Main Logo

Friday, 24 March 2023

වැල් පාලමේ ගීතය: එක හෙළකින් තව හෙළකට - දෑස පියන් බිම නොබලන්

 

වැල් පාලමේ ගීතය: එක හෙළකින් තව හෙළකට - දෑස පියන් බිම නොබලන්

 

ඊයේ මා සඳහන් කළා අපි එකවර අශ්වයන් දෙදෙනකුගේ පිටේ ගියා කියල.  ධනවාදය හරි නව ලිබරල්වාදය හරි එක අශ්වයෙක්. අනෙක් අශ්වයා සමාජවාදය. සමාජවාදය කිවුවට ඊනියා සමාජවාදී අදහස්. මේ එක අශ්වයෙක්වත් අපේ නො වෙයි. ජාමූල කියන්නෙ ධනවාදය අශ්වයා පිටේ පමණක් යන්න කියා. මට තේරෙන විධියට රනිල්ටත් ඕන කරන්නෙ ඇමරිකාවෙ තියෙනව වගේ ධනවාදයක් ඇති කරන්න. ඒත් සඳහා අපට ධනවතුන් නැහැ.

 

රනිල් කියනව අපි වැල් පාලමේ සාර්ථක යනව කියල. ඒක  නම් ඇත්ත. එක ප්‍රශ්නය වැල් පාලමේ අනෙක් පැත්තෙ තියෙන්නෙ ඉතා ගැඹුරු හෙ හෙළක් වීම. අර හුණුවටයෙ කතාවෙ කියනවා වගේ හෙළ  ගැඹුරුයි පුත නොබලන් -හෙල වෙන කොට වැල් පාලම- දෑස පියන් බිම නොබලන් - අපට පුතේ මගක් නැතේ - ජාමුල මිස තව හෙළකට - ජමූල උඹේ මූණ බලයි - එක හෙළකින් තව හෙළක දි - එක හෙළකින් තව හෙළකට - දෑස පියන් බිම නොබලන්. 

 

ජමුලට අපි දහසය වතාවක් ගිහින් කරගෙන තියෙන්නෙ එක හෙළකින් තව හෙළකට යෑම පමණයි. මේ ගමන යන හෙළ  වඩා භයානක හෙළක්. ජාමුලට ඕන පූර්ණ ධනවාදය ඇති කරන්න. රනිල් කියන්නෙත් රජයක් තියෙන්නෙ ව්‍යාපාර පවත්ව ගෙන යන්න නො වෙයි කියල. අද ලෝකයෙ ජීවත් වෙන්න හොඳ රට හැටියට බටහිරයන් සලකන්නෙ පින්ලන්තය. ඒක පින් බිමක් කියල කියනව නො වෙයි. අර කුමාරි සොයිසා ජයවර්ධනල එහෙ හිටිය විතරක් නොවෙයි කාලෝ ෆොන්සෙකටත් ඉන්න තැනක් හදල දුන්න. කාලෝට ජෙප්පන්ගෙන් මරණ තර්ජන ඇති කාලෙ විජය කුමාරතුංග බෑණ මැරුවට පස්සෙ.

 

කොහොම වෙතත් රටේ රජය මැදිහත් වෙලා යම් යම් සුබසාධන කටයුතු කරනවා. නෝර්වෙ ස්වීඩන් වගේ රටවලත් එහෙමයි. එංගලන්තෙත් යම් සුබ සාධන තියෙනවා. ජාමුල අපට කියන්නෙ අපේ සුබසාධන වැඩ නවත්තන්න කියල. රාජ්‍ය වියදම් කපා හරින්න කියලා. අපි තවම දන්නෙ නැහැ මොන මොන සුබසාධන කටයුතු නැති වෙන්නෙ කියල. වුණත් අපි දැනටමත් දන්නවා ටෙලිකොම් සහ තවත් ආයතනවල රජයේ කොටස් විකුණනවා කියලා.

