Main Logo

Monday 30 January 2023

තම්බි මුදියන්සේ

                          තම්බි මුදියන්සේ

 

තම්බි මුදියන්සේ ගැන මේ ලිපිය ගමක සිරිය වෙබ් අඩවියෙන්. මෙහි ඇති සමහර අර්ථකථන පිළදබඳ තව සිතා බලන්න ඕන. එහෙත් තම්බි මුදියන්සේ සිංහලේ පාවා දුන්නකු බවට නම් සැකයක් නැහැ. තම්බි මුදියන්සේ ජේ ආර්ගේ මී මුත්තකු බව කියැවෙනවා.

 

 

 

තම්බි මුදියන්සේ ගැන නැවත කියවීමට මේ කාලය යි.

 

* 'තම්බි' යන වචනය මරක්කල නැ➡️තහොත් මුස්ලිම් ජනයා හැඳින්වීම සඳහා සිංහලයන් අතීතයේ පටන් පාවිච්චි කළ වචනයක් වුවත්, තම්බි මුදියන්සේ යනු මුස්ලිම් ජාතිකයකු නොවේ.[1] ඔහු, තම්බි මුදලියර් නොහොත්...

දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන .

 

👋තම්බි මුදියන්සේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට ද්‍රවිඩ හෙට්ටියකුගේ පුතෙකි. එම පරපුරේ අයෙකු හංවැල්ලේ වෙල්ගම ගමේ ජයවර්ධන පෙළපත් නාමය ඇති කාන්තාවක් විවාහ කරගෙන මුල් නම වෙනස් කර බිරිඳගේ 'වාසගම' තමාගේ කරගත්තේ . තම්බි මුදියන්සේ ඉපදී ඇත්තේ හංවැල්ලේ වෙල්ගමදී .

👋දුප්පත්කම නිසා කොළඹට දොන් ඒඩ්‍රියන්ට, වයස 14-15 දී කොළඹ ලන්දේසි කොටුවේ අණදෙන නිලධාරීයා වන කර්නල් ඩ්‍රිබර්ග් හමුවිය. ඔහුගේ නිල නිවසේ සේවයට ගොස්, ඔහුගේ හා අනෙකුත් හමුදා නිලධාරීන්ගේ සිත දිනාගත්තේ . මේ ලපටි කොල්ලා එය කළේ කෙසේ යන්න අදටත් කිසිවකු දන්නේ නැත.

 

තම්බි මුදියන්සේට ලන්දේසි හමුදාවේ ඔත්තුකරුවකු ලෙස ආරච්චි තනතුරක් ලැබුණේ . ඔහු තමාගේ ලොක්කන් කෙරේ පෙන්වූ අසීමිත පක්ෂපාතී බව හේතුවෙන් රැකියාවේ ඉහළට ගියේ .

 

ඉංග්‍රීසින් ලංකාව ආක්‍රමණය කිරීමට සැරසෙන විට, ඉංග්‍රීසි හමුදාවේ ඔත්තු සෙවීම සඳහා ඊට රිංගාගත් තම්බි මුදියන්සේ සාර්ථකව කටයුතු කරන අතරේ, මහබෝල ගමේදී ඉංග්‍රීසීන්ට අසුවිය. ඉංග්‍රීසීන්ට පක්ෂපාති වීමට කැමති නොවූ නිසා හිස ගසා දැමීමට තීරණය කළ අවස්ථාවේ 'ඉංග්‍රීසින් ජයග්‍රහණය කරන්නේ නම් පක්ෂපාති වෙනවා' යැයි කියා හිස බේරා ගත්තේ .

 

ඉංග්‍රීසීන් ලන්දේසීන්ගෙන් කොළඹ කොටුව අල්ලාගැනීමෙන් පසුව, ඉංග්‍රීසීන් පන්නා දැමීමට මුහුදුබඩ පළාත්වල සිංහලයන් කළ කැරැල්ල ගැන නිවැරදි තොරතුරු ජනරාල් ස්ටුවර්ට්ට ලබාදී, තම්බි මුදියන්සේ ඉංග්‍රීසීන්ගේ හමුදාවේ චරපුරෂයකු විය. රයිගම්, හේවාගම් හා සල්පිටි කෝරළවල හටගත් කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මැඩපැවැත්වීමට උපකාර කළේ .

