Main Logo

Tuesday 31 January 2023

ජේ ආර්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය

 ජේ ආර්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය

 

රනිල් වික්‍රමසිංහ මව් පාර්ශ්වයෙන් ජේ ආර්ගෙ බෑණ කෙනෙක් කියනව. රනිල් දහතුන මුළුමනින් ක්‍රියාත්මක කරන්න හදන විට නිතැතින් ජේ ආර් මතක් වෙනවා. වගේ ජනතා විමුක්ති පෙරමුණත් මතක් වෙනවා. එදා සිරිමා බණ්ඩාරනායක මැතිණියගෙ නායකත්වයෙන් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ උද්ඝෝෂණ පවත්වන විට වි පෙරමුණත් ඉදිරියෙන් සිටියා. ජේ ආර් යටතෙ හමුදාව නිකන් හිටියෙ නැහැ. එදා වෙඩි උණ්ඩ ලැබුණා. පිරිසක් මිය ගියා. අතර වි පෙ සහෝදරයන් සිටියා. වි පෙරමුණට අද ජාතික ජන බලවේගය නමින් හරි වෙන නමකින් හරි පෙනී සිටියත් සහෝදරවරුන් මතක් වෙන්න ඕන. අපි කැමතියි වි පෙ රනිල් දහතුන මුළුමනින් ක්‍රියාත්මක කිරීමට යෑම ගැන තම ස්ථාවරය පැහැදිලි කරනව නම්.

 

මා දන්නෙ නැහැ ජේ ආර් පැවත එන්නෙ තම්බි මුදියන්සෙගෙන් කියලා. ගුරු ගෙදර වගේ පිටුවක් කියවන විට පැහැදිලි වෙන කාරණය තමයි මෙරට පවුල් පරම්පරා රාශියක් කුරුණෑගල යුගයට පස්සෙ දකුණූ ඉන්දියාවෙන් පැමිණ විවිධ ක්‍රමවලින් සිංහල වූවන්ගෙන් පැවත එන බව. මෙය ඉතා වැදගත් කතාවක්. පැමිණි අය සිංහල වෙන්න එතරම් කාලයක් ගිහින් නැහැ. තම්බි මුදියන්සෙගෙ කතාව නම් පරණ එකක්. වැඩිහිටි අය ගැන දන්නවා. මෙරට දේශපාලනයෙ ප්‍රමුඛයන් බවට පත් වුණු බොහෝ අයගෙ කිල්ලෝටවල හුණු තියෙනවා.

 

අප ජීවත්වන කලාපයට ඉන්දියාව පුරාණයෙ ඉඳන් බලපාලා තියෙනවා. අග්නිදිග ආසියාවෙ ඇතැම් රටවල් මුස්ලිම් වෙන්න කලින් තිබුණෙ හින්දු බෞද්ධ ආභාසය. සමහර රටවල බෞද්ධ ආභාසය ඇැතිවෙල තියෙන්නෙ ලංකාවෙන්. උදාහරණයක් ලෙස කාම්බෝජය. එකොළොස්වැනි දොළොස්වැනි සියවස්වල. එරට ඊට පස්සෙ හදපු වැවුත් තියෙනවා. රටේ වර්මන්ලත් රජ කරල තියෙනවා. හින්දූ බලපෑම නිසා මිස මානවම්ම නිසා නම් නො වෙයි. මා පහුගිය දවස්වල කාම්බෝජ ඉතිහාසය ටිකක් කියෙවුවා. අපෙත් කබොජ කියල පිරිසක් ඉඳලා තියෙනවා.  අග්නිදිග ආසියාවෙ රටවල රාමායණය හරි ජනප්‍රියයි. ලංකාවට වඩා රටවල ජනප්‍රියයි. කාම්බෝජයෙ සමහරුනට අනුව මුළු මහත් දකුණු හා අග්නිදිග ආසියාව ජම්බුද්වීපය.

 

ඉන්දියාව අපට අදත් බලපෑම් කරනවා. අග්නිදිග ආසියාවෙ දැන් චීන බලපෑම් වැඩියි. දකුණු ආසියාවෙ ඉන්දීය බලපෑම් තියෙනවා. අපට මේ යෝදයන්ගෙන් නිදහස් වෙන්න බැරි ? මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නය ඉන්දු බටහිර දේශපාලනයෙ ප්‍රතිඵලයක්. අද වන විට දෙමළ ජනකොටස් තුනක් මෙරට ඉන්නවා. ජන කොටස්වලින් වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට. ඒත් ඊනියා දෙමළ ප්‍රශ්නය තියෙන්නෙ පළාත් දෙකේ කියනවා. මා නම් හිතන්නෙ නැගෙනහිර පළාතෙත් ඔය කියන ප්‍රශ්නයක් නැහැ. කරුණගෙන් හරි පිල්ලෙයාන්ගෙන් හරි අරුන් තම්බිමුත්තුගෙන් හරි අහන්න. ප්‍රශ්නයක් තියෙන්නෙ උතුරු පළාතෙ. වෙන මොන ප්‍රශ්නයක්වත් නොවෙයි. වෙල්ලාලයන්ට විශේෂයෙන් අර පොන්නම්බලම් කුමරස්වාමි පවුලට ඉංගිරිසින්ගෙ අනුග්‍රහයෙන් රටේ නායකයන් වීමට නො හැකි වීමේ ප්‍රශ්නය. ඉන්දියාව තමිල්නඩුව වෙනුවෙනුත් කලාපීය ආධිපත්‍යය වෙනුවෙනුත් ප්‍රශ්නයට මැදිහත් වෙනවා.