 

ජාමූල ණය දෙන්නෙ කාට   මොකට කියන එක  යුක්‍රේනයට ණය දීමෙන් පෙන්නුම් කරනවා. ජාමුල කියන්නෙ දන් දෙන ආයතනයක්වත් සිරිසඟබෝ හරි වෙස්සන්තර හරි වගේ රජ කෙනකුවත් නො වෙයි. ඔවුන් ණය දෙන්නෙ අප වෙනුවෙන් නොවෙයි, ඔවුන් වෙනුවෙන්. ඔවුන්ගෙ භාණ්ඩ විකුණ ගන්න . අප තව තවත් ණය වෙවී ඔවුන්ගෙ භාණ්ඩ මිල දී ගන්න. ජාමුල  අපෙන් ඉල්ලනවා ආනයන අපනයන බාධා ඉවත් කරන්න කියල.

 

ආනයන බාධා තමයි එතෑනදි ප්‍රධාන වෙන්නෙ. අපට ඔවුන්ගෙ නිෂ්පාදන භාණ්ඩ ආනයනය සීමා කරන්න බැහැ කියලයි ඔවුන් කියන්නෙ. අර දීපු හරි දෙන්න බලාපොරොත්තු වෙන හරි ණයෙන් අපි ඔවුන්ගෙ භණ්ඩ මිල දී ගන්න ඕන. එතකොට අර ණය ආපහු ඔවුන්ගෙ රටවලට යනවා. අපි තව තවත් ණය වෙලා කනවා. අපේ ණය  දැන් ඩොලර් බිලියන පනස්හයේ ඉඳන් බිලියන පනස්නවයට වැඩි වෙලා. කවුද කවද ණය ගෙවන්නෙ. එක හෙළකින් තව හෙළකට - දෑස පියන් බිම නො බලන්.

 

මේ ආනයනවලට අප ඉංගිරිසින්ගෙ කාලෙ ඉඳල පුරුදු වෙලා. එය වැඩි වුණෙ ජේ ආර් ඊනියා විවෘත ආර්ථිකය ඇති කරාට පස්සෙ. 1978න් පස්සෙ අපේ නිෂ්පාදනවලට මොකද වුණෙ. අපට හිටියා ඉතා ඉහළ ගණයේ බුද්ධිමතෙක් ලලිත් ඇතුළත්මුදලි කියල. අපේ රටේ බුද්ධිමතකු වෙන්න එක්කො ලිබරල් මතධාරියකු වෙන්න ඕන එහෙම නැත්නම් මොකක් හරි මාක්ස්වාදී මතයක් දරන්න ඕන. දෙකෙන් එකක්වත් නැත්නම් මිථ්‍යා මතධාරියෙක් පිස්සෙක් වෙන්න පුළුවන්.

 

ඇතුළත්මුදලි වඩා පිටත්මුදලි. එතුමා දවස්වල කිවුව දෙයක් තමයි  භාණ්ඩයක් ඇතුළෙ නිෂ්පාදනය  කරන්න යන වියදමට වඩ අඩු වියදමකින් පිටින් ගේන්න පුළුවන් නම් පිටින් ගේන්න කියලා. ඉතින් අපි එහෙම කළා. ඔක්ස්ෆඩ් බුද්ධිමතකු නොවැ. විවෘත ආර්ථිකයෙන් පස්සෙ රට විවෘත වුණා පිටරට භාණ්ඩවලට. අපි තව තවත් ණයට කැවා. අපි පුරුදු වෙලා තියෙන්නෙ ණයට කන්න. ණය ගෙවන්න කාටවත් වුවමනාවක් නැහැ වගේ. මහා බැංකුවත් සුවාදින කර ගත්ත තවත් ණයට කන්න පුළුවන්.

 

අපට පුළුවන් ආණ්ඩුව ආනයන කරන්න ඉඩ දෙන භාණ්ඩ වර්ජනය කරන්න. අපට පුළුවන් හැකිතාක් පිටරට භාණ්ඩ මිල දී නොගෙන ඉන්න. බැහැ. අපට රට බල්ල වටිනවා අපේ බල්ලට වඩා. අපේ බල්ලට අපි වල් බල්ල ෂිප් කියල ගහල පන්නනවා. මා දන්නවා පඬි නැට්ටන් දැන් අහනව මා ඉන්නෙ කොහෙද කියල