Main Logo

Saturday 28 January 2023

රනිල් මොනවද කරන්නෙ

 රනිල් මොනවද කරන්නෙ

 

බෞද්ධ විරෝධී තාර්කිකයන්ට ලිපිය මා ලිවුවේ ආරම්භයක් ගැන කතා කරන ඈරිස්ටෝටලීය රේඛීය ද්විකෝටික  න්‍යායේ බංකොළොත් බව කීමටත් ආරම්භයක් නැති චක්‍රීය චින්තනයක් මත පදනම් වූ චතුස්කෝටික න්‍යායේ වැදගත් බව කීමටත්.  එහෙත් ඇතැමුන් එය තේරුම් ගත් බවක් පේන්නෙ නැහැ. ආරම්භයක් ඇති රේඛීය චින්තනය අවසන් වශයෙන් පෙනී සිටින්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන්. සියල්ලෙහි ආරම්භයෙහි ඇත්තේ දෙවියන් වහන්සේ හරි බ්‍රහ්මන් හරි. දෙවියන් වහන්සේ මැවූ ලෝකයේ (විශ්වයේ) මැවූ ශක්තිය කිසිවකුටවත් වෙනස් කරන්න බැහැ කියන එකයි බටහිර භෞතික විද්‍යාවේ ඊනියා ශක්ති සංස්ථිති නියමයෙන් කියැවෙන්නේ.

 

බටහිර විද්‍යාව දෙවියන් වහන්සේ වචනයෙන් බැහැර කළත් එහි උත්සාහ කෙරෙන්නේ උන්වහන්සේ ඊනියා ලෝකය (විශ්වය) මවා ඇති ආකාරය තේරුම් ගැනීමට. එසේත් නැත්නම් සඳහා සංකල්ප ප්‍රවාද (කතන්දර) ගෙතීමට. බටහිර විශ්වවේදයට අනුව විශ්වයට ආරම්භයක් තියෙනවා. අද එයටත් එහා ගොස් වෙනත් විශ්වයක දුවක් ලෙස අපේ විශ්වය ඇති වූ බව කියන්න හදනවා. එහෙත් මාතෘ විශ්වයෙහි ආරම්භය කුමක් ? මෙහි කෙළවරක් තියෙනවා ?

 

මා බුද්ධාගම්කාරයෙක් නො වෙයි. මට ආගමක් නැහැ. මා සිංහල බෞද්ධයෙක්. මා බුදුදහමට එකඟ ජීවත් වෙනවා. කලකට ඉහත මා කැලණිය විශ්වවිද්‍යාලයේ වසන්ත කටුගම්පොළ සමග එක් වී අග්ගඤ්ඤ සූත්‍රයේ කියන පරිදි චක්‍රීය විශ්වයක් සඳහා ආකෘතියක් හැදුවා. එහෙත් තවමත් බටහිරයන් එය පිළිගන්නේ නැහැ. ගැන මා පුදුම වෙන්නේ නැහැ. බොහෝ කලකට පෙර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ෆ්‍රෙඩ් හොයිල් ශක්ති සංස්තිථිය වලංගු නොවන සතත අවස්ථා විශ්වය ( steady state universe) පිළිබඳ ආකෘතිය ගොඩ නැගුවා. බටහිර විශ්වවේදයේ එය පිළිගැණුනේ නැහැ.

 

සසරේ ආරම්භයක් ගැන අහන්නෙත් බටහිර හා භාරතීය ආකෘති අනුව. එහෙත් අප බෞද්ධයන් කියා කියා ගන්නවා. බෞද්ධයන් ආරම්භයක් ගැන අහන්නේ ඇයි. කොහොමටත් ඔය න්‍යාය තර්ක ආදී සියල්ල එක් එක් සංස්කෘතිවල සංස්කරණ (නිර්මාණ). ඇරිස්ටෝටල්ගේ න්‍යායෙහි ආරම්භක ස්වසිද්ධි විතරක් නො වෙයි තර්ක කිරීම සඳහා අනුමාන නීිතිත් (inference rules) තියෙනවා. ඒවත් හදපු ඒවා. අර A=B හා B=C නම් A =C යන්නත් හදපු එකක්. වියුක්ත (අමූර්ත) සංකේත මිසක් කෙහෙල් ගෙඩි පාට වගේ සංයුක්ත කතා නො වෙයි.

 

මා ගැන දිගින් දිගට කතා කරන්න යන්නේ නැහැ. ප්‍රතිචාරත් මෙතනින් නවත්තනවා. අර විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ කතාවත් අද ලියන්න බැහැ. අපට අද එයට වඩා වැදගත් ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා.

 

බටහිර - ඉන්දීය දේශපාලන තර්ජනය. රනිල් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරලා. ඔහු පෙබරවාරි අටවැනිදාට පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ කරන්නේ අලුත් වැඩකට. එය බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතාව උඩ සිදු වන්නක්. පෙබරවාරි නවවැනි දා මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමියන්ගෙ උත්පත්තියට වසර දෙසීයක් පිරෙනවා. රනිල් ඒක සමරන්න හදන්නෙ බටහිර ක්‍රිස්තියානින්ට හා ඉන්දීය හින්දුන්ට ඕන විධියට.

