Main Logo

Thursday 14 April 2022

මෙය අවසාන සිංහල අවුරුද්ද නො වෙයි

මෙය අවසාන සිංහල අවුරුද්ද නො වෙයි

 

සිංහල බෞද්ධ ජාතික මතවාදය අද ඉතා ශක්තිමත්. මා සකර්බර්ග් පිටුවේ පළ කරන ලිපිය තහනම් කිරීමට සිංහල බෞද්ධ විරෝධීන් එකාවන් ව කටයුතු කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඒ ලිපියට ඔවුන් විරුද්ධ වූයේ එහි ඇතැයි කියන වචන කිහිපයකට නො වෙයි. එය සකර්බර්ග්ගේ ඊනියා සුචරිතවාදයක් නො වෙයි. ඔවුන් විරුද්ධ වන්නේ එහි අන්තර්ගතයටයි. එය සමස්තය ගැන ලිපිය ලිපියක් වුවත් එය ඇතැමුනට ඊනියා නාභිගත වූවක් නොවූවත් ඔවුන් එය තේරුම් ගන්නවා. නින්දාලා සුනිල්ලා විමල්ලා අද ඉන්නේ එක තැනක. තම ව්‍යාජ දේශපාලනය ගරා වැටෙන බව ඔවුන්ට තේරෙනවා.

 

මේ ලිපිය එතරම් දිගට ලියන්න මා බලාපොරොත්තු වන්නේ නැහැ. අද අවුරුදු දා. සිංහල අවුරුදු දා. මේ පුතන්ඩි නො වෙයි. දෙකේ සංකල්ප වෙනස්. සියල්ලන්ට තෙරුවන් සරණින් සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි මා පැතූ විට එක් අයකු අසා තිබුණේ දැන් ජාතිවාදී ඝෝෂාව නවත්තල ද කියල. ඔවුන් හිතන්නේ මා දැන් ලිපි නොලියන බවයි. එයට හේතුව වෙන දා මගේ ලිපිවලට වක්‍ර ව ප්‍රචාරයක් දුන් අනාථ කඳවුර දැන් ඒ නොකරන නිසයි. ඔවුන් තවමත් ඊනියා දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට හේතුව කුමක් ද කියා සොයනවා. ඔවුන්ට මගේ ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. කරන්න පුළුවන් එක ම දේ නලින් මුසලයා නාකියා ආදී කතා කීම පමණයි. එබැවින් ඔවන් මගේ ලිපිවලට වක්‍ර ප්‍රචාරයක් ලබා දෙන්නේ නැහැ. එහෙත් සකර්බර්ග් පිටුවේ මගේ සමහර ලිපි පනස්දාහකට පමණ ළඟා වෙනවා. ලක්‍ෂය පනින ඒවාත් තියෙනවා.

 

මොවුන් ජාතිවාදය යැයි කියන්නේ 1505 පමණ සිට නැති වී ගිය සිංහල බෞද්ධ විශේෂත්වය නැවත ඇති කිරීමට අප ගන්නා උත්සාහයටයි. නැහැ අප ඒ උත්සාහය නවතා දමා නැහැ. පෘතුගීසී ලන්දේසි ඉංගිරිිසි යටත්විජ්ත පාලනවලින් කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට පියවර ගැනීමයි. 1956 දී 1970 දී 2005 දී හා 2019 දී කෙරුණේ ඒ නැති වී ගිය විශේෂත්වය ලබා ගැනීමට යම් යම් පියවර ගැනීමයි. 2019 සිංහල ඡන්දවලින් පමණක් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීම සිංහල බෞද්ධ විරෝධීන්ට දරා ගන්න බැරි වුණා. ඔවුන් ලංකා වසන්තය සැලසුම් කළා. එය කෙරුණේ එංගලන්තයෙන්.

                    

1815 බ්‍රවුන්රිග්ට කළ නොහැකි වූ දේ කිරීමට  බ්‍රවුන්රිග්ගේ මුණුබුරන් උත්සාහ ගත්තා. ඔවුන්ගේ උත්සාහය  මෙසේයි. ගෝඨාභය බලයට පත් වී මාස දෙකක් ගත වන විට සර් ෆේල් ව්‍යාපාරය පටන් ගැනීම, කාදිනල්තුමා 1505ට ආපසු ගොස් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සෙවීම, ජාතිකත්වයක් නැති බැසිල් මගින් විසිවැනි සංශෝධනය ගෙනැවිත් ජාතික කඳවුර ඈත් කිරීමට කටයුතු කිරීම, රාජපක්‍ෂලා හොරු බව ප්‍රචාරය කිරීම, කතෝලික මුස්ලිම් සමගියක් ඈති කිරීම, කාදිනල්තුමාගේ මැදිහත් වීමෙන් පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිමුන් නිදොස් කර නිදහස් කිරීම, බෝන් අගේන් අය එකතු කර ගැනීම, සිංහල බෞදධයන් අතර ද රාජපක්‍ෂ විරෝධයක් ඇති කිරීම, අවුරුදු හැත්තෑවක් පමණ ණයට කෑමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වුණු ආර්ථික අර්බුදය රාජපක්‍ෂලාට පැටවීම.

 

මේ සියල්ල තවදුරටත් පසුව සාකච්ඡා කරමු. රාජපක්‍ෂලා මා හිතුවාට වඩා දක්‍ෂයන්. ආතල්ගමේ නාගරිකයන් කියන අන්දමට රාජපක්‍ෂලා ඩොලර් ට්‍රිලියන දහසක් හොරකම් කරලා. ඇමරිකා එක්සත් රාජ්‍යවල ජාතික ආදායමත් ඩොලර් ට්‍රිලියන 21ක් පමණ. රාජපක්‍ෂලාට බැරි ද බයිඩන්ට කීයක් හරි දෙන්න. ඕන නම් ආතල්ගම නඩත්තු කරන්නත් මුස්ලිම් කතෝලික බෝර්න් අගේන් සංධානයට කීයක් හරි යවන්න පුළුවන්. ඔය කලාලකාරයකුට දුන්න නම් ගිහින් දේවි. නින්දා යැවුවත් කමක් නැහැ. අර ජෙප්පන්ගේ පාගමනටත් කීයක් හරි යවන්න පුළුවන් ද? නැහැ ත්‍රිරෝද කුලිය නොවෙයි. සහෝදරයන්ට අවිදල පුරුදුයි. ඔවුන් එන්නෙ අරගලයෙ නායකත්වය ගන්න. බ්‍රවුන්රිග්ගෙ මුණුබුරාලා ඔවුන්ට නායකත්වය දේවි ද?