Main Logo

Sunday 18 June 2023

රනිල් නවත්වන්න පුළුවන් කාට ද?

 

රනිල් නවත්වන්න පුළුවන් කාට ?

 

රනිල් බලයට පත් කෙරුණේ මෙටාවේ හා මොටාවේ පඬි නැට්ටන් විසින් යැයි කියා ඔවුන්ට අනවශ්‍ය වැදගත්කමක් දීමට මට අවශ්‍ය නැහැ. ඔවුන්ට කළ හැක්කේ තම විවිධ හීනමාන වසා ගැනීමට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ආඩපලි කීම පමණයි. ඔවුන්ගේ ආතල්ගම මොටාව තවත් මොටාවක් පමණයි.

 

පරගලය බටහිරයන්ගේ සැලසුමක්. සිංහල බෞද්ධ නායකත්වය ඉවත් කර රනිල් බලයට පත් කිරීම සඳහායි.  බටහිරයන් විවිධ ආකාරයෙන් විශේෂයෙන් දෙමළ විසිරුණු ජනයා මගින් පරගලයට මුදල් එවා ඇති බව පැහැදිලියි. අවශ්‍ය නම් අර මෝඩාභිමාන මානවකයන්ගෙන් අහන්න. අරාබි රටවල් කිහිපයක් මුස්ලිමුන් හරහා එයට සහභාගි වුනා. පඬි නැට්ටන් කෙළේ ආතල්ගම විහිළු සැපයීමයි. අර මොටාව හෙවත් ඊනියා මහජන සරසවිය මොට ම මොට අදහසක්. එහෙත් ඇතැමුන් එහි තමන්ගේ ඊනියා දේශන පිළිබඳ මෝඩාභිමානයකින් පසු වෙනවා. මෝඩකමට බෙහෙත් නැහැ කියනවා.

 

පරගලයට පවන් සලන්න පැමිණි ගායක ගායිකාවන් ඊනියා ගේහපද රචකයන් නළු නිළියන් අද දැක ගන්න නැහැ. සමහරු විවිධ දේශපාලන පක්‍ෂවල හිතවතුන් හිතවතියන් බවට පත්චෙලා. කිසිවකුට අද රනිල් නවත්වන්න බැහැ. පොහොට්ටුවටත් බැහැ. මා දැක්කා සමහර පෙහොට්ටු ඇමතිවරුන් කියා තියෙනවා ගම් මට්ටමේ පොහොට්ටු සාමාජිකයන් රනිල් නවත්වනවා වෙනුවට පොහොට්ටුව නවත්වා රනිල් ළඟට යෑමට කියන බව.

 

වගේ ගෝඨාභය ආණ්ඩුවට හැම පැත්තෙන් පහර වදිද්දී ආණ්ඩුවෙන් සුවාදීන වූ බොහෝ දෙනකුට රනිල් නවත්වන්න බැහැ. ඔවුන්ට පුළුවන් සුපුරුදු පරිදි ගැලරි කතා කීම පමණයි. එහෙත්  ගැලරිය ශාලාවෙන් පිටවී ගොස්. ගැලරි කතා ශාලාව තුළ කම්පන තරංග ඇති කරනවා පමණයි.

 

කියන්නේ රනිල් නවත්වන්න බැහැ කියන එක ? අපොයි නැහැ. රනිල් බලයට පත් කෙරුණේ සිංහල බෞද්ධ ජාතිකත්වය නැසීමට. රනිල් බලයට පත් නොවුනා නම් රට අරාජිකත්වයට පත් කර ඉන්දීය හමුදා ඊනියා සාම සාධක හමුදා ලෙස මෙරටට එවීමට සැලැස්මක් තියෙන්න ඇති. ඩලස් බලයට පත් කෙරුණා නම් සිදු වන්න තිබුණේ එයයි. අවසානයේ දී අගමැතිකමට ඉදිරිපත් වුනේ ඩලස් රනිල් නම් දෙක පමණයි. එකක්වත් අපේ නම් නො වෙයි.

