Main Logo

Tuesday, 12 March 2013

Independence is a process


Independence is a word that depends on dependence. There were no independent or dependent states before western colonialism which is a product of western Christian modernity that commenced more than five hundred years ago. My concepts do not depend on the western concepts and I see the world, in other words construct the world relative to Sinhala Buddhist culture, however I try to be consistent as far as possible not necessarily in Aristotelian logic with its dichotomies but in fourfold or Catuskoti Logic that is found in this part of the world. It has to be mentioned that Catuskoti is not Buddhist logic and that Nibbana is outside even Catuskoti Logic. As it is western Christian modernity commenced with what is called Renaissance by the western intellectuals and we associate modernity with the emergence of Greek Judaic Christian Chinthanaya that displaced the Catholic Chinthanaya of Medieval Europe. Western Christian modernity is in its last phase now but we must understand that it is also a process that will take some time to terminate, and also that it has gone through with so called enlightenment, emergence of science, rationalism, industrial revolution, capitalism, bourgeois revolution, French revolution, American revolution etc., not necessarily in a chronological order, being integral parts of the process. We now talk of independence and celebrate it since we had been dependent as the whole country from 1815, and in two years time we would be lamenting two hundred years of dependence. Of course I am borrowing the word lamenting from a different culture only to emphasize dependence of certain people and sects that are not in harmony with the culture of the country. As a Sinhala Buddhist I would say with my limited knowledge of English that in two years we would be remembering with ‘sanvega’ how our ancestors were fooled by a Cambridge educated “civil servant” by the name Doyle.

The President in his address to the nation on Monday mentioned four important facts, after mentioning that Trincomalee is Gokanna Titta and its historical importance going back to at least Tapasu Bhalluka. The President like JR Jayawardane before him has a sense of history the difference being that the latter’s history being the history as told by the western historians and imparted to him through his western Christian education. If somebody were to say that Mahinda Rajapakse is not educated then I am happy for him as I myself know how difficult is it to “uneducate” oneself having obtained even a limited western education. The President, according to “The Island” of 5th February 2013, said among other things the following:

(a) “Along with gaining independence in 1948 we were able to be seated as an equal member of the United Nations Organization. Article 2 of the United Nations Charter states that the organization is based on the principle of the sovereign equality of all its Members.

I shall now quote it,
1. The Organization is based on the Principle of the sovereign equality of all its Members.

2. All Members shall refrain in their international relations from the threat or use of force against the territorial integrity or political independence of any state, or any other manner inconsistent with the Purposes of the United Nations.

3. Nothing contained in the present Charter shall authorize the United Nations to intervene in matters which are essentially within the domestic jurisdiction of any state or shall require the Members to submit such matters to settlement under the present Charter.

We are a country that has always respected the Charter of the United Nations. We strongly hold the position that whether powerful or weak, any country in the United Nations Organization should respect its Charter.”

(b) “It is necessary to state on this occasion that as much as racism, religious differences too can be a cause for the destruction of a country. If anyone is trying to build religious rivalry in Sri Lanka again, they do not serve their religion, but serve the interests of separatism in the country. We cannot leave room for what could not be achieved through terrorism to be gained by this.”

(c) “If freedom is a heavenly state, it is not a state one can fully achieve.”

(d) “It is necessary that I place before the world a reference in Buddhist teaching about the value of freedom. In preaching to a young Brahmana named Ambatta, the Buddha related the example of Gomariththa to show the importance of being able to live freely even under the most trying conditions.

The bird refer to Kata Kirilli, commonly known in villages as Gomariththa (common wagtail) is found in paddy fields that builds its nets under the mud raised by ploughing the filed. The Kata Kirilli too should have the freedom to live within its nest the way it wishes. The Sri Lankan people are also entitled to this freedom. Therefore the people of my country should have the right to live freely.”

(a), (b) and (d) are mainly meant for the western envoys who were present at the celebrations as well as those who read it in the media and other important personalities who are briefed by the others. I shall come to these three aspects but would delve into the third on which the other three are based. I have a different interpretation to ( c) and I consider independence as a process and not as something that cannot be achieved in full. If it cannot be achieved in full it is because the goal posts are removed from where they were previously and we have to start almost from the beginning.

Independence is a process simply because dependence is also a process. The western intellectuals have come out concepts such as neo colonialism simply because colonialism or dependence changes all the time and is not a static phenomenon. To a Buddhist no phenomenon is static, in fact one would say there are no phenomena as such independent of the observer, and dependence is always changing not only its ugly face but its cruel heart as well. However it does not mean that either the face becomes beautiful or the heart becomes kind. Also it does not mean that the process will continue eternally but it will come to a finish though it would take a longer time than we expect.

