Main Logo

Friday 16 June 2023

ජේ ආර්ගේ ලයිට් හවුස් කඩන රනිල් හා ටියුබ් ලයිට්

 

ජේ ආර්ගේ ලයිට් හවුස් කඩන රනිල් හා ටියුබ් ලයිට්

 

කොළඹ මොටාවෙන් මා අස්කරනු ලැබුයේ 1993 දී අවුරුදු තිහකට පෙර. මා කැලණිය මොටාවට ගියේ ඉන් අවුරුදු දහයකට පසු 2003 දී. අවුරුදු දහය තුළ මොටාවන් තවත් මොට වී ඇති බව මට දැක ගන්න ලැබුණා. මොටා අතර වෙනසක් නොවෙයි. 1993 පෙර මා මොරටුව මොටාවට ගිය විට දේශන ශාලාව පිරී ඉතිරී ගොස් වටා පිටාවේ සිසුන් හිටියා. එහෙත් ඉන් මෑත කාලයේ දේශන ශාලාව පිරෙන්නවත් සිසුන් හිටියේ නැහැ.

 

ජේ ආර් ජයවර්ධන බලයට පත් වුනේ 1977 දී. ඔහුගේ සිංහල බෞද්ධ විරෝධී ආකල්ප රැගත් මධ්‍යම පංතියක් හා බටහිරට හිස් හැරුණු පිරිසක් අනූවේ දශකය මුල සිට බිහිවෙන්න පටන් ගත්තා. 1977 උපන් අයකු 1992 වන විට යමක් කමක් තේරෙන අයෙක්. මධ්‍යම පාංතික ආකල්ප කොහොමත් බටහිරින් එන්නෙ. ජේ ආර්ගෙන් පසු එහි සීඝ්‍ර වැඩිවීමක් දකින්න පුළුවන් වුනා. අද අවුරුදු විස්ස හතළිහ අතර අය විශාල පිරිසකට ජේ ආර් බලපෑවා. එක් අතකින් ඔවුන්ට හැත්තෑහතේ දරුවන් කියා කියන්න පුළුවන්.

 

අප කණ්ඩායමක් ජාතික මතවාද වෙනුවෙන් පෙනී සිටියේත් 1983න් පමණ පසුව. අපට දිනවල ජේ ආර් නිසා කුරුවලු නොවූ පිරිසකටපනස්හයේ දරුවන්ට කතා කරන්න පුළුවන් කම ලැබුණා. පිරිස තමයි අදත් රටේ බහුතරය. ඔවුන්ගේ බලපෑම මතයි මහින්ද 2009 දී කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන්නෙ. 2019 දී ගෝඨාභයගේ ජයග්‍රහණයට කාරක වුනේත් අය.

 

බටහිරයන් හා ඉන්දියාව මහින්ද හා ගෝඨාභය කෙරෙහි දැක්වූයේ බියක්. එහෙත් ඔවුන් විශේෂයෙන් ඉන්දියාව බැසිල් කෙරෙහි දැක්වූයේ තවමත් දක්වන්නේ සුහදතාවක්. ටියුබ් ලයිට් පඬිනැට්ටන් රාජපක්‍ෂලා කියා එක ගොඩකට දැම්මත් ඉන්දියාව හා බටහිර එසේ කරන්නේ නැහැ. මහින්ද හා ගෝඨාභය දේශපාලනික අක්‍රීය කෙරුණත් බැසිල් තවමත් දේශපාලනයේ නූල් අදිමින්  රැඳී ඉන්නවා.

 

බටහිරයන් විශේෂයෙන් එංගලන්තය අර ජේ ආර්ගේ හැත්තැහතේ දරුවන් කෙරෙහි විශ්වාසය තැබුවා. පඬිනැට්ටන්ගේ බුද්ධිය අනුව මගෙන් අහන්න බැරි නැහැ විස්සත් හතළිහත් අතර අය පමණ බටහිර අවධානයට ලක් වුනේ කියා. අපොයි නැහැ හැට පිරුණු අයත් හැටට කිට්ටු අයත් එතැන ඉන්නවා. මේ සියල්ලන්ට පොදු ගුණයක් නම් තියෙනවා. ඔවුන් හිතන්නේ තමන් බටහිර දැනුමෙන් සන්නද්ධ වූ ප්‍රබුද්ධයන් පිරිසක් බවත් ඔවුන් කියන විධියට මා වැනි බයියන් බටහිර දැනුම නොදත් හරි ප්‍රතික්‍ෂෙප කරන හරි ලිංමැඩියන් බවත්. ඔවුන්ගේ බුද්ධියට තේරුම් ගන්න බැහැ බටහිර දැනුම් ආධිපත්‍යය ප්‍රතික්‍ෂෙප කිරීම හා බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කිරීම අතර ඇති වෙනස. ඔවුන් ඊනියා දයලෙක්තියක් (අපෝහකයක්) ගැන ආඩම්බරයෙන් කතා කරන අතර චතුස්කෝටිකයට හිනහ වෙනවා. ඔවුන් කිසිවකුටවත් මා අවුරුදු තිහකට ඉහත ලියා ඇති අපෝහකයේ රූපිකයට පිළිතුරක් දෙන්න බැහැ. ඇහුවොත් කියාවි පිළිතුරක් දෙන්නවත් වටින්නෙ නැහැ කියා.