 

🤔🤔🤔රට අල්ලාගැනීම වෙනුවට රජු අල්ලාගැනීම සඳහා ජෝන් ඩොයිලි හැදූ සැලසුම් කිහිපයකි. ඉන්දියානු නායක්කර් පෙළපතේ කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් හා සිංහල ප්‍රභූන් අතර තිබූ අමනාපය තම වාසියට ගෙන වර්ගවාදය යොදා ගැනීම, දෙමළ රජුන් එලවා සිංහලයකු පත්කිරීමට උදව් දෙන බව පෙන්වා සිංහල රදළයින් හා රජු අමනාප කිරීම, රජු ළඟින් සිටි ප්‍රභූන් ඉත්තන් කර ගැනීම, රජු මත්පැනට හුරු කරවීම, රදළයින් හා වැසියන් අතරේ රජු දුෂ්ටයකු ලෙස හංවඩුගසා රජු තනිකිරීම ආදිය ඒවාට අයත් විය.

 

👺👺ඉංග්‍රීසීන් විසින් සිංහලේ රජු අල්ලා ගැනීමේ මෙම සැලැසුම්වල එක් ප්‍රධාන කොටසකි, ඔත්තු සේවය නැතහොත් චරපුරුෂ සේවය. මෙයට සම්බන්ධව සිටි සිංහලයන් අතරේ ප්‍රධානියා වූයේ තම්බි මුදියන්සේ .

 

😑😑ජෙනරාල් මැක්ඩෝවෙල්ගේ නායකත්වයෙන් භට පිරිසක් සමඟින් කන්ද උඩරටට ගිය ගමනේ මග පෙන්වන්නා වූයේ තම්බි මුදියන්සේ . ගමන සාර්ථක විය. දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධනට මුහම්දිරම් තනතුර ලැබිණ.

 

1802 දී ඉංග්‍රීසීන් කන්ද උඩරටට එරෙහිව යුධ ප්‍රකාශ කළේ . තම්බි මුදියන්සේ කියූ දේ නොඇසූ නිසා පරාජය හිමි විය. තම්බි මුහන්දිරන්ට නම් ජය හිමි විය. , මුදලි තනතුරකට උසස් කිරීමෙනි.

 

🤔🤔මහනුවර මහ අධිකාරම් පිළිමතලාවේ විසින් සාකච්ඡා සඳහා පැමිණෙන්න යැයි නොර්ත් ආණ්ඩුකාරයාට කළ ආරාධනය, ඔහු මැරීමට කළ උපායක් බව තම්බි මුදියන්සේ කියා සිටියේ . මෙය මුලින් ඉංග්‍රීසීන් විශ්වාස කළේ නැත. එම පහරදීම එසේ වූ නිසා ඔවුන් තම්බි මුදියන්සේව වඩ වඩාත් විශ්වාස කළේ . මුහන්දිරම් තනතුරට හිමි දීමනාවට වඩා වැඩි මුදලි දීමනාවක් ලබා දුන්නේ .

🎷🎷මහනුවර රජු 31,000 සේනාවක් සමඟ කොළඹ කොටුවට පහරදීමට එන බවට ඔත්තුව දුන්නේ තම්බි මුදියන්සේ .

 

📯📯සිංහලේ රජුගේ සේනාව කොළඹ දෙසට එන අතරේ, පහතරට ඇතිවූ කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මැඩ පැවැත්වූයේ තම්බි මුදියන්සේ . ඉංග්‍රීසි ප්‍රධාන සේනාව සමඟ රජුගේ සේනාව දෙසට ගිය ස්වදේශික භට පිරිසේ නායකයා වූයේ තම්බි මුදියන්සේ . මෙම භට පිරිස රජුගේ සේනාව පරාජයකොට කොටුව අල්ලා ගත්තේ .

 

😑👺ඉහත සටන්වලදී තම්බි මුදියන්සේ පෙන්නූ පක්ෂපාතීකමට නොර්ත් ආණ්ඩුකාරයා ඔහුට වාසල මුහන්දිරම් පදවිය මෙන් ඔත්තුකරුවන්ගේ මුදලි පදවිය යන දෙක එකවර ලබා දුන්නේ . පදක්කම් හා රන් දම්වැලක් ලබා දුන්නේ . '1803 දී හංවැල්ලේ හා රුවන්වැල්ලේ දී පෙන්වූ භක්තිය හා උනන්දුව වෙනුවෙන් වාසල මුහන්දිරම් විජයසිංහ ජයවර්ධනට මෙය නොර්ත් ආණ්ඩුකාරවරයා විසින් පිරිනැමිණි' යනුවෙන් එහි ලියා තිබුණි.

