Main Logo

Thursday 29 February 2024

නායක්කාරයන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය නොවීම

 

නායක්කාරයන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය නොවීම

 

ඊයේ ලිපිය පළ වීමෙන් පසු මට තවත් කතාවක් අසන්න ලැබුණා. චින්තන පර්ෂදයේ සිට දැන් ඉවත් වී ඇති ඇතැම් අය (සුමේධ නො වේ) කියනවාලු තමන් ගොඩ නැගූ ප්‍රබල ජාතික බලවේගය මා විනාශ කළා කියා. මා අසා පස්වනක් ප්‍රීතියට පත් වුණේ නැති වුණත් ඉන් කම්පාවට පත් වුණෙත් නැහැ. අද බුදු දහමේ නිර්මල බව රැකීමට පෙරට පැමිණ ඇති ඇතැම් භික්‍ෂූන් වහන්සේ පමණක් නොව ජෙප්පන් හා ජෙප්පියන් පොහොට්ටුවාදීන් මා බුදුදහම විකෘති කරන බව කියනවා. අය බුදුහාමුදුරුවන්ට සසරෙ කවදා හරි සවන් දී ඇති බව හිතා ගන්න පුළුවන්. මා ඉතිහාසය විකෘත කරන බව කියන්නන් බොහොමයි. ඔහොම යං.

 

අපි මාතෘකාවට යමු. අපට තවදුරටත් ගණනාත්  ඔබේසේකර ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඔහු සිංහල බෞද්ධ විරෝධියකු බවත් නායක්කාර් බලවේගයේ හිතවතකු බවත් ශ්‍රී වික්‍රම රජුගේ කෘරකම් වසා දැමීමට කටයුතු කළ අයකු බවත් සුමේධගේ කතාවෙන් පැහැදිලියි. කතාවේ සබැඳිය ඊයේ ලිපියට ප්‍රතිචාරයක් ලෙස අනුරාධ පියදාස දක්වා තියෙනවා. එහෙත් සුමේධගේ කතාවෙන් පැන නගින වෙනත් ප්‍රශ්න තිියෙනවා. මා ඉතිහාසඥයකු තබා කරුණු එකතු කරන්නකුවත් නොවන බව අවධාරණය කරන්න ඕන. මා ප්‍රශ්න අසන්නකු හා හිතලු කියන්නකු පමණයි. මට ඊනියා ශාස්ත්‍රිය පුහුණුවක් නැහැ. සමහරුන්ට මා කවටයකු මෙන් පේනවා ඇති. ඒත් මට ඊනියා කළු කුහර මහා පිපිරුම ආදිය ගැනත් ප්‍රශ්න තියෙනවා.

 

අප රටේ විවිධ අවස්ථාවල විජයගේ සිට විවිධ රජවරු ඇවිත් මෙරට රාජ්‍යය ලබා ගෙන තියෙනවා. මෞර්යයන් පාණ්ඩ්‍යයන් කාලිංගයන් අතර ප්‍රධානයි. මෙරට රජවරුන්ට නොයෙක් අවස්ථාවල පිටින් බිසොවුන් ගෙනත් තියෙනවා. ඔවුන් විවිධ සංස්කෘතිකාංග මෙරටට ගේන්න ඇති. එහෙත් සියල්ල අප අවශ්‍ය පරිදි අවශෝෂණය කරගෙන ඇති බව පමණක් නොව අය මෙරට සංස්කෘතියට අවශෝෂණය වී ඇති බවත් පේනවා. අවශෝෂණය කරනවා යන්න තේරෙන්නෙ නැත්තන් ඇබ්සෝර්බ් කරනවා කියන්න.

 

මහනුවර යුගය අවසානයේ දී කීරවැල්ල පවුලෙ කුමාරිකාවුන් නැති නිසා මදුරෙයි නගරයෙන් බිසොවුන් ගෙනාවා කියන එක විශ්වාස කරන්න අමාරුයි. කීරවැල්ලෙ පවුලෙ නැති වුණත් වෙනත් ක්‍ෂත්‍රිය පවුල්වල කුමාරිකාවුන් ඉන්න ඇති. මෙහි දී ලන්දේසීන්ගේ ක්‍රියාකාරීත්වය සැක සහිතයි. මෙහි දී ගෙනැවිත් ඇත්තේ බිසෝවරුන් පමණක් නොවෙයි. නෑදෑ සනුහරේ ගෙනැවිත් තියෙනවා. මහනුර  මලබාර් (ඉංගිරිසින් දුන් නම) ප්‍රදේශ තිබුණා. මෑතක් වන තුරු මලබාර් වීදියක් තිබුණා. මෙරට යාපනයේ මෙන් මහනුවරත් කුලභේදය ඇති කිරීමෙහි ලා ලන්දේසින්ගේ ක්‍රියා කලාපය ගැන තොරතුරු හොයන්න පුළුවන් නම් හොඳයි.

