Main Logo

Saturday 10 June 2023

ආතල් සමාජවාදය

 

ආතල් සමාජවාදය

 

පරගල න්‍යායාචාර්යයන් ඉතා සාර්ථක පිරිසක්. මා හිතන්නේ ඔවුන් මාක්ස්ටත් වඩා සාර්ථකයි කියල. මාක්ස් ධනවාදී රාජ්‍යය පෙරළල සමාජවාදී රාජ්‍යයක් ඇති කරන හැටි එහෙමත් නැත්නම් ඇති කරවන හැටි කිවුව. සමාජවාදයෙන් එහාට ගිහින් රාජ්‍යය වියැකුණූ කොමියුනිස්ට් සමාජයක් ඇති වෙන බවත් කිවුව. සියල්ල කිවුව වගේ සිද්ධ වුනා. මාක්ස් හිටියෙ එංගලන්තෙ. එහෙමත් නැත්නම් ඔහු ජීවත් වෙන්න එංගලන්තෙට ගියා. කාලෙ දැන් වගේ නොවෙයි එංගලන්තෙ ධනවාදී රාජ්‍යයක්. මාක්ස් අයිරිෂ් ප්‍රශ්නය ගැනත් ලිවුව. ඉංගිරිසින්ට අයිරිෂ් ප්‍රශ්නය විසඳගන්න ඕන කියලත් කිවුව.

 

ඉංගිරිසින් ඔහුට මැරෙනකම් එංගලන්තෙ වාසය කරන්න ඉඩ දුන්න. නැහැ නැහැ ඔහු ධනවාදියෙක් වුන හින්ද නො වෙයි. එංගලන්තෙ සමාජවාදී වෙන්න හිතා ගත්තු නිසා. ඉංගිරිසින් හරි සියුම්. ඔවුන් දන්නව ඉන්න දෙන්න ඕන කාට කියල. එංගල්ස්ගෙ කර්මාන්ත ශාලා තිබුණ. ඔහු පවත්වාගෙන ගියෙ සමාජවාදී කර්මාන්ත ශාලා. එංගල්ස් විසින් තමයි මාක්ස් නඩත්තු කෙරුණෙ.

 

මාක්ස් එංගලන්තෙ මහා පුස්තකාලයෙ ගිහින් කියෙවුව. කියවල ලිවුව. ඔය පුස්තකාලෙ ලංකාවෙ අයත් ගිහින් කියවල තියෙනවා. ඒත් ඔවුනුත් මාක්ස් තරම් සාර්ථක වුනා. ඔවුන් හිතළු කිවුවෙ නැහැ. පුස්තකාලෙ තිබුණු පොත්පත්වල ඇති දෙයක් ලියා ගත්තු එක තමයි කෙරුවෙ. ලියාගෙන ආපු දෙයක් මෙහේ කියෙවුවා. කතා අහගෙන ඉඳලා මෙහෙ න්‍යායාචාර්යයන් බිහි වුනා. ඔවුන් කියන්නෙ න්‍යායාචාර්යයන් හිතළු කිවුවා.

 

මාක්ස්ගෙ හිතළු ඇමරිකාවෙ තමයි හරියට වැඩ කෙළෙ. එහෙ රාජ්‍යය වියැකෙන්න ඔන්න මෙන්න. රාජ්‍යය ව්‍යාපාර කරන්නෙ නැහැ. අර ජනතාවගෙ සුබසාධනයට යමක් කරන්නෙත් නැහැ. එහෙනම් රාජ්‍යය මොකක් කරන්නෙ. ඒක ඉතින් මාක්ස්ගෙන් තමයි අහන්න වෙන්නෙ. එහෙ මැතිවරණ නම් තියෙනවා. තාම රාජ්‍යය හරියට වියැකිලා නැහැ නොවැ. රාජ්‍යය වියැකුණා මැතිවරණ කොමසාරිස්ලට වෙන වැඩ තියෙනවා.

