 පරාජයට වග කියන්න ඕන කවුද කියල නොදන්නව නොවෙයි. මහින්දගෙ පුතාලටත් දේශපාලන ක්‍රීඩාවට වඩා රගර් ක්‍රීඩාව පහසු බව අවබෝධ කර ගන්න තිබුණා. සජිත්ට ආයතන කිහිපයක බලයට එන්න පුළුවන්කම තිබුණා. ඒත් තමන් තරම් ඡන්දදායකයන් බුද්ධිමත් නැහැ කියල හිත හදාගන්න වෙනවා. හෙලිකොප්ටරය ඡන්දයක් නැතුව බිමට පාත් කරන්න සිදු වෙනවා. තටු එහෙ මෙහෙ විසි වෙනවා. ඡන්දෙ තිබුණ නම් තව ටික කලක් අහසෙ රැඳී ඉන්න තිබුණ ආයතන කිහිපයක් දිනා ගෙන. දැන් ඉතින් ගැලරි කතාවලින් වැඩක් නැහැ.

 

අද දේශපාලන පක්‍ෂ වැටිල ඉන්න තත්වය ඔහොමයි. ආසියාවෙ සර්වජන ඡන්දය ලැබුණ මුල් රට ලංකාව. තව අවුරුදු අටකින් සර්වජන ඡන්දය ලැබීමේ ශත සංවත්සරය පවත්වන්න පුළුවන්. එදාටවත් ණය  ගෙවල ඉවර වෙයි ? රනිල් එදාටත් ජනාධිපති වෙලා ඉඳීවි ? මධ්‍යම පංතියෙ ආකල්ප නැති වන තුරු ණය ගෙවන්න බැහැ. ණය ගෙවන ක්‍රමයක් ගැන කල්පනා කරන්නෙවත් නැතුව ණය ගෙවන්නෙ කොහොම ? තවම හිතන්නෙ ණය ගැනීම ගැන මිසක් ණය ගෙවීම ගැන නො වෙයි. කවුද කියල තිබුණ මා වගේ හොරු හින්දයි රට ණය වෙලා තියෙන්නෙ කියලා. ඒකත් හොඳ කතාවක්. ඒත් ඔය හොරු කතාව කියනකම් ණය ගෙවන ක්‍රමයක් ගැන හිතන්නවත් හිතන්නෙ නැහැ. සජිත් කියන්නෙ හොරකම් කළ සල්ලි ඔක්කොම ගේනව කියලා. ණය ප්‍රශ්නෙ එතැනින් ඉවරයි.

 

ඒත් පළත් පාලන ආයතන ඡන්දෙ කල් දැමීම පූර්වාදර්ශයක් වෙන්න බැරි නැහැ. සල්ලි නැතුව ඡන්ද කරන්නෙ කොහොම ? මේ යන විධියට 2024ත් අපි බංකොළොත් බවෙන් නිදහස් වෙන එකක් නැහැ. ප්‍රශ්නය තේරුම් ගන්නෙ නැතුව ප්‍රශ්නෙ විසඳන්නෙ කොහොම ? මධ්‍යම පංතිය අරයා හොරා මෙයා හොරා කියනව මිස තමන්ගෙ ආකල්ප වෙනස් කරන්න හිතන්නෙ නැහැ. 2024 මුදල් තත්වය හොඳ නැත්තන් ජනාධිපතිවරණයත් දින නියමයක් නැතුව කල් දාන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නෙ. සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙ අදාළ වගන්ති මෙහෙමයි.

 

“30. (2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ .

 

31.(3) ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේ .

 

40. (1) () ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපති ධුරය හිස් වුවහොත්, පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරෙන් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුත්තේ .

 

ජනාධිපති ධුරයට එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තකු, ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධුරය දැරිය යුත්තේ .”

 

ගෝඨාභය පත් වුණෙ 2024 වෙනකම් අවුරුදු පහකට. රනිල් 2024 වෙනකම් ඉන්නවා. 31 (3)න් කියනව ධුර කාලය ඉවර වෙන්න මාසයක් හා දෙකක් අතර ජනාධිපතිවරණයක් තියන්න ඕන කියල. තියන්න ඕන කියල තිබුණට තියන්න සල්ලි නැත්තන් මොකද කරන්නෙ. ව්‍යවස්ථාවෙ ගැන මොකුත් කියැවෙන්නෙ නැහැ. ජනාධිපතිවරණය තියන්න කවුරු හරි සල්ලි ණයට දෙයි ? රනිල්ගෙ ධුර කාලය ඉවර වුණත් කාවක්වත් පත් කර ගන්න ජනාධිපතිවරණයක් තියන්න බැරි වුණෙත් රනිල්ට ඉන්න කියන්න වෙනවා ? රට වහනවා ? රට කරන්න වෙන කාට හරි බාර දෙනවා ? සුද්දො ආවෙ රට කරන්න කිවුවලු.