Main Logo

Thursday 16 March 2023

බටහිර සමත්කම්

 බටහිර සමත්කම්

 

ගෝඨාභය අසමත් වීමට හේතුව හරි හේතු හරි හොයන අය හරින් ප්‍රනාන්දු සනාථ කරන්න හදන අය ලෙසයි මට පේන්නෙ. හරින් ප්‍රනාන්දු තමයි සර් ෆේල් ව්‍යාපාරයේ ආරම්භකයා. ඔහු එය පටන් ගත්තෙ ගෝඨාභය ජනාධිපති වෙලා මාස තුන හතරකින්. රනිල් නොදැන හිටියා කියන්න බැහැ.  එය මිනිසුන් අතරට යවන්න ව්‍යාපාරයේ සිටි අය සමත් වුණා. කොවිඩ් වසංගතය මනාව කළමනාකරණය කරද්දිත් මිනිසුන් කතාව පිළිගත්තා.

 

මා නම් මොහොතකටවත් හිතන්නෙ නැහැ හරින් ප්‍රනාන්දු මේ ව්‍යාපාරයෙ නිර්මාතෘ කියල. ඔහුට තරම් ප්‍රතිභාවක් තියෙනව කියල මා හිතන්නෙ නැහැ. ඔහු පාස්කු ප්‍රහාරයත් කිසියම් ආකාරයකින් දැන සිටි පුද්ගලයෙක්. ඔහු එහි මහා මොළකරුත් නො වෙයි. එහෙත් මෛත්‍රිපාල සහ මහින්ද ඉවත් කිරීමේ අවශ්‍යතාව දින පනස් දෙකේ ආණ්ඩුව කාලයෙත් තිබුණ. දින පනස් දෙකේ ආණ්ඩුව විවිධ පුද්ගලික හේතු නිසා බිඳ දැමූ අයත් හිටියා. එහෙත් එය බිඳ දමනු ලැබුවේ මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීන් විසින්.

 

අර යටත්විජිතගෙ විශ්වාස භංගය සකස් කරන්න රනිල් මංගල සහ තවත් අය කටයුතු කරල තියෙනවා. මංගලට තුන් සරණයක් තිබුණෙ නැහැ. රනිල්ට කොහොමත් බටහිර සරණයි.  විශ්වාස භංගය සම්මත කර ගත්තේ හඬින්. කරු ජයසූරියට පුළුවන්කම තිබුණ මහා ඝෝෂාවක් මැද හඬින් තීරණය කරන්න. අතර විශ්වාස භංග යෝජනාව ඡන්දයට ගන්න විට ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරු රටෙත් නැහැ. මට සියලු විස්තර මතක නැහැ. එහෙත් දිනවලත් ප්‍රශ්නයක් වුණා බැසිල් මොකද කෙළේ කියන එක.

 

එදා පාර්ලිමේන්තුවෙ නටපු නෙයියාඩම දැකල තානාපතිවරු ප්‍රීති ඝෝෂා කළා. ඔවුන්ගේ සැලැස්ම සාර්ථක වුණා. මේ සමග ඇති ඡායාරුපය දවස්වල පාර්ලිමේන්තුවේ ගත්ත එකක් කියලයි කියන්නෙ. සියල්ල මැද ජාතිකවාදයට පුළුවන් වුණා ඊට අවුරුද්දකට පස්සෙ ගෝඨාභය ජනාධිපති කරන්න. බටහිරයන් හා ඉන්දියාව පසු බැස්සෙ නැහැ. සර් ෆේල්, පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු, රසායනික පොහොර තහනම ආදී ව්‍යාපර හරහා ජනමතයක් ඇති කළා ගෝඨාභයට විරුද්ධ . ගෝඨාභය අසමත් වුණා කිවුවෙ කොවිඩ් වසංගතය වෙන බොහෝ රටවලට වඩා හොඳින් කළමනාකරණය කෙරෙද්දි. ඉන්දියාවට හා බටහිර රටවලට වඩා හොඳින් ලංකාව කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා.

 

ඔය අතරෙ තමයි ජයසුන්දර ඩොලර් ටිකක් ඉතුරු කරගන්න අර රසායනික පොහොර ආනයනය නතර කෙළෙ. කාලෙ ඩොලර් ඉතුරු කරගන්න මෝටර් රථ ආනයනය නවත්තල තිබුණෙ. ඒක හොඳ වැඩක්. එහෙම නොකළ නම් අප තවත් අර්බුදයට යන්න තිබුණ. එවැනි යගපත් ක්‍රියා අතර අර පොහොර තහනමත් කෙරුණා. එයට විරුද්ධ විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. ජාතික මතවාදවලටත් විරුද්ධ . ජාතිකවාදීන් කිසි දිනෙක කියා නැහැ එක වර රසායනික පොහොර ආනයනය නතර කරන්න කියා. ගෝඨාභයවත් වෙනත් රාජපක්‍ෂ කෙනකුවත් කෙදිනකවත් ජාතිකවාදීන්ගෙන් කිසිවක් අහලත් නැහැ. හුදෙක් ඩොලර් ඉතුරු කරගන්න ජයසුන්දර කළ යෝජනාවක් ජාතිකවාදීන්ගෙ පිටින් යැවීමට විජාතිකයන් සමත් වුණා.

