Main Logo

Sunday 24 April 2022

සෝභිත හිමියෝ්

 සෝභිත හිමියෝ්


මෙහි පහත පළවන්නේ කූඹියෝ ප්‍රවෘත්තිවලින් උපුටා ගත්තකි.

මේ තොරතුරු අනුව නම් උන්වහන්සේගේ ද සහභාගිත්වයෙන් නිකුත් කර ඇති ප්‍රකාශය ව්‍යාජ කූඨ ලේඛනයකි. එය නිකුත් කෙරුණේ රටටට ය. රට නොමග යැවීමක් ඉන් සිදු වී ඇත්නම් මෙය දැන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන කාර්යයක් වෙයි.


මෙය අද පවත්නා ඊනියා අරගලයට සම්බන්ධ ය. අරගලය පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී වෙයි. මේ කූඨ ලේඛනයක් නම් එය සකස් කෙරුණේ කා විසින් දැයි සොයා බැලිය යුතු ය. අරගලයේ ගමන් මග අපැහැදිලි ද?

“රටේ වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා ත්‍රෛනිකායික මහානාහිමිවරුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමියෝ අත්සන් කළ බව සඳහන් වුවත් සැබෑ ලෙසම එම නිවේදනයට මහනාහිමියන් අත්සන් කර නැතැයි ඉරිදා අරුණ පුවත්පත වාර්තා කර ඇත.
එම පුවත් වාර්තාවට අනුව නාහිමියන්ගේ අත්සන වෙනුවට යොදා ඇත්තේ ස්කෑන් කළ අත්සනක් බවද මහා විහාර ආරංචි මාර්ග පවසයි.
පවතින අර්බුදය ගැන මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් සමග සාකච්ඡා කිරීමට එම විහාර දෙකට කොළඹින් ගිය සඟරුවන රජයට එරෙහිව මහමලුවේ උපවාසයක් හෝ විරෝධතාවක් කිරීමට මුලින් සැලසුම් කර තිබුණත් මහාවිහාර දෙකෙන් ඊට අනුමැතියක් ලැබී නැතැයි කියති.
ඒ අනුව මුලින්ම අස්ගිරිමහා විහාරයට ගොස් මහනාහිමියන් ඇතුළු නාහිමිවරුන් බැහැදැක කරුණු සාකච්ඡා කළ ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු සඟරුවන පසුව මල්වතු මහ විහාරයට ගොස් ඇත.
අස්ගිරි මහානාහිමියන් සමග සාකච්ඡා කර සකස්කළ නිවේදනය පසුව වෙනස් කර ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් ඊට මල්වතු මහනාහිමියන්ගේද අත්සන ලබාගැනීමෙන් පසු අස්ගිරි මහනාහිමියන්ට ලිපිය නොපෙන්වා උන් වහන්සේගේ අනුමැතියකින් තොරව ස්කෑන් කළ අත්සනක් යොදා ඇතැයි දැනගන්නට ඇත.
මේ පිළිබඳව අස්ගිරි මහනාහිමියන් සිය කනස්සල්ල පළකිරීමෙන් පසු එලෙස අත්සන යෙදූ හිමිවරුන් මහනාහිමිගෙන් සමාව ඇයැද සිට ඇතැයි කියති.
වෙනස් කළ නිවේදනයට තමන් වහන්සේ අත්සන් නොකළ බව ප්‍රකාශ කළේ නම් පැමිණි හිමිවරුන්ට විශාල අපකීර්තියක් අත්වන බව අස්ගිරි මහනාහිමියන් පසුව එම පිරිසට පවසා ඇතැයි දැනගන්නට ඇත.
ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒ්මේ යෝජනාවක් මෙම ලිපිය තුළ අඩංගුව තිබීම සම්බන්ධයෙන් ද සමාජයේ දැඩි කතාබහක් ඇති විය.
ඉරිදා අරුණ”

ඕමල්පෙ සෝභිත හිමියන් 2021 අපේල් 5 වැනි දා පවසා ඇති අන්දමට උන්වහන්සේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම කවුරුන් කළ යුතු ද? මෙය සමාව අරන් අමතක කර හැකි ප්‍රශ්නයක් නො වෙයි

2021 -04-06

“භික්ෂුත්වයට නිගාදෙන පිරිස් භික්ෂූත්වයෙන් නෙරපා හැරීම ඇතුළු කරුණු හයක් ඇතුළත් යෝජනාවලියක් ජනපති පත්කළ බෞද්ධ උපදේශක සභාවට ඉදිරිපත් කරන බව ධර්මයුක්ති මහ සභාව පවසයි.
ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන සම්බන්ධිකාරක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව සඳහන් කළහ.
‘ධර්ම විකෘතිය ඇතුළු ශාසන විරෝධීන්ට. එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි. සිවුරු පොරවාගෙන ඊට නොගැලපෙන පරිදි වචන, හැසිරීම් ප්‍රසිද්ධියේම දකින්න තියෙනවා. භික්ෂූත්වය ලියාපදිංචි කරන්නේ නීත්‍යානූකූල පිළිගැනීමකට විනය විරෝධි හැසිරීමකදී එම නීතිය යටතේ දඬුවමක් ලැබෙන්නේ නැහැ අපි ජනාධිපතිට යෝජනා කරනවා. විහාර, දේවාල, ගම් පනත සංශෝධනය කරන්න. බෞද්ධ විරෝධි භික්ෂූත්වයට නිගාකරන චරිත භික්ෂූත්වයෙන් නෙරපා දඬුවම් කළ යුතුයි. “ යනුවෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.”