ගාලගෝට්ටිය
ව්‍යවස්ථාව හා වස් කාලය
මෛත්‍රිපාල සිරිසේන කියන්නෙ මෙරට හිටපු ජනාධිපතිවරයෙක්. ඔහුට අනුව (දි අයිලන්ඩ් වාර්තාවක්) ඇති වුණු ආණ්ඩු වෙනස ව්‍යවස්ථානුකූ නොවෙයි. එහෙත් යථාර්ථය එය නම් ඒ පිළිගත යුතුයි. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදාළ නැතැයි පවසන සිරිසේන ඊනියා අරගලකරුවන් සමග යම් එකඟත්වයකට එළඹිය යුතු බවත් කියනවා.
මෛත්‍රිපාල සිරිසේන හොඳ පක්‍ෂ ලේකම්වරයෙක්. මා
එය පිළිගන්නවා. පක්‍ෂය සංවිධානාත්මක ව පවත්වා ගෙන යෑම අතින් ඔහු බැසිල්ට වඩා දක්‍ෂයකු වූ බවයි මගේ
හැඟීම. එහෙත් ඔහුට පක්‍ෂයේ කොටසක් සමග
යහපාලනයට ගිය පසු ඒ කොටස හරහා පක්‍ෂය සංවිධානය කර ගන්න බැරි වුණා. එහෙමත් නැත්නම්
ඔහු හා බැසිල් එක් ව මරා දැමූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැවත ගොඩ ගැනීමට ඔහුට බැරි
වුණා. බැසිල්ටත් පොදුජන එක්සත් පෙරමුණ පක්‍ෂයක් ලෙස ගොඩ නගා ගන්න බැරි වුණා. අද ශ්‍රි
ල නි පක්‍ෂයවත් පොහොට්ටුවවත් නැහැ.
ඒ රික්තය පිරවීමට පේන තෙක් මානෙක කිසිවකු නැහැ.
ජෙප්පන්ටවත් සෙප්න්ටවත් එය කරන්න බැහැ. ඒ නිසා විදේශීය බලවේගවලට හැකියාවක් තියෙනවා
තම ඒජන්තයන් ලවා පිරිස් මෙහෙයවන්න. ආර්ථික අර්බුදය හරහා විමල් වාසු ගම්මන්පිළ ඇති
කළ දේශපාලන අර්බුදය විසඳීමට නොහැකි වූයේ මූලිකව ම බැසිල් මෛත්‍රිපාල එක් වී ශ්‍රී
ල නි පක්‍ෂය මරා දැමූ නිසයි. මෛත්‍රිපාල ඒ බව පිළිගන්න එකක් නැහැ. ජෙප්පන් හා
සෙප්පන් කිසිසේත් ම මෙරට ජාතිකත්වය නියෝජනය කරන්නේ නැහැ. ඔවුන්ට කළ හැක්කේ ඊනියා
අරගලයේ නායකත්වය වෙනුවෙන් අරගල කිරීම පමණයි.
ඊනියා අරගලකරුවන් ලබා ගත් ජයග්‍රහණයක් නැහැ. මේ
සම්බන්ධයෙන් හොඳ ම කතාව කියා ඇත්තේ මා මිත්‍ර සිරිමල් විජේසිංහ. ඔහු තම පැවැත්ම
සඳහා බේගල් ගොතන තක්කඩියෙක් නො වෙයි. ඔහු
ඉතා පැහැදිලිව කියා තිබුණා පාළු බංගලා තුනක් අත්පත් කර ගැනීම විප්ලවයක් නො වෙයි
කියල. මෛත්‍රිපාල හරි වෙනත් ඊනියා වැදගතකු හරි එය කියෙව්වා ද කියා මා දන්නේ නැහැ.
මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග කුමන මතභේද තිබුණත් එය විසි කෙරී නැහැ. මෛත්‍රිපාල
කුමක් කීවත් අප තවමත් වැඩ කරන්නේ ව්‍යවස්ථාවට එකඟ ව. මෙරට ජූලි නවවැනි දා සිදු වූ
ගාලගෝට්ටිය ප්‍රංශ විප්ලවයක් නො වෙයි.
ඊනියා අරගලයට සහභාගි වූයේ මෙරට ජනතාව බව ඇත්ත.
එහෙත් එය මෙහෙයවනු ලැබුයේ අත්ලන්තික් සාගරයෙන්. ඒ සම්බන්ධ සාක්‍ෂි හෙට අනිද්දා වන
විට දැකගන්න පුළුවන් වේවි. ඊනියා අරගලය මෙහෙය වූවන් ව්‍යවස්ථාවෙන් පිට යන්න
සූදානම් නැහැ. සිරිසේනට ඒ ගැන දැනුමක් නැහැ. ඔහු හිටපු ජනාධිපතිවරයෙක්.
