Main Logo

Monday 11 April 2022

දේවශාපය, දේවකැමැත්ත හා ආතල්ගම

 දේවශාපය, දේවකැමැත්ත හා ආතල්ගම  


සුවාසුදහසක් බුද්ධිමතුන් උගතුන් සිටින රටක නූගත් මිථ්‍යා මතධාර්යකු ව ඉපදීමට ලැබීම දේවශාපයක් ද කියා කාදිනල්තුමාගෙන් අහන්න ඕන. එය දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න පුළුවන්. ඒත් නූගතකු වූ මට තේරුම් ගන්න බැරි දෙයක් එහි තියෙනවා. සසරක් ගැන විශ්වාසයක් නැති අයකු මේ දේවකැමැත්ත හරි දේවශාපය හරි තේරුම් ගන්නෙ කොහොමද? ඉපදීමට පෙර කිසිවක් කර නැති මට (සසරක් නැති බැවින්) කොටින් ම අර මහා පිපිරුමෙන් පටන් ගත් විශ්වයේ කොහේවත් නොපිහිටි නොසිටි ඊනියා මට (මා කෙනකු නොසිටි බැවින්) පසෙන් නිර්මාණය කරල  උත්පත්තියක් ලබා දීල දුක් විඳින්න සලස්සන්නෙ ඇයි? ඊනියා මගේ වැඩ කිඩ පරීක්‍ෂා කරන්න තියෙන අවශ්‍යතාව මොකක් ද? ඒක හරියට විද්‍යාඥයන් මීයන් ඇති කරල පර්යේෂණ කරනවා වගේ ද? අප පරීක්‍ෂණාගාර මීයන් ද?  දේවකැමැත්ත හරි දේවශාපය නිසා හරි බෞද්ධ පවුලක උත්පත්තිය ලැබීමට සිදු වූයෙ ඇයි? එයට හේතුවක් තියෙනවා ද? ඇරිස් මොකද ඒ ගැන කියන්නෙ? ඇක්වයිනාස් ශාන්තුවරයා මොකක් ද කියන්නෙ? නැහැ මා ඇක්වයිනාස් විද්‍යාලයට ගියේ නැහැ. මට ඒ අවස්ථාව නැති වී ගියේ දේවශාපය නිසා ද දේවකැමැත්ත නිසා ද? මා සාමාන්‍ය විධියට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට ගියා. එය දේවකැමැත්ත ද? 


අර නිරාගමික කට්ටිය මොක ද කියන්නෙ? ඔවුන් නිරාගමික බයිල කියන්නෙ බෞද්ධයනට විතරක් ද? නිරාගමික විය යුත්තේ බෞද්ධයන් ද? නිරාගමිකයන් නොදන්නවාට බෞද්ධයනට ආගමක් නැහැ. ආගම් තියෙන්නෙ ආගම් කාරයන්ට. නැහැ පඬි බෞද්ධයන් කියන ආකාරයට බුදුදහම දර්ශනයක්වත් නො වෙයි. බුදුදහමේ කියන්නෙ සියළු දෘෂ්ටිවාදවලින් වෙන් වෙන්න කියල. ඒ සඳහාත් දෘෂ්ටියක් ඕන. ඒකට සම්‍යක්දෘෂ්ටිය කියල කියනවා. සම්‍යක් කියන්නෙ නිවැරදි කියන එක නො නො වෙයි. එ දෘෂ්ටිය නිවනට යොමු කරන බැවින් එය සම්‍යක් වෙනවා. නිවන සම්මාබෝධයේ දි ඒ සම්‍යක් දෘෂ්ටියත් නැතිවෙනවා. බෞද්ධකම කියන්නෙ ජීවන මාර්ගයක්. අපට ආගම් ලැබුණෙ පෘතුගීසීන් ආවට පස්සෙ කතෝලික ආගමත් එක්ක.