 

🤔🤔රටට ආදරය කළ සිංහලයන් රටේ නිදහස වෙනුවෙන් දියත් කළ ඌවේ හා මාතලේ මහා සටන් අමතක කර, 1948 දී ලංකාවට නිදහස ලැබුණේ ලේ බිඳක් හෝ සොලවන්නේ නැතිව යැයි සමහරු කියයි. කයිවාරුව කෙසේ වුවත්, ලේ බිඳක් හෝ සොලවන්නේ නැතිව, 1815 දී සිරිලක අල්ලා ගැනීමට නම් සුද්දාට හැකි වූයේ ගයිට්කම් කළ, සුද්දන් කියනා විදිහටම 'කිසිම යටත් විජිතයකින් සොයාගත නොහැකි විශ්වාසවන්ත ස්වදේශිකයෙක්' වන තම්බි මුදියන්සේ නිසාවෙන් බව නම් සත්‍යයකි.

 

💔සිංහලේ රජුන් තම අතින් අල්ලා ගෙන ගොස් ජෝන් ඩොයිලි නම් සුද්දාට භාරදී

සුද්දන්ට සේවා කරමින්, ජාතිප්‍රේමී සිංහලයන් මරා දැමීම සඳහා කුමන්ත්‍රණය කළ ආත්මාර්ථකාමී කපටියෙකි.

 

සිංහලයන්ගේ නිදහස වළලා මත ජාතිද්‍රෝහී පරපුරක් ගොඩනැඟු වෙකි.

 

කවදත් සුදු අධිරාජ්‍යවාදීන්ගේ පන්දම්කාර ගයිටුවෙකි.

 

ඉංග්‍රීසින්ට දැක්වූ පක්ෂපාතී කමට, 1804 දී විශාල ඉඩමක් 1805 දී මැණික් ඔබ්බවා කැටයම් කළ මිටක් ඇති කඩුවක් නොර්ත් ආණ්ඩුකාරයා විසින් තම්බි මුදියන්සේට ලබාදුණි.

 

ජෙනරාල් විල්සන් ඩොයිලි, මේජර් ජනරාල් H මක්ඩෝවල්, මේජර් W කෙනී, මේජර් අගිනිව්, කපිතාන් බෙනෝ, මේජර් බීවර්, මේජර් මෝබ්රෝ වැනි විවිධ තනතුර දැරූ නිලධාරීන්ගෙන් තම්බි මුදියන්සේ සහතික ලබා ඇත.

 

1805 ජූලි 19 දා වැඩ භාරගත් මෙරට දෙවන ආණ්ඩුකාරයා වන සර් තෝමස් මේට්ලන්ඩ් විසින් තම්බි මුදියන්සේ හලාවත දිසාවේ මුදලි තනතුරකට පත් කර, ඔහුට එම ප්‍රදේශයේ විශාල නින්ද ගමක් පවරා දුන්නේ .

 

👺1812 මාර්තු 11 වෙනිදා ලංකාවේ ආණ්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්රිග්, 1814 දී මහනුවර රජුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ . කන්ද උඩරට යන ඉංග්‍රීසි සේනාංකයන්ට මඟ පෙන්වන්නා වූයේ තම්බි මුදියන්සේ . උඩරටට යෑමට මාර්ග පහක් සූදානම් කර මාර්ගවල යන සෑම සේනාංකයක් සඳහා චරපුරුෂයින් හා ඔවුනට අවශ්‍ය වෙනත් දෑ ඔහු සපයා දුන්නේ . යුධයට යන භට පිරිසට අවශ්‍ය වන 'වෙනත් දෑ' යනු මොනවාද යන්න සිතා ගත හැකි .

 

මහනුවරට යන ගමන් මාර්ගය, රජමැදුරේ පිහිටීම, රාජධානියේ අනෙකුත් ප්‍රදේශ, රජුගේ විස්තර වැනි තමන් දන්නා තොරතුරු තම්බි මුදියන්සේ ඩොයිලිට ලබා දුන්නේ . ඩොයිලිගේ සේනාංකය මහනුවරට ඒමට පෙර රජු, බිසවා හා පරිවාර ජනයා සමඟ මැද මහනුවරට ගිය බව ඉතිහාසය කිව්වත් 1830 මැයි 15 දා සිලෝන් ගැසට් පත්‍රයේ තම්බි මුදලියාර් ලිපියේ කියවෙන්නේ 'ඔහු සේවකයන් සමඟ ගොස් රජ අසිපත තම අතට ගෙන රජු අතින් අල්ලා ගෙන ඇවිත් සර් ජෝන් ඩොයිලිට බාර දුන්නේ ' යනුවෙනි.

