Main Logo

Friday 2 June 2023

 

රනිල්ගෙ වගාව

 

මඤ්ඤොක්කා දණ්ඩක් නොව නිදිකුම්බා පැලයක්වත් හිටවන්නේ නැතිව රනිල් අවුරුද්දකට අඩු කලයක දී ආර්ථිකය නගා සිටෙවුවේ කෙසේ ? නන්දලාල් වීරසිංහ මෙතරම් සමතෙක් ? එහෙමත් නැත්නම් ඉංගිරිසින් යටතේ ලංකාවේ නායකත්වයට ඒමට දත මැදගෙන සිටි අරුණාශලම්ගේ හා රාමනාදන්ගේ මුණුබූරකු වෙන තිරය පිටුපස සිටින්නේ යැයි සිතිය හැකි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නිසා ආර්ථිකය නිවැරදි මාවතකට යොමු වුනේ ? එසේ නම් කුමාරස්වාමි දක්‍ෂයෙක් ?

 

රනිල් ජාතිය අමතනවා අහගෙන සිටි මට ඇති වූ හැඟීම් හා හිතට අදහස් බොහොමයක්. මේ රනිල් මෙරට වැඩි වාර සංඛ්‍යාවක් අගමැති නො සිටියේ ?  රනිල් මේ රනිල් නො වේ ? රනිල් හා මේ රනිල් හැර තවත් රනිල්ලා සිටිත් ? පොසොන් සමයේ හිතට එන අදහසක්. යහපාලන ආණ්ඩුවේ ඉතා වැඩි කාලයක් ඔහු මෛත්‍රිපාලට වඩා ඉහළින් නො සිටියේ ? දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටුවීම නිසා අද මෛත්‍රිපාල එක්තරා ආකාරයකට හිරකරුවකු නො සිටින්නේ ? ඇත්තට පාස්කු ප්‍රහාරයට මහා මොළකරුවකු සිටියේ ? කොහොම වුනත් හරින් ප්‍රනාන්දු හා යම් පිරිසක් බව දැන සිටියේ ?

 

කෙසේ නමුත් සියල්ල වැරදී බටහිර හා ඉන්දීය අපේක්‍ෂාවන්ට එරෙහි මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයේ ශක්තිය නිසා ගෝඨාභය රාජපක්‍ෂ 2019 අග ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඔහු බලයට පැමිණි දින සිට බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වූයේ ඔහු පමණක් නොව සිංහල බෞද්ධ ජාතිකත්ව නායකත්වය ඉවත් කිරීමයි. නායකත්වය යම් කාලයකට නැති කළත් සිංහල බෞද්ධ ජාතිකත්ව අදහස් මෙරටින් තුරන් කිරීමට මොන වසවර්ති මාරයාටවත් නොහැකි බව ඔවුන් දන්නවා.

 

යට කියන ලද හරින් ප්‍රනාන්දු ගෝඨාභය ජනාධිපති ධුරයේ දිවුරුම් දී වැඩි කලක් යන්නට පෙර සර් ෆේල් ව්‍යාපෘතිය ඉතා භක්තියෙන් ආරම්භ කළා. ඔහු මා දන්නා පරිදි නම් කතෝලික බැතිමතෙක්. කාදිනල්තුමාගේ මහා මොළකරු සෙවීමේ ව්‍යාපෘතියත් වැඩි කල් නොගොස් ආරම්භ වුනා. මා කියන්නේ නැහැ එහි පිටුපස මහා මොළකරුවන් නොහිටියා කියා. කොවිඩ් නම් ලංකාවට පමණක් නොව ලෝකයට බලපෑවා. ගෝඨාභය ලෝකයේ බොහෝ රටවලට වඩා හොඳින් එය කළමනාකරණය කළා. ඔහු නොවන්නට අපට බරපතළ තත්වයකට මුහුණ දෙන්න තිබුණා. දිනවල ඉස්ලාම් බැතිමතුන් ක්‍රියා කළ ආකාරයත් මතක් වෙනවා.

 

සංචාරකයන් පැමිණීම අඩු වුනා. ආර්ථිකය කඩා වැටුනේ නැහැ. නන්දලාල් වීරසිංහ නැතුවත් අප දිගට කොහොම හරි ණය ගෙවුවා. අතර මෙරට ඇති වූ විෂකුරු ප්‍රචාරය පටන් ගත්තා. හොරා ව්‍යාපෘතිය. අවුරුදු හැත්තැවක් පමණ ණයට කෑ ජාතියක් සියල්ලට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම යැයි කියන්න පටන් ගත්තා. අර මහා බැංකු මංකොල්ලය වැඩි පොලියට ණය ගැනීම හා වෙනත් දේ අමතක කෙරුණා. අද වන විට මහා දවල් මහා බැංකු මහා මංකොල්ලය ගැන කතා කළ මහා ආර්ථික විද්‍යාඥ ආචාර්ය බන්දුල ගුණවර්ධයනට එය අමතක වෙලා. ඔහු අද රනිල්ගෙ ප්‍රධාන බන්ධු කෙනකු වෙලා.

