Main Logo

Thursday 13 May 2021

බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද?

  

බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද?

 

ඊයේ අලුත් පාර්ලිමේන්තුවේ දි අපට අලුතෙන් අදහස් කිහිපයක් එකතු කරන්න පුළුවන් වුණා. ඒ සමහර අදහස් අප ඉදිරිපත් කෙළේ ප්‍රශ්න වශයෙන්. ඊයේ ඉදිරිපත් වූ වැදගත් ම අදහස  යම් රටක සංස්කෘතික පද්ධතියට පිටින් එල්ල වන අධිපතිවාදී තර්ජන හමුවේ තම සංස්කෘතික ජීවන රටාව පවත්වාගෙන යෑමේ දී මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා ගැනයි. එයට උදාහරණ ඉන්දියාවේ කුම්භමේලා සහ ලංකාවේ අවුරුදු උත්සවය.

 

කුම්භමේලා පැවැත්වීම ගැන දොස් නගන්නන් අමතක කරන දේ නම් ඉන්දියාවේ ජන ජීවිතය අවුල් කෙරී ඇති බවයි. කුම්භමේලා පවත්වන්නේ සාම්ප්‍රදායික ඉන්දියාවක නො වෙයි. ඉන්දීය දේශීය වෙදකමට එහි ජනජීවිතයේ වැදගත්කමක් දී ඇති පරිසරයක නො වෙයි. අද ඉන්දියාවේත් ඇත්තේ බටහිර වෙද මහතුන්ගේ ආධිපත්‍යයක්. ඒ ආධිපත්‍යය යටතේ කුම්භමේලා පැවැත්වීම ප්‍රශ්නවලට තුඩු දෙනවා.

 

අපි අවුරුද්දට ගමේ යනවා. ඒ කියන්නෙ බටහිර වගේ අවුරුද්දකට දවසක් අම්මගේ දිනේ කියල වෙන් කරගෙන අම්මට මල්පොකුරක් යවන එක නොවෙයි. අපි අවුරුද්දකට කිහිප වරක් ගමේ යනවා. අවුරුදු දා ද ගමේ යනවා. අපි මල් පොකුරක් ගෙනි යන්නෙ නැහැ. අපි ගෙන යන්නෙ බුලත් අතක්. අපි බටහිර වෙද මහතුන් ද එක් ව, අවුරුද්ද පවත්වනවා. එහෙත් ප්‍රශ්නය එසේ කරන්නේ බටහිර වෙද මහතුන්ගෙ ආධිපත්‍යය යටතේ. අප යන්නෙ දෙයියන්නෙ ලෙඩක් තියෙන පසුබිමක නො වෙයි. ඊනියා වයිරසයක් ඇඟට ඇතුල් වෙච්ච පරිසරයක. ඊනියා වයිරසය පීසීආර්ට අහුවෙන එහෙත් ලෙඩේ අහුනොවෙන පසුබිමක.

 

ඉන්දියාවෙ කුම්භමේලාව හා අපෙ අවුරුද්ද සංස්කෘතික අච්චාරුවල පැවැත් වූ උත්සව. එහි දී රෝගය පැතිරීම වැඩි වුණා නම් එයට වගකියන්න ඕන බටහිර වෙද මහත්තුරු. අප ඊනියා පළමු රැළි දෙකේ ම සාර්ථකත්වයක් පෙන්නුම් කළා. ජනාධිපතිතුමා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා දේශීය වෙද මහත්වරු තමයි අප එහි දී දැක්කෙ. එහෙත් ඉන්පසු බටහිර වෙද මහත්තුරු වැඩේට බැස්සා. දේශීය ප්‍රතිකාර පන්නා දැම්මා. අවසානයේ දී සිදු වී තිබෙන දේ පැහැදිලියි. දැන්වත් දේශීය ප්‍රතිකාරවලට තැනක් දීමට කටයුතු කරන්න. බටහිර වෙදකමට ප්‍රතිකාර නැහැ. පිදුරු කන්න බැරි බල්ලන් පිදුරු කන්න පුළුවන් ගොණුන්ට පිදුරු කන්න දෙන්නෙ නැහැ. කුම්භමේලා අවුරුදු උත්සව ආදිය පවත්වන්න පුළුවන් සුදුසු පරිසරයක් යටතේ මිස බටහිර වෙදකමේ ආධිපත්‍යය යටතේ නො වෙයි.