Sri Lanka has to continue to struggle as long as the process of dependence exists and it is clear that the western Christian modernity will not allow us even a breathing space. It is reported in a newspaper that the National Anthem had been sung in Sinhala and Tamil at some places of religious worship and this could be considered as something that the President has referred to in (b). Being places of religion worship they should have been non provocative and stuck to the constitution with its schedules. The schedules specify how the national flag should be hoisted and how the national anthem should be sung. Public places under the patronage of clergy cannot be allowed to violate the constitution, but if the government takes any action it would be interpreted as Sinhala Buddhist Chauvinism, intolerance, lack of freedom of expression, by western Christian modernity, and the government will realize that the independence process is not going to end soon. (To be continued)

Copyright Prof. Nalin De Silva

Sunday, 10 March 2013

නමෝ නමෝ මාතා

වරක් එක්තරා ඇමරිකානු විශ්ව විද්‍යාලයක සිසු කණ්ඩායමක් විසින් එහි බලධාරීන් ගෙන් ඉල්ලීමක් කෙරිනි. ඉන්දියාවෙන් පැමිනි උපාධිධාරීන් ගෙනුත් ඇමරිකාවේ ජීවත් වන හින්දු දෙමව්පියන්ගේ දරුවන්ගෙනුත් සමන්විත මේ සිසු පිරිස හින්දු භක්තිකයින් වූ අතර ගණනින් එම විශ්ව විද්‍යාලයේ සැළකිය යුතු ප්‍රතිශතයක් ගනු ලැබිනි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ හින්දු ආගමික උත්සවයක් පැවැත්වෙන එක්තරා දිනයක් විශ්ව විද්‍යාලයේ නිවාඩු දිනයක් ලෙස නම් කරන ලෙසය. ඉල්ලීම කෙරුනේ අප්‍රසිද්ධියේ වුනත් ඊට ප්‍රතිචාරය විශ්ව විද්‍යාල ප්‍රජාවටම දැනගැනීමට බලධාරීන් විසින් සලස්සවා තිබිනි. මගේ මතකයේ හැටියට කෙටියෙන් ඉන් කියවුනේ මෙවැනි දෙයකි. විවිධ ආගම් හා විවිධ ජාතීන්ට අයත් සිසුවෝ මෙහි ඉගෙන ගනිති. විශ්ව විද්‍යාලය තුල ඇති මේ බහු සංස්කෘතිය අපි අගය කරන්නෙමු. නමුත් මේ සියලු දෙනාගේම ආගම් සඳහා නිවාඩු දින නම් කිරීම ප්‍රායෝගික නොවන බව කණගාටුවෙන් දැනුම් දෙමු. ප්‍රශ්ණය එතැනින් කෙළවර විය. නමුත් ඒ ප්‍රකාශයේ නොකියවුනු දෙයක් තිබිනි. එනම් ක්‍රිස්තියානි සිසුන්ගේ ආගමික උත්සව පැවැත්වෙන දින පමණක් ඔවුන්ගේ ඉල්ලීමකින් තොරව වුනත් එම විශ්ව විද්‍යාලයේ ඒ වනවිටත් නිවාඩු දින බවට පත් කෙරී තිබුන බවය. ක්‍රිස්තියානි ආගමට පමණක් එසේ නිවාඩු දින ලැබුනේ කෙලෙසදැයි සාධාරණය කල යුතු බව එම බලධාරීන් කල්පනා කලේ නැත. හින්දු ආගමික සිසුන් හැරුනු කොට වෙන කිසිම ආගමකට අයත් සිසු පිරිසක් විසින් එවැනි ඉල්ලීමක් කලේ යැයි දැන ගන්නට නැත. එසේ වෙතත් බලධාරීන්ගේ නිර්ණායකය වූයේ ප්‍රායෝගික බව නම් ක්‍රිස්තියානිද ඇතුලු සියලු ආගම් වලට සාධාරණය ඉටු කල හැකි ප්‍රායෝගික විසඳුමක් ගෙන ඒමට ඔවුන් විසින් කටයතු කල යුතුව තිබිනි. එවැන්නක් එහි සිදු නොවිනි. ඒ නිසා ප්‍රායෝගී නොවන බව කීම හුදු ප්‍රයෝගයක් පමණි. පැහැදිලිවම ඔවුන්ගේ ප්‍රකාශයෙන් කියැවුනේ ක්‍රිස්තියානි ආගමට එම විශ්ව විද්‍යාලයේ ඇති තැන වෙනත් ආගමකට නොදෙන බවය. වඩාත් නිවැරදිව කිවහොත් සියලු ආගම් එකසේ සැලකීම මඟින් ක්‍රිස්තියානි ආගමට තිබිය යුතු විශේෂ තැන අවතක්සේරු නොකරන බවය. ක්‍රිස්තියානි රටක ඇති යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් එවැනි ප්‍රතිපත්තියක් දැරීම මට ප්‍රශ්ණයක් නොවේ. ප්‍රශ්ණය බටහිරුන් අනුගමනය කරන ඊනියා බහු සංස්කෘතික ප්‍රතිපත්ති වල සැබෑ ස්වරූපය අපේ උගතුන් තේරුම් නොගැනීමය. ඇමරිකාවේ පසු පෙලේ විශ්ව විද්‍යාලයක ආකල්ප මෙසේ වේ නම් රජ්‍ය මට්ටමේ ඊනියා බහු සංස්කෘතික ආකල්ප ගැන සිතා ගත හැකි විය යුතුය. මේ බව තේරුම් නොගන්නා අපේ උගතුන් අප රටේ ජාතික ගීය දෙමළ බසින්ද ගැයිය යුතුයැයි පවසති. ඉන් සිදුවන්නේ මෙරට සිංහල ජාතියට හිමි විය යුතු තැන අවතක්සේරුවීීම පමණි ඉන් දෙමළ ජාතියට ලැබෙන දෙයක් නැත.