ඒත් බෞද්ධයනට සංස්කෘතියක් තියෙනවා. ලංකාවෙදි අපි කියනව සිංහල බෞද්ධ සංස්කෘතිය කියා. එය බුදදහම මත පදනම් වූවක්. සෑම සංස්කෘතියක් ම යම් දෘෂ්ටියක් මතවාදයක් මත පදනම් වෙනවා. බටහිර නූතනත්ව සංස්කෘතිය පදනම් වෙන්නෙ ක්‍රිස්තියානි චින්තනයත් මත. එහි ග්‍රීක හා යුදෙවු චින්තනත් තියෙනවා. බටහිරයන්ට ආරම්භයක් ඕන. විශ්වයටත් අරම්භයක් තියෙනව. බටහිර විද්‍යාවෙ මතවාදයට ක්‍රිස්තියානිත් තියෙනවා. බටහිරව විද්‍යාවෙ දෙවියන් වහන්සෙ නැතුව වෙන්න පුළුවන්. ඒත් ආරම්භය තියෙනවා. දෙවියන් වහන්සේ වෙනුවට මහා පිපිරුම ඇවිත්. මහා පිපිරුම ඇති වුණෙ කොහොමද කියල විද්‍යාඥයෙක් මට කියල දෙනවා ද? ඔය නිරාගමිකයන් කියන අය අවසාන වශයෙන් ගත්කල ක්‍රිස්තියානින්. ඊනියා නිරාගාමිකයන්ට නිරාගමික වෙන්න ඕන නම් ඔවුන් බෞද්ධයන් වෙන්න ඕන. 


කොහොමටත් කාදිනල්තුමා දැන් දේවශාපය ගැන කියනවා. ආණ්ඩුවට දේවශාපය තියෙනවලු. සමහරු කියනව මෝදර පැත්තෙ කවුද දේවකැමැත්ත නිසා මැරිලා කියල. ඒ කොහොම වුණත් කාදිනල්තුමාට අනුව ආණ්ඩුවට දේවශාපය වැදිල තියෙන්නෙ දෙසිය ගණනක් අහිංසකයන්ගෙ ලේ මතින් බලයට පත්වුණු නිසා. එතුමා කියන්නෙ පාස්කු ප්‍රහාරය ගැන. එතුමා පාස්කු ප්‍රහාරයෙ මහා මොළකරු දැන ගෙන ද කොහෙද?  මෛත්‍රිපාලගෙ නොසැලකිල්ල ගැන අර ජනාධිපති කොමිසම් වාර්තාවෙ තියෙනවලු. අපි තර්කය සඳහා නොසැලකිල්ල කියමු. ඒකෙන් කියන්නෙ නැහැ මෛත්‍රිපාල සහාරාන් ලවුව මිනිසුන් මැරෙවුව කියල. දැන් ආණ්ඩුවට දේවශාපය වැදිල තියෙන්නෙ ආණ්ඩුව මෙත්‍රිපාලට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන්නෙ නැති නිසා ද? නොසැලකිල්ල මිනීමැරුම් චෝදනාවක් වෙනවා ද? මෙහි චේතනාව මොකක් ද? මා කියන්නෙ බුදුදහමෙ කියන චේතනාව නො වෙයි. නීතියෙ කියන චේතනාව(intention). 


නොසැලකිල්ලක් ඇති වුණා නම් ඒ යහපාලන ආණ්ඩුවෙ බෙදීම් නිසා. නොසැලකිල්ල රනිල්ටත් පොදුයි. ඔහුට දේවශාපය නැත් ද? අද ඔහු ලෙවුකෙ මැතිඳු වගේ තනියම ඉන්නෙ දේවශාපය නිසා ද? ඒ කොහොම වුණත් දැන් මෛත්‍රිපාල ආණ්ඩුවෙ ඇති නැති ගානයි. දේවශාපය ආණ්ඩුවට පමණක් ද? මෛත්‍රිපාලට නැද්ද? මෛත්‍රිපාල ආණ්ඩුවෙන් සුවාදීන වුනාටත් පස්සෙ දේවශාපය තවදුරටත් ආණ්ඩුවට තියෙන්න ඕන ද? දෙවියන් වහන්සේට උභතෝකෝටික ප්‍රශ්නයක්. එය චතුස්කෝටිකයෙන්වත් විසඳමු ද?              