සිරිසේන කියා ඇති එක දෙයක කොටසක් සමග පමණක් මා
එකඟ වෙනවා. පසුගිය දා අස් වී යැයි කියන ඇමතිවරුන්ගේ අස්වීම් වලංගු නැහැ. ඒ අස්වීම්
වලංගු වන්නේ ජනාධිපති ඒ පිළිගත් පසුව පමණයි. මා හිතන්නේ ජනාධිපති තවමත් ඒ පිළිගෙන
නැති බවයි. දහතුන්වැනි දා තම අස්වීමේ
ලිපිය ඉදිරිපත් කරන තුරු ඒ ඇමති අස්වීම් නොපිළිගෙන තිබුණොත් ඒ සම්බන්ධ කටයුතු
කිරීමට නව ජනාධිපතිට පැවරෙනවා. නව ජනාධිපති ඒ සමහර අස්වීම් ලිපි භාර නොගෙන ඉන්න ඉඩ
තියෙනවා.
දැන් මේ ගාලගෝට්ටිය නිසා සිදු වී ඇත්තේ කුමක් ද? ජනාධිපති
දැක ගන්නට බැහැ. ඔහු ඉන්න තැනක් අප දන්නේ නැහැ. කතානායක දන්නවා. කතානායක එක දවසක
කිවුවා ජනාධිපති රටෙන් පිට ව ගොස් කියා. ඊළඟ දවසේ කිවුවා නැහැ රටේ ඉන්නවා කියා. එය
මට නම් පිළිගන්න පුළුවන්. මෙතන ප්‍රශ්නය වන්නේ රට යනු කුමක් ද යන්නයි. රටට අයත්
සමුද්‍ර තීරය අවසන් වන්නේ කොතන ද යන්න කතානායකට ප්‍රශ්නයක් වී ඇති බවක් පේනවා. මෙය
විසඳන්න චතුස්කෝටිකය අවශ්‍ය නැහැ.
ඒ කෙසේ වෙතත් සිරිසේන කුමක් කීවත් මෙතෙක් මෙරට
ව්‍යවස්ථාවට පිටින් කිසිවක් සිදු වී නැහැ. අර පාළු බංගලා තුන අත්පත් කර ගැනීම
පිළිබඳ කිසිවක් ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ නැහැ. එය සාමාන්‍ය නීතියට පටහැණි ද නැද්ද
යන ප්‍රශ්නය අවශ්‍ය ම නම් යම් දවසක අධිකරණයේ විසඳේවි. සාමාන්‍ය නීතියත් උත්තරීතර
නීතියත් (ව්‍යවස්ථාවත්) පටලවා ගත යුතු නැහැ.
ගෝඨාභය අස්විය යුතු යැයි තීරණය කරනු ලැබුයේ අර
අත්ලන්තික් සාගරය විසින්. මා ඒ සාගරයේ දෙපස ම දන්නවා. ගාලගෝට්ටිය යොදා ගනු ලැබුයේ
එය ක්‍රියාත්මක කරවීම සඳහා පමණයි. එහෙත් එයත් කෙරෙන්නේ ව්‍යවස්ථානුකූල ව.
දහතුන්වැනි දා එය කෙරේවි කියා හිතනවා. මා දන්නේ නැහැ එය දහතුන්වැනි දා කෙරෙන්නේ
ඇයි ද කියා. දහතුන ඇසළ පොහොය. එය බෞද්ධයනට කිහිප ආකාරයකින් වැදගත්. බුදුන් වහන්සේ
ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ දිනය. වස් කාලය ඇරඹෙන දවස. ඉන්දීය හින්දුන්ට එදින ගුරු පූර්නිමා දිනය. ගුරුවරුන්
පුදන දිනය. ඒ කුමක් වුවත් ගෝඨාභය රාජපක්‍ෂ අස්වන්නේ ව්‍යවස්ථාවට එකඟ ව. ඔහු
ගාලගෝට්ටි දිනයේ අස්වුණේ නැහැ.
මෛත්‍රිපාල කුමක් කිවුවත් දහතුන්වැනි දා වැඩ
බලන ජනාධිපති ව්‍යවස්ථානුකූල ව අග විනිසුරු ඉදිරියේ දිවුරුම් දේවි. එදින සිල්
සමාදන් වී හිටියත් දිවුරුම් දීමට එය ප්‍රශ්නයක් වන්නේ නැහැ. එක ම ප්‍රශ්නය ජනාධිපති
ධුරයට පත්වීම අත්ලන්තික් සාගරයෙන් අනුමත වීම පමණයි. එය අර පාළු බංගලා තුනේ
අනුමැතියට යටත් වන්නේ නැහැ. හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට කිවුවලු. වස් කාලය වප්
පොහොය දක්වා තියෙනවා. ඊට පස්සෙ කඨින
පින්කම්.