ඇමරිකාවේ මෙන් නොව ශ්‍රී ලංකාවේ සියලු ආගම් වල උත්සව වලට රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ලැබේ. ඒ පිළිබඳ කිසි විවාදයක් නැත. බෞද්ධයෝ එය ප්‍රශ්ණයක් කර නොගනිති. ජාතික ගීයට බටහිරුන් දී ඇති වැදගත් කමත් දෙමළ ජාතිවාදීන්ගේ කූට ක්‍රියා කලාපත් නොවන්නට ජාතික ගීය පිළිබඳව පවා සිංහලුන් මීට වඩා ලිහිල් ආකල්පයක් දරනු ඇතැයි මම සිතමි. කෙසේ නමුත් අපට ජාතික ගීයක් ලැබුනේ මෑතකදී බව නොගිනිය හැකි නොවේ. අපි තවමත් ජාතික ගීය යන සංකල්පය අපේ සංස්කෘතියට අවශෝෂණය කරගනිමින් සිටිමු. ජාතික උත්සව වලදී තවමත් එය වාදනය කෙරෙන්නේ බටහිර සංගීත ක්‍රමයටය. එමඟින් ඒ ගීයට වඩා ගාම්භීර බවක් ලැබේද? ජාතික ගීය රණ ගීයක් විය යුතුද? එසේ නම් සිංහලුන්ගේ රණ ගී කෙබඳුද? අපි ජාතික ගීයට ගරු කරන්නේ කෙසේද? භික්‍ෂූන් වහන්සේ ජාතික ගීය පිළිබඳ කුමන පිළිවෙතක් අනුගමනය කළ යුතුද? අපට මෙවැනි ප්‍රශ්ණ ඇත්තේ ජාතික ගීය යන සංකල්පයම අපට ආගන්තුක බැවිනි.

ජාතික ගීය හා ජාතික කොඩිය බටහිරුන් තම රටවල ජාතික රාජ්‍ය ගොඩනඟා ගැනීමේදී ඔවුන් විසින් නිර්මාණය කරගත් සංකේතය. බටහිර රටවලද ඒ සංකේත වලට එතරම් දුර අතීතයක් නැත. බටහිර නොවන අපේ රටවලට මේ සංකේත ලැබෙන්නේ අප ඔවුන්ගේ යටත් විජිතව පැවති නිසා හෝ නැත්නම් සංස්කෘතික බලපෑම් නිසාය. නිදහස ලැබෙද්දී අපි ජාතික ගීයක් තනාගත්තේ සුද්දන්ට එවැන්නක් තිබුන නිසා පමණි. එය හරියට කිතුණුවන් කැරොල් ගායනා කරන විට එය අනුකරණය කරමින් බෞද්ධයන් භක්ති ගී ගායනා කරනවා මෙනි. නමුත් එය බැහැර කල යුතුයැයි මම නොකියමි. ජාතික ගීය ඇසෙන විට අප බොහෝ දෙනෙකුට හිතට අභිමානයක් නෙතට කඳුලක් ගෙන දෙන බව සත්‍යයකි. ඒ නිසා අපේ ජාතික ගීය අපට වැදගත්ය. නමුත් ජාතික ගීයෙන් හා ජාතික කොඩියෙන් සංකේතවත් වන බටහිර රාජ්‍යය ඔවුන් විසින් දකින ආකාරය අප රට ජාතිය දකින ආකාරයෙන් පැහැදිලිවම වෙනස් යැයි මම සිතමි. අපි ඔවුන්ගේ සංකේත භාවිතා කරද්දී ඒ ගැන විමසිලිමත් විය යුතුය.

