පෘථග්ජනයන්ගේ යථාර්ථයක් ඇතැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ කෙහේ ද?
ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම අගොස්තු 12 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. “පැවැත්ම (existence ) ගැන බුදුන් දැක්‌වූ අදහස් කච්චායන-ගොත්ත සුත්රතයෙහි පහදා දී ඇත. එහි පැවසෙන්නේ සැම දෙයක් ම පවතී යන්න එක් අන්තවාදයක් බව ය. එය අන්තවාදයක් වන්නේ කෙසේ ද? සැම දෙයක් ම නියත ව වෙනස් නො වී සැම දා පවතී යන්න ඉන් අදහස් වන්නේ නම් එය අන්තවාදයක් වන්නේ ය. සැම දෙයක් ම නො පවතී යන්න අනෙක් අන්තවාදය බව පැවසීමෙන් බුදුහු තම අදහස පැහැදිලි කරති. මේ අන්තවාද දෙක එකල දාර්ශනිකයන් අතර පැවැති බව පෙන්වා දිය හැකි ය. උපනිෂද් පැවසුවේ නිත්යද වූ ආත්මයක් පවතින බව ය. එය ශාශ්වතවාදය විය. කාර්වක (එකල පැවැති ධර්මයක්) මතය වූයේ කිසිවක් නො පවතින බව ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ. මේ නයින් බලන කල යථාර්ථයක් බුදුන් නො පිළිගත් බව කිව නොහැකි ය. මක් නිසා ද සැම දෙයක් ම නො පවතී යන්න අන්තවාදයක් බව උන්වහන්සේ පැවසූ හෙයිනි. තව ද ලෝකයේ යථාර්ථයක් නැතැයි බුදුන් පවසා නැත.”