Main Logo

Wednesday 28 June 2023

අයින්ස්ටයින්ගේ දෙවියන් වහන්සේ

 

අයින්ස්ටයින්ගේ දෙවියන් වහන්සේ

 

අයින්ස්ටයින්ගේ අවසන් දිනය ගැන ලියූ සටහනක් පහත පළවෙනවා. එය ලියා ඇත්තේ රිචඩ් මැල්කම් ස්මිත් නමැත්තෙක්. මා සටහන පළ කරන්නේ අයින්ස්ටයින්ගේ දෙවියන් වහන්සේ ගැන යමක් කීමටයි.

 

At his hospital bed just after he passed away; he had left his pen and papers on top of the little side table. The papers were on his passion, his Unified Field Theory. The evening before he died, Einstein was hard at work writing and scribbling his thoughts and workings on this theory. A little later he stated to his nurse, "...I think I will rest for a while" and he placed the items on the table.

There is a nice story this nurse enjoyed telling; one I too enjoy recounting. She was, in fact, the last person to have a conversation with Einstein. The nurse had wheeled Einstein over to the hospital window to admire the view of the little round garden from the bedside window.
“Professor Einstein, do you think God made the garden?”
He replied, “Yes, God is both the gardener and the garden” to which the nurse replied ,”Oh I’d not thought of it that way” to which Einstein replied, “Yes, and I’ve spent my whole life just trying to catch a glimpse of him at his work”.

 

අයින්ස්ටයින් අදේවවාදියෙක් වුණේ නැහැ. ඔහු ගැන ලියා ඇති මැක්ස් යැමර් (Max Jammer) සඳහන් කරන්නේ ඔහුට යම්  ආගමික මත තිබුණු බවයි. ඔහුට බෞද්ධයකු වූ අර්න්ස්ට් මක් (Ernets Mach) සාධාරණ සාපේක්‍ෂතාවාදය ( සම්බන්ධ හිතළු) ඉදිරිපත් කිරමේ දී බලපෑවා. මක්  නිවුටන්ගේ ඉන්ද්‍රිය ගෝචර නොවන අවස්ථිති සමුද්දේශ රාමුවලට විරුද්ධ වීම නිසා. එහෙත් අයින්ස්ටයින් යම් ආකාරයක දෙවියන් වහන්සේ කෙනකු ගැන දිගට විශ්වාස කළා. ඔහු නිතර කියා ඇති කරුණක් නම් තමා පෞද්ගලික දෙවියන් වහන්සේ කෙනකු ගැන විශ්වාස කරනවා කියා.

 

ඉහත සඳහන් ප්‍රකාශයෙන් අයින්ස්ටයින් විශ්වාසය තැබූ දෙවියන් වහන්සේ ගැන කියනවා. ඔහූ හෙදියට පවසා ඇත්තේ දෙවියන් වහන්සේ උයනත් උයන් පාලකයා බවත්. මේ දෙවියන් වහන්සේ ස්පිනෝසාගේ දෙවියන් වහන්සේ. ස්පිනෝසා අයින්ස්ටයින්ගේ ප්‍රියතම දාර්ශනිකයා වුණා. ස්පිනෝසා කියන්නෙත් යුදෙවුවෙක්. පෘතුගාලයෙන් නෙදර්ලන්තයට ගිය යුදෙවු පවුලකින් (de Spinoza) පැවත දහහත්වැනි සියවසේ සිටි දාර්ශනිකයෙක්. ඔහු යුදෙවු ආගමෙන් පන්නා දැමුවෙක්. ඔහු කියා සිටියේ දෙවියන්වහන්සේ හා ලෝකය එකක් බව. ලෝකය දෙවියන් වහන්සේ බවයි ඔහු කියා සිටියේ.

 

එය යුදෙවු දෙවියන් වහන්සේගෙන් වෙනස් වුණා. යුදෙවු (ක්‍රිස්තියානි ඉස්ලාම්) දෙවියන් වහන්සේ ලෝකය මවා ලෝකයෙන් වෙන් වුණා. එහෙත් ලෝකය ක්‍රියත්මක වුණෙ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. ස්පිනෝසා ප්‍රතික්‍ෂෙප කෙළේ එයයි. දෙවියන් වහන්සේ එසේ පාලනයක් කරන ආත්මීය භාවයක් ඇති අයකු ලෙස සැලකුණේ නැහැ. ස්පිනෝසා අදේවවාදියෙක් වුණේ නැහැ. එහෙත් ඔහුගේ දේවවාදය ඒබ්‍රාහිමික ආගම් තුනේ දේවවාදයෙන් වෙනස් වුණා. මෙය ඇතැම් විට සර්වේශ්වරවාදය (Pantheism) ලෙස හැඳින්වෙනවා. මැක්ස් මුලර් වැන්නන් එය අද්වෛත වේදාන්තය සමග සසඳනවා. වෛදික සර්වේශ්වරවාදයක් ගැනත් කියැවෙනවා.