 

පඬි නැට්ටන්ට රනිලුත් එකයි ඩලසුත් එකයි. දෙදෙනා සිංහල බෞද්ධ ජාතිකත්වයක් නැතියවුන්. පඬි නැට්ටන්ට අවශ්‍ය කෙසේ හෝ සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කිරීමයි. රට අරාජික වීම නොවෙයි ඉන්දීය නොවෙයි ඇමරිකන් හමුදා ආවත් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. දැන් රනිල් බලයේ. පඬි නැට්ටන්ට එයත් ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ට ඇති ඊනියා සමාජවාදයක් පිළිබඳ අදහසක් නැහැ. වාමාංශික දේශපාලනය අද නැත්තට නැති වී ගොස්. වි පෙ දැන් තවත් ඊනියා ලිබරල්වාදී පක්‍ෂයක් පමණයි. අවශ්‍ය නම් ජාතික ජන බලවේගය ලෙස නිල වශයෙන් කණිෂ්ඨ එක්සත් ජාතික පක්‍ෂයක් වෙන්න පුළුවන්. පෙරටුගාමීන්ට මොටාවේවත් දැන් කළ හැක්කේ ඉඳහිට පොලීසියේ අනුග්‍රහයෙන් ජලස්නානය කිරීම පමණයි.

 

රනිල්ට ඊනියා වාම දේශපාලනය ප්‍රශ්නයක් නො වෙයි. වෘත්තීය සමිති ව්‍යාපාරය මොටා ආචාර්ය සමිති සම්මේලනයේ ඓතිහාසික ජයග්‍රහණ සමග පසු බැස ගිහින්. ජෝසෆ් ස්ටැලින්ට අද පුළුවන් ට්‍රොට්ස්කිට විරුද්ධ වීම පමණයි. එහෙත් රටේ ට්‍රොට්ස්කිවාදයක් නැහැ. රනිල් බලයට පත් කෙරුණේ බටහිර ක්‍රිස්තියානි නූතන්තවයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට.  එහි කොටස් දෙකක් තියෙනවා. කියන්නේ ජාතිකත්වයට එරෙහි ව්‍යාපාරයේ කොටස් දෙකක් තියෙන බව. එකක් රජය ව්‍යාපාරවලින් ඈත්වීම, ධනය එක් රැස් වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම. අද රනිල් කොටසේ සෑහෙන සාර්ථකත්වයක් ලබා ගෙන තියෙනවා. ඔහු රාජ්‍ය ව්‍යාපාර විකුණන්න කටයුතු කරනවා. ඊනියා වාමාංශික දේශපාලනය අතුගා දමා තියෙනවා. ධනය එක් පිරිසක් අතර පමණක් තියෙනවා.

 

ජාතිකත්වයට එරෙහි ව්‍යාපාරයේ අනෙක් කොටස තමයි සෘජුව සිංහල බෞද්ධ උරුමය නැති කිරීම. ඔහු පුරා විද්‍යාවට පහර දී ඊනියා ඉතිහාස අධ්‍යයන ආයතනයක් ඇති කිරීමට සැලසුම් කර වැඩ පටන් ගත්තා. එහෙත් ඔහුට කෙහෙල් ගහට ඇන්න කොට්ටෝරුවාට සිදු වූ දේ වෙලා. දෙමළ ජාතිවාදයත් දෙමළ විසිරුණූ ජනයාත් සතුටු කිරීමට කුරුන්දියට අනින්න ගොස් හොට ඇන ගෙන.

 

රනිල් නවත්වන්න පුළුවන් ජාතික බලවේගවලට පමණක් බව ඉන් පැහැදිලි වෙනවා. අවාසනාවකට ජාතිකත්වයට පැහැදිලි ආර්ථික වැඩ පිළිවෙළක් නැහැ. නිසා රනිල්ට තම ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න යම් ඉඩක් ලැබිල තියෙනවා. ජාතික බලවේග තවමත් ක්‍රියා කරන්නේ මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තියක් කියන නොපැහැදිලි පදනමක. එහෙත් සිංහල බෞද්ධ උරුමය පිළිබඳ කතාවේ දී ජාතිකත්ව බලවේගවලට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. තවමත් රනිල් බය ජාතිකත්වයට පමණයි. බටහිරයන් විසින් ඔහු බලයට පත් කෙරුණේ සිංහල බෞද්ධ ජාතිකත්වය නැසීමට. එහෙත් බටහිරයන් හිතනවාට වඩා ජාතිකත්ව බලවේග ශක්තිමත්.