Main Logo

Thursday 8 February 2024

රනිල්දාසගේ සිට මෝදිදාස දක්වා

 

රනිල්දාසගේ සිට මෝදිදාස දක්වා

 

රනිල් ඊයේ (පෙබරවාරි 07) තවත් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කරලා. ඔහු ඉන්නෙ දෙගිඩියාවෙන්. මේ වසරේ ජනාධිපතිවරණයක් තියනවා නැද්ද? තියනවා නම් ඒකට සූදානම් වන්නයි නව සෑසි වාරය. අලුතෙන් කොමිටි පත්කරල පරණ කතා අමතක කරල වැඩ පටන් ගන්නයි ඔහුගෙ සූදානම. ඔහු ජනාධිපතිවරණයක් තියල තරග කරනවා නම් දිනන්න පුළුවන් නම් පමණයි. එය පහසු දෙයක් නො වෙයි. එහෙත් සජබ හා පොහොට්ටුවෙ යම් පිරිසක් ඔහු සමග එකතු වන්න කැමතියි. සුපිරි වෙල්ලාලයන් ඉන්දියාව මොනව කිවුවත් ඔහුට ආධාර කරනවා. ඊයේ සැසිවාරය විවෘත කිරීමෙන් පසු රනිල් විග්නේස්වරන්ට කිවුවෙ මොනවා ? විග්නේස්වරන් ආධාර කරන්නෙ රනිල් . ඒත් ඉන්දියාව කැමති සජිත්ට.

 

ගියවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභයට 52%ක් හා සජිත්ට 42%ක් ලැබුණා. සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටන් ආධාර කරන රනිල්දාසට ලැබුණෙ 3.2%ක් පමණයි. රනිල් 50% ගන්නෙ කොහොමද? රනිල්ගෙ ප්‍රශ්නය ඒකයි. ගන්න බැරි නම් ඔහු ව්‍යවස්ථා උප්පරවැට්ටියකින් තව කාලයක් විධායක ජනාධිපති බැරි නම් විධායක අගමැති ලෙස ඉන්න බලයි. සියල්ල බැරි වුණොත් ජනාධිපතිවරණය පවත්වල වෙන දෙයක් වෙන්න හරියි. 

 

රනිල්දාසගෙ අනුගාමිකයො හිතන් ඉන්නෙ ඔහු ජනාධිපති වෙයි කියල. ඔහුට සජිත්ගෙ ඡන්ද ලැබෙන්නෙ නැහැ. එවා වැඩි හරියක් සජිත්ට. ඉතිරි ටික රනිල් ආවොත් රනිල්ට. ගෝඨාභයගෙ ඡන්ද තමයි රනිල්දාසට ලැබෙනවා නම් ලැබෙන්නෙ. කියන්නෙ ගෝඨාභයගෙ ඡන්ද 52%න් 46%කට වඩා ලබා ගන්න ඕන. එතකොට ඉතිරි 6% පමණ රනිල්ට දිනේෂ්ට  රොෂාන් රණසිංහට හා දිලිත්ට ලැබෙන්නෙ? 6% රනිල්ට ලැබුණත් 50%ක් ලැබෙන්නෙ නැහැ සජිත්ට ලැබිල ඇති 42% ඔහුට ලැබුණත්. රනිල්දාසගෙ අනුගාමිකයො සිංහල බෞද්ධ විරෝධී සිහිනවලින් ඈත් වෙලා සියයට ගණන් නැවත හදාරණව නම් හොඳයි. ඡන්ද බෙදීම කරන තවත් ක්‍රම තියෙනවා. ඕන නම් ඒවත් සලකා බලමු.

 

ඉන්දියාවෙ මෝදී කරන දේ රනිල්ට වැටහෙනවා. අද රනිල්දාස මෝදිදාස වේගෙන යනවා. රනිල්දාසගෙ සමස්ත ඉන්දීය චාරිකාව මෝදිගෙ අදහසක් අනුව සකස් වී ඇති බවයි මට හිතෙන්නෙ. රනිල්දාසල ගුජරාටියෙ මහඇමති හමුවෙලා. ගුජරාටිය කියන්නෙ මෝදිගෙ ගම්පළාත. නැත්නම් ප්‍රාන්තය. වගේ මහාවංසයෙ මොන තිබුණත් මහාවංසය අකුරක් නෑර විශ්වාස කරන සුපිරි ජාතිකවාදීන් මට විරුද්ධ මොන කතා කිවුවත් ගුජරාටියෙන් තමයි විජය ලංකාවට එන්න නැව් නැගල තියෙන්නෙ. සුප්පාරක භාරුකච්ච වරාය තියෙනනෙ පැත්තෙ.