 

ඊයේ සංඛ අමර්ජිත් හොඳ ප්‍රශ්නයක් නැගුවා. ඒ දෙවියන් සමග සන්නිවේදනය කරන්නන් සම්බන්ධව.  කවුද හොරා කවුද වෙදා යනුවෙන් තීරණය කිරීමට අපේ සංස්කෘතියේ ක්‍රම තිබූ බව සඳහන් කිරීමෙන් පසු ඔහු කියා සිටියේ ප්‍රශ්නය එයටත් වඩා එහා යන බවක්. ඔහු කියා සිටියේ බටහිර වෙදකම අනුව නැති දේ මවා ගන්නා අය යම් උන්මන්තකභාවයකින් පෙළෙන බව. මා ඔහුට පිළිතුරු වශයෙන් කියා සිටියෙ එලෙස උන්මන්තකයන් ලෙස සැලකීමත් බටහිර වෙද කමේ කතාවක් බවත් එහි දී කෙරෙන්නේත් බටහිර වෙද කමේ ආධිපත්‍යය බල පුළුවන්කාරකම අප මත පැටවීම බවත්.

 

එහෙත් මට පසුව මතක් වූ කරුණක් තියෙනවා. ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. මා සාකච්ඡාවේ දීත් පෙන්නුම් කර සිටියා බුදුහාමුදුරුවන් ද දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව. මහා මංගල සූත්‍රයේ දී  එකත්පසව සිට කරුණු විමසු එක්තරා දෙවියකුට ඒ විස්තර කළ බව. 

 

බටහිර වෙදකම කියන්නෙ තාක්‍ෂණයක් නැත්නම් ශිල්පයක් පමණයි. සිප්සතර කියන තැන සිප් තමයි බටහිර වෙදකමත් බටහිර ඉංජිනේරුකමත් මගින් කියැවෙන්නෙ. අප අකමැති වුවත් නැතත් බටහිර දැනුමේ ඉහළින් ම ඇත්තේ බටහිර ගණිතය හා බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව. දැන් බටහිර වෙද කමේ තියෙනව භ්‍රාන්තිය (hallucination) කියල කතාවක්. පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ඇතැයි කියා ගැනීම භ්‍රාන්තියක්. සංඛ උන්මන්තක කතාවක් කිවුවෙ මේ භ්‍රාන්තියට වෙන්න ඕන.

 

මා ලංකාවෙ ඉන්න තමන් බෞද්ධ යැයි කියා හඳුන්වා ගන්න බටහිර වෙද මහතුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න කැමතියි. පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ඇතැයි කියන සියල්ලන්ට භ්‍රාන්තිය තියෙනවා ද? එහෙම නැත්නම් එසේ කියන්නන්ගෙන් ටික දෙනකුට පමණක් ද භ්‍රාන්තිය තියෙන්නෙ. කාලෝ ෆොන්සේකා වැනි පැරැන්නන් කෙසේ වෙතත් වත්මන් බටහිර වෙද මහත්තුරු උසස් පෙළ පරීක්‍ෂණයේ දී භෞතික විද්‍යාව සමත් වෙලා තියෙන්න ඕන. ඔය ඒ කාලෙ ඉගෙන ගත්ත ගුරුත්වාකර්ඃණ බලය පංචෙන්ද්‍රිය ගෝචර ද? එහෙම නම් ඒ ගෝචර වන්නේ මොන ඉන්ද්‍රියට ද? මා දිනක් කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්යවරයකු ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර යැයි කී විට ඒ ඉන්ද්‍රිය පෙන්නන්න කියා කිවුවා. ඔහු ලජ්ජාවෙන් වගේ යන්න ගියා.

 

බටහිර වෙද මහත්තුරු සමහර විට දන්නව ඇති වියනා කවයේ පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් බටහිර භෞතික විද්‍යාවේ දී ඉන්ද්‍රිය ගෝචර සංකල්ප තේරුම් කිරීමට ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගැනීමට විරුද්ධ වූ බව. ඒ අනුව මාක් අර අවස්ථිති සමුද්දේශ රාමු භාවිතා කිරීමටත් විරුද්ධ වුණා. එතකොට නිවුටන්ගෙ චලිත නියමවලට මොකද වෙන්නෙ. ඒ වලංගු වන්නෙ ඔය අවස්ථිති සමුද්දේශ රාමුවල. නිවුටන් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගත්තා. ඔහුට ඒවා ඇත්ත. ඔහු කියා නැහැ ඒ ආකෘති පමණක් ය කියා. අදත් බටහිර භෞතික විද්‍යාඥයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගන්නවා. අයින්ස්ටයින්ගෙ අවකාශ කාල වක්‍රතාව එක් උදාහරණයක් පමණයි. මා අපේ බටහිර වෙද මහතුන්ගෙන් අහන තවත් ප්‍රශ්නයක් නම් නිවුටන් අයින්ස්ටයින් බෝර් හයිසන්බර්ග් ඩිරුක් ෂෘඩිංගර් වැනි අයටත් භ්‍රාන්තිය තිබුණ ද? එහෙම නැත්නම් ඔවුන් භ්‍රාන්තිය නැති ගොඩේ ද? ධම්මික වෙද මහතා පංචෙන්ද්‍රිය ගෝචර නැති දෙවියන් සමග සන්නිවේදනය කිරීම ආදිය පමණක් ද භ්‍රාන්තිය වන්නෙ.