බටහිරුන්ට ඔවුන්ගේ රජය ඔවුන් සිටියත් නැතත් පවතින දෙයකි. එය වෙනස් නොවන අජීවී වියුක්ත සංකල්පයකි. ජාතික ගීය හා ජාතික කොඩිය ඒ වියුක්ත සංකල්පය සංකේතවත් කරයි. අපට එසේ නොවේ. අපේ රට ජාතිය අපට සාපේක්‍ෂව පවතින සජීවී සංයුක්ත දෙයකි. සිංහලුන්ට තමන්ගේ රට ජාතිය ආගම ජීවන ක්‍රමය ආදිය එකිනෙකින් වෙන කර ගත හැකි දෑ නොවේ. ඒවා එකිනෙක හා බැඳී පවතී. සාපේක්‍ෂබව යනු මේ බැඳී පැවතීමය. සිංහල ජාතිය යනු අහවල් ලක්‍ෂණ ඇති ජන කොටසකැයි වෙන් කර ගත නොහැක්කේ මේ බැඳී පැවතීම නිසාය. අනිත් අතට විවිධ ලක්‍ෂණ ඇති ජන කොටස් පොදුවේ සිංහල යැයි හැඳින්විය හැක්කේද මේ බැඳීම නිසාය. අපේ රජවරුන්ට ඔවුන්ට අවේනිකවූ කොඩි තිබුනි. රටත් රජයත් රජුත් රට වැසියනුත් අතර තිබූ සාපේක්‍ෂබව නිසා එකල රජුගේ කොඩිය රට ජාතියේ කොඩියද වූයේ යැයි සිතිය හැකිය. බටහිරුන්ගේ කොඩි මෙන් නොව රජු වෙනස්වනවිට කොඩියද ඊට සාපේක්‍ෂව රට ජාතියද සජීවී ලෙස වෙනස් වෙමින් වෙනස් කර ගනිමින් පැවතිනි. බටහිරුන්ගේ ජාතික ගී හා කොඩි වලින් සංකේතවත් වන්නේ මිනිසුන්ගෙන් වෙන්ව වෙනස් නොවී පවතින රාජ්‍යයකි. අපේ රට ජාතිය අප සමඟ වෙනස් වෙමින් පවතී. අවුරුදු දෙදහස් ගණනක් සිංහල ජාතිය රැකුණේ මේ සාපේක්‍ෂබව එනම් බැඳීම නිසාය. වෙනස් වීමට වෙනස් කර ගැනීමට ඇති හැකියාව නිසාය. අප මේ බැඳීම බටහිරුන්ගේ සංකේත අනුකරණය කරන්නට ගොස් වෙන්වීමක් කර නොගත යුතුය. අපිට මේ බැඳීම් රැක ගත හැකි නම් අද මේ ගයන ජාතික ගීය නැතිවී බොහෝ කලකට පසුවද සිංහල ජාතිය පවතිනු ඇත.

වංශපුර දේවගේ ජානක

Sunday, 3 February 2013

ජාතිවාදයද? ආත්මවාදයද?

කලකට ඉහත කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි එක්තරා ගමක කමිස කඩේ යැයි හැඳින්වුනු කඩයක් තිබිනි. නමුත් එහි රෙදිපිළි විකිණීමට තිබුනේ නැත. තිබුනේ සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන සිල්ලර බඩු පමණි. ඒ කඩේ මුදලාලි සිංහල නොවන බව නම් කථාවෙන් හඳුනාගන්නට අපහසු වුනේ නැත. මා දැන් හිතන පරිදි ඔහු මුස්ලිම් ජාතිකයකු විය යුතුය. කඩයට ඒ නම ලැබෙන්නට ඇත්තේ ඔහුගේ මුස්ලිම් නම සිංහලට හුරු කෙරවීමෙන් පසුව විය හැකිය. ඒ කඩය අහල පහල වෙන කඩ නොතිබිනි. එවකට ඒ ගමේ සිංහල බෞද්ධ නොවන පවුලක් සිටියා නම් ඒ මුදලාලිගේ පවුල පමණක් විය යුතු යැයි මම සිතමි. නමුත් ඔහුට එදා ඒ මිනිසුන් ගොඩේ ජීවත් වීමට සිතේ චකිතයක් තිබෙන්නට නැත. ගම්මුන්ට පවා එහි අමුත්තක් නොතිබිනි. මෙවැනි අන්‍ය ජාතික ව්‍යාපාරිකයෝ හා වෘතිකයෝ අදටත් සිංහල ගැමියන් අතර සුහදව ජීවත්වෙති. එපමණක් නොවේ උතුරේ යුද ගිනි ඇවිලෙන සමයේ පවා එහි ගොස් දෙමළ ගම් වැසියන්ගේ උදව් සත්කාර ලබමින් එහි සේවය කල තරුණ සිංහල දොස්තර මහතුන්ද සිටියහ. මේ කොතැනකවත් ජාතිවාදය දකින්නට නැත. ඇත්තේ අහිංසක මිනිස්කම පමණි. පොදුවේ සලකන විට අප රටේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් ගැමියන් බහුතරයක් ජාතිවාදී නොවේ යැයි කීම අතිශෝක්තියක් නොවේ.

