Main Logo

Thursday 15 February 2024

විිද්‍යාඥයන් බටහිර වෙදමහතුන්ට විරුද්ධව

 

විිද්‍යාඥයන් බටහිර වෙදමහතුන්ට විරුද්ධව

 

වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ සිදුවන වැඩ වර්ජනය අසූවේ ජූලි වැඩ වර්ජනය මෙන් කෙළවර වීමට ඉඩ තියෙනවා. වර්ජනය පටන්ගත් නව සමසමාජ පක්‍ෂය ඉන් ඉවත් වුණා. ජේ ආර් ජයවර්ධන වැඩ වර්ජකයන් ගෙදර  ඇරියා. අවසානයේ දී මා මිත්‍ර අමරදිවාකාර ඇතුළු පිරිසක් ඉතා අමාරුවෙන් වර්ජකයන්ට සහන ගෙන දීමට ක්‍රියාත්මක වූ නමුත් ඔවුන්ට ලැබුණු සහනයක් නැහැ. අමරදිවාකර නව සමසමාජ පක්‍ෂයේ සාමාජිකයකු වූ බවත් මා වර්ජනයට මාස කිහිපයකට පෙර පක්‍ෂයෙන් අස් වූ බවත් සඳහන් කරන්න ඕන.

 

බටහිර වෙදමහත්වරුන්ට හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විශේෂ දීමනාවක් ගෙවීමත් වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ වෙනත් අයට දීමනාව නොගෙවීමත් ප්‍රශ්නයට මුල. සම්බන්ධයෙන් සිදු වූ ඇතැම් කතාබහ නම් තිස්පන්දාහක් තබා තුට්ටුවක් වටින්නේ නැහැ. බටහිර වෙදමහත්වරුන් තරම් අනෙක් අය සුදුසුකම් ලබා නොමැති බවත් කියැවුණා. රවි කුමුදේශ්ලා තමන් විද්‍යාඥයන් බවත් කියැවුණා. අප ඉගෙන ගන්නේ ගොඩ යන්න මිස වෘත්තියක් සඳහා නො වෙයි. විභාගවල ගන්නා ලකුණක දෙකක වෙනස නිසා කෙනකු බටහිර වෙද මහතකු හෙදියක වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ගැන කියන්න පුළුවන් එවැන්නක්. අනධ්‍යයන මණ්ඩලයේ ඉතා දක්‍ෂයන් ඉන්නවා.

 

කුමුුදේශ්ලා විද්‍යාඥයන් බව කියැවුණා. මා දන්නා තරමින් ලංකාවේ විද්‍යාඥයන් නැහැ. මාත් කලෙක තරුණ වියේ දී ඉංජිනේරුවකු නොවී විද්‍යාඥයකු වීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙක්. එහෙත් මට විද්‍යාඥයකු වීමට නොහැකි වුණා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව මට පසුව වැටහුණා. මා එසේ කියන්නේ ඇයි දැයි සියවරක් කියා ඇති නමුත් තවමත් බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. මා බෞද්ධයෙක්. බුදුහාමුදුරුවන්ට අනුව මේ දැනුම් සියල්ල බොරු. අප දැනුම් අත්හරින්න ඕන. නිවන් සම්මාබෝධය සඳහා. එහෙත් අපට ලෙහෙසියෙන් දැනුම් අත්හරින්න බැහැ. රවි කුමුදේශ් බෙල්ලන වෙදමහතා ආදීන් ගැන අප දන්නා දේ තියෙනවා. මට විද්‍යාඥයකු වීමට නොහැකි වුණත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු වුණත් මා තවමත් බටහිර විද්‍යාව හදාරනවා. මා දැන් දන්නවා කළු කුහර කියා වස්තු නැති බව. කළු පෘෂ්ඨ හරි කබොළු හරි නම් තියෙනවා.  එය මට වෙනත් අයකුගෙන් ලැබුණු දැනුමක් නො වෙයි.

 

වැඩ වර්ජන ඇති වන්නේ ආණ්ඩුවේ වැරදි නිසා. ආණ්ඩුව මුල දී විශාල ලෙස බදු අය කළා. ඉහළ වැටුප් ගන්නා බටහිර වෙදමහත්වරුන්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නීති ක්‍ෂෙත්‍රයේ ඉහළ තනතරු දරන්නන්ට ඉහළ බදු නියම වුණා. අය පුරුදු වෙලා තිබුණු ජීවන ශෛලියට එය ප්‍රශ්නයක් වුණා. සමහරු රට හැර ගිය බව කියනවා. ගැන මට හරියට කියන්න බැහැ. කොහොම වුණත් ඔය DAT දීමනාව හරියට කියනවා නම් බදු ගෙවීමට දුන් දීමනාවක්. අපේ ආර්ථික අර්බුදය මධ්‍යම පංතියේ අධිපරිභෝජනය නිසා ඇති වුවක්.