අද පරණ පාර්ලිමේන්තුව ඉදිරිපිට මහා රංගනයක් තියෙනවා. එයට මුල් දවසෙ මුස්ලිම් ජනයා විශාල පිරිසක් යාඥා කරමින් සහභාගි වුණා. මේ රංගනයට සහභාගි වෙන අයට නොමිළේ තුන්වේල හොඳ හොාටල්වලින් ලැබෙන බවත් යම් යම් අය ඒ සඳහා ප්‍රතිපාදන සපයන බවත් කියනවා. නරක ද ගිහිල්ල තුන්වේල හොඳට කාල බීල ආවොත්. එස් බී දිසානායකටත් එහෙම හිතෙනවා ද? මේ සිංහල බෞද්ධ විරෝධි ව්‍යාපාරයක්. එහි සිංහල බෞද්ධයන් ඇති. එහෙත් එය මෙහෙයවෙන්නෙ මුස්ලිම් කතෝලික බෝන් අගේන් ක්‍රිස්තියානි සමගියකින්. ඒ සමගිය පිටුපස ඉන්නෙ එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්. මේ ආසන්න වශයෙන් ඉංගිරිසින් 2009 දි නන්දිකඩාල් කලපුවෙ ලත් පරාජයට දක්වන ප්‍රතිචාරය. එය 1802 සිට එන්නක්. අද ජ වි පෙ, ස ජ බෙ, කෙකරගාමින් සියල්ල පිටුපස එංගලන්තය ඉන්නවා.. අද බූවූන්රිග්ගෙ මුණුබුරාල එංගලන්තෙ තදින් වැඩ. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එංගලන්තයට සජිත් අනුර චම්පක කිසිවකු ගැන විශ්වාසයක් නැහැ. ඔවුන්ට ඕන රනිල්. ඒ තමයි දේවකැමැත්ත. ඒත් ඒක කරන්නෙ කොහොමද? 


මේ ආණ්ඩුව බලයට පත් වුණෙ දේවකැමැත්තට ද? කාදිනල්තුමා දන්නවා ඇති. ගෝඨාභය රාජපක්‍ෂ දිනුවෙ කතෝලිකයන් රවටල ද? ගෝඨාභය සහරාන් යොදව ගෙන මුස්ලිමුන්ට විරුද්ධව මතයක් ඇති කළා ද? ඒ කතාව නිසා ගෝඨාභයට වැඩිපුර කතෝලික ඡන්ද කීයක් විතර හම්බ වුණා ද? ඒ නොලැබණත් ගෝඨාභයට දිනන්න තිබුණ ද? මුස්ලමුන්ට විරුද්ධව මතයක් ඇති නොකරන්න මුස්ලිම් ඡන්ද ලැබෙන්න තිබුණ ද? කාදිනල්තුමා හා මුස්ලිම් බැතිමතුන් ඒ ගැන මොකද කියන්නෙ? කාදිනල්තුමා බෝන් අගේන් අය සමග සම්මුතියකට ඇවිත් ද? ඒ දවස්වල නම් බෝන් අගේන් නඩේට විරුද්ධව කාදිනල්තුමාට බෞද්ධ සහාය අවශ්‍ය වුණා. ඇතැම් හාමුදුරුවරුත් කාදිනල්තුමා පසුපස වැඩිය. 


ගෝ ගෝටා කියන්නෙ ගෝ සිද්ධාර්ථ කියා කෙලින් ම කියන්න බැරි නිසයි. අර ගාලු මුවදොර ආතල් ගන්න බෞද්ධ තරුණ තරුණියන් ලවා ඒ කියවන්න බැරි නිසයි. ඔවුන් ගාලු මුවදොරට නමක් දාල කියල ආරංචියි. එය ආතල්ගම කියා නම් කිරීම වඩාත් උචිතයි.