නමුත් අප අතර සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිවාදීහු සිටිති. මොවුන් පෙර කී ජාතිවාදී නොවන අයගෙන් වෙනස් වෙන්නේ කෙසේද? ජාතිවාදී බව ඇතැම් අයට සහජයෙන්ම එන ගතියක්ද? නැත්නම් එය යම් ජාතියක හෝ ආගමක ආවේනික ලක්‍ෂණයක්ද? පැහැදිළිවම මේ ප්‍රශ්ණවලට පිළිතුරු විය යුත්තේ නැත යන්නය. මිනිසුන්ගේ ජාතිවාදී බව මතු පිටින් ඇති ගති ලක්‍ෂණයකි. ඇතුලතින් මේ බොහෝ දෙනෙකු අතර දැකිය හැකි පොදු ගුණයක් ඇත. ඔවුන් බොහෝ දෙනෙකු තරඟකාරී ලෙස අනුන් පාගාගෙන ඊර්ෂ්‍යව පෙරදැරි කරගෙන තමන්ගේ ආත්මාභිවෘදිය උදෙසා කටයුතු කරන අයය. පොදුවේ මොවුන් ආත්මවාදීන් යැයි හැඳින්විය හැකිය. සිංහල, දෙමළ හා මුස්ලිම්වරුන් අතර ආත්මවාදීහු සිටිති. මොවුන් වැඩි දෙනෙකු සමාජයේ ඉහලට යාමට වලිකමින් තරඟකාරී දිවි පෙවෙතක් ගෙවති. මේ ආත්මවාදීන් අතරින් සමහරෙක් ජාතිවාදී වෙන්නේ ඒ තරඟයේම ප්‍රතිඵලයක් ලෙසිනි. මේ බොහෝ දෙනෙකු නගරබදව වාසය කරති. අනුන් පරයා සමාජයේ ඉහලට යාමට තැත් කරති. මෙරට අවස්ථා කිහිපයකම ජාතිවාදී ප්‍රචන්ඩකාරී ක්‍රියා ඇති වුනේ නගර ආශ්‍රිතව බව අමතක කල නොහැකිය. ඉන් බොහොමයක් තමන් උගතුන් යැයිද සිතති. කෙසේ නමුත් ජාතිවාදීබවට ඇතුලතින් තිබෙන්නේ ආත්මවාදයය. ආත්මවාදීන් සැම දෙනෙකුම ජාතිවාදීන් නොවේ. නමුත් ජාතිවාදීන් පොදුවේ ගත්විට ආත්මවාදීන් යැයි මම සිතමි. ආත්මවාදී බව අපට ලැබෙන්නේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය හරහාය. බටහිර අධ්‍යාපනය එහි ප්‍රධානම ඒජන්තවරයාය.

පසුගිය දිනවල මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සහ එන්ඩීටී සිසුන් අතර ගැටුමට මූළික හේතුව මේ සිසුන් එකිනෙකා පරයා ඊරිසියා සහගතව සමාජයේ ඉහලට යාමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් නිසා නොවේද? වසරක් පාසා ඇතිවන මේ ගැටුම් වලින් එළිදැක්වෙන්නේ උගත්යැයි සලකන මේ සිසුන්ගේ ආත්මවාදී බව නොවේද? විශ්ව විද්‍යාල පද්ධතිය පුරාම කලා අංශයේ සිසුන් නිතර විද්‍යා අංශවල සිසුන් හා ගැටුම් ඇති කර ගන්නේ මේ හේතුව නිසා නොවේ යැයි කිව හැකිද? ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකුත් එවැනි කණ්ඩායම් විශ්ව විද්‍යාල පද්ධතිය තුල දේශපාළන බලය අල්ලාගෙන සිටින්නේ සිසුන්ගේ ආත්මවාදී බව උලුප්පවමින් නොවේද? මෙසේ තරඟවදිනවුන් අතර යම් හෙයකින් හෝ එක ජාතියක් සුවිශේෂ තැනක් ගනු පෙනෙන්නට ලැබනොත් ආත්මවාදීන් ජාතිවාදීන් බවට පෙරලෙන්නේ නිරායාසයෙනි. උදාහරණයක් වශයෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදුවී ඇති අයථා කටයුතුවල නීති විරෝධීබව අභිබවා මුස්ලිම් විරෝධයක් මතුවී තිබෙන්නේ ඇතමුන්ගේ ආත්මවාදය ජාතිවාදය බවට පෙරලී ඇති නිසා නොවේද? අනුන්ට නොදී තමන්ම බුක්ති විඳීම ආත්මවාදීන්ගේ ලක්‍ෂණයකි. යමක් සියලු දෙනාටම බුක්ති විඳිය හැකි වන පරිදි ඒ සඳහා ඇති තරඟය සාධාරණය කිරීමට යෑමේදී ඊට විරුද්ධ වීමද ආත්මවාදීන්ගේ ගතියකි. උදාහරණයක් වශයෙන් වෛද්‍ය වරුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පොදුවේ කැමතිවී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට පමණක් එරෙහි වන්නේ ආත්මවාදීව තමන්ගේ වෘතීමය වරප්‍රසාද රැක ගැනීමට නොවේ යැයි කිව හැකිද? දිස්ත්‍රික් පදනම යටතේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගැනීමේ ක්‍රමයට දෙමළ ජාති වාදීන් විරුද්ධ වුනේ එමඟින් යාපනයේ සුපිරි පාසල් වලින් පැමිණෙන සිසුන්ට අයථා ලෙස ලබා ගෙන තිබූ වරප්‍රසාද අහිමි වන බැවින් නොවේද?