 

ඉන්දු ලංකා ගිවිසුම මේ ඉන්දීය දේශපාලනයේ අවශ්‍යතාව අනුව ඉටු වුණු එකක්. නන්දිකඩාල් කලපුවෙ දි වෙල්ලාලයන්ගෙන් ප්‍රභාකරන් බාරගත් කටයුත්ත ඉවර වුණා. ඒත් ඉන්දියාවෙ කටයුත්ත ඉවර නැහැ. ඉන්දු බටහිර දේශපාලනයෙ කටයුත්තත් ඉවර නැහැ.  ගේඨාභය හා මහින්ද දේශපාලනයෙන් ඉවත් කෙරුණෙ ඉන්දු බටහිර දේශපාලනයෙ අවශ්‍යතාවට ලංකා වසන්තයක් ඇති කරන්න. පරගලයෙ මුල් කාලෙ එංගලන්තෙ හිටිය පැතුම් කර්නර් අද කියනවා ඔවුන්ට අවශ්‍ය වුණෙ අරාබි වසන්තය මෙහෙ ක්‍රියාත්මක කරන්නලු. ඔවුන් කියන්නෙ මෙරට ඊනියා න්‍යායාචාර්යවරුන්ට නො වෙයි. කර්නර් පුරසාරමක් දොඩවන වෙන්න පුළුවන්. ඔහු මොනව කිවුවත් එදා ගෝඨාභය ඉන්න වෙලාවෙ පරගලයන් ජනාධිපති මන්දිරයට ඇතුල් වුණා නම් ඔහුට අයත් වන්නෙ ගඩාෆිට අත්වුණු ඉරණම.

 

ඉන්දු බටහිර දේශපාලනයෙන් පරගලය මෙහෙයවුණෙ පළාත් සභාත් සඳහා. රනිල් ඇවිල්ල ඉන්නෙ ආර්ථික අර්බුදය විසඳන්න නොවෙයි. ජේ ආර්ගෙ වැඩේ සම්පූර්ණ කරන්න. ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙනා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය  සම්මත කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරය මතක ? මන්ත්‍රීවරුන් හෝටලයක තබා ගෙන දාතම රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන හිරකාර මන්ත්‍රීවරුන් හෝටලයෙන් පාර්ලිමේන්තුවට බස් රියවලින් ඇදල සම්මත කර ගත්තෙ. ජේ ආර්ගෙ ප්‍රජාතන්තවාදයෙන් බිඳක්.

 

ඒකෙ තව පැත්තක් තියෙනවා. දහතුන ගැන ශ්‍රෙෂ්ඨාධිකරණය දෙකට බෙදුණා. අගවිනිසුරු සුප්පයියා ශර්වානන්ද සහ එච් ඩී තම්බයියා, පර්සි කොලින්-තෝම්, ඩී අතුකෝරාල විනිසුරුවන් කියා සිටියේ පනතින් රටේ ඒකීය භාවය අහෝසි නොවන බවයි. ආර් එස් වනසුන්දර, එස් එම් සෙනෙවිරත්න, එල් එච් අල්විස්, එච් ජී සිල්වා විනිසුරුවනට අනුව ඉන් ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන බවයි. එතකොට හතරයි හතරයි. නවවැනි විනිසුරු පාරින්ද රණසිංහ මහතා කියා සිටියේ  154 (2) () හා 154 (3) () වගන්ති මගින් (මේ වගන්ති ජේ ආර්ගෙ වැඩ ලිපියේ සඳහන් වෙනවා) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් එබැවින් එය ජනමත විචාරණයකටත් ලක් කළ යුතු බවත්. අනුව පනත ජනමත විචාරණයකට ලක් කළ යුතු බව විනිසුරුවන් පස් දෙනකුගේ මතය වුණා.

 

එහෙත් ජනමත විචාරණයක් පැවැත්වුණේ නැහැ. ඇතැමුන්ගෙ උපදෙස් අනුව පාරින්ද රණසිංහ විනිසුරුතුමන්ගේ තින්දුවත් ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන ගොඩට දාල. එතුමාගේ තීන්දුවෙන් එසේ නොකියද්දී. සඳහා කවුරු උපදෙස් දුන්නත් උපදෙස වැරදියි. අර හිරකාර මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් පනත සම්මත කෙරුණා. මෙරට නීිතිය අනුව පනතක් සම්මත වූවාට පසු එයට විරුද්ධ අධිකරණයට යන්න බැහැ. අනුව තමයි දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කාරක සභා අවස්ථාවේ එකතු කළ සංශෝධන සහිත සම්මත කර ගත්තෙ. මේ ප්‍රජාතන්ත්‍රවාදයට කියන්න නමක් යෝජනා කරන්න පඬි නැට්ටකුට කියමු.

 

රනිල් සම්පූර්ණයෙන් ක්‍රියත්මක කරන්න හදන්නෙ එහු පනතක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාව දෝලාවෙන්. ඒත් ගමන බඩ ගාගෙන. තව කොටසක් හෙට