Main Logo

Showing posts with label Rasanayagam. Show all posts
Showing posts with label Rasanayagam. Show all posts

Monday, 18 March 2019

මන්නාරමේ ඇටකටු


මන්නාරමේ ඇටකටු



මන්නාරමේ සමූහ මිනී වළවල් පිළිබඳ වාර්තාව ලැබෙන තුරු දෙමළ ජාතිවාදීන් බලා සිටියේ එළුවාගේ මොකක් ද එක වැටෙන තෙක් වගේ. මේ දෙමළ ජාතිවාදීන් ගණයට අයත් වන්නේ දෙමළ කතා කරන ජනයා පමණක් නොවෙයි. සිංහල දෙමව්පියන්ගේ දරුවන් ලෙස හැදී වැඩී පසුව බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට හසුව සිංහල බෞද්ධ විරෝධීන් වූවන් ද දෙමළ ජාතිවාදීන්. මෙරට දෙමළ ජාතිවාදීන්ගේ ප්‍රධාන ලක්‍ෂණය සිංහල බෞද්ධ විරෝධී වීම හා සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො දීම.