Main Logo

Saturday 17 June 2023

වජිර අබේවර්ධනගේ අභය වර්ධනය

 

වජිර අබේවර්ධනගේ අභය වර්ධනක් හෙවත් රනිල් වෙනුවෙන් ගැටයක්

 

මගේ මිතුරකු කියනවා වජිර අබේවර්ධන කලකට පෙර රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට පෙර ඔහු වෑඩි කල් නොගොස් ජනාධිපති වන බව කිවුවා කියා. ගැන මා හරියට යමක් කියන්න දන්නේ නැහැ. එහෙත් රනිල් බටහිර සැලසුමක ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති වූ බව නම් මා දන්නවා. පරගලය ආතල්ගම සඳහා කෙරුණු දේ. එහි ප්‍රධාන කාර්ය භාරය කෙරුණේ එංගලන්තයෙන්. දෙමළ විසුරුණු ජනයා හා සමහර අරාබි රටවල් සඳහා මුදල් ලබා දුන් බව පැහැදිලියි.

 

අර මෝඩාභිමාන අත්අඩංගුවට ගැනීම් ඉවර වගේ. ඒක යට ගිහින්. මේවා ඇස් බැන්දුම් වැඩ පමණයි. නිළිය විහිලු කතා ලිවුවෙ. ලියපු තැනැත්තෙක් මුදල් වියදම් කළ අයෙක් නැත් ? අත්අඩංගුවට පත් වී ඇති දෙදෙනාගේ කට උත්තරවලින් කිසිවක් හෙළි වී නැති පාටයි. වැඩි කල් යන්න ඉස්සර කට උත්තර නැතුව නිදහස් වෙන්න පුළුවන්. මෝඩාභිමානය හා පරගලය අතර සම්බන්ධයක් තියෙනවා ? මට මූලාශ්‍ර නැති නිසා උත්තර දෙන්න බැහැ.

 

වජිර අබේවර්ධන බොහෝ දේ දන්නවා. ඔහු අද රනිල් වෙනුවට පත් වුනු ජා ජාතික ලැයිස්තු මන්ත්‍රී. ඔහු අලුතෙන් කියා ඇති දේ තමයි රනිල්ගේ ජනාධිපති ධුර කාලය දික් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව. ඔහු ජේ ආර් ජයවර්ධනගේ ලාම්පු කළගෙඩි සෙල්ලම හෙවත් ජනමත විචාරණයත් මතක් කරනවා. අවස්ථාවේ අප විශ්වවිිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලෙස ප්‍රකාශයක් නොකර විවිධ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ අත්සන් සහිත ප්‍රකාශයක් නිකුත් කළා ලාම්පු කළගෙඩි සෙල්ලමට විරුද්ධ . එසේ කෙළේ ආචාර්ය සමිති සම්මේලනය විවිධ දේශපාලන අදහස් දරණ ආචාර්යවරුන් නියෝජනය කළ නිසා.

 

කෙසේ නමුත් ජේ ආර් පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු පහකින් හරි හයකින් හරි ජනමත විචාරණයකින් දීර්ඝ කර ගත්තා. දැන් වජිර අබේවර්ධන කියන්නෙ රනිල්ගෙ ජනාධිපති ධුර කාලය අවුරුදු පහකින් දිර්ඝ කරගන්න ජනමත විචාරණයක් පැවැත්විය යුතු කියා. ඉතා පැහැදිලි මේ යෝජනාව වජිර අබේවර්ධනගේ හුදු පෞද්ගලික යෝජනාවක් නො වෙයි. රනිල් ගැන නොදන්නවා නො වෙයි. රනිල් ගැන නොදන්නවා යැයි කිව හැක්කේ ඉතාම සුප්‍රබුද්ධයකුට පමණයි. එවැන්නන් දැන් ලංකාවේ ඕනැ තරම් ඉන්නවා. ඒත් තාම පඳුරකට ගැසූ විට විසිවෙන ප්‍රමාණයට නැහැ.

