Main Logo

Monday 13 March 2023

කොවිඩ් සහ ගෝඨාභය

 කොවිඩ් සහ ගෝඨාභය

 

ගෝඨාභය ජනාධිපතිවෙලා මාස හතරක් ගත වෙන්න කලින් කොවිඩ් වසංගතය පැමිණියා. සමග තමයි කලින් කී ආකාරයට සංචාරක ව්‍යාපාරය කඩාවැටීමත් විදේශවල සේවය කරන්නන්ගේ ප්‍රේෂණ අඩු වීමත් සිද්ධ වුණෙ. කොවිඩ් සඳහා අවශ්‍ය ඖෂධ හා වෙනත් දේ ලබා ගැනීම සඳහාත් ඩොලර් විශාල ප්‍රමාණයක් යොදා ගන්න සිද්ධ වුණා. සියල්ල ගෝඨාභය ඉවත් කිරීමට යොදා ගැනීමට සිංහල බෞද්ධ විරෝධීන්ට හැකි වුණා.

 

එහෙත් කිසිවකු කතා කරන්නේ නැහැ ගෝඨාභය කොවිඩ් වසංගතය පැතිර යෑම වැළැක්වීම සඳහා ගත් පියවර. කළමනාකරණය කළ ආකාරය. එහි දී හමුදාව යොදා ගත්තා. එය එක්තරා ආකාරයකට හමුදා මෙහෙයවීමක් වගේ වැඩක්. කළමනාකරණය හමුදාව මැදිහත් වීමෙන් බටහිර වෙද මහතුන්ගේ හා වෙනත් වෛද්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් කෙරුණක්.

 

එහෙත් දිනවල බටහිර වෙද මහතුන්ගෙන් සම්බන්ධයෙන් විශාල විරෝධයක් පැන නැගුණා. ඔවුන්ට අවශ්‍ය වුණෙ එහි මූලිකත්වය ගැනීම. ඔවුන් කිවුවේ තමන් වෛද්‍යවරුන් නිසා එය කළමනාකරණය කරන්න දන්නේ ඔවුන් කියා. එය අපේ රටේ ඇති මධ්‍යම පාංතික බොරු උගත්කමේ ලක්‍ෂණයක්. මෙරට බටහිර වෙද මහතුන් අනෙක් බටහිර උගතුන් මෙන් විශිෂ්ට ගණයේ අය නො වෙයි. ඔවුන් බටහිර දැනුමට එකතු කර ඇති සංකල්පයක් ප්‍රවාදයක් නැහැ. ඔවුන්ගේ වරදක් නො වෙයි. ඔවුන් අදාළ බටහිර සංස්කෘතියට චින්තනයට අයත් නැහැ.

 

බටහිර දැනුම බිහිවන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයක. අප චින්තනයේ නැහැ. මෙරට පොතපත කියවුවන් බොහොමයි. මා එතරම් පොතපත කියවා නැහැ. මා හිතන්නේ මට වඩා පොත් කියවූ අය අඩු තරමෙන් ලක්‍ෂයක්වත් මෙරට ඇති. ඔවුන් බොහෝ දේ කියවා තියෙනවා. එහෙත් කිසිවක් දැක නැහැ. ඔවුන් දත්ත දන්නවා. එහෙත් දත්ත අතර සම්බන්ධය දකින්නේ නැහැ. වෙනුවට ඇතැම් විට අර බොරු උගත්කම නිසා නැති සම්බන්ධකම් දකිනවා. ද්විකෝටික රේඛීය ග්‍රීක චින්තනයේ ඇරිස්ටෝටල් හා පටිච්චසමුප්පදායක් දේශනා කළ බුදුහාමුදුරුවන් අතර සම්බන්ධකම් දකිනවා. අවසානයේ දී සියලු දැනුම් අත්හැරීමට දෙසු බුදුහාමුදුරුවන් සමග වෙනත් කිසිවකු සසඳන්න බැහැ.