 

මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. අලුත් පාර්ලිමේන්තුවේ දි සඳහන් කළ අන්දමට බුදුහාමුදුරුවන් දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව ආනන්ද හාමුදුරුවන් පවසා තියෙනවා. තමන් වහන්සේ විසින් මෙසේ අසන ලදී කියල බුදුහාමුදුරුවන් දෙවියන් එක්ක කරපු කතා ගැන ආනන්ද හාමුදුරුවන් ප්‍රකාශ කර තියෙනවා. අපේ බෞද්ධ කියන බටහිර වෙද මහත්තුරු ආනන්ද හාමුදුරුවන් දේශනා කර ඇති කතාව පිළිගන්නවා ද? ආනන්ද හාමුදුරුවන් ප්‍රකාශ කර තියෙන්නෙ ඇත්තක් නො වෙයි ද? ඒ ඇත්තක් නම් බුදුහාමුදුරුවන් තමන් වහන්සේ දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව ආනන්ද හාමුදුරුවන්ට පවසා තියෙනවා ද? ඒ එසේ නම් තමන් වහන්සේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් සමග සන්නිවේදනය කර ඇතැයි දේශනා කර ඇති බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද? ඒ ප්‍රශ්නය එසේ ඇසීමට මට සිිදු වූයේ බටහිර වෙද කමේ කියන භ්‍රාන්තිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මිස බුදුහාමුදුරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවේ  අබමල් රේණුවක තරම්වත් පළුදු වීමක් නිසා නොවන බව සැදැහැවතුන්ගේ දැන ගැනීම පිණිස සඳහන් කළ යුතු වෙනවා. බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද?

 

ඊයේ අලුත් පාර්ලිමේන්තුවේ දි අපට අලුතෙන් අදහස් කිහිපයක් එකතු කරන්න පුළුවන් වුණා. ඒ සමහර අදහස් අප ඉදිරිපත් කෙළේ ප්‍රශ්න වශයෙන්. ඊයේ ඉදිරිපත් වූ වැදගත් ම අදහස  යම් රටක සංස්කෘතික පද්ධතියට පිටින් එල්ල වන අධිපතිවාදී තර්ජන හමුවේ තම සංස්කෘතික ජීවන රටාව පවත්වාගෙන යෑමේ දී මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා ගැනයි. එයට උදාහරණ ඉන්දියාවේ කුම්භමේලා සහ ලංකාවේ අවුරුදු උත්සවය.

 

කුම්භමේලා පැවැත්වීම ගැන දොස් නගන්නන් අමතක කරන දේ නම් ඉන්දියාවේ ජන ජීවිතය අවුල් කෙරී ඇති බවයි. කුම්භමේලා පවත්වන්නේ සාම්ප්‍රදායික ඉන්දියාවක නො වෙයි. ඉන්දීය දේශීය වෙදකමට එහි ජනජීවිතයේ වැදගත්කමක් දී ඇති පරිසරයක නො වෙයි. අද ඉන්දියාවේත් ඇත්තේ බටහිර වෙද මහතුන්ගේ ආධිපත්‍යයක්. ඒ ආධිපත්‍යය යටතේ කුම්භමේලා පැවැත්වීම ප්‍රශ්නවලට තුඩු දෙනවා.

 

අපි අවුරුද්දට ගමේ යනවා. ඒ කියන්නෙ බටහිර වගේ අවුරුද්දකට දවසක් අම්මගේ දිනේ කියල වෙන් කරගෙන අම්මට මල්පොකුරක් යවන එක නොවෙයි. අපි අවුරුද්දකට කිහිප වරක් ගමේ යනවා. අවුරුදු දා ද ගමේ යනවා. අපි මල් පොකුරක් ගෙනි යන්නෙ නැහැ. අපි ගෙන යන්නෙ බුලත් අතක්. අපි බටහිර වෙද මහතුන් ද එක් ව, අවුරුද්ද පවත්වනවා. එහෙත් ප්‍රශ්නය එසේ කරන්නේ බටහිර වෙද මහතුන්ගෙ ආධිපත්‍යය යටතේ. අප යන්නෙ දෙයියන්නෙ ලෙඩක් තියෙන පසුබිමක නො වෙයි. ඊනියා වයිරසයක් ඇඟට ඇතුල් වෙච්ච පරිසරයක. ඊනියා වයිරසය පීසීආර්ට අහුවෙන එහෙත් ලෙඩේ අහුනොවෙන පසුබිමක.