 

ගෝඨාභයට අවශ්‍ය උපදෙස් පවුලෙන් ලැබුණේ නැහැ. ඔහු කළ ප්‍රධාන වරද විසිවැනි සංශෝධනය වෙනුවෙන් සංඝයා වහන්සේටත් වෙනත් අයටත් කතා කිරීමයි. ඉන් ප්‍රයෝජනගත් බැසිල් අද ගෝඨාභය සමග නැහැ. ගෝඨාභය ළඟින් හිටි අයත් ඔහු වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. අවසානයේ ඔහුට ජයසුන්දරගේ හා හමුදාවේ ඇතැමුන්ගේ පිහිට පැතීමට සිදු වුනා. ජයසුන්දර ඩොලර් ටිකක් ඉතිරි කර ගැනීමට රසායනික පොහොර ගෙන්වීම කිසිම වැඩ පිළිවෙළක් නැති හදිසියේ නැවැත්තුවා. එය ජාතික මතවාදීන්ගේ අවශ්‍යතාව පිට කෙරුණු බවට රටේ මතයක් ඇති කෙරුණා.

 

ගෝඨාභයගේ දුර්වලකම වූයේ ඔහු සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු වීමට යෑමයි. එය දරුවන් සන්දා කළ එකක් බවයි මගේ හැඟීම. සිංහල බෞද්ධ විරෝධීන් සිදුහත් කුමරු රාහුල පුතා බලා නොබලා මාළිගාවෙන් පිටවීම ගැන එතුමාට ගැරහීමට සැරසුණත් පිය සෙනහස ගැන බෞද්ධ සාහිත්‍යයේ ඉතාමත් හොඳින් කියැවෙන බවයි මගේ හැඟීම. සරච්චන්ද්‍රයන්ටත් සිංහබාහු නාට්‍යය නිෂ්පාදනයේ දී අර පුතු සෙනෙහෙ ඇට සොයා ගොස් ඇට තුළට වැද වැනි කතා බලපා තියෙනවා. සිදුහත් කුමරු තම පුතා කෙරෙහිවත් නොඇළී මාළිගාවෙන් පිට වී ගියේ සත්වයා කෙරෙහි පතළ වූ මහා කරුණාවෙන්. මහා කරුණාව කියන්නෙ ග්‍රේට් කයින්ඩ්නස් නො වෙයි.

 

කොහොම වෙතත් අද ගෝඨාභයට පුතා මිණිබිරිය බලා ගැනීමට ඇමරිකාවට යෑමට බැහැ. ඔහුගේ වේදනාව මුණුබුරු මිණිබිරියන් මැද ජීවත් වෙන මටත් දැනෙනවා. ගෝඨාභය ඉවත් කිරීම සඳහා බල පෑ තවත් සාධකයක් වූයේ විදෙස්ගත ශ්‍රමිකයන්ට මුදල් එවීමට එපා කියා පරගලකරුවන් නැගූ ඝෝෂාව. මෙටාව ආධාර කර ගනිමින් යම් පිරිසක් හොරා ව්‍යාපෘතිය ඔස්සේ රටට මුදල් එවන ක්‍රම ඇහිරීමට ක්‍රියා කළා. එමෙන් අපනයනකරුවන් වැඩි වැඩියෙන් මුදල් පිටරට නැවැත්තුවා. උණ්ඩියල් ක්‍රමය මගින් සිදු වූයේ රටට විදේශ විනිමය අහිමි කිරීමයි.

 

නන්දලාල් වීරසිංහත් වෙලාවට ආවා. ගෝඨාභය රාජපක්‍ෂ වීරසිංහ ගෙන්වා ගත්තේ කාගේ වුවමනාවට කියා දන්නේ නැහැ. වීරසිංහ මහා බැංකුවේ හිටි කාලයේ දී තමයි යහපාලන කාලේ වැඩි පොලියට පෞද්ගලික ණය කරුවන්ගෙන් ණය ගත්තෙ. ඔහු ලවා කෙරුණේ රට බංකොළොත් බව ප්‍රසිද්ධියේ කියවා ගැනීමයි. ඉන් පසු ජාමුලෙට යෑම එක විසඳුම වුනා.

 

ගෑස් පෝලිම් තෙල් පෝලිම් පමණක් නොව ගෑස් පිිපිරීම් ඇති වුනේ කොහොම කියන එක සොයා බලන්න ඕන. ඒත් ඒක දැන් කරන්නේ කවුද? ඉන්ධන සඳහා කේත ක්‍රමය එදා ඇති කරන්න තිබුණා. එකල එක් එක් අය මෙටාව මගින් කළ වැඩ දැන් ටික ටික හෙළිදරවු වෙමින් පවතිනවා.

