Main Logo

Friday 9 June 2023

මෝඩාභිමානයේ කසකාරයෝ

 

මෝඩාභිමානයේ කසකාරයෝ

 

අද බටහිර රටවල් සංස්කෘතික නාය යෑමක හා විනාශයක අද්දරට පැමිණිල තියෙනවා. මූලිකව ඊනියා මිනිස් අයිතිවාසිකම්. පෞද්ගලිකත්වය, අධිපරිභෝජනය හෙවත් අධිශක්තිපරිභෝජනය, තර්කනය, හේතුවාදය හෙවත් බුද්ධිවාදය ආදිය හේතුකොටගෙන. තර්කනය හා බුද්ධිවාදය යොදා ගන්නේ අනෙක් කරුණු යුක්තියුක්ත කරන්න. පහුගිය දවස්වල කොවිඩ් කාලෙ ඇතැමුන් මුව වැසුම් පැළඳීම ප්‍රතික්‍ෂෙප කෙළෙ තමන්ගෙ පෞද්ගලිකත්වය මිනිස් අයිතිවාසිකම් ආදිය වෙනුවෙන්. එහි දී සමාජයට ඉන් හානියක් වේද යන්න සලකා බැලුවේ නැහැ.

 

අප මොන තරම් එසේ නොවේ යැයි කිවුවත් තර්කනය බුද්ධිවාදය යොදා ගැනෙන්නේ අප පළමුවෙන් ඇති කරගත් නිගමනයක් යුක්තියුක්ත කිරීම සඳහායි. එහි දී අප ඊනියා මූලධර්මයක් ආරම්භය ලෙස ගන්නවා. තර්කනයක ආරම්භයක් තියෙනවා. ආරම්භය පිළිඅරගෙන අනුමාන රීති ඔස්සේ නිගමනවලට ඒම තමයි කෙරෙන්නෙ. ඉන් පසු අපි හිතනවා බුද්ධිවාදී හේතුවාදී නිගමනවලට පැමිණියා කියා. මිනිස් අයිතිවාසිකම් පෞද්ගලිකත්වය ආදිය ප්‍රංශ විප්ලවය සමග මතු වූ අදහස්. රාජාණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීම යුක්තියුක්ත කිරීම සඳහා තනාගත් අදහස්. එහි ඊනියා තාර්කනිකයක් නැහැ.

 

එසේ වුනත් අදහස් අද ලෝකය පුරා පතුරවලා. ඇමරිකන් නිදහස් සටනටත් මේ අදහස බලපෑවා. අද වන විට බටහිර ලෝකය මේ අදහස්වල බරෙන් මිරිකෙනවා. ඊනියා සාංක්‍රමණික ලිංගිකත්වය වගේ කතා මේ අදහස්වල විකාශයක් පමණයි. බටහිර රටවල අද සමහරුන්ට මේ අදහස්වල ඇති භයානකකම තේරෙන්න පටන් අරන්. ඒත් අප අදහස් ප්‍රබුද්ධ දියුණු අදහස් හැටියට සලකනවා.

 

අප බටහිර අදහස් පසුපස යන්නෙ සංස්කෘතික ආධිපත්‍යය නිසා. අප මධ්‍යම ප්‍රතිපදාවක් අවුරුදු දහස් ගණනක් රැක්ක නමුත් බටහිරින් එන අන්තවාදී අදහස් ප්‍රබුද්ධ අදහස් ලෙස පිළිගැනීමට අධ්‍යාපනය විසින් බල කෙරෙනවා. මෙය පටන් ගත්තෙ මෙතෝදිස්ත පූජකයන් 1814 රිච්මන්ඩ් විදුහල ඇරඹීමත් සමග (මෙතෝදිස්ත සභාව ද විදුහලේ ආරම්භය 1814 බව පිළිගන්නවා. ඇතැමුන්ට එසේ පිළිගැනීම සිත් රිදවන කරුණක් වීම ගැන අපට කළ හැකි දෙයක් නැහැ). ඉන් පෙර ලන්දේසීන් තම පාසල් සෘජුව රෙපරමාදු ආගම පැතිරවීමට යොදා ගත්තා. එය සාර්ථක වුනේ නැහැ. එහෙත් ඉංගිරිසින් එයට වඩා උපක්‍රමශීලී වුනා. ඔවුන් ජනයා ආගමට හැරවීමට සෘජුව උත්සාහ කෙළේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ මැකෝලිගේ අවජාතක දරුවන් බිහි කරන්න. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාව මෙතෝදිස්ත සභාව පැත්තකට තල්ලු කර තමන් වැඩේ අතට ගත්තා. අද අප සංස්කෘතියෙන් යම් ප්‍රමාණයකට ඇංග්ලිකන් ක්‍රිස්තියානි.