 

ඉන්දියාවෙ කුම්භමේලාව හා අපෙ අවුරුද්ද සංස්කෘතික අච්චාරුවල පැවැත් වූ උත්සව. එහි දී රෝගය පැතිරීම වැඩි වුණා නම් එයට වගකියන්න ඕන බටහිර වෙද මහත්තුරු. අප ඊනියා පළමු රැළි දෙකේ ම සාර්ථකත්වයක් පෙන්නුම් කළා. ජනාධිපතිතුමා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා දේශීය වෙද මහත්වරු තමයි අප එහි දී දැක්කෙ. එහෙත් ඉන්පසු බටහිර වෙද මහත්තුරු වැඩේට බැස්සා. දේශීය ප්‍රතිකාර පන්නා දැම්මා. අවසානයේ දී සිදු වී තිබෙන දේ පැහැදිලියි. දැන්වත් දේශීය ප්‍රතිකාරවලට තැනක් දීමට කටයුතු කරන්න. බටහිර වෙදකමට ප්‍රතිකාර නැහැ. පිදුරු කන්න බැරි බල්ලන් පිදුරු කන්න පුළුවන් ගොණුන්ට පිදුරු කන්න දෙන්නෙ නැහැ. කුම්භමේලා අවුරුදු උත්සව ආදිය පවත්වන්න පුළුවන් සුදුසු පරිසරයක් යටතේ මිස බටහිර වෙදකමේ ආධිපත්‍යය යටතේ නො වෙයි.

 

ඊයේ සංඛ අමර්ජිත් හොඳ ප්‍රශ්නයක් නැගුවා. ඒ දෙවියන් සමග සන්නිවේදනය කරන්නන් සම්බන්ධව.  කවුද හොරා කවුද වෙදා යනුවෙන් තීරණය කිරීමට අපේ සංස්කෘතියේ ක්‍රම තිබූ බව සඳහන් කිරීමෙන් පසු ඔහු කියා සිටියේ ප්‍රශ්නය එයටත් වඩා එහා යන බවක්. ඔහු කියා සිටියේ බටහිර වෙදකම අනුව නැති දේ මවා ගන්නා අය යම් උන්මන්තකභාවයකින් පෙළෙන බව. මා ඔහුට පිළිතුරු වශයෙන් කියා සිටියෙ එලෙස උන්මන්තකයන් ලෙස සැලකීමත් බටහිර වෙද කමේ කතාවක් බවත් එහි දී කෙරෙන්නේත් බටහිර වෙද කමේ ආධිපත්‍යය බල පුළුවන්කාරකම අප මත පැටවීම බවත්.

 

එහෙත් මට පසුව මතක් වූ කරුණක් තියෙනවා. ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. මා සාකච්ඡාවේ දීත් පෙන්නුම් කර සිටියා බුදුහාමුදුරුවන් ද දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව. මහා මංගල සූත්‍රයේ දී  එකත්පසව සිට කරුණු විමසු එක්තරා දෙවියකුට ඒ විස්තර කළ බව. 

 

බටහිර වෙදකම කියන්නෙ තාක්‍ෂණයක් නැත්නම් ශිල්පයක් පමණයි. සිප්සතර කියන තැන සිප් තමයි බටහිර වෙදකමත් බටහිර ඉංජිනේරුකමත් මගින් කියැවෙන්නෙ. අප අකමැති වුවත් නැතත් බටහිර දැනුමේ ඉහළින් ම ඇත්තේ බටහිර ගණිතය හා බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව. දැන් බටහිර වෙද කමේ තියෙනව භ්‍රාන්තිය (hallucination) කියල කතාවක්. පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ඇතැයි කියා ගැනීම භ්‍රාන්තියක්. සංඛ උන්මන්තක කතාවක් කිවුවෙ මේ භ්‍රාන්තියට වෙන්න ඕන.