 

මෝඩාභිමාන වැඩියෙන් තිබුණේ පරගලයේ න්‍යායාචාරීන්ට. ඔවුන් මෝඩාභිමානය නිසා සිතා සිටියේ පරගලය ඔවුන්ගේ වැඩක් කියා. ඔවුන් ඊනියා ක්‍රම වෙනස්කම් ගැන නිර්ප්‍රභූ ජනතා නැගිටීම් ගැන ආතල්ගමේ දේශන පැවැත්තුවා. මෝඩාභිනය තමයි නියම මෝඩාභිමානය. කමක් නැහැ. දැන් ක්‍රම වෙනස ඇති වෙලා ඉතාමත් නිර්ප්‍රභූ පාලනයක් ඇති වෙලා.

 

සිංහල බෞද්ධ නායකත්වය නැති කර රනිල් බලයට පත් කිරීමට සැලසුම් කෙරුණේ ගෝඨාභය බලයට පත් වූ විගස. සර් ෆේල් මහාමොළකරු ගෑස් පිපිරීම් කලට වේලාවට ඉන්ධන නොසැපයීම හොරා ව්‍යාපෘතිය හා අවසානයේ පරගලය. රනිල් මෙරට දේශපාලනයේ පරාජිතයෙක්. නිසා තමයි ජා විශාල පිරිසක් ඔහු අත්හැර සජිත්ට එකතු වුනෙ. එහෙත් බටහිරයන් දැන සිටියා රනිල් ඔවුන්ගේ තුරුම්පුව බව. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වුණු රනිල් කල් යල් බලා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නා. ඊට පෙරත් ජා පක්‍ෂයේ බලවතුන් දැන සිටියා රනිල් වැඩි කල් නොගොස් ජනාධිපති වන බව. එසේ කී අයකු ගැන මගේ මතකයක් තියෙනවා.

 

පරගලය තමයි රනිල් ජනාධිපති කිරීම සඳහා කළ අන්තිම සටන. අද ඔහු ජනාධිපති. ආර්ථිකය වැඩි දියුණු කිරීම සඳහා කිසිම දෙයක් නොකළත් මහා බැංකුව ආර්ථිකය ශක්තිමත් කරලා. ඒත් ලබන අවුරුද්ද මැද පමණ වන විට ඔය සෙප්පඩ විජ්ජා හරි යන්නේ නැහැ. රනිල්ට ඊට පෙර තව විජ්ජා ටිකක් පෙන්වා ජනාධිපතිවරණයක පවත්වා සියයට පනහ නැතිව වුවත් මනාපයෙන් හරි දිනන්න ඕන. රනිල් ජාතිය අමතන්නේ සඳහා.

 

එහෙත් ඔහුට වැල් පාලමෙන් එගොඩ වන්න 2048 දී නොව 2098 දීවත් බැහැ. කොහොමටත් අප සියල්ලන් ඊට කලින් චුත වෙනවා. 2048 දී මොනවා වුණත් එයට වග කියන්න හරීන්ටවත් වජිරටවත් සාගලටවත් රංගෙ බණ්ඩාරටවත් සිද්ධ වෙන්නෙ නැහැ. නිසා 2048 ගැන කියව කියවා ඉන්න පුළුවන්. රනිල් චුවිංගම් විසි කරල ඩිජිටල් අරගෙන. ඩිජිටල් කියන්නෙ සිතූ පතූ සැප සම්පත් ගෙන දෙන්නක් නො වෙයි. රනිල් නැවත ජනාධිපති වුනොත් සහානාධාර කපනවා. සුභසාධන රාජ්‍යයට දැනටමත් කණකොකා හඬලල ඉවරයි. අස්වැසුම කියන්නෙ හිස් වැසුමක් පමණයි. සිංගිරිසි ව්‍යවහාරයට අනුව වුනත් තොප්පියක් පමණයි.

 

රනිල්ට කවුද සංගායනා වචනය මතක් කරල දීල. ජේ ආර් ධර්මිෂ්ට සමාජය ගැන කිවුව වගේ. ශාසනික වචන වෙනත් අර්ථයකින් යොදන්නෙ දේශපාලනඥයන් පමණක් නො වෙයි. කලකට පෙර පිරිත් සජ්ඣායනා වෙනුවට ගීත සජ්ඣායනා කරන්න හැදුවා. මේ යෙදුම්වලිනුත් ශාසනික වචන හැල්ලුවට ලක් කෙරෙනවා. රනිල්ට හොඳ පරිවර්තකයෙක් ඉන්න පාටයි. කුමක් වුවත් ජනාධිපතිවරණයට පෙර තව කීප වරක් රනිල් වික්‍රමසිංහ ජාතිය අමතාවි.