Main Logo

Tuesday 3 January 2023

දිලිත් ජයවීර

 

දිලිත් ජයවීර

අද පළ වී ඇති දිලිත් මා හා කැමරන් ලිපියේ විශාල අඩුපාඩුවක් තියෙනවා. මා එය දුටුවේ දැනුයි. එහි මුල් ඡෙදය හැලී ගොස්. එය ද ලිපියට එකතු වෙන්න ඕන.

දිලිත් ජයවීර පසුගිය දා චරණ නාළිකාවේ වජිර ජයවර්ධනගේ කවි දහයට ගී දහයක් වැඩ සටහනට ඇවිත්. ඒ වැඩ තටහන නැරඹීමට මටත් අවස්ථාවක් ලැබුණා. ඔහු එහි දී මගේ නමත් සඳහන් කර තියෙනවා. මේ ලිපිය ලියන්නේ ඒ නිසා. ඔහුට අනුව මාත් රත්න ශ්‍රී විජයසිංහත් ඔහුගේ ජීවිතයට බලපා තියෙනවා. මට තරමක බයක් ඇති වුණා. මා ඔහු දිනෙන් දින දියුණු වේවා කියා පතනවා. ඒ වැඩියෙන් ම මා ගැන හිතලා. බැරි වෙලාවත් ඔහු අසමත් වුණොත් වරද පැටවෙන්නෙ මට. කෙසේ වෙතත් දිලිත් මා ගැන කී දේ සම්බන්ධයෙන් ඔහුට පින්!