Main Logo

Monday 5 February 2024

නිදහස සැමරීම හා මැරීම

 

 

නිදහස සැමරීම හා මැරීම

 

මේ ඡායාරූපය ඊයේ (පෙබරවාරි 4) යාපනේ විදී පුරා සංචාරය කළ නිදහස් දින සැමරුම් පෙළපාලියක (පෙරහැරක) දර්ශනයක්. මා දන්නවා එය සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන්ගේ කණගාටුවට හේතුවන බව. දෙදහසකට ආසන්න පිරිසක් පෙරහැරට සහභාගි වුණු බව පැවසෙනවා. බොහෝ ජඩමාධ්‍යවලට  ප්‍රවෘත්තිය එක්කෝ ලැබී නැහැ. එහෙමත් නැත්තන් ඡායාරුපවල  වැදගත්කමක් දැනිල නැහැ.

 

ඒකට කමක් නැහැ, මට කණගාටුව මට පෙරහැරට හා පසුව පැවැත් වූ රැස්වීමට සහභාගි වීමට නොහැකි වීම පිළිබඳවයි. මේ සමස්ත වැඩ පිළිවෙළ අරුන් සිද්ධාර්ථාන්ගේ නායකත්වයෙන් කෙරුණෙ. මා දන්නවා වෙල්ලාලයන් පමණක් නොව පඬි නැට්ටන් මේ තොරතුරුවලින් කම්පනයට පත්වෙන බව. වෙල්ලාලයන් නිකම් ඉන්න එකක් නැහැ. ඔවුන් ඊයේ නම් කිලිනොච්චියට තල්ලු වී ගිහින්. එහි දී නිදහස් විරෝධී උද්ඝෝෂණයක් කරන්න ගිහින් නාගෙන. ඔවුන් හිතනවා දන්නෙ නැහැ ප්‍රභාකරන් ඊළමේ අගනුවර කරන්න සිටි කිලිනොච්චිය නිදහස් විරෝධී සටනට උචිත තැනක් කියා.

 

මා පෙබරවාරි 4 නිදහස සමරනවාට වඩා මැයි 22 ජනරජ දිනය සමරනවාට කැමතියි. බව මා කීප විටක් කියා ඇති. එහෙත් අප තවමත් එවැනි ආකල්පයක නැහැ. එයට ප්‍රධාන හේතුව සිංහල නායකයන් තවමත් පිබිදී නැතිවීමයි. ඔවුන් අවදි කරවීමට සාමාන්‍ය මිනිසුන්ට සිදු වේවි ?

 

යාපන නගරයේ වීදිවල සිංහ කොඩි රැගත් පෙරහැරක් පැවැත්වීම පඬි නැට්ටන්ට කෙසේවත් දරා ගන්න බැහැ. කිලිනොච්චියෙන් දකුණට සිංහ කොඩි නැතැයි ඔවුන් හිත හදාගෙන සතුටු වෙනවා. එවැනි උග්‍ර සිංහල බෞද්ධ විරෝධයක් ඇති වීමට ඇත්තේ හීනමාන පඬි නැටිකම පමණයි. කෙසේ නමුත් වෙල්ලාල ආධිපත්‍යය බිඳ දමා අනෙක් කුලවල ජනයා සිංහලයන් සමග අත්වැල් බැඳ ගන්නා දිනය එතරම් ඈතක නො වෙයි. ඊයේත් කොළඹින් පිරිසක් යාපා පටුනට ගියා.

 

මට මෙහි දී මතක් වන්නේ පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී නාගනාදන් කළ ප්‍රකාශයක්. ඔහු කියා සිටියේ සිංහලයන්ට නිදහස ලැබී ඇති බවත් දැන් දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස් විය යුතු බවත්. නාගනාදන් චෙල්වනායගම්ට පමණක් දෙවැනි වූ උග්‍ර   දෙමළ ජාතිවාදී නායකයෙක්. ඔවුන්ට අවශ්‍ය වූයේ ඊනියා දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට. ඔවුන් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තේ අරමුණෙන්.

 

ඔවුන් යාපනයේ සිංහ කොඩි රැගත් පෙරහැරක් යාවි යැයි හීනෙන්වත් නොහිතන්න ඇති. පෙරහැරට සිංහලයන් පිරිසක් එකතු වනු ඇතැයි ඔවුන් කෙසේ සිතා ගන්න ද? ඔවුන් හැමදාමත් කෙළේ ඊනියා අඩුකුල ජනතව වහලුන් ලෙස තබා ගනිමින් ජනතාව පීඩාවට පත්වන්නේ සිංහල ආණ්ඩු නිසා බව පවසමින් තව තවත් ඊනියා අඩු කුල ජනයා පෙළීමයි. එහෙත් අද වන විට ඊනියා අඩු කුල ජනයා වෙල්ලාලයන්ගේ ක්‍රියා පිළිවෙල තේරුම් ගනිමින් ඉන්නවා. වෙල්ලාලයන් නොකියන දෙයක් නම් ඊනියා සිංහල ආණ්ඩුවල තමන් තනතුරු දැරූ බව. එය එක් අතකින් ජෙප්පන් තමන් ඇතැම් ආණ්ඩුවල ඇමතිකම් දැරූ බව නොකියමින් මෙතෙක් ආණ්ඩු කළ සියල්ලන්ට බැණ වෑදීම වැනියි.

 

ඊනියා අඩු කුල ජනයා යාපනයේ නිදහස සමරද්දී ආණ්ඩුව කොළඹ දී නිදහස මරා දමන ක්‍රියා දාමයක කොටස් කරුවන් වුණා. අද ආණ්ඩුව ඉතා සියුම් ඊනියා ථෙරවාද බෞද්ධ ක්‍රමයක් ගැන කතා කරමින් ථෙරවාද බෞද්ධ ක්‍රමය නැති කිරීමේ මරා දැමීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරනවා.  ලෝකයේ ථෙරවාද රටවල් ඇත්තේ පහයි. ලංකාව මියන්මා තායිලන්තය කාම්බෝජය හා ලාම්සය. එයට අමතර චීනයේ හා වියට්නාමයේ ථෙරවාද කලාප තියෙනවා.

 

එකී රටවල් පහෙන් හතරක් දුප්පත්. තායිලන්තය තමයි තරමක් ධනවත්. බෞද්ධ ක්‍රමයක් අනුගමනය කිරීමෙන් නො වෙයි. තායිලන්තය අද අමෙරිකාවේ සංචාරක ප්‍රදේශයක්. මෙරට ඇතැමුන් තායිලන්තයට යන්නේ භාර්යාවන් ගෙදර ඉන්දලා. පඬි නැට්ටන් දැන් අපට දඹදිව විසු නගර සෝභිනියන් ගැන කියාවි. එහෙත් බෞද්ධයනට නගර සෝභනය කරන්න වෙනත් ක්‍රම තිබුණා.

 

ආණ්ඩුව බෞද්ධයනට කොකා පෙන්වීමට සූදානම් වෙනවා. තායිලන්තය බෞද්ධ බව කියමින් අප එරට සමග ගැට ගහන්න සූදානම් වෙනවා. සිංහල බෞද්ධ උරුමය නසා අපේ නිිදහස නැති කිරීමේ ක්‍රියා දාමයක්. යාපනය නිදහස සමරද්දී කෙළඹ නිදහස මරා දැමීමට සූදානම් වෙනවා.