 

මා ලංකාවෙ ඉන්න තමන් බෞද්ධ යැයි කියා හඳුන්වා ගන්න බටහිර වෙද මහතුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න කැමතියි. පංචෙන්ද්‍රිය ගෝචර නොවන දේ ඇතැයි කියන සියල්ලන්ට භ්‍රාන්තිය තියෙනවා ද? එහෙම නැත්නම් එසේ කියන්නන්ගෙන් ටික දෙනකුට පමණක් ද භ්‍රාන්තිය තියෙන්නෙ. කාලෝ ෆොන්සේකා වැනි පැරැන්නන් කෙසේ වෙතත් වත්මන් බටහිර වෙද මහත්තුරු උසස් පෙළ පරීක්‍ෂණයේ දී භෞතික විද්‍යාව සමත් වෙලා තියෙන්න ඕන. ඔය ඒ කාලෙ ඉගෙන ගත්ත ගුරුත්වාකර්ඃණ බලය පංචෙන්ද්‍රිය ගෝචර ද? එහෙම නම් ඒ ගෝචර වන්නේ මොන ඉන්ද්‍රියට ද? මා දිනක් කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්යවරයකු ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර යැයි කී විට ඒ ඉන්ද්‍රිය පෙන්නන්න කියා කිවුවා. ඔහු ලජ්ජාවෙන් වගේ යන්න ගියා.

 

බටහිර වෙද මහත්තුරු සමහර විට දන්නව ඇති වියනා කවයේ පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් බටහිර භෞතික විද්‍යාවේ දී ඉන්ද්‍රිය ගෝචර සංකල්ප තේරුම් කිරීමට ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගැනීමට විරුද්ධ වූ බව. ඒ අනුව මාක් අර අවස්ථිති සමුද්දේශ රාමු (inertial frames of reference)  භාවිතා කිරීමටත් විරුද්ධ වුණා. එතකොට නිවුටන්ගෙ චලිත නියමවලට මොකද වෙන්නෙ. ඒ වලංගු වන්නෙ ඔය අවස්ථිති සමුද්දේශ රාමුවල. නිවුටන් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගත්තා. ඔහුට ඒවා ඇත්ත. ඔහු කියා නැහැ ඒ ආකෘති පමණක් ය කියා. අදත් බටහිර භෞතික විද්‍යාඥයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගන්නවා. අයින්ස්ටයින්ගෙ අවකාශ කාල වක්‍රතාව එක් උදාහරණයක් පමණයි. මා අපේ බටහිර වෙද මහතුන්ගෙන් අහන තවත් ප්‍රශ්නයක් නම් නිවුටන් අයින්ස්ටයින් බෝර් හයිසන්බර්ග් ඩිරුක් ෂෘඩිංගර් වැනි අයටත් භ්‍රාන්තිය තිබුණ ද? එහෙම නැත්නම් ඔවුන් භ්‍රාන්තිය නැති ගොඩේ ද? ධම්මික වෙද මහතා පංචෙන්ද්‍රිය ගෝචර නැති දෙවියන් සමග සන්නිවේදනය කිරීම ආදිය පමණක් ද භ්‍රාන්තිය වන්නෙ.

 

මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. අලුත් පාර්ලිමේන්තුවේ දි සඳහන් කළ අන්දමට බුදුහාමුදුරුවන් දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව ආනන්ද හාමුදුරුවන් පවසා තියෙනවා. තමන් වහන්සේ විසින් මෙසේ අසන ලදී කියල බුදුහාමුදුරුවන් දෙවියන් එක්ක කරපු කතා ගැන ආනන්ද හාමුදුරුවන් ප්‍රකාශ කර තියෙනවා. අපේ බෞද්ධ කියන බටහිර වෙද මහත්තුරු ආනන්ද හාමුදුරුවන් දේශනා කර ඇති කතාව පිළිගන්නවා ද? ආනන්ද හාමුදුරුවන් ප්‍රකාශ කර තියෙන්නෙ ඇත්තක් නො වෙයි ද? ඒ ඇත්තක් නම් බුදුහාමුදුරුවන් තමන් වහන්සේ දෙවියන් සමග සන්නිවේදනය කර ඇති බව ආනන්ද හාමුදුරුවන්ට පවසා තියෙනවා ද? ඒ එසේ නම් තමන් වහන්සේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන දෙවියන් සමග සන්නිවේදනය කර ඇතැයි දේශනා කර ඇති බුදුහාමුදුරුවන්ටත් භ්‍රාන්තිය තිබුණ ද? ඒ ප්‍රශ්නය එසේ ඇසීමට මට සිිදු වූයේ බටහිර වෙද කමේ කියන භ්‍රාන්තිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මිස බුදුහාමුදුරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවේ  අබමල් රේණුවක තරම්වත් පළුදු වීමක් නිසා නොවන බව සැදැහැවතුන්ගේ දැන ගැනීම පිණිස සඳහන් කළ යුතු වෙනවා.