 

😑රජු අල්ලාගත් තම්බි මුදලි, රජුට හා බිසෝවරුන්ට නින්දා කළේ . ඔහු බිසෝවරුගේ රන් ආභරණ ගලවා ගත් බව, බිසෝවරුන් කන්වල පැළඳ සිටි ආභරණ කඩාගත් බව කියවේ. එවිට ගලා ගිය ලේවලින් ඔවුන්ගේ ඇඳුම් තෙත්වූ බව කියවේ. මේ බව සනාථ කරමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති රජුගේ බිසව වන රෙංගම්මාගේ සැට්ටයේ ලේ පැල්ලමක් ඇත.

 

👺රජතූමා විසින් පොද්දල්ගොඩ සඟවා තිබූ රාජකීය වස්තුව සොරා ගැනීමට ගොස් ඇත්තේ තම්බි මුදියන්සේ . එම භාණ්ඩවලින් සතරක් තම්බි මුදියසේගේ මාදම්පේ නිවසේ තිබී පසුව සොයා ගත්තේ .

 

💔😑කන්ද උඩරට අල්ලාදීම වෙනුවෙන් තම්බි මුදියසේට තෑගි බෝගවලට අමතරව, මසකට රික්ස් ඩොලර් 150 දීමනාවක් ඔහුගේ මරණය තෙක් ලබා දීමට තීරණය කළේ . ඔහුට පෙර හලාවත මුදලි තනතුර කළ හේරත් සෙනෙවිරත්න කන්ද උඩරට සිංහලයින් අතරට ගොස් තිබූ නිසා, ඉංග්‍රීසි ආණ්ඩුව හේරත් සෙනෙවිරත්න මුදලිගේ සියළු දේපල තම්බි මුදියසේට ලබා දුන්නේ . ලන්දේසි කර්නල්වරයාගේ නිවසේ වැඩකාර කොලුවා ඇති විශාල බූදලයක් ඇති මුදලිවරයකු බවට පත් විය.

 

😑💔යලිත් මහජන කැරැල්ලක් ඇතිවිය හැකි බවට ඉංග්‍රීසි ආණ්ඩුවට කියූ තම්බි මුදලි, උඩරට ප්‍රධානීන් අල්ලා මුහුදුබඩ ප්‍රදේශවලට ගෙන යුතු බවට යෝජනා කර, නායිකයින් 18 දෙනෙකුගේ නම් රොබට් බ්‍රවුන්රිග්ට ලබා දුන්නේ . ඉංග්‍රීසීන් මෙය පිළිනොගත්ත ඔවුන් පුදුමයට පත් කරමින් පසු කළ රටේ ඇති වූ කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මෙහෙයවන ලද්දේ මෙම උඩරට ප්‍රධානීන් විසින් .

 

💔😑සිංහලේ රජු රටින් පිටුවහල් කර ටික කලකින් ඇති වූ ඌව වෙල්ලස්ස සටන මැඩපැවැත්වීමට තම්බි මුදියන්සේ ඉංග්‍රීසීන්ට සහය විය. ශ්‍රී වික්‍රම රජුගේ බාල සහෝදරයා වන දොරේසාමි කැරළි නායකයෙකු වශයෙන් නම් ප්‍රසිද්ධ නොකරන ලෙස ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවට උපදෙස් දුන්නේ . එසේ වුවහොත් ඔහු වටා මුළු රටම එකතු වන බව කියා සිටියේ .

 

💔👺ඇති වූ ඌව වේල්ලස්ස මහා සටන මැඩලීමට තම්බි මුදියන්සේ කීකරු සේවකයකු ලෙස කටයුතු කළේ . ඉංග්‍රීසි හමුදාව සමග සටන් බිමට ගොස් කැරලිකරුවන් (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන් මෙහෙයවූවන්) පිළිබඳව තොරතුරු ඉංග්‍රීසි ආණ්ඩුවට සැපයී .

 

දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන යනු ඉංග්‍රීසීන්ට ගැති මොනතරම් නිවට පුද්ගලයෙක් යන්න වටහාගැනීමට, 1830 මැයි 15 දා සිලෝන් ගැසට් පත්‍රයේ තම්බි මුදලියාර් ලිපියේ ඇති පහත දැක්වෙන එක් ජේදයක් පවා ප්‍රමාණවත් වේ.