බටහිර අධ්‍යාපනය ඉහලින් ලදවුන් මෙලෙස ආත්මවාදීන් වීම අරුමයක් නොවේ. අප රටේ බටහිර අධ්‍යාපනය සැකසී ඇත්තේම සමාජයේ ඉහලට යන තරඟය ජය ගැනීමටය. නමුත් උගතුන්ට සමාජයේ ඇති ගෞරවය නිසා ඔවුන්ගේ කෙනෙහිළි කම් පහත් ලෙස සැලකීමට අප සමාජය තවම සූදානම් නැත. නමුත් ඇතැම් උගතුන්ගේ ක්‍රියා කලාප, ඔවුන් විසින් අවඥාවෙන් සලකන ඊනියා වට්ටි අම්මාවරුන්ගේ ක්‍රියා කාලාප වලට වඩා ඉතා පහත් බව කිව යුතුය. මේ උගතුන් ප්‍රසිද්ධියේ තමන් ජාතිවාදී බව නොපෙන්වන්නටද වග බලා ගනිති. ඔවුන්ට බටහිර අධ්‍යාපනය හරහා ඒ සඳහා පුහුණුවක් ලබා දේ. කෙසේ නමුත් ආත්මවාදීන් වන්නේ බටහිර අධ්‍යාපනය ඉහලින් ලදවුන් පමණක් නොවේ. බමුණු කුලයේ අයත් ඒ කුලයට පැන ගැනීමට යත්න දරන අයත් පොදුවේ ආත්මවාදීහු වෙති. යම් යම් කරුණු මත ඉන් සමහර දෙනෙක් ජාති වාදීන් බවට පත්වෙති.

නමුත් අප රටේ සාමාන්‍ය මිනිසුන් බහුතරයක් ආත්මවාදීහු නොවෙති. සිංහල, දෙමළ හා මුස්ලිම් වන ඒ බොහෝ දෙනා ගම් බදව වාසය කරති. සාපේක්‍ෂව ගත්විට ඔවුන්ගේ ජීවිත එතරම් තරඟකාරී නොවේ. ඔවුන්ට අනුන් පගාගෙන යන්නට ඇති ඉහල තැනක් නැත. ඒ නිසා ඔවුහු ස්වභාවයෙන්ම ජාතිවාදීන්ද නොවෙති. බටහිර අධ්‍යාපනයක් ලබා බටහිර සංස්කෘතියේ අභාෂය ලබමින් බටහිර ක්‍රමයේ රස්සා කරමින් ජීවත් වන මා වැනි අයට ආත්මවාදී නොවී සිටිය හැක්කේ බුද්ධියෙන් පමණි. ඒ හැරෙන්නට කල හැකි දෙයක් නැත. නමුත් මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් සහජීවනයක් ගොඩනඟා ගත හැක්කේ අප වැන්නවුන්ට නොව ඇඟෙන්ම ආත්මවාදී නොවන අයටය. අපි ඔවුන්ට සිත්සේ ජීවත්වන්නට ඉඩ දිය යුතුය.