 

ආණ්ඩුව කළ යුතුව තිබුණේ බදු සංශෝධනය කර හැමෝට බදු සහනයක් ලබා දීමයි.  වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ අනෙක් අය කළ යුතුව තිබුණේ තමන්ගේ බදු අඩු කරන ලෙස ඉල්ලීමයි. එහෙත් විද්‍යාඥයන් එසේ සිතුවේ නැහැ. කෙසේ වෙතත් අද වර්ජනය තව දුරටත් ඇද ගෙන යෑමට නොහැකි තැනකට පත්වෙමින් තියෙනවා.

 

අද මෙරට බදු ගෙවන්නේ මාසික වැටුප් ලබන්නන්, පාරිභෝගිකයන් හා බැංකුවලින් පොලී ලබන්නන් පමණයි. තෙල් බද්දත් වැට් බද්දත් අර බද්දත් මේ බද්දත් අවසාන වශයෙන් ගෙවන්නේ පාරිභෝගිකයන්. දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන බැංකු ස්ථාවර තැන්පත්වලිනුත් බදු අය කරනවා. එහෙත් බදු අය කළ යුතු අයගෙන් බදු අය කරගන්න ආණ්ඩුවට බැහැ. බොහෝ දෙනා රට ගැන මොන කයිවාරු ගැහුවත් බදු ගෙවන්නේ නැහැ. සඳහා  ක්‍රම හා විධි තියෙනවා. අතර අර්ථ සාධකේ බැංකුවේ තැන්පත් කර 9% පොලියෙන් ජීවත්වන අප වැන්නන්ට බදු ගෙවන්න බල කරනවා.

 

ආණ්ඩුවේ හැම එකක් මෙන් බදු ප්‍රතිපත්තියත් අවුල්. අද ආණ්ඩුවට මුදල් ලැබෙන්නේ බදු වලින්. සල්ලි අච්චු ගහන්න ජාමූල ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුව ණය නොගෙවනතාක් ඇතැම් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. ඒවාට බදු නියම කරන්න පුළුවන්. මේ සියල්ල අපේ දෙමවුපියන්ගේ බසින් නම් සෙප්පඩ විජ්ජා.

 

මේ ලිපි ප්‍රතිචාරවලට විවෘතයි. එහෙත් මා හැම ප්‍රතිචාරයකට පිළිතුරු දෙන්නේ නැහැ. එක් අයකු නිතර කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරනවා. සම්බන්ධ පසුව ලියන්නම්. නිවන ගැනත් අසා තිබුණා. ඊයේ එක් අයකු පහත සඳහන් ප්‍රතිචාරය දක්වා තිබුණා. “ධර්මපාලතුමා ගේ සිංහල බෞද්ධ ව්‍යාපාරය ඕල්කොට්තුමා ගේ බෞද්ධ ව්‍යාපාරයට පරාජය වූ බවට සැකයක් නෑ . ඒත් ධර්මපාලතුමා කරළියට එන්නේ ඕල්කොට්තුමා හා බ්ලැවැට්ස්කි මැතිනිය ගේ බෞද්ධ පරමවිඥානාර්ථ ව්‍යාපාරය තුළින්ම නේද ? ඔබතුමන් ගේ කතාව අනුව , ඕල්කොට්තුමන් ගේ බෞද්ධ ව්‍යාපාරය තුළින්ම පැමිණ සිංහල බෞද්ධ ව්‍යාපාරය ගොඩනැගූ ධර්මපාලතුමා ගේ එකී ව්‍යාපාරය අවසානයේ දී ඕල්කොට්තුමන් ගේ බෞද්ධ ව්‍යාපාරයට පරාජය වූ ලෙස ගත යුතුයි නේද ?”

 

මෙරට බෞද්ධ පුනරුදය ඇති වුණේ ඕල්කට්තුමා නිසා නො වෙයි. එය  ක්‍රිස්තියානි අපහාස උපහාසවලට නොසැලකීම්වලට විරුද්ධ ඇති වුණු එකක්. එහි නායකත්වය ගත්තේ භික්‍ෂූන් වහන්සේ. ඊයේ පෙරේදා දෙසිය එක්වැනි ජන්ම දින සැමරුම පැවැත්වුණු පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ එහි ප්‍රධානත්වය ගත්තා. ඕල්කට්තුමා ලංකාවට පැමිණියේ පාණදුරා වාදය ගැන දැන ගන්නට ලැබී. එසේ පැමිණි ඕල්කට්තුමා බෞද්ධ පුනර්ජීවනය වෙනත් පැත්තකට යොමු කළා.

 

ගුණානන්ද හිමියන් හා ධර්මපලතුමා තේරුම් ගත්තාඕල්කට්තුමාට විරුද්ධ ව්‍යාපාරයක් ඇරඹුවා. සිංහල බෞද්ධයා පුවත්පත ව්‍යාපාරයේ කොටසක්. එහෙත් ව්‍යාපාරය ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලැබූ බෞද්ධයන් විසින් පරාජය කෙරුණා. අදත් අප එහි වන්දි ගෙවනවා.