 

😑" ... ඔහුගේ චරිත ස්වභාවයෙන් ඔහුට ආණ්ඩුවේ විශ්වාසය දිනා ගැනීමට හැකි වූයේ . එහෙත් ඔහුට කොතෙක් තාන්න මාන්න ලැබුණත් ඔහුගේ සේවයට නොමසුරු ලෙස කොතෙක් මිල මුදල්, තෑගී බෝග ලැබුණත් ආණ්ඩුවේ නිලධාරීන් ඔහු කෙරෙහි දැක් වූ තයාගශීලීභාවයත් කරුණාවත් වෙනුවෙන් ඔහු දක්වූයේ බොහෝ සෙයින් ණයගැති බවකි. ඔහුගේ රාජ්‍ය සේවායේ මුල සිට ආණ්ඩුවේ මහ ලේකම් ගරු රොඩ්නි මහතාත් ආදායම් කොමසාරිස් ගරු බොයිඩ් මහතාත් දැනට රටින් පිටව ගොස් සිටින ගරු මහත්වරු සමහර දෙනාත් ඔහුට කළ උදව් ගැන ඔහුගේ අන්තිම මොහොත දක්වා කෘතගුණ පූර්වකව සඳහන් කරන්නට කිසිවිටෙක අමතක නොකළේ . සියල්ලෝම මේ ස්වාදේශිකයාගේ හැකියාවත් වටිනාකමත් හැඳිනගෙන සිටි අය වූහ. පසු කාලයේ දී මුදලිට සී.. ලෙයාඩ් මහතා, ජේ. වෙල්බියොස් මහතා, එෆ්.ජේ.ටෙම්ප්ලර් මහතා යන උදවියගේ උදව්ව විශේෂයෙන් ලැබුණේ . ඔවුන් ඔහු වෙත දැක්වූ කරුණාවන්තභාවයත් ඔහුට කළ ආධාරත් පිලිබඳ විස්තර මෙවැනි ගුණ කතානයක දක්වන්නට තරම් අවකාශයක් නැත."

 

* එවකට සිටි ඉංග්‍රීසි නිලධාරීන් විසින් තම්බි මුදියන්සේ පිළිබඳව කර ඇති විස්තර අද දවසේ ජීවත්වන ලාංකිකයෙකු තුළ පවා හිරිකිතයක් ඇති වේ. නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

 

😑"... චරපුරුෂ කටයුතු පිළිබඳව තමා තුළ ඇති දක්ෂකම හා පක්ෂපාතීභාවය වෙනුවෙන් දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ලංකාවේ සේවය කරන බ්‍රිතාන්‍ය හමුදාවට අයත් වුවන්ගේ ප්‍රශංසවට හා සැලකිල්ලට ලක් වී ඇති ප්‍රමාණය අනුව බලන විට ඔහු ගැන අමුතුවෙන් සහතිකයක් අවශ්‍ය නොවන නමුත් මගෙන් කිසියම් සහතිකයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටි හෙයින් ඔහුගේ බුද්ධිමත් ක්‍රියාශීලීභාවය ගැන ලිඛිත සහතිකයක් මාර්ගයෙන් මාගේ අදහස ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

 

තමා වෙත පැවරුණු කාර්යයන් දක්ෂ ලෙස ඉටුකිරීමේ බුද්ධියක් හා fධෙර්යයක් ඇති මොහු හා සමාන වෙනත් ඉන්දියානු ජාතිකයකු ගැන මම නොදනිමි. විශේෂයෙන් ළඟ එන සටන්වල දී මොහුගේ සේවය ලබාගැනීමට බලාපොරොත්තුව සිටින ජෙනරාල් වේම්ස්ගේ අනුග්‍රහය ලැබීමට සුදුස්සකු වශයෙන් මම ඔහු ගැන සහතික කරමි. යුධ හමුධා මූලස්ථානයට සම්බන්ධ වන අන්දමේ මුදලි තනතුරකින් සම්මාන කොට කැප්ටන් හැන්කි යටතේ මඟ පෙන්වන්නන්ගේ හා රහස් ඔත්තුකරුවන්ගේ අංශයට පත් කරනු ලැබීමට තරම් දොන් ඒඩ්‍රියන් ආණ්ඩුකාරතුමාගේ අනුග්‍රහයට පාත්‍ර වීමෙන් ඔහුගේ ප්‍රයෝජනවත් බව පිළිබඳව එතුමා තුළ සම්පූර්ණ හැඟීමක් ඇති බව විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තකි. මොහු ගැන සුදුසු පරිදි සලකන ලෙස මම මගේ මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිමි.