Janaka Wansapura

ව්‍යවස්ථාව රැකීම හා උල්ලංඝනය කිරීම

පසුගිය විසිවැනිදා බරක් ඔබාමා ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවැනි වරට නිලවශයෙන් දිවුරුම් දුන්නේ ය. එදින ඉරිදාවක් වූ බැවින් ඔහු පසුදින ජනතාව වෙනුවෙන් උත්සවශ්‍රීයෙන් දිවුරුම් දුන්නේ ය. එයට දස ලක්‍ෂයකට ආසන්න ජනකායක් සහභාගි වී ඇත. ඒ අවස්ථා දෙකම සම්පුර්ණ වශයෙන් රූපවාහිනියෙන් බැලීමට මට අවස්ථාව ලැබිණි. ඔබාමා දිවුරුම් දුන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව රැකීමට ය. ඔහු අවස්ථා දෙකෙහිම බයිබලවල අත තබාගෙන දිවුරුම් දුන්නේ ය. ඇමරිකන් ව්‍යවස්ථාව රැකීමට දෙවියන් වහන්සේගෙන් උදවු ඉල්ලා සිටියේ ය. ඔහු දිවුරුම් දුන්නේ ඉංගිරිසියෙනි. කෙටියෙන් කිවහොත් ඔහු ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට දිවුරුම් දුන්නේ ය. එම උත්සවය මුළුමනින් ම ඇංග්ලිකන් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි සංස්කෘතියේ උත්සවයක් විය. ඉතා පැහැදිලිව ම ඔහු එකී සංස්කෘතියෙහි ප්‍රධාන ආරක්‍ෂකයා ය. අවුරුදු පන්සියයක පමණ ක්‍රිස්තියානි නූතනත්වයෙහි උපරිම ඵලය ඇමරිකාව ය. එහෙත් අද ඇමරිකාව යන එන මං නැතිව සිටින රටකි. ක්‍රිස්තියානි නූතනත්වයෙහි සංකල්පවලින් ලෝකය තේරුම් ගැනීමට නොහැකි බව අද බටහිර භෞතික විද්‍යාඥයන්ට ම වැටහෙමින් ඇත. ඒ පිළිබඳ අවිශ්වාසයක් ඇති මෙරට කසිකබල් විද්‍යාඥයන්ට ජනවාරි පස්වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවේ පළ වූ ක්වොන්ටම් හෙවනැලි නම් ලිපිය කියවා තේරුම් ගැනීමට හැකිනම් තමන්ගේ මුග්ධභාවය වටහාගත හැකි වනු ඇත. එම සඟරාව ලිහිල් සඟරාවක් බැවින් ක්වොන්ටම් භෞතිකය ගැන එතරම් දැනුමක් නැති අයට පවා එය තේරුම් ගැනීමට හැකිවිය යුතු ය. කෙටියෙන් කියන්නේ නම් බටහිර ක්‍රිස්තියානි සංකල්පවලින් ක්වොන්ටම් භෞතිකය තේරුම් ගත නො හැකි ය. බටහිර විද්‍යාවේ අවසානය එළඹී ඇත. ලෝකය සන්තතික ද? අසන්තතික ද? මෙ ප්‍රශ්නයට පිළිතුරු තමන් මහා ප්‍රාඥයන් යැයි සිතා සිටින මෙරට කසිකබල් විද්‍යාඥයන්ට කිසි දිනෙක ඇරිස්ටෝටලීය න්‍යායෙන් ලබාගත නොහැකි වනු ඇත. එයට පිළිතුරු ඇත්තේ චතුස්කෝටිකයෙහි ය. (විදුසර ලිපි පෙළ කියවන්න) ඊනියා යථාර්ථයක් නැති බව තමන් ජාතිකවාදීන් යැයි කියන (නො)දත් දොස්තරලාට චතුස්කෝටිකය ඇසුරෙන් තේරුම් ගත හැකි විය යුතු නමුත් ලබා ඇති අධ්‍යාපනය හේතුවෙන් ඔවුන්ගේ ද මොළ සෝදා ඇති බැවින් ඔවුන්ට ද එය ප්‍රශ්නයක් වී ඇත. ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වූයේ ඔහු ක්‍රිස්තියානි සංස්කෘතියේ අයකු වීම නිසා ය. එසේ වීම අනිවාර්ය අවශ්‍යතාවකි. ඉස්ලාම් භක්තිකයකු වී නම් ඔහු ඇමරිකාවේ ජනාධිපති නොවනු ඇත.

ඔබාමාගේ දිවුරුම් දීමේ උත්සවය ස්පාඤ්ඤ භාෂාවෙන් නො පැවැත්විණි. අඩු තරමෙන් කථාවල සාරාංශයක්වත් ස්පාඤ්ඤ භාෂාවෙන් දෙනු නොලැබිණි. ඒ ස්පාඤ්ඤ භාෂාව කතාකරන විශාල පිරිසක් සිටින රටක ය. නිකමටවත් එය සර්වආගමික උළෙලක් නො වී ය. බෞද්ධයන් හා වෙනත් ආගමිකයන් විශාල සංඛ්‍යාවක් ඇමරිකාවේ සිටින නමුත් (බිල් ක්ලින්්ටන් ද බෞද්ධයකු වී ඇතැයි වාර්තා වෙයි) භික්‍ෂූන් වහන්සේ නමක හෝ ක්‍රිස්තියානි නොවන පූජකවරයකු හෝ එහි දැකගත නොහැකි විය. වාසුදේව නානායක්කාර මහතා වැනි ඡන්දයෙන් මන්ත්‍රීවරයකු වීමට නොහැකි ඇමතිවරයකු අපේ ජාතික ගිය ව්‍යවස්ථා විරෝධීව දෙමළෙන් ද ගැයීමට තම ඇමතිධුරය යොදාගනිමින් උත්සාහයක යෙදෙන නමුත් ඔබාමාගේ දිචුරුමෙී දී ඇමරිකන් ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය ගැයුණේ ඉංගිරිසියෙන් පමණකි. ඇමරිකාව බහු සංස්කෘතික රටක් යැයි කීවත් එය වචනවලට සීමාවී ඇත. ඇමරිකාවේ විවිධ සංස්කෘති ඇත.එහෙත් ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතිය එරට අධිපතිවාදී සංස්කෘතිය වෙයි. එහි ව්‍යවස්ථාව ද, අධ්‍යාපනය ද අධිකරණය ද ආදී සියල්ල ඇංග්ලො සැක්සන් ක්‍රිස්තියානි වෙයි. එහෙත් ප්‍රශ්නය එය නො වෙයි. ඇමරිකානුවෝ මුළු ලෝකය ම ක්‍රිස්තියානි සංස්කෘතියට යට කරති. අපේ ව්‍යවස්ථාව ද අධ්‍යාපනය ද නීතිය ද ක්‍රිස්තියානි වෙයි. අවාසනාවකට අපට රැකීමට සිදු වී ඇත්තේ ක්‍රිස්තියානි ව්‍යවස්ථාවකි. ඒ හේතුවෙන් අප ව්‍යවස්ථාව රකින්නේ දැයි සොයා බැලීමට ඔබාමාගේ නියෝජිතයන් මෙරටට පැමිණීමට නියමිත ය. ඔබාමා තම දිවුරුම් දීමේ දී තමන් ආසියාවේ හා අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට බැඳී සිටින බව කීවේ ය. ඒ අහවල් එකකට ද? අප ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ කුමකට ද? ප්‍රජාතන්ත්‍රවාද තිබිය යුත්තේ එකක් පමණක් නො වේ. ඊනියා යථාර්ථවාදීන්ට නම් එය එසේ විය හැකි ය. අපට සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව එම සංස්කෘතියට විශේෂ තැනක් හිමිකරන ප්‍රජාතන්ත්‍රවාදයක් (මහාසම්මතවාදයක්) ඇතිකර ගැනීමට ඊනියා ලෝක ගම්මානයේ ගම්මුලාදෑනියා වූ ඔබාමා ඉඩක් නොදෙන්නේ අප මත බලෙන් පටවා ඇති බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයේ බැඳීමෙන් අප තව තවත් සිරකිරීමට ය.