 

රනිල් සූදානම් වන්නේ දහතුන මුළුමනින් ක්‍රියත්මක කිරීමට. එය ඉන්දියාවේ හා බටහිර අවශ්‍යතාව උඩ සිදුවන්නක්. අවුරුදු හැත්තැවකට වැඩි කාලයක මධ්‍යම පාංතික ආකල්ප නිසා අප අද හිර වෙලා. අපි ණයට කෑවා. ණය ගෙවන විධියක් කල්පනා කෙළේ නැහැ. අදත් කල්පනා කරන්නේ නැහැ. මදිවට යහපාලන කාලෙ විශාල වශයෙන් ස්වෛරී බැඳුම්කර මගින් අධික පොළියකට විශාල ණය ප්‍රමාණයක් ගත්තා. එකල මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේත් ඕන කමට. අර්බුදයට හේතුව හොරකම් කිරීම ආදී කතා කියන්න පටන් ගත්තා.

 

දැන් ණය දීම සඳහා ජාමූලෙ කොන්දේසි දානවා. කොන්දේසි අතර ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් තියෙනවා. ඉන්දියාව දහතුන මුළුමනින් ක්‍රියත්මක කිරීම සඳහා බලකරනවා. බටහිරයන් එයට අනුග්‍රහ දක්වනවා. පරගලය සැලැස්මක් ඇතුව කෙරුණක්. මහා පොළොවේ හරි දෙරණේ හරි භූගෝලීය දේශපාලනයක් ඊනියා යථාර්ථයක් කියා  මා කියන්නේ නැහැ. ඔය සංකල්ප බටහිරයන් අප පාලනය කිරීමට තනා ගන්න දේ. කොහොම වුණත් දෙමළ ජාතිවාදී දේශපාලනය ක්‍රියාත්මක වුණෙ බටහිරයන්ගෙත් පසුව ඉන්දියාවෙත් ඕනකමට. බටහිරයන්ට අවශ්‍ය වුණෙ කුමාරස්වාමි පෙන්නම්බලම් පවුල මෙරට නායකත්වයට පත් කිරීමට. 1919න් පමණ පසුව සැලැස්ම බිඳ වැටුණා.  පොන්නම්බලම් අරුණාශලම් ගැන කළකිරිලා 1922 දි හින්දු මහා සභාව හැදුව. 

 

බටහිර - ඉන්දීය සැලැස්මෙ එක් අවස්ථාවක් තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුම හා දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය. දෙමළ කොටි ත්‍රස්තවාදයත් සිංහලයන්ට විරුද්ධ ක්‍රියාත්මක වුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තිබුණත් ත්‍රස්තවාදය වැළැක්වීමට ක්‍රියා කෙළේ නැහැ. ඒකට නඩුවක් වැටුණෙ නැහැ. වෙනුවට ඊනියා සටන් විරාම රනිල්  ප්‍රභාකරන් සමග සම්මුති ගැසීමට කිලිනොච්චි යැම ආදිය සිදු වුණා. එහෙත් සියල්ල නන්දිකඩාල් ජයග්‍රහණය සමග කෙළවර වුණා. බටහිරයන් හා ඉන්දියාව තම අරමුණ අත් හැරියෙ නැහැ. යහපාලනය ගෙනාවා. ඒත් සැලැස්ම ඉටු කර ගන්න බැරි වුණා. ඔවුන් දින පනස්දෙකේ ආණ්ඩුව වට්ටලා පාර්ලිමේන්තුවේ ප්‍රීීතිඝෝෂා පැවැත්තුවා. වෙන රටක නම් අදාළ තානාපතිවරුන් තම රටවලට ආපහු ඇරලා. රනිල් එහෙම කෙළෙ නැහැ.

 

පරගලයෙන් රනිල් පත් කර ගත්තෙ ආර්ථික අර්බුදයක් විසඳන්න නො වෙයි. අර්බුදය ඇපේට තියා අද දහතුන මුළුමනින් ක්‍රියත්මක කරන්න හදනවා. සඳහා රනිල්ට ජනවරමක් නැහැ. ගෙවිඳූ කුමාරතුංග බව ඊයේ පක්‍ෂ නායක රැස්වීමේ දි කිවුවා. ඒක ඇත්ත. අපි එය හෙට විස්තර කරමු. පෙබරවාරි අටවැනි දා රනිල් අමුතු දේ කරන්න සූදානම් වෙනවා. දහතුන සම්පූර්ණයෙන් ක්‍රියත්මක කිරීමට පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන්න ජා සූදානම් ? නැත්නම් මැතිවරණය කල් දැමීමට පාර්ලිමේන්තු නව සැසි වාරය යොදා ගෙන දහතුන මුළුමනින් ක්‍රියත්මක කරනවා ?