 

අධිශංකරාචාර්යගෙන් පසු අද්වෛත වේදාන්තය කරළියට ආවා. එයට අනුව ඇත්තේ බ්‍රහ්මන් කෙනකු පමණයි. සැම දෙයක් බ්‍රහ්මන්. අප සසර සැරිසරන්නේ අප බ්‍රහ්මන්ගෙන් වෙන් වී ඇතැයි සිතන නිසා. පෘථග්ජන යන්න වෛදිකයන්ට අනුව වෙන් වූ තැනැත්තා යන තේරුම ගෙන දෙනවා. පෘථග්ජනයන් සසර සැරිසරනවා. බ්‍රහ්මන්ගෙන් වෙන් වී ඇතැයි සිතන තාක් සසර සැරිසරනවා.  බුදුදහමට අනුවත් පෘථග්ජනයන් සසර සැරිසරනවා. ඒත අවිද්‍යාව නිසා මායාවන් සංස්කරණය කරගෙන.

 

ස්පිනෝසාගේ දෙවියන් වහන්සේ හා ලෝකය එකක් නිසා අද්වෛත (දෙකක් නොවන අරුතින්) යැයි කියමු. එහෙත් දෙවියන් වහන්සේ හා බ්‍රහ්මන් අතර වෙනසක් තියෙනවා. ස්පිනෝසාට ලෝකය මැවීමක් පවත්වාගෙන යෑමක් විනාශයක් කරන බ්‍රහ්මන් ත්‍රිමූර්තියක් නැහැ. එහෙත් ස්පිනෝසාට ලෝකයක් වූ දෙවියන් වහන්සේ ඉන්නවා. එපමණක් නො වෙයි. දෙවියන් වහන්සේ නැත්නම් ලෝකය විධිමත්. මේ විධිමත් බව නැත්නම් ක්‍රමවත් බව දැන ගැනීමට තමයි අයින්ස්ටයින්ටත් අනෙක් බටහිර විද්‍යාඥයන්ටත් විද්වතුන්ටත් අවශ්‍ය. අයින්ස්ටයින් අර හෙදියට පවසා ඇත්තේ එයයි.

 

මක් බෞද්ධයකු වුණත් ඔහු කියා නැහැ සියල්ල මායාවන් කියාවත් අප අභිසංස්කරණය කරන්නේ අවිද්‍යාව නිසා බවවත්. මක්ට ප්‍රශ්නය වී ඇත්තේ ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප භෞතික විද්‍යාවේ යොදා ගැනීම පමණයි. ලෝකයත් (දෙවියන් වහනසේත්) අපේ නිර්මාණ (අභිංසංස්කරණ) බව බටහිරයන් කියන්නේ නැහැ. ඔවුන් තැත් කරන්නේ අර ලෝකය (දෙවියන් වහන්සේ) හරි දෙවියන් වහන්සේ ලෝකය මවා ඇති ආකාරය හරි දැන ගැනීමට.

 

මා සියලු දැනුම් බොරු යැයි කියන්නේ මට නිහතමානීකමක් නැති නිසා යැයි පඬි නැට්ටකු කියා තිබුණා. මා එසේ කියන්නේ බුදුහාමුදුරුවන් දේශනා කර ඇති දේ විමසීමෙන් පසුව. ඔහු සමහර විට බුදුහාමුදුරුවන්ටත් නිහතමානිබවක් නොතිබුණා යැයි කියනවා දන්නේ නැහැ. කොහොම වුණත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන විට සිංහල බුද්ධාගම්කාරයන්ට මෙතරම් කේන්ති යන්නෙ මොකද කියා  තේරුම් ගන්න බැරි නැහැ. ඔවුන්ට ස්පිනෝසාගේ ක්‍රමවත් විධිමත් ලෝකය දැන ගන්න ඕන ඇති.

 

ඔවුන්ට අයින්ස්ටයින් කියා ඇති දෙයක් මතක් කරන්න ඕන. යැමර් මේ ප්‍රකාශය ගැනත් කියනවා. “Science without religion is lame, religion without science is blind,” බටහිර විද්‍යාව අවසාන වශයෙන් ආගමෙන් නිදහස් වන්නේ නැහැ. එය මොන ආගමෙන් යන්න ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ස්පිනෝසාගේ දෙවියන් වහන්සේ වුණත් යුදෙව් ක්‍රිස්තියානි දෙවියන් වහන්සේ වුණත් සියල්ල ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ආගම් නැත්නම් සංස්කෘතීන්.