Main Logo

Sunday 29 January 2023

ජේ ආර්ගේ වැඩ

 

                                      ජේ ආර්ගේ වැඩ 

 

1987 පළාත් සභා පනත සම්බන්ධයෙන් විනිසුරු පාරින්ද රණසිංහ මහතාට හා තවත් විනිසුරු තුමන් සිවු දෙනකුට අනුව ජනමත විචාරණයකට ලක්කර තිබිය යුතු තිබූ එහෙත් එසේ ලක් නොකළ 154 2 () හා 3 () වගන්ති. 

154. (2) මේ පරිච්ඡේදයේ විධිවිධාන හෝ නවවන උපලේඛනය හෝ සංශෝධනය කිරීම සඳහා හෝ ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්, ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීමෙන් පසුව සහ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබීමට පෙර, පිළිබඳව, යොමු කිරීමෙහි නිශ්චය කොට දැක්වෙන කාල සීමාවක්

ඇතුළත, අදහස් ප්‍රකාශ කිරීම පිණිස, ජනාධිපතිවරයා විසින්, සෑම පළාත් සභාවක් වෙත යොමු කරනු ලැබ ඇත්නම් මිස, සහ

 

() සෑම සභාවක් එම සංශෝධනයට හෝ ඉවත් කිරීමට හෝ එකඟ වන්නා වූ අවස්ථාවක, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතරයක් විසින් සම්මත කරනු ලැබිණි නම්¦ හෝ

 

() සංශෝධනය හෝ ඉවත් කිරීම හෝ පිළිබඳව එක සභාවක් හෝ සභා වැඩි ගණනක් එකඟ නොවන්නා වු අවස්ථාවක, එම පනත් කෙටුම්පත 82 වැනි ව්‍යවස්ථාවේ නියම කර ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරනු ලැබිණි නම්, මිස පනත් කෙටුම්පත නීතියක් බවට පත් නොවන්නේ .

 

154උ.(3) පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති යම් කාරණයක් පිළිබඳව වන පනත් කෙටුම්පතක්, ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීමෙන් පසුව

සහ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබීමට පෙර, පිළිබඳව, යොමු කිරීමෙහි නිශ්චය කොට දැක්වෙන කාලසීමාවක් ඇතුළත, අදහස් ප්‍රකාශ කිරීම පිණිස, ජනාධිපතිවරයා විසින්, සෑම පළාත් සභාවක් වෙත යොමු කරනු ලැබ ඇත්නම් මිස, සහ () සෑම සභාවක් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට එකඟ වන්නා වු අවස්ථාවක, එම පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය දෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගේ බහුතරයක් විසින් සම්මත කරනු ලැබිණි නම් ¦ හෝ පළාත් සභා ප්‍රඥප්ති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 149 () පනත් කෙටුම්පත සම්මත කිරීමට, එක සභාවක් හෝ සභා වැඩි ගණනක් එකඟ නොවන්නා වු අවස්ථාවක, එම පනත් කෙටුම්පත 82 වැනි ව්‍යවස්ථාවේ නියම කර ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කරනු ලැබිණි නම්, මිස නීතියක් බවට පත් නොවන්නේ : එසේ වුව , එවැනි යොමු කිරීමක් කරන ලදුව සියලුම පළාත් සභා නොව, පළාත් සභා සමහරක් පමණක් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට එකඟ වූ අවස්ථාවක, පාර්ලිමේන්තුවට පැමිණ ඡන්දය දෙන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතර ඡන්දයෙන් එම පනත් කෙටුම්පත සම්මත කරනු ලැබූ විට, එම පනත් කෙටුම්පත, ඊට එකඟ වූ පළාත් සභා පිහිටුවනු ලැබ ඇත්තේ යම් පළාත් සඳහා , පළාත් සම්බන්ධයෙන් පමණක් අදාළ වන නීතියක් බවට පත් වන්නේ .