 

මෙරට න්‍යායාචාර්යයන් ජනතා නැගිටීම් ඇති වන බව කල් ඇතුව කිවුව. අපි ගණන් ගත්තෙ නැහැ. රාජපක්‍ෂලා ඉවත් කරනවා කියලත් කිවුව. හැබැයි කවුරු පත් කරනවා කියල කිවුවෙ නැහැ. රෙද්ද කඩන්න මිසක් රෙද්දක් අඳින එකක් ගැන කතා කෙළෙ නැහැ. ඔවුන්ට තිබුණෙ අර දෙදහස් පන්සියෙ රෙද්ද කඩල දාන එක විතරයි.

 

රෙද්ද කඩන්නෙ කවුරු ලවුව කියන එක කිවුවෙ නැහැ. ආතල්ගම විශ්වවිද්‍යාලෙ මහාචාර්යවරුත් මොකුත් කිවුවෙ නැහැ. ඔවුන් පුස්තකාලයක් නම් පවත්ව ගෙන ගියා. ඒත් අය බාහිර මහාචාර්යවරු. විශ්වවිද්‍යාලෙ කුලපති උපකුලපති කවුද කියල දැන ගන්න බැරි වුනා. ඒත් පූජකවරුන් නම් ඇවිත් ආශිර්වාද කළා. පහන් පත්තු කළා. ඒව අර දෙදහස් පන්සියෙ රෙද්ද සම්බන්ධ නො වෙයි. කලිසමක් සම්බන්ධයෙන්.

 

ජනතා නැගිටීම ක්‍රම වෙනසකින් මිසක් කෙළවර වෙන්නෙ නැහැ කියල න්‍යායාචාර්යයන් කිවුව. මාක්ස් මොනව කියල තියෙන්නෙ. න්‍යායාචාර්යවරු නොවැ නියමෙට කිවුවෙ. කිවුව වගේ රාජපක්‍ෂල ඉවත් කළා. තව ටිකෙන් ගෝඨාභය පාර ඇදගෙන යනවා. එයා රුපවාහිනී බලන නිසා ඒක කර ගන්න බැරි වුනා. රූපවාහිනී නාළිකා බලන්නෙ නරඹන්නන් සංඛ්‍යාව වැඩි කර ගන්න මිසක්  පාරෙ කවුරු ඇද ගෙන යන්න ඕන කියල නො වෙයි.

 

න්‍යායාචාර්යවරුන් රනිල් බලයට පත් කරල. ජනතාවට බව කලින් කිවුවෙ නැහැ. රනිල් රාජපක්‍ෂල වගේ හොරෙක් නොවෙයි. දන්නෙ නැත්නම් අර්ජුනගෙන් අහන්න. නැහැ රණතුංගගෙන් නො වෙයි. රණතුංග ඕව දන්නෙ නැහැ. බන්දුල දන්නෙත් නැහැ. න්‍යායාචාර්යවරු දන්නෙත් නැහැ. මා දන්නෙත් නැහැ.

 

රනිල් රාජ්‍යය වියැකීම පැත්තට තමයි බර. ඔහුට ටිකක් කල් යයි වැඩේට. ඔහු දැනට රාජ්‍යය ව්‍යාපාර පවත්වන්නෙ නැහැ කියනවා. ඒක මොන තරම් දෙයක් ? ඔය සහනාධාර දීමත් රජයේ වැඩක් නො වෙයි. රජයේ සේවකයනුත් ඕනවට වැඩිය ඉන්නවා. ඒගොල්ල ගැනත් මොනව හරි කරන්න ඕන.

 

එතකොට අර දෙදහස් පන්සියෙ රෙද්ද. ඒකත් කඩල දාන්න ඕන. පුරාවිද්‍යාව පුරාවිද්‍යාවක් කරන්න ඕන. ඔය විහාරස්ථාන ආරක්‍ෂා කිරීම සමාජවාදයට ගැලපෙන දේ නො වෙයි. වැඩවසම් යුගයෙ වැඩ. අද වැඩවසම් ක්‍රමය නොව ධනපති ක්‍රමයත් අවසන් කරල තියෙන්නෙ. වැඩවසම් පන්සල් වෙනුවට සමාජවාදී සිද්ධස්ථාන හදන්න ඕන. නැගෙනහිර පළාතෙ සමාජවාදය තව තවත් පතුරවන්න ඕන. සමාජවාදය මොන තරම් ආතල්