දෙවියන් වහන්සේ හා මනස
දැනුම සංස්කරණය කිරීම ගැන අද ඊනියා දාර්ශනිකයන් ද එකඟ වන බව පෙනේ.
ඔවුන් එයටත් එහා ගොස් දැනුම සංස්කෘතියට පංචෙන්ද්‍රියට හා මනසට සාපේක්‍ෂ යැයි ද
කියන්නේ එහි එතරම් වැදගත් දෙයක් නැත යන්න ද එකතු කරමිනි. දර්ශන අධ්‍යන අංශ ප්‍රධානීන්ට
එහි එතරම් දෙයක් නැති වුවත් ඉන් කියැවෙන්නේ කුමක් ද යන්න ඔවුන් ඉගෙන ගත් දර්ශනයට
අනුව කිව හැකි දැයි අප දන්නේ නැහැ. මොනවා වුණත් ඔවුන් බටහිර දාර්ශනිකයන්. බටහිර
දර්ශනය හා අපේ දැක්ම කියන්නේත් එකක් නොව දෙකක්.
දැන් දැනුම සංස්කෘතියට සාපේක්‍ෂව සංස්කරණය වේ නම් පැහැදිලිව ම ඉන්
කියැවෙන්නේ එක් එක් සංස්කෘතියේ සංස්කරණය කෙරෙන දැනුම් එකිනෙකින් වෙනස් බවයි. එසේ
නම් බටහිර සංස්කරණය වී ඇති දැනුම මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ සංස්කරණය කෙරෙන
දැනුමට වඩා වෙනස් වෙයි. ඊනියා දාර්ශනිකයන් ඒ බව පිළිගන්නේ නම් අපට ඒ ගැන සතුටු
වන්න පුළුවන්. එසේ නම් ඊළඟ පියවර මොකක් ද කියන එකත් දාර්ශනිකයන්ට විතරක් නොවෙයි
අනෙකුත් විද්වතුන්ටත් පැහැදිලි වෙන්න ඕන.
ඒ ඒ සංස්කෘතීන්වල දැනුම සංස්කරණය වන්නේ ඒ සංස්කෘතීන්වලට ගැලපෙන
අන්දමටයි. අපේ ඉතිහාසය ගැන ඔවුන් කියන්නේ ඔවුන්ගේ සංස්කෘතියට සාපේක්‍ෂවයි. කැවුමක
රස කේක්වල රසෙන් කියන්න බැහැ. අප කියන්න උත්සාහ කරන එක කරුණක් එයයි. මුළු ලෝකයේ ම
ඉතිහාසය බටහිර යුරෝපයේ ඉතිහාස ආකෘතියෙන් කියන්න බැහැ. සිංහල ජාතිය ආරම්භ වීම බටහිර
යුරෝපයේ ජාතිය ඇතිවීම සමගවත් සිංහල බෞද්ධ රාජ්‍යය ඇති වීම බටහිර යුරෝපයේ රාජ්‍ය
ඇති වීම සමගවත් සංසන්දනය කරන්න බැහැ. අපට රාජ්‍යය ඇති වීම ගැන ප්‍රවාද නැතිවා
නොවෙයි. ඒ සංස්කරණය කෙරී ඇත්තේ අග්ගඤ්ඤ සූත්‍රය මත පදනම් වෙමින් මිස බයිබලය මත
පදනම් වී නො වෙයි. පස්ස පැත්ත හෝදන අයගේ හා පස්ස පැත්ත පිහදාන අයගේ පස්ස පැති අතර
වෙනසක් ඇත් ද නැත් ද කියා දැන ගැනීම ඊනියා බටහිර දාර්ශනිකයන්ට ම බාර කරනවා.
අපේ දැනුම පදනම් වන්නේ චක්‍රීය චින්තනයක. චක්‍රීය චින්තනයක මනස මනසට
සාපේක්‍ෂ කියලා කියන්න පුළුවන්. මනස මනසේ ම සංස්කරණයක් වන්නේ කෙසේ ද කියන එක 2002 තරම් ඈත කාලයක මා පැහැදිලි කර දීලා ඇති. මට
මතක හැටියට කොළඹ විශ්වවිද්‍යාලයට (ලංකා විශ්වවිද්‍යාලයට) හැට පිරුණු දවස්වල මා
කොළඹින් අස් කිරීමෙන් පසු ජී එල් ද උපකුලපති පදවියෙන් ඉවත් වීමෙන් පසු පළමු වරට
කොළඹට පැමිණ කරන ලද දේශනයකත් මා මේ කාරණය කිව්වා. එය භෞතික විද්‍යා අධ්‍යන අංශයේ
මෙහෙයවීමෙන් කරන ලද්දක්. එයට දාර්ශනිකයන් සහභාගි වුණා ද කියලා මා දන්නේ නැහැ.
මට කියන්න ඕන මනස මනසේ ම සංස්කරණයක් කියා අපට කියන්න පුළුවන් වුණත්
බටහිරයන්ට එවැනි ප්‍රකාශ කරන්න බැහැ. එය ඔවුන්ගේ චින්තනයට විරුද්ධයි. ඔවුන්ගේ
චින්තනය රේඛීයයි. අපේ චින්තනය, එනම් සිංහල බෞද්ධ චින්තනය චක්‍රීයයි.