 

ජෙ. මැක්ඩෝවෙල්

මීගමුව

1804 මාර්තු 04 දා "

 

😑'...මොහු හා සමාන වෙනත් ඉන්දියානු ජාතිකයකු ගැන මම නොදනිමි ' යන කියමනෙන් තම්බි මුදියන්සේ ඉන්දියානු සම්භවයක් ඇති අයෙකු (A native of India) බව 'මගෙන් කිසියම් සහතිකයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටි හෙයින්...' ඉහළ නැඟීම සඳහා සහතික එකතු කරමින් ඒවා අනාගත හාම්පුතුන්ට ඉදිරිපත් කිරීම කර ඇති බව ඉතා පැහැදිළි වේ.

 

"මා ගයිට්ටුවන්ගේ කපිතාන් කෙනෙකු වශයෙන් සේවය කරද්දී තම්බි මුදලියාර් ගයිඩ් තනතුර දැරූ බවත් කාලය අතරතුර ඔහු පක්ෂපාත, ක්‍රියාශීලී, නිර්භීත එමෙන් බුද්ධිමත් මිනිසකු බව සැමවිට මට දක්නට ලැබුණු බවත් මින් සහතික කරමි. කාර්යය පිළිබඳව ඔහු තරම් අපට හිතවත් දක්ෂයකු මේ රටේ නැත යනු මාගේ වැටහීමයි.

 

අත්සන : ඩී.. ඩිනෝ

කැප්ටන් (ගයිට්ටුවන්ගේ හිටපු අණදෙන නිලධාරී)

1805 අගෝස්තු 1 වැනි දා කොළඹ. "

 

😑"තම්බි මුදලියාර් ගැන නොයෙක් දෙනා ගුණ වර්ණනා කර ඇති අන්දම බලන විට මගෙන් එවැනි සහතිකයක් අවශ්‍යය යැයි නොහැඟෙන නමුත් ඔහුගේ ඉල්ලීම පරිදි ඔහු ගැන යමක් සඳහන් කිරීමට මෙය අවස්ථාව කොට ගනිමි. උඩරට පළාත් ආක්‍රමණය කිරීම සඳහා අපේ හමුදාවට ඔහුගෙන් ලැබුණ මඟ පෙන්වීම සහ දුෂ්කර කාර්යයේ දී අප සමඟ සිටි සෙසු සිංහලයන් පාලනය කිරීමෙනුත් ඔවුන් ගැන බලා හදා ගැනීමෙනුත් අවශ්‍ය උපදෙස් දීමෙනුත් ඔහු විසින් කරන ලද පක්ෂපාත සේවය අතිශයින් ඇගේ කොට සැලකිය යුත්තකි.

 

අත්සන (අපැහැදිලිය)

1805 දෙසැම්බර් 7 වෙනි දින, කොළඹ."

 

*😑තමා උපන් රට හා සිංහල ජාතිය ඉංග්‍රීසීන්ට පවාදීමා හා ද්‍රවිඩ සම්භවයක් ඇති අයෙක් වන දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන තවත් ද්‍රවිඩ සම්භවයක් ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදීම යන කරුණු දෙකම නිසා තම්බි මුදියන්සේ ඉතිහාසගත වේ. මෙය ලෝක ඉතිහාසයේ පහත් පාවාදීම .

 

*😑රජු එලවා දැමීමට කටයුතු කළ රජුගේ මහාධිකාරම් වන ඇහැළේපොළ මහ අධිකාරම් ඉංග්‍රීසි අත්අඩංගුවට පත්ව වසර හතක කොළඹ නිවසක සිරකරුවෙක් ලෙස 1825 මැයි 14 දා මුරුසි දිවයිනට පිටුවහල් කර මියයන තුරු එහි ජීවත් වීමට සිදුවුවත් රජු එලවා දැමීමට කටයුතු කළ තම්බි මුදියන්සේ මුදල්, තනතුරු හා වරප්‍රසාද ලැබ ගෞරවණීය ලෙසම මිය ගියේ .

 

දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධනගේ (තම්බි මුදියන්සේ)

මී මුණුපුරා ජූනියස් රිචඩ්.

(J.R ජයවර්ධන)

✍️http://amalmeemanage.blogspot.com/

වැලපෙන ලක් මව.🌹