 

කෙසේ වෙතත් බටහිරයන් සිංහල බෞද්ධ නායකත්වය ඉවත් කිරීම සඳහා හැත්තෑහතේ ජේ ආර්ගේ දරුවන් යොදා ගත්තා. වරද්දාගත් තරුණ පරම්පරාව සමන්විත වුනෙ ඔවුන්ගෙන්. මා මෝඩ මැන්ටලයක් පමණක් බවත් දැනුමේ හිඩැස් ඇති පුද්ගලයකු බවත් කීමට  පරගලයට වෙනත් වයස් කාණ්ඩවල අයත් සහභාගි වූ බව ඔවුන් ආඩම්බරයෙන් පෙන්නා දේවි. පරගලය බටහිරයන් ඉන්දියාවේ ආධාරයෙන් සැලසුම් කෙළේ සිංහල බෞද්ධ නායකත්වය ඉවත දා රනිල් බලයට පත් කිරීමට. තමයි ජේ ආර් ව්‍යාපෘතියේ කූඨප්‍රාප්තිය. පරගලය රනිල් බලයට ගෙන ඒම සඳහා බවත් එය සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් බවත් අපට මුල දී කියන්න පුළුවන් වුනා. මා බව කියන්නේ ඔන්න අපේ වැඩ කියා උදම් වීමට නො වෙයි.

 

මහින්දට අගමැති ධුරය අත්හැරීමට බල කළ විට අප යෝජනා කෙළේ දිනේෂ් ගුණවර්ධන හරි සරත් ෆොන්සේකා හරි අගමැති කිරීමට. සිංහල බෞද්ධ විරෝධී පරගලය පරාජය කිරීම සඳහා. එහෙත් නම් ප්‍රතික්‍ෂෙප වුනා. අවසානයේ දී ඉදිරිපත් වුනේ ඩලස් අලහප්පෙරුමගේ හා රනිල් වික්‍රමසිංහගේ නම්. ඔවුන් කිසිවකුටවත් ජාතිකත්වයක් නැහැ. එහෙත් අවස්ථාවේ දී ඩලස් බලයට පත්වුනා නම් මෙරට අරාජික වෙනවා. සමහර විට ඉන්දියන් හමුදා අරාජිකත්වය මැඩීමට කියා එන්නත් තිබුණා. අවස්ථාව වෙන විට රනිල් සිංහල බෞද්ධ විරෝධී වුවත් අරාජිකත්වය නැති කරන්න පුළුවන් කම තිබුණා. පරගලය කෙරුණේ ඔහු වෙනුවෙන් බව අප දැන සිටියා.

 

පඬිනැට්ටන් මොනවා කෙළේ. ඔවුනට අවශ්‍ය තිබුණේ අර වරද්දා ගත් තරුණ පෙළ සමග එකතු වී සිංහල බෞද්ධ නායකත්වය ඉවත් කිරීමට. ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් දෙදහස් පන්සීයේ රෙද්ද කඩා දැමීමට. රෙද්ද කඩා දමා සිංහල බෞද්ධ නොවන ඇඳුමක් අඳින්නටයි ඔවුන් බලාපොරොත්තු වුනේ. රනිල් වෙනත් අයකු යන්න ඔවුන්ට ප්‍රශ්නයක් වුනේ නැහැ. සිංහල බෞද්ධ විරෝධී රනිල් බලයට පත් කෙරුණේ ඔවුන්ගේ අභිප්‍රාය සපුරාලමින්.

