෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
සිංහල සමගියට අකුල් හෙළන හරින්
හරීන් ප්‍රනාන්දු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරල. දේශපාලනඥයන් විද්වතුන් බුද්ධිමතුන් වියතුන් ඉන්නෙ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්න තමයි. නැත්නම් මාධ්‍ය පවත්වාගෙන යන්නෙ කොහොම ද? දෙරණින් දෙමළ පත්තරේකුත් පටන් අරන්. දෙරණ මාධ්‍ය ජාලය සමග මගේ කිට්ටු සම්බන්ධයක් නැති වුණත් වැඩේ හොඳයි. අරුණ පත්තරේ බදාදාට මගේ ලිපියක් පළ කරනවා. ඒ හැරෙන්න ලංකාවෙ ඉන්දැද්දිත් දෙරණ රූපවාහිනිය මට වැඩ සටහනක් දුන්නෙ හාවා හඳ දකිනව වගේ. දෙරණ මාධ්‍ය ජාලයෙ ප්‍රතිපත්තිය මට නොතේරෙනවා නොවෙයි.