 

සමුප්පදාය කියන්නේ එකවිට ඉපදීම බවවත් බුද්ධාගම්කාරයන් දන්නේ නැහැ. නාම රූප පච්චයා විඤ්ඤාන, විඤ්ඤාන පච්චයා නාම රූප යන්නෙහි එක් අතකින් දැනීම හා දැනුම එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය කියැවෙනවා. මෙය ඊනියා අනුලෝම ප්‍රතිලෝම කතාවක් නො වෙයි. බුදුදහමෙහි පාර හෙවත් මෙටා කතා නැහැ. පාරභෞතිකයක් ගැන නොව ඊනියා භෞතිකයක් ගැනවත් බුදුදහමෙහි කියන්නේ නැහැ. අපේ රටේ අද ප්‍රශ්නය බෞද්ධයන් වෙනුවට එක්කෝ බුද්ධාගම්කාරයන් ඇති වීම. නැත්නම් නිරාගම්කාරයන් ඇති වීම. නිරාගම්කාරයන් එක්තරා බටහිර ආගම්කාරයන් පිරිසක්. මා කියන දේ දහම් පාසලේ උගන්වන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ.

 

පඬි කතා කියන පඬි නැට්ටන් කිසිවකුටවත් අලුතෙන් සංකල්පයක් ප්‍රවාදයක් බටහිර දැනුමට එකතු කරන්න බැහැ. ශිල්පීය වශයෙන් නම් යමක් කරන්න පුළුවන් වේවි. එහෙත් ශාස්ත්‍රීය වශයෙන් බැහැ. බටහිර වෙදමහතුන්ටත් එහෙමයි. කොවිඩ් වසංගතය පැතිරීම කළමනාකරණයේ දී ඔවුන් බටහිර ආයතනවලින් ලබා ගත් දැනුම ප්‍රයෝජනවත්. එහෙත් වසංගතයක් කළමනාකරණය කියන්නේ වෙදකමටත් හෙදකමටත් එහා ගිය දෙයක්.

 

මතක මෘත ශරීර ආදාහනය පිළිබඳ ඇති වූ විරෝධතා. ගෝඨාභය එයට නිසි ලෙස මුහුණ දුන්නා. සියල්ල කළමනාකරණය කෙළේ ගෝඨාභයට අවශ්‍ය ආකාරයට. එහෙත් එයට සම්බන්ධ වූ ඇතැමුන් සිදු වූයේ තමන් නිසා යැයි හිතන්න පටන් ගත්තා. කොහොම වුණත් ලංකාවේ කොවිඩ් වසංගතය කළමනාකරණය බොහෝ රටවලට වඩා හොඳින් සිද්ධ වුණා. ගෝඨාභයට බොහෝ දේ හොඳින් කළමනාකරණය කිරීමට හැකි වුණා.  එහෙත් ගෝඨාභයට ගැන ලැබෙන්නේ පිළිගැනීමක් නොව පළිගැනීමක්. පරගලයේ වටලප්පන් හා බිරියානි. දැන් කාට හරි කියන්න පුළුවන් මා මේ දේ කියන්නේ මට තානාපතිකමක් දුන් නිසා කියල. ඒක එහෙමයි කියමු. මා කෙළෙහි ගුණ දන්නා බව ඉන් කියැවෙන්නෙ. මා හිතන් හිටියේ මගේ කිසිම ගුණයක් නැහැ කියලා. තානාපතිකම ලැබුණෙත් කොවිඩ් කාලෙ. නිසා ඒකෙන් වැඩක් වුණෙත් නැහැ. මට ඇරිස් හමුවෙන්න නම් අවස්ථාවක් මියන්මාහි දී කොවිඩ් අස්සෙන් ලැබුණා.  

 

ගෝඨාභයට ප්‍රශ්නයක් තිබුණා. ඔහුට සහායට කිසිවකු සිටියේ නැහැ. බණ්ඩාරනායක මැතිණියට සහායට ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක හිටියා. තවත් අය හිටියා. එහෙත් ගෝඨාභයට හිටියේ කවුද? රාජපක්‍ෂ පවුලෙන් ලැබුණු සහාය මොකක් ? රාජපක්‍ෂ පවුලේ ඇතැමුන් ගෝඨාභය ජනාධිපතිවීම තම වාසියට යොදා ගත් බව නම් පේන්න තිබුණා. එහෙත් ඔවුන් ඔහුට සහායක් දුන්නේ නැහැ. ඔවුන් ගෝඨාභයගේ අපේක්‍ෂකත්වයට දැක් වූ විරුද්ධතාව එලෙස දිගට පැවැත්තුවා. (මතු සම්බන්ධයි)