Main Logo

Tuesday 17 January 2023

මගේ දේශපාලනය හා මෛත්‍රිපාල

 මගේ දේශපාලනය හා මෛත්‍රිපාල

 

අප හා ඉන්දියාව ගැන ලිපියේ ඉතිරි කොටස ලිවීමට පෙර නිිදහස් ජනතා පෙරමුණ ගැන කෙටියෙන් යමක් කියන්න ඕන. මා එයට සහාය දක්වන්නේ ඇයි කියා කියන්න ඕන. එහි ඉන්නේ මා කලින් වතාවක කීවාක් මෙන් ශ්‍රී නි ප්‍රධාන විවිධ ආණ්ඩුවලින් විවිධ කාලවල දී කැඩී ගිය පිරිස්. කැඩී යෑම් ගැන මගේ මනාපයක් නැහැ. අද ඇති ආණ්ඩුව ගැන කොහොමටවත් මනාපයක් නැහැ.

 

අද ඇති ආණ්ඩුව තව දුරටත් රනිල් පවත්වාගෙන යෑම ජාතිකත්වය අගය කරන්නකුට අනුමත කරන්න බැහැ. රනිල් ජනාධිපති වුණෙ පරගලයෙන්. පරගලය බටහිරයන් විසින් මෙහෙයවන ලද්දක්. එයට ඉන්දියාවෙත් සහාය ලැබුණා. මෙරට පඬි නැට්ටන් කෙළේ බටහිර සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය දීමක්වත් නො වෙයි. ඔවුන් බටහිරයන්ගේ වල්ගය වනා ආවැඩුවා පමණයි. පඬි නැට්ටා කියන වචනයේ තේරුම මා කලින් දවසකත් කියා ඇති. එහෙත් එය නැවතත් කියන්න ඕන.

 

පඬි නැට්ටන්ට කරන්න පුළුවන් එක කාර්යය බටහිර පඬියන්ගේ වලිගය නැට්ට වීම පමණයි. පඬි නැට්ටන් කරන්නේ බටහිර පඬියන්ට අවශ්‍ය ආකාරයට හෙලවෙන එක වැනෙන එක පමණයි. කවුරු හරි බටහිරයකු කියපු දෙයක් නැවත කීම හරි කීම අනුව මෙරට සමාජය දැකීම හරි හැර ඔවුන් කරන ඉටි ගෙඩියක් නැහැ. මේ දැනුම් අධිකාරියක්. බටහිර පඬියන් අපේ රටවල් ගැන නොයෙකුත් දේ කියනවා. ඔවුන් දකින ආකාරයට. පඬි නැට්ටන් දකින්න හදන්නේත් ආකාරයට.

 

මා නිව් සයන්ටිස්ට් සඟරාවේ හරි වෙනත් සඟරාවක හරි තියෙන ලිපියක් ඉදිරිපත කරන්නේ ඔවුන් හිතන හැටියට මා කටයුතු කරන බව කීමට නො වෙයි. පඬි නැට්ටන්ගේ ඇතැම් ස්වාමිවරුන් දකින ආකාරය කීමටයි. ඔවුන් අතර පඬි නැට්ටන් අගය කරන විශ්වවිද්‍යාලවල සේවය කරන ගණිතඥයන් විිද්‍යාඥයන් දාර්ශනිකයන් ඉන්නවා. මා දාර්ශනිකයකු තබා විද්‍යාඥයකුවත් ගණිතඥයකුවත් නො වෙයි. මා උගතකුවත් නො වෙයි.

 

මගේ දේශපාලනය මේ දැනුම් අධිකාරියට සංස්කෘතික අධිකාරියට දේශපාලන අධිකාරියට විරුද්ධවයි. මට දේශපාලන පක්‍ෂයක් හදා ගන්න බැහැ. හදා ගත්තත් ඡන්දය දෙන අය අල්පයි. 1994 දී මා අයත් පක්‍ෂයක් නොවූවත් පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කර මනාප පන්දාහක් පමණ ගත්තෙ. දිස්ත්‍රික්කයෙන් . මා කරන්නේ අර දේශපාලන අධිකාරිය බිඳීමට යම් තරමකින් හරි සහායක් දක්වන පක්‍ෂයකට ආධාර කිරීමයි.

 

කිසිම පක්‍ෂයක් දැනුම් අධිකාරියට විරුද්ධ කටයුතු නොකරන බව මා දන්නවා. මහින්ද රාජපක්‍ෂ පමණක් නොව වෙනත් නායකයන් කියා ඇත්තේ මා කියන දේ කරන්න බැරි බවයි. බොහෝ කලකට පෙර අර ආසනික් කතාවේ දී මහින්දලා හඩ්සන් සමරසිංහ යොදා ගනිමින් මට පහර ගැහුවා. බැසිල් කියා සිටියේ අප ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන සහල්වල ආසනික් ඇතැයි කියන බවයි. පසුගිය දා ගෝඨාභය රසායනික පොහොර තහනම් කෙළේ දේශීය දැනුම ගැන තිබූ විශ්වාසයකින් නො වෙයි. පී බී ජයසුන්දරගේ කීමට ඩොලර් ටිකක් ඉතුරු කර ගැනීමට පමණයි. මේ සියල්ල මා කලින් කියා තියෙනවා.