 

රසායනික පොහොර නැති වීම නිසා සාගතයක් ඇති වේවිය වගේ කතා ප්‍රචාරය කළා. අස්වැන්න අඩු වෙලා මහා වින්නැහියක් වේවි කියා මිනිසුන්ට ඒත්තු ගැන්නුව. ඊනියා කෘෂි විශේෂඥයන් රසායනික පොහොර වෙනුවෙන් කතා කළා. මෙරට මොන පීඨයේ රටට වැඩක් ඇති දෙයක් උගන්වන්නෙ? හැම පීඨයක උගන්වන්නෙ බටහිර දැනුම. බෞද්ධ දර්ශනය කියල  එකක් නැති විටත් අපි බටහිර ක්‍රමයට බෞද්ධ දර්ශනයක් උගන්වනවා.

 

ඔය මහා විද්‍යාඥයකු මට කියල දෙනවා විශ්වය පැතලි ගෝලාකාර කියල. මගේ විශ්වවේදය පිළිබඳ ආචාර්ය උපාධියට අවුරුදු පනස් දෙකක් වෙනවා. මට පේරාදෙණියෙ ගණිත අධ්‍යනංශයෙ පරිවාස සහකාර කථිකාචාර්ය ධුරය ලැබිල ඊයේට (මාර්තු 15) අවුරුදු පනස්පහක් වෙනවා. මට බව මතක් කරල දුන්නෙ මා සමග පරිවාස සහකාර කථිකාචාර්ය ධුරයක් ලැබූ මගේ මිත්‍රයා.  අර ඉලන්දාරි කියන්නෙ මං මැන්ටලයක් කියලා. ඒකයි මා අර ප්‍රශ්නය දන්න කෙනකුගෙන් අහන්නෙ. ඒත් මට මෙය පිළිතුරුවලට විවෘත කළොත් අහන්න වෙන්නෙ  කුණුහරුප. ඒත් ඒවයින්වත් ඔවුන්ට විශ්වීය මට්ටමකට තබා ජාතික මට්ටමකටවත් යන්න බැහැ.   

 

ඒක පැත්තකින් තියමු. අර සාගතය ඇති වුණෙ නැහැ. අපි හාල් මහා ප්‍රමාණයක් ආනයනය කෙළෙත් නැහැ. රසායනික පොහොර පාවිච්චි කරන කාලවලත් අපි ඊට වඩා හාල් ආනයනය කරල තියෙනවා. වුණත් ජයසුන්දරගෙ යෝජනාව හියේ ජාතිකවාදීන්ගෙ පිටින්. වැරදි කාරයා වුණෙ  ගෝඨාභය. සිංහලයන් කල්පනා නොකරන තාක් බටහිරයන් හා ඉන්දියාව එහි වාසිය ලබා ගන්නවා. අර මැණිකෙ ගීතයෙන් ඉන්දියාව අප රැවැට්ටුවා. දැන් ඇමරිකානුන් ඔස්කා හරහා ඉන්දියාව රවටනවා. අපි හිතන්නෙ නැහැ. මෙටාවට (මුහුණු පොතට) පාර්ලිමේන්තුවට ඊනියා විද්වත් සාකච්ඡාවලට සවන් දුන්න අපේ ශාස්ත්‍රීය දැනුම ගැන අවබෝධයක් ලබන්න පුළුවන්.

 

"ලංකාවේ සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ගැන කියවන දෙමළ මුස්ලිම් ඇතුළු  සිංහල බෞද්ධ විරෝධීන්ට බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී රටවල සුවසේ නින්ද යන්නේ කාගේ පිහිටෙන් ?"  මේකෙන් කියන්නෙ මොකක් කියන එක නොතේරෙන පඬි නැට්ටන් මෙටාවෙ ඕන තරම් ඉන්නවා.

 

අවුරුදු හැත්තෑවක පමණ ණයට කෑම, ආනයන අපනයන කරුවන්ගෙ හොර ගණුදෙනු, ඊනියා වෘත්තීයකයන්ගෙ බදු පැහැර හැරීම් සහ  ටෙන්ඩර් පටිපාටි ඇමතිකරණයට භාජනය වීම් ආදිය නිසාත් පසුපස ඇති මධ්‍යම පාංතික ආකල්ප නිසාත් අප මේ තත්වයට පත් වෙලා තියෙනවා. සැම එකක් ගෝඨාභය හොරා කැවා එහෙම නැත්නම් පොදුවේ රාජපක්‍ෂලා හොරා කැව කියන කතාවට ලඝු කරන්න අර පරයන් සමත් වුණා. ගෝඨාභය අසමත් නැහැ. පරයන් ඔහු ඉවත් කළා. දේශීය පරගලයන් අලින්නෙ අපේ වැඩ කියනවා. ඒත් ඔවුන්ට රනිල් පන්නන්න බැහැ. කුමක් වුවත් ටෙන්ඩර ගැන කියැවෙන බැසිල් හා මහින්ද පුතුන් තවමත් දේශපාලනයේ ඉන්නවා. මේ රට පුදුම රටක්. බදු ගෙවන්න සල්ලි නැහැ කියල වරජනය කරලා අර නැති සල්ලිවලින් ට්‍රිප් යනවා.