 

එහෙත් ලන්දේසින්ට හා පෘතුගීසීන්ට පෙර දහතුන්වැනි සියවසේ පමණ මට තේරෙන විධියට වත්මන් කේරළ කර්නාටක තමිල්නාඩු දේශ සීමාවෙන් විවිධ පිරිස් ලංකාවට පැමිණ තියෙනවා. ඔවුන් සමහරු කරාව දුරාව සලාගම කුලවලට අවශෝෂණය වී තියෙනවා (අපේ පරම්පරාව පැමිණ ඇත්තේ ඊට පෙර දඹදෙණි යුගයේ බව කියන්න ඕන. එය මහාවංසයේ සඳහන් වෙනවා. ගැන පසුවට. ජාතිය තීරණය වන්නේ ජාන අනුව නොව මූලික සංස්කෘතිය අනුවයි). එසේ පැමිණි බ්‍රාහ්මණ වාංශිකයන් සමහරු පහතරට දී සලාගම කුලයට අවශෝෂණය වී ඇති අතර තවත් සමහරු උඩරටට ගොස් තියෙනවා. උඩරටට ගිය අය තමයි පසුව රදළ කුලයක් බවට පත් වී ඇත්තේ. අය තමයි පසුව නායක්කාර් රජවරුන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වුයේ.

 

මෙහි ඇති වෙනස අර බ්‍රාහ්මණ වාංශිකයන් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වී ඇති නමුත් නායක්කාර් සනුහරය එසේ නො වීමයි. එයට එක් හේතුවක් වන්නට ඇත්තේ අනෙක් අය මෙන් ඔවුන් ස්වේච්ඡාවෙන් මෙරටට නොපැමිණීම වෙන්න ඕන. ඔවුන් ආනයනය කෙරෙනු අය. වෙල්ලාලයන් නැගෙනහිර දෙමළ ජන කොටස මෙන් කඳුකරයේ දෙමළ කොටස එසේ ආනයනය කරනු ලැබූ අය.

 

නායක්කාර්වරුන්ගෙන් රජකමට පත් වූ අය නාමික සිංහල බෞද්ධ වෙන්න ඇති. එහෙත් ඔවුන්ගේ බිසෝවරුන් හා නෑදෑයන් එසේ බෞද්ධ වුණා කියා හිතන්න බැහැ. අදත් සමහර ක්‍රිස්තියානි දේශපාලනඥයන් බෞද්ධ වෙනවා. එහෙත් අපට ඔවුන් විශ්වාස ? ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන අහිමි කිරීමට බහු සංස්කෘතික බහුබූත ඊනියා ආගමික සංහිඳියා කතා කියනවා. නායක්කාර් රජවරු අළු ගා ගැනීමට ප්‍රසිද්ධියක් ඉසිලූ බව පැහැදිලියි. එමෙන් සුමේධගේ කතාවෙන් පැහැදිලි වන්නේ රජවරුන් හා සිංහල බෞද්ධ ජාතික බලවේගය අතර විරසකයක් වූ බවයි. නායක්කාර් රජවරුන් හා මෞර්ය හා වෙනත් රජවරුන් අතර ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය නොවීම පිළිබඳ ප්‍රශ්නයක්.

 

සිංහල බෞද්ධ ජාතික බලවේගයට නායක්කාර් රජවරුන් ඉවත් කිරීමට කාලයක් තිස්සේ අවශ්‍ය වී ඇති බව පැහැදිලියි. පිළිමතලාවේ ඇහැලේපොල ආදීන් විවිධ උපක්‍රම අනුගමනය කර ඇති බව සුමේධගේ කතාවෙන් පැහැදිලියි. අවසානයේ දී ඔවුන් ඉංගිරිසින්ගේ සහාය පතා තියෙනවා. එය තවත් ඉඟුරු වෙනුවට මිරිස් ගත් වැඩක්.  ඉංගිරිසින් (බටහිරයන්) අද කියන බොරු එදත් කියා තියෙනවා. සිංහල බෞද්ධ ජාතික නායකත්වය රැවටී ඇති බව පැහැදිලියි. එසේ වුණත් වැඩි කල් නොගොස් ඔවුන් ඉංගිරිසින්ට විරුද්ධ අවිගත්තා. එහෙත් වන විට ප්‍රමාද වැඩියි.

 

සියම් නිකායේ උපසම්පදාව ගැනත් වචනයක් කියන්න ඕන. මට නම් හිතෙන්නෙ නැහැ රජු ආඥාවක් නිකුත් කළා කියා ගොවිගම කුලයේ අයට පමණක් උපසම්පදාව දෙන්න කියා. රජු හා රදළයන් සහිත ගොවිගම කුලය එතරම් සුහදශීලී හිටියා කියා හිතන්න බැහැ. රජු රදළ හොඳහිත දිනාගන්න එසේ කළා කියා හිතන්න බැහැ. අනෙක් අතට ගොවිගම කුලයේ භික්‍ෂූන් වහන්සේ එවැනි ඉල්ලීමක් රජුගෙන් කළා කියා හිතන්නත් බැහැ. එවැනි ආඥාවක් ලිඛිත දී ඇත් යන්න ගැන සැකයක් තියෙනවා. සියම් නිකායේ වැදගත් තනතුරු දුරාව සලාගම කරාව කුලවල හාමුදුරුවරු දරා තියෙනවා. සරණංකර සංඝරාජ හිමියන් කෙසේවත් එවැනි තීරණයක් සමග එකඟ වුණා කියා හිතන්න අමාරුයි. මෙයත් ලන්දේසීන්ගේ වැඩක් කියා හොයා බලන්න ඕන. එයින් සිංහල බෞද්ධයන් අතර භේදයක් නම් ඇති වුණා