Main Logo

Tuesday 5 November 2019

සුමන්තිරන්ලා සජිත්ට සහාය දෙන්නේ ඇයි

       සිංහල ලිත් ඉලක්කම් 


සුමන්තිරන්ලා සජිත්ට සහාය දෙන්නේ ඇයි?

මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල. දෙමළත් රාජ්‍ය භාෂාවක්. ඉංගිරිසිය තමයි ඊනියා සම්බන්ධීකරණ භාෂාව. ඒ මොනවා ව්‍යවස්ථාවේ සඳහන් වුනත් නීති කෙටුම්පත් කරන්නේ ඉංගිිරිසියෙන්. ඉහළ උසාවිවල වැඩ කරන්නේ ඉංගිරිසියෙන්. එ ජා පක්‍ෂයේ භාෂාව ඉංගිරිසි. ඒ කියන්නේ සාමාන්‍ය මන්ත්‍රීවරුන් ඉංගිරිසියෙන් කතා කරන එකවත් හිතන එකවත් නො වෙයි. රනිල් හා අනෙක් නායකයන් හිතන්නෙ ඉංගිරිසියෙන් වැඩ කරන්නෙ ඉංගිරිසියෙන්. 


ඒ නිසා සජිත්ගෙ ජනාධිපතිවරණ ප්‍රකාශය කියවන්න ඕනෙ සිංහලෙන් නො වෙයි, ඉංගිරිසියෙන්. එහි මෙහෙම තියෙනවා.

Maximum devolution of power within an undivided and indivisible Sri Lanka will be implemented.

There will be a second chamber, the Senate consisting of representatives of the Provincial Councils to ensure power sharing at the centre and to ensure that the Centre and the provinces are able to exercise their respective powers on the basis of their competencies.

The provinces will have the necessary powers to muster required finances and exercise their devolved powers.

In regard to the units of devolution we will make power sharing more meaningful and cost efficient by making necessary arrangements as may be agreed upon. 

ඉතා පැහැදිලිව මෙහී ඒකීය රාජ්‍යයක් යන්න ගෑවිලාවත් නැත. ඇත්තේ නොබෙදුණු බෙදිය නොහැකි යන වචනයි. මේ එක්සත් රාජ්‍යයක් කියන කතාව මිස වෙනත් එකක් නො වෙයි. උපරිම බලය බෙදීමක් ගැන කතා කරන්නේ එවැනි රාජ්‍යයක ය. මේ එක්සත් යන්නෙහි තේරුම රාජ්‍ය කිහිපයක් එක්සත් වීම මිස අනෙකක් නො වෙයි. එක්සත් රාජ්‍ය (ඇමරිකාව) එක්සත් රාජධානිය (බිරිතානිය) ඒකීය රාජ්‍ය නොව එක්සත් රාජ්‍ය වෙයි. ඒ ඇමරිකාවේ නම් රාජ්‍ය කිහිපයක් එක් වී සැදුණු රාජ්‍යයකි. බිරිතානියේ නම් එංගලන්තය, ස්කොට්ලන්තය වේල්සය එක් වී සෑදුණු රාජ්‍යයකි. 

එක්සත් ජාතික පක්‍ෂයේ නම ද ජාතීන් කිහිපයක් එක්සත් වී සෑදුණු පක්‍ෂයක් යන්න මත රඳා පවතියි. මෙරට ජාතීන් කිහිපයක් නැත. ඇත්තේ එක් ජාතියක් පමණකි. ඒ සිංහල ජාතියයි. දෙමළ යනු ජනවර්ගයක්වත් නොවෙයි. මුස්ලිම් යනු ආගමික මතයක් දරණ පිරිසකි. එක්සත් ජාතික පක්‍ෂයේ නම ම වැරදි ය. එහි ප්‍රතිපත්ති සකස් වන්නේ මේ වැරදි සංකල්පවල පිහිටා ය. ඔවුන් සූදානම් වන්නේ රාජ්‍ය කිහිපයක් (කොහේ තියෙන රාජ්‍ය ද?) එකතු කර ඊනියා නොබෙදිය හැකි රාජ්‍යයක් හදන්නට ය. එය කිසිසේත් ම ඒකීය රාජ්‍යයක් නො වෙයි. 

සජිත් කතා කරන්නේ රනිල්ගේ කටින් ය. මේ ප්‍රතිපත්ති රනිල් සුමන්තිරන් ජයම්පති කල්ලියේ ප්‍රතිපත්ති වෙයි. බලය බෙදා හදා ගැනීමක් ගැන කතාවක් මෙහි වෙයි. ඒ බලය විමධ්‍යගත කිරීමටත් එහා ගිය එකකි. බලය බෙදා හදා ගන්නේ සමාන රාජ්‍ය ය. සජිත්ට හා එ ජා පක්‍ෂයට තමන් කියන්නේ කුමක් ද යන්න ගැන වැටහීමක් ඇත. ඔවුන් කතා කරන්නේ සමාන රාජ්‍යවල එකතුවක් ගැන ය.

අලි මදිවාට හරක් කීවාක් මෙන් ඊනියා දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ද යෝජනා කෙරී ඇත. එය සෙනෙට් යනුවෙන් හැඳින්වෙයි. මේ දෙවැනි මන්ත්‍රී මණ්ඩලය සමන්විත වන්නේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙනි. දෙවැනි මන්ත්‍රී මණ්ඩලයට විශේෂ බලතල පැවරෙයි. පනත් පමා කිරීමට ඇතැම් විට ප්‍රතික්‍ෂෙප කිරීමට  එයට බලය වෙයි. 

කලකට පෙර මෙරට දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් තිබුණා. එය අහෝසි කෙරුණේ ඇයි ද කියාවත් එ ජා පක්‍ෂය තේරුම් ගෙන නැහැ. ඊනියා දෙවැනි මන්ත්‍රී මණ්ඩලයකින් කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ බලය අඩු කිරීමක්. පාර්ලිමේන්තුවට නීති පනවීමක්. ඒ මදිවාට දෙවැනි මන්ත්‍රී මණ්ඩලය පළාත් සභා මන්ත්‍රීන්ගෙන් සමන්විත වෙනවා. ඉන් සිදු වන්නේ පළාත් සභා මන්ත්‍රීන්ට තව තවත් බලය පැවරීමක්.

ඊනියා දෙවැනි මන්ත්‍රී මණ්ඩලය ඇති කිරීමට බලාපෙරොත්තු වන්නේ ම මධ්‍යයේ බලය බෙද හදා ගැනීමට. ඒ කියන්නේ පළාත් වශයෙන් බලය බෙදා හදා ගැනීමට (විමධ්‍යගත කිරීමටවත් නොව) අමතර ව ඊනියා මධ්‍යයකත් බලය බෙදා හදා ගැනීමට. 

සජිත් ජනාධිපති වීමට ඉල්ලන්නේ මේ පොරොන්දු ක්‍රියාත්මක කිරීමටයි. එවිට මෙරට ඇති වන්නේ ඕනෑම වෙලාවක වෙන් වීමට හැකි රාජ්‍ය කිහිපයක්. ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය සජිත්ට සහාය දෙන්නේ නිකම් නොවන බව පැහැදිලියි.