Main Logo

Wednesday 7 February 2024

ජේ වී පී අප්පුහාමි මිය ගිහින්

 

ජේ වී පී අප්පුහාමි මිය ගිහින්

 

බොහෝ කලකට පෙර 1971 දී ජේ වී පී අප්පුහාමිගේ අභාවය නිවේදනය වුණා. වැල්ලවාය සහෝදරයන්ට දිවා රාත්‍රි දින පටලැවිලා අවසන් කටයුතු ඉක්මනින් කරන්න ගියා. අවුරූදු පනස් තුනකට පස්සෙ වි පෙරමුණ ඝාතනය කෙරුණා. ඝාතකයා එසේ මෙසේ කෙනෙක් නො වෙයි. එයට අපි කිවුවෙ ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා. අපි කිවුවට අපි නොවෙයි. අර පංති පහට ගිය සහෝදරයො.

 

වි පෙ ජනතාවාදීය ග්‍රාමීයවාදීය වගේ බහුබූත කතා මෙටාවෙ හා මොටාවෙ කතාබහට ලක්වෙනවා. වි පෙ ඊයෙ පෙරේදා ඉඳන් ඉන්දීයවාදී. වි පෙ නැත්තන් ජෙප්පන් එක හඬින් කියාවි තමන් විප්ලවවාදීන් බව. නැතුව නැතුව. අපි නොදන්න විප්ලවේ කිවුවලු. 

 

පහුගිය දා රනිල්දාසයි තවත් කීප දෙනකුයි දඹදිව ගිහින්. ලුම්බිනියටත් ගියා දන්නෙ නැහැ. දඹදිව දි ඉන්දීය විදේශ ඇමති හමුවෙලා. තවත් ලොක්කන් ගොඩක් හමුවෙලා. රනිල්දාස එන්නෙ කවදා කියා දැනගන්න විධියක් නැහැ . කවදා ආවත් එන්නෙ මෝදිදාස. රනිල්දාස මෝදිදාස වෙන්න එච්චර කාලයක් ගිහින් නැ්!  හරිණි කියනවා ඉන්දියාව ජවිපෙ නායකත්වය පිළිඅරගෙන කියලා. ඒක මොටා කතාවක්.

 

රනිල් ඉන්දීයවාදියෙක් නො වෙයි. ඉන්දියාවත් ඔහුට කැමති නැති බව පැහැදිලියි. රනිල් ඉන්දියාව කියන ඇතැම් දේ කරන්නෙ ඉන්දියාව මගහැර යන්න බැරි නිසා. අද ඉන්දියාව බටහිරත් එක්ක සම්බන්ධකම් දියුණු කර ගනිමින් ඉන්නවා. අතර රුසියාව වැනි රටවල් එක්ක කරන ගණුදෙනු අඩු කරමින් ඉන්නවා. කිසිවකු කියන්න අවශ්‍ය නැහැ රුසියාව ඊනියා සමාජවාදී රටක් කියල. එය කිසි දා සමාජවාදී රටක් වුණේ නැහැ. ලෙනින්ගෙ කාලෙත් නැහැ.

 

වි පෙ දඹදිව ගියාට හරිණි හැර දා ගියේ. ගැන විවිධ අය විවිධ කතා කියනවා. හරිණි මොන සමාජවාදයක් ගැන කියෙවුවත් බටහිරින් අදහස් පාලනය කෙරෙන කෙනෙක්. ඇයට ඉන්දියාවෙන් අමුතුවෙන් ලබාගන්න ඕන පණිවුඩයක් නැහැ. ඉන්දියාව අද බටහිර ආධාරත් ඇතුව අපේ කලාපයේ එක බලවතා වීමේ කටයුත්තේ යෙදිල ඉන්නෙ. ආසියාවේ එක දාර්ශනිකයා ඉන්නෙත් අපේ කලාපයේ. කාට ආඩම්බරේ කිවුවලු.

 

ඉන්දියාව මෙරට ආර්ථිකය හා දේශපාලනය හසුරුවන තැනකට ඇවිල්ලා. අද ඔවුන්ට අපේ රටෙන් ඉන්දීය ආර්ථික හා දේශපාලනික මැදිහත්වීම්වලට විරූද්ධ මීක් හඬක් අවශ්‍ය නැහැ. රනිල්දාසට ඉන්දියාව කියන්න ඇත්තේ එයයි. දැන් ඉතින් අපට ඉන්දියාවට විරුද්ධ කැලණි විරෝධතා දැක ගන්න හැකි වේවි. කැලණි විරෝධතා කිවුවෙ අවස්ථාව මගහැර කරන කිසිම ඵලක් නැති විරෝධතාවලට. එහි අරමුණ තම අනුගාමිකයන් තවදුරටත් එකට තබා ගැනීම මිස විරෝධය දැක්වීමක් නො වෙයි. රනිල්ට විරුද්ධ කැලණි මොටාවෙදි කළ විරෝධය නිසා තමයි කැලණි විරෝධය නම හැදුනෙ. 

 

රනිල්දාස හෙවත් මෝදිදාස  ඉන්දියාවෙදි හොඳ රඟපෑමක් කර තියෙනවා. ඔහු ඉදිරි කාලයේ දී බොලිවුඩ් චිත්‍රපටවල රඟපාන්නත් ඉඩ තියෙනවා. අර පංති පහ පවත්වන්න දැන් හම්බ වෙන එකක් නැහැ. ඉන්දීය ව්‍යාප්තවාදය වෙනුවට වෙනත් පංතියක් සකස් කර ගන්න වේවි. හරිණි විවෘත විශ්වවිද්‍යාලෙ දීපු දේශනයක් වුණත් කමක් නැහැ.

 

ජවිපෙ උපන්නෙ චීන කොමියුනිස්ට් පක්‍ෂයක් ලෙස. විජේවීර රුසියාවට පවා විරුද්ධ අයෙක් . මෝදිදාස දැන් මොනවා කරන්න ? ලෝකෙ එක විධිහකට තියෙන්නෙ නැහැ. විජේවීර එලොව ඉඳන් මොනවා කරනවා ඇත් ? මාලිමාවෙ කටුව ඉන්දියාව පැත්තට හැරිලා. ජවිපෙ මියගිහින්.