 

කෙසේ නමුත් ඉතා ටික කලකින් අප ඉල්ලා සිටියේ රනිල් අගමැති කමෙන් ඉවත් කරන ලෙස. එහෙත් එය කෙරුණේ නැහැ. අවසානයේ දී පොහොට්ටුව විසින් රනිල්  ජනාධිපති ධුරයට පාර්ලිමේන්තුවෙන් පත් කෙරුණා. රනිල් ක්‍රමක්‍රමයෙන් බලය තහවුරු කර ගනිමින් සිටියා. රනිල් ඡන්ද තියන්නේ නැහැ. සමහර විට ඉන්දියාව බල කළොත් පළාත් සභා ඡන්ද තියාවි.   පොහොට්ටුවට පමණක් නොව අද කිසිවකුටවත් මැතිවරණයකට මුහුණ දෙන්න බැහැ. සජිත් බැසිල් රනිල් පාරාජිකා වූ දේශපාලනඥයන්.

 

බලයෙන් මත් වූ රනිල් උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ උරුමයන් දෙමළ ජාතිවාදීන්ට භාර දෙන්න සූදානම් වුනා. මා දන්නවා ඇතැම් පඬිනැට්ටන් තමන් සුප්‍රබුද්ධ රජුටත් වඩා සුප්‍රබුද්ධ බව පෙන්වීමට මේ ජාතිවාදී ආගම්වාදී දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන බව කියන විත්තිය. ඔවුන්ගේ කුඩු කෑ විත්තිය කියන්නත් පුළුවන්. අප කිසිවකු කිසි ප්‍රදේශයක පදිංචි වී සිටිනවාට අකමැති නැහැ. එහෙත් සුප්‍රබුද්ධ වී සිංහල බෞද්ධ උරුමය පාවා දීමට වඩා ලිංමැඩියන් වීම හොඳයි.

 

නැගෙනහිර පළාතේ මුස්ලිමුන් පදිංචි කරනු ලැබුවේත් සිංහල බෞද්ධ රජවරුන් විසින්. නැගෙනහිර පළාතේ දෙමළ කතා කරණ ජනයා පදිංචි කරනු ලැබුවේ ඉංගිරිසින් විසින් මුස්ලිමුන් නොසිටි ප්‍රදේශවල. නැගෙනහිර පළාතෙන් සිංහලයන් පළවා හරිනු ලැබුවේ ඉංගිරිසින් විසින්. නැගෙනහිර පළතේ මුස්ලිම් දෙමළ ජන ව්‍යාප්තිය පිට්ටු බම්බු ආකෘතිය (පෙල් පිටි පොල් පිටි ආදී වශයෙන්) ගන්නා බව කියැවෙනවා.

 

කෙසේ වෙතත් මෙහි දී සිද්ධ වී ඇත්තේ ඉත්තැවාගේ ගෙට කබල්ලෑවා රිංගීමක් නොව කබල්ලෑවා රිංගවා ඉත්තෑවා පන්නා දැමීමක්. රනිල් සිංහල බෞද්ධ උරුමය රකීවි යැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම වගේ වැඩක්. අද රනිල් තම බල පරාක්‍රමය පෙන්නීමට ගොස් ජේ ආර් ගේ ලයිට් හවුස් සියල්ල කඩා දාලා. ටියුබ් ලයිට් පඬිනැට්ටන්ට තමන් ඉන්න තැන තේරෙන්නෙ නැහැ. ඔවුන් හිතනවා නම් සිංහල බෞද්ධ ජාතිකත්වය මිය ගිහින් කියල ඔවුන්ට දෙවි පිහිටයිසිංහල බෞද්ධ සංස්කෘතියෙත් මැවුම්කරුවන් නොසිටියාට දෙවියන් ඉන්නවා. සමහරු භාරතයෙන් පැමිණි අය. තවත් සමහරු මෙරට දෙවියන්. තවත් සමහරු භාරතයෙන් පැමිණ මෙරට දෙවියන් සමග ඒකාබද්ධ වූ අය.

 

මහා බඹාට මුහුණු දෙකයි කියනවා. භාරතයේ නම් බ්‍රහ්මන් වේෂ තුනකින් ඉන්නවා. ත්‍රිමුර්තිය කියන්නේ නිකම් නො වෙයි. ත්‍රිමුර්ති සංකල්පයේ දෙවිවරුන් තුන්දෙනකු එක් අයකු බවට පත්වෙනවා. සංකල්පය කාලිදාසගේ කුමාරසම්භවයේ තියෙන බව කියනවා. අපොයි නැහැ මා කාව්‍යය කියවා නැහැ. මා උගතකු නොවෙයි. ලක්‍ෂමී හා කාලි දෙදෙනකු බව ඇතැමුනට පෙනුණත් එක දෙවඟනකගේ මුහුණුවර දෙකක්. දැන් ක්‍රියා කරන්නේ මොන මුහුණුවර ?