 

අද නොව ලබන වසර මුල ජනාධිපතිවරණයක් තිබ්බත් කිසිවකුටවත් ඡන්දවලින් සියයට පනහක් ලබා ගන්න බැහැ. ලබන වසර අවසානයේ රනිල්ට කොහොමටවත් බැහැ. එහෙත් ලබන වසර අග වන විට රනිල්ට දී ඇති කාලය අවසන් වෙනවා. ඉතා පැහැදිලි දෙමළ හා මුස්ලිම් ජාතිවාදී ඡන්ද ලැබුණත් රනිල්ට දිනන්න බැහැ. අපේක්‍ෂකයන් සංඛ්‍යාව වැඩි වන විට එක් අපේක්‍ෂකයකුට ලබා ගත හැකි ඡන්ද ප්‍රතිශතය අඩු වෙනවා.

 

රනිල් හදන්නේ ඔහු තව තවත් ලයිට් හවුස් පොඩි කරන්න කලින් ජනමත විචාරණයක් පවත්වා තම ඊනියා ධුර කාලය දීර්ඝ කර ගන්න. ජනමත විචාරණයක දී අවශ්‍ය බහුතර ඡන්දයක් පමණයි. එහි දී අපේක්‍ෂකයන් රාශියක් නැහැ. ඔව් හරි නැහැ හරි කියන එක පමණයි තියෙන්නෙ. දෙමළ හා මුස්ලිම් ජාතිවාදී ඡන්ද සමග රනිල් හිතනවා ඇති දිනන්න පුළුවන් කියා. කොහොම වෙතත් රනිල්ට ජනාධිපති ලෙස තවදුරටත් ඉන්න සුළු ඉඩක් හරි තියෙනවා නම් ජනමත විචාරණයකින් පමණයි.

 

ලයිට් හවුස් රනිල් පරාජය කළ යුතු බව වෙන කරුණක්. එහෙත් එවැනි ජනමත විචාරණයකින් ඊනියා ධුර කාලය දීර්ඝ කර ගැනීමට කතා කිරීමත් ප්‍රශ්නයක්. මා එය සදාචාරාත්මක කියා අහන්නේ නැහැ. එකක් දේශපාලනයේ සදාචාරය මොකක් කියා පැහැදිලි කිරීමට නොහැකි වීමත් සදාචාරය යන්න සංස්කෘතියට සාපේක්‍ෂ වීමත්.

 

අඩු තරමෙන් ජේ ආර් දීර්ඝ කර ගත්තේ නිලවරණයකින් පත් කර ගත් පාර්ලිමේන්තුවක්. එහෙත් රනිල් නිලවරණයකින් පත් වූ ජනාධිපතිවරයකු නො වෙයි. ඔහු පාර්ලිමේන්තුවෙන් පත් කෙරුණු අයෙක්. පාර්ලිමේන්තුවෙන් ඔහු පත්කර ගත්තේ ගෝඨාභයගේ ඉතිරි ධුර කාලය සඳහා පමණයි. මැතිවරණවලින් ප්‍රතික්‍ෂෙප වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පරගලය ඔස්සේ බටහිරයන්ගේ සැලසුමකට අනුව ජනාධිපති වූ අයෙක්. ඔහුගේ ධුර කාලයක් දීර්ඝ කීිරීම ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. ඔහුගේ ධුර කාලයක් නැහැ. ධුර කාලයක් තිබුනෙ ගෝඨාභයට. ගෝඨාභයගේ ධුර කාලය අවසන් වූ පසු ඔහු යා යුතුයි.

 

ඔහුට ජනාධිපති වීමට අවශ්‍ය නම් ජනාධිපතිවරණයක් මගින් කළ යුතුයි. එහෙත් ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නයක් ජනමත විචාරණයක් මගින් ඡන්දදායකයන්ට යොමු කරන්න පුළුවන්. එහි දී මා ඉහත සඳහන් කළ කරුණු සලකා බැලෙන්නේ නැති වෙන්න පුළුවන්.  නීතියේ දෙවඟනගේ තරාදිය හැ ම විට එක පැත්තකට බර වෙනවා ද? අතර විපක්‍ෂයේ සමහරු බලා ඉන්නෙ 2029 ගැන මිස 2024 ගැන නො වෙයි.  කාට කාටත් දෙවියන්ගෙ පිහිටයි.