 

පාණදුරාවාදය නිසා ඕල්කට්තුමා මෙරටට පැමිණියා. ඔහු මෙරට සංඝයා වහන්සේට තිබූ නායකත්වය නැති කළා. බටහිර දැනුමෙන් හිස් පුරවාගත් ගිහියන් නායකත්වයට පැමිණියා. විසිවැනි සියවසේ මුල සිට අප පල්ලන් බහිනවා. ධර්මපාලතුමා එය තේරුම් ගන්නට ඇති. බෞද්ධකම නැති වුනොත් සිංහලකම නැති වන බව එතුමා තේරුම් ගන්න ඇති. සිංහලයනි අවදිවවු බුදුසසුන රැක ගනිවු වැනි පාඨ අනුව නිර්මාණය කරන්න ඇති.

 

කෙසේ වෙතත් එතුමාට අවශ්‍ය වුනේ දේශපාලන බලය ලබා ගැනීමට නො වෙයි. ගුණදාස අමරසේකර කියන තරමට ධර්මපාලතුමා දේශපාලනයක් කරන්න ගියේ නැහැ. අමරසේකරගේ මහාවංසයේ ධර්මපාල පරිච්ඡෙදය තරමක් විකෘත බව මට දැන් වැටහෙනවා. ධර්මපාලතුමාගේ ව්‍යාපාරය පසුව සේනානායකලා හා තවත් අය අමද්‍යප ව්‍යාපාරය හරහා තම බල ව්‍යපාෘතියක් බවට පත් කර ගත්තා. ඔවුනුත් මූලික වශයෙන් බටහිර අධ්‍යාපනයන් බිහි වූ අය.

 

අතර ඇතැමුන් බටහිර දැනුම ලබා ගෙන මෙරට ලක්‍ෂණ බටහිර අච්චුවට දැමීමට ක්‍රියා කළා. මාර්ටින් වික්‍රමසිංහ ඉන් ප්‍රධානියෙක්. ඔහු බටහිර ඊනියා යථාර්ථවාදී සාහිත්‍යයක් මගින් පරම්පරා ගණනාවක් නොමග යැවුවා. ඔහුටත් බොහෝ ගිහි උගතුන්ටත් අවශ්‍ය වුනෙ බුදුදහම බටහිරට ගැලපෙන විධියට කියන්න. ජාතක කතාවේ ඇති යථාර්ථවාදයක් නැහැ. මා හත්වැනි පන්තියේ ඉගෙන ගන්නා අවධියේ කතෝලිකයකු වූ අපට සිංහල ඉගැන්වූ ගුරුතුමා ඇසුවේ ගිරවුන් කතා කරන්නේ මොන ලෝකයේ කියා. ඔහු එසේ ඇසුවේ හොඳකට නො වෙයි. ඔහු හිතා හිටි විධියට බුදදහමට පහර දෙන්න. කෙසේ වුවත්  මා වික්‍රමසිංහ විශ්වාස කළා. පසුව ඇතැමුන් ඊනියා අධියථාර්ථවාදයක් ජාතක කතාවල දැක්කා.

 

බුදුදහම හේතුවාදී නො වෙයි. අවශ්‍ය නම් එහි හේතුඵල කතාවක් තියෙනවා කියන්න පුළුවන්. හේතුඵලවාදය කියන එකටත් මා දැන් කැමති නැහැ. බුදුදහමෙහි වාද නැහැ. අප තැත් කරන්නේ අපේ සංස්කෘතික ලක්‍ෂණ දැනුම බටහිර අච්චුවට ඔබන්න. අප බටහිර දැනුම හිස් මුදුනින් පිළිගන්නවා. දැනුම කටගාගත් පමණින් උදම් වෙනවා. ගැන මෝඩාභිමානයක් ඇති කර ගන්නවා. අප අනෙක් අයට වඩා බටහිර දැනුම දන්නා බව ප්‍රදර්ශනය කිරීමට වෙහෙසෙනවා. විශ්වවිද්‍යාලවල මූලික කෙරෙන්නේ එයයි. විශ්වවිද්‍යාලවලට යෑමට බැරි වූ අයත් කොල්ලෑවේ හා බෝට්ටුවේ පැමිණි අයත් වැඩි වැඩියෙන් තම බටහිර දැනුම ප්‍රදර්ශනය කරනවා. X  කණ්ඩායම අතින් කුප්‍රසිද්ධයි.

 

අද බටහිර රටවල මාක්ස්වාදී වාම අදහස් නැහැ. වෙනුවට ඇත්තේ ප්‍රංශ විප්ලවයේ අදහස්වල ආන්තිකත්වයක් කරා ගමන් කිරීමක්. ලංකාවේ බුදුදහම රැකගන්න බැරුව අපට ලෝකයට දිය හැකි බුදුදහමක් නැහැ. මේ ප්‍රශ්න ගැන කතා කරන්න ථෙරවාද රටවල භික්‍ෂූන් වහන්සේට එකතු වෙන්න පුළුවන් නම් ලෝකයට යහපතක් වේවි.