 

මෝදිගෙ නියෝජිතයන් රනිල්දාසට ඕව කියන්නෙ නැතුව ඇති. ඒත් මෝදි රනිල්දාස නැහැ මෝදිදාස ගුජරාටියට යවලා. මෝදි දන්නව මෝදිදාස ජනාධිපති වෙන්නෙ නැති බව. ඒත් මෝදිට ඕන මෝදිදාස ඉන්දියන් දේශපාලන හා ආර්ථික බලපෑම්වලට විරුද්ධවීම නතර කරන්න. රනිල්ගෙ ආණ්ඩුවේ කාලයේ ම  නොවෙයි. ඉදිරියේ සජිත්ගෙ ආණ්ඩු කාලයක. බටහිරයන් ළඟට හොඳ සැලසුම් කරුවන් ඉන්දීය බ්‍රාහ්මණයන්.

 

මා හිතන්නේ රනිල්ට ඉවක් තියෙනවා වෙන්න යන දේ ගැන. රනිල්දාස මෝදිදාස වෙන්න යන බව රනිල්ට තේරෙනවා ඇති. රනිල් ඊයේ පාර්ලිමේන්තුවේ දී අතීතය මතක් කළා. හරියට පෙම්වතියක ඉවතට යන කළ පෙම්වතකු වගේ. රනිල් කිවුවා යහපාලන ආණ්ඩු කාලෙ රනිල්දාස ආණ්ඩුව සමග ඉතා සමීප කටයුතු කළ බව. අර කාව පත්කෙළෙත් රනිල්දාස කියපු නිසා කියලත් කිවුව. බලාගෙන යනකොට රනිල්දාස ආණ්ඩු කරන්න උපදෙසුත් දීල. යහපාලන ආණ්ඩුවෙන් තමයි ඉතා අධික පොලියකට ස්වෛරි බැඳුම්කර ණය ගත්තෙ. අද රට වැටී තියෙන තත්වයට ඔය කවුරුත් එකතු වෙලා . බටහිරයන්ගෙ මහින්ද හොරා කතාව කෑ ගහල කිවුවට රනිල්ල රනිල්දාසල තමයි ආර්ථික අර්බුදයට ජේ ආර් ළඟට වග කියන්න ඕන.

 

විතරක් නොවෙයි අර දින පනස්දෙකේ ආණ්ඩුව වට්ටන්න රනිල්ල රනිල්දාසල මංගලලා එකට වැඩ කළා. යටත් විජිතගෙ පාර්ලිමේන්තු මීටර් සීය මතක ?   පාවා දීමට බැසිල් හා තවත් අයත් එකතු වුණා. අපි සියල්ලන් හඳුනනවා. දින පනස්දෙකේ ආණ්ඩුව හැදෑවෙ යහපාලන ආණ්ඩුව වට්ටන්න. බොහෝ දෙනාට ඒව මතක නැහැ,

 

අද වන විට තරම් ඉන්දීය ව්‍යාප්තවාදය ව්‍යාප්ත වී තිබුණු යුගයක් පහුගිය අවුරූදු දෙදහසකට වැඩි කලයක තිබී නැහැ. විජේවීර සඳහන් කළ කාලය ඊට අඩුයි. කෙසේ වෙතත් එදාට වඩා ඉන්දීය වෘාප්තවාදයක් අද තියෙනවා. එය මෝදිගෙ හින්දි හින්දු ජාතිකත්වයක් එක්ක ගැට ගැහිලා. රනිල්දාස එයට විරුද්ධ ජාතිකවාදීන් සමග පෙළ ගැහෙනවා වෙනුවට මෝදිගේ ව්‍යාප්තවාදයට ආධාර කරන්නේ සිංහල බෞද්ධ විරෝධීන්ගේ මනදොළ පුරවමින්.