 

එහෙත් කිසිවක් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. රනිල් හරි චන්ද්‍රිකා හරි මහින්දට වඩා බටහිර දේශපාලන අධිකාරියට විරුද්ධ වන්නේ නැහැ. සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන සංකල්පය කිසිවකු ගණන් ගන්නේ නැහැ. අප සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවන්න කතා කරන්නේ නැහැ. අපට අවශ්‍ය සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවන්නයි. තමයි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවාදයට එරෙහිව නිදහස ලබා ගැනීම සඳහා කළ යුතු දේ. එහෙත් එයට පළමු විවිධ අධිකාරීන්ට එරෙහිව කටයුතු කරන්න ඕන. සියල්ල නිදහස ලබා ගැනීම සඳහා. පඬි නැට්ටන්ට නිදහසක් අවශ්‍ය නැහැ. ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ වලිග නැත්නම් නැටි.

 

අද වන විට පොහොට්ටුව සම්පූර්ණයෙන් පිරිහිලා. එහි මහින්දවත් ගෝඨාභයවත් නැහැ. පොහොට්ටුව සිංහල බෞද්ධ විරෝධී රනිල් බලයේ තබා ගෙන. අද දේශපාලන සංදර්භයෙහි රනිල් බැසිල් යුග්මයේ බලය බිඳින්න ඕන. ඔවුන් බටහිර දේශපාලන බලාධිකාරය පවත්වා ගෙන යනවා. නිදහස් ජනතා පෙරමුණ යම් පමණකට හරි එකී බලාධිකාරියට විරුද්ධයි. පඬි නැට්ටන් හා වමක් නැති වමාලා බටහිර දේශපාලන අධිකාරිය රකිනවා. ඔවුන් සංස්කෘතිය බලාපොරොත්තුවන්නේ ලන්ඩනයෙන්. ඔවුන්ගේ සංස්කෘතික ත්‍රිකෝණය ලන්ඩන් පැරිස් නිව්යෝක්.

 

මෛත්‍රිපාල යහපාලනයට ගිය අයෙක්. ඔහු එතැනට යැවුවේ බැසිල්. අද ඔහුට විරුද්ධ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කෙරෙනවා. මා පාස්කු නඩුවේ නඩු වාර්තාව කියෙවුවා. මට තේරෙන විධියට මෛත්‍රිපාල හා අනෙක් අය කර ඇත්තේ වැරදි විනිශ්චයක්. ඔවුන්ගේ නොසැලකිල්ලට හේතුව වැරදි විනිශ්චය. ඔවුන්ට ලැබුණු තොරතුරු ඔවුන් බරපතල ලෙස ගණන් අරන් නැහැ. වැරදි විනිශ්චය නිසා ජීවිත ගණනාවක් අහේසි වුණා. ගැන කණගාටු වෙන්න ඕන. තවත් අයට ශාරීරිකාබාධ ඇති වුණා. ඔවුන්ට සාධාරණයක් ඉටුවෙන්න ඕන.  එහෙත් බෝම්බ ගසා ඇත්තේ මෛත්‍රිපාල නො වෙයි. බෝම්බ ගැසීම සංවිධානය කර ඇත්තේත් ඔහු නො වෙයි. ඔහු කර ඇත්තේ වැරදි විනිශ්චයක්.

 

මේ නිලධාරීන් හරි දේශපාලනඥයන් හරි කළ ප්‍රථම වැරදි විනිශ්චය නො වෙයි. මා හිතන්නේ මේ නඩු තින්දුවත් සමග මින්පසු සියලු වැරදි විනිශ්චයන්ට විරුද්ධව කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙනවා. එහෙත් අවාසනාවකට කලින් කළ වැරදි විනිශ්චයන්ට එරෙහි කටයුතු කරන්න බැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කිරීමට තීරණය කිරීම වැරදි විනිශ්චයක්. වැරදි විනිශ්චය එක පැත්තකින් ඡන්දදායකයන්ගෙ. අනෙක් පැත්තෙන් ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරාගත් අයගෙ. තෝරාගත් අය කවුදැයි රනිල් හා චන්ද්‍රිකා අපට කියනවා ?

 

නිදහස් ජනතා පෙරමුණ ඔහු නායකයා ලෙස තෝරාගෙන නැහැ. එය නිවැරදි විනිශ්චයක් කියා මා හිතනවා. කෙසේ වෙතත් මෛත්‍රිපාල මහා මොළ කාරයා නම් නො වෙයි. එහෙත් අප අතීතයට ගියොත් ප්‍රශ්න රාශියක් අහන්න වෙනවා. කාදිනල්තුමා පදවියට පත්වීමට පෙර දෙමළ ත්‍රස්තවාදීන් මුණ ගැසනේන ගියා ? නිවැරදි විනිශ්චයකින් ගිය ගමනක් ? අවුරුදු තුනකින් නිම කළ හැකිව තිබූ (නිම කළ) දෙමළ ත්‍රස්තවාදය අවුරුදු තිහක් පමණ දිග්ගෑස්සුණේ කාගේ වැරදි විනිශ්ච නිසා ? එකල ඊනියා සාම සාකච්ඡා සටන් විරාම ආදියෙන් කොටි තව තවත් ශක්තිමක් නො කෙළේ ? කාලයේ වූ මහා බැංකු ඝාතනයට අරන්තලාවේ භික්‍ෂූන් වහන්සේ ඝාතනයට හා තවත් ඝාතනවලට වැරදි විනිශ්ච හේතු වුණා ? පිළිබඳ විනිශ්චයක් දෙන්නෙ කවුද? හතරවරම් දෙවියන් ?             

 

මගේ මිතුරකු කියා එවා තිබුණා අද හවස 6.03 සෙනසුරු සංක්‍රාන්තිය සිදු වන බව.