අප රටේ ව්‍යවස්ථාව බහුබූත ව්‍යවස්ථාවක් විය හැකි ය. එහෙත් විප්ලවයකින් හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් එය වෙනස්කරන තුරු අප එය රැකිය යුතු ය. ව්‍යවස්ථාව එහි සඳහන් ආකාරයට සංශේධනය කර ඇත්නම් එය ව්‍යවස්ථානුකූල ය. දහඅටවැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථානුකූල ය. එයට ඒ ඒ අයගේ කැමැත්ත අකැමැත්ත වෙන ම කරුණකි. ව්‍යවස්ථානුකූලබව රඳා පවතින්නේ අපේ කැමැත්ත අකැමැත්ත උඩ නො වේ. එහෙත් බමුණෝ ඒ බව අවබෝධ කර නො ගනිති. ඔවුන්ට ද ඔවුන්ගේ ස්වාමීන් වූ බටහිරයන්ට ද ව්‍යවස්ථානුකූල වන්නේ ඔවුන් කැමති දේ ය. ඔවුන්ට අවශ්‍ය වූ දේ ය. ඔවුන්ට අවශ්‍ය වූ දේ රකින්නෝ ව්‍යවස්ථාව රකින්නෝ ය. ඔවුන් අකමැති එහෙත් ව්‍යවස්ථානුකූල දේ රකින්නෝ ඔවන්ට අනුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නෝ වෙති. ඒ බව ඉතා පැහැදිලිව පෙනී ගියේ හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගයෙහි දී ය. හිටපු අගවිනිසුරුවරිය ඉවත්කරනු ලැබුයේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට අනුව ය. මෙහි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආදී වචනවලට මගේ කැමැත්තක් නැත. ඒ වචනවල කිසිම තේරුමක් නැත. යහපාලනය, අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආදිය මෙන් ම ඔබාමාගේ දිවුරුම් කතාව ද අලංකාරොක්ති පමණ ය.

හිටපු අගවිනිසුරුවරියට හා බමුණන්ට අනුව ඇය තවමත් අගවිනිසුරුවරිය වෙයි. සරත් ෆොන්සේකාට හා ඇතැම් බමුණන්ට අනුව ඔහු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ ය. එසේ සිතාගැනීම පිළිබඳ අපට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැත. එහෙත් එය නීතියට හා ව්‍යවස්ථාවට එකඟ නො වේ. අපට එය ප්‍රශ්නයක් වනුයේ ඔවුන් එසේ සිතාගෙන ක්‍රියාකිරීමට ගියහොත් ය. එවිට නීතියේ හස්තය ක්‍රියාත්මක කරවීමට ව්‍යවස්ථාවෙන් අදාළ තනතුරුවලට පත්වූවන්ට සිදුවෙයි. ව්‍යවස්ථාව අනුව මොහාන් පීරිස් මහතා අද අගවිනිසුරු වෙයි. ඒ මහතා පිළිබඳ ඒ ඒ අයට කිනම් ප්‍රශ්න තිබුණත් ඒ පත්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඒ මහතා දිවුරුම් දෙන උත්සවය මාධ්‍යයට තහනම් කිරීම නොකළ යුතුව තිබුණකි. එයින් ආණ