අප පටිච්ච සමුප්පදායෙහි ඉගෙන ගන්නවා විඤ්ඤාණ පච්චයා නාම රූපං, නාම රූප පච්චයා විඤ්ඤාණං කියා. මෙය දිය
සුළියකටත් උපමා කෙරෙනවා. පටිච්ච සමුප්පාදය මුළුමනින් ම චක්‍රීයයි. එය කොටස්
වශයෙනුත් චක්‍රීය බව මේ උදාහරණයෙන් පේනවා. කවුරුන් හරි කියනවා නම් දෙවියන් වහන්සේ
දෙවියන් වහන්සේගේ නිර්මාණයක් කියලා එය බටහිර රේඛීය චින්තනයට විරුද්ධයි. බටහිර
චින්තනයේ දෙවියන් වහන්සේ මවනු ලැබිය යුත්තේ සුපිරි දෙවියන් වහන්සේ කෙනකු විසින් මිස දෙවියන් වහන්සේ විසින් ම නො වෙයි.
බටහිර ගණිතය ටිකක්වත් හදාරන්නෙ නැතුව බටහිර දාර්ශනිකයකු වන්න බැහැ.
බටහිර රේඛීය චින්තනය බටහිර ගණිතයේ හොඳින් ම තියෙනවා. බටහිර ජ්‍යාමිතියේ, ග්‍රීකයන් නිර්මාණය කළ ස්වසිද්ධි මත පදනම් වූ
ක්‍රමයේ, නිර්වචන (අර්ථ දැක්වීම්) ස්වසිද්ධි,
අනුමාන නීති, ඇරිස්ටෝටලීය න්‍යාය, නිගමන
(අපෝහන) තියෙනවා. ගණිත සංකල්ප (භූතාර්ථ) වෙනත් මූලික සංකල්පවලින් අර්ථදැක්වෙනවා.
එහෙත් මූලික ම සංකල්ප අර්ථ දැක්වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් බටහිර (ග්‍රීක
යුක්ලීඩිය) ජ්‍යාමිතියෙහි ලක්‍ෂ්‍යය යන්න අර්ථ දැක්වෙන්න් නැහැ. ලක්‍ෂ්‍යය අරථ
දැක්විය යුත්තේ එයට වඩා මූලික සංකල්පයකින්. එවැනි මූලික සංකල්පයක් නැහැ. එවිට
රේඛීය චින්තනයෙහි එතනින් එහාට යන්න බැහැ. බටහිර ගණිතඥයන් ඇතැම් කරුණුවලින් බටහිර
දාර්ශනිකයන්ට (බටහිර බොහෝ දාර්ශනිකයන් ගණිතඥයන් භෞතික විද්‍යාඥයන් වීම වෙනත්
කරුණක්. ලංකාවේ නම් දාර්ශනිකයන් වන්නේ බටහිර වෛද්‍යවරුන්) වඩා අවංකයි. ඔවුන්ගේත්
හොර මැර තියෙනවා. ඒ ඔවුන්ගේ න්‍යායෙන් ලැබෙන හොරකම්, එනම් න්‍යායේ සීමාකම් නිසා ලැබෙන හොරකම්.
එහෙත් බටහිර ගණිතඥයන් කියන්න යන්නේ නැහැ ලක්‍ෂ්‍යය ලක්‍ෂ්‍යයෙන්
අර්ථදක්වන්න පුළුවන් කියා. ඒ නිසා ඔවුන් කියනවා ලක්‍ෂ්‍යය අර්ථ නොදක්වන ලද
සංකල්පයක් කියා. බටහිර සෑම දැනුමක් ම පටන් ගන්නේ එලෙස අර්ථ නොදක්වන ලද
සංකල්පවලින්. ඒ රේඛීය චින්තනයයි. එහෙත් බටහිර ඇතැම් දාර්ශනිකයන් රේඛීය චින්තනයට චක්‍රීය චින්තනය පොඩ්ඩක් ගාව
ගන්නවා තම චින්තනයට විරුද්ධ ව. අපට මනස මනසේ ම සංස්කරණයක් බව කියන්න කාගේවත්
හොරකම් අවශ්‍ය නැහැ.
බටහිර දැනුම එලෙස අර්ථ නොදක්වන ලද සංකල්පවලින් ඇරඹෙන්නෙ ඔවුන් ග්‍රීකයන්
හා දෙවියන් වහන්සේ (යුදෙව්) මත පදනම් වන නිසා. දෙවියන් වහන්සේ යනු අර්ථ නොදක්වන ලද
සංකල්පයක්. එය අමූර්ත නැත්නම් වියුක්ත සංකල්පයක්. අද්වෛත බ්‍රහ්මන් ඒ තරමට ම
වියුක්ත නැහැ. එමෙන් ම එහි චක්‍රීය බවකුත් තියෙනවා. පසු දවසක බ්‍රහ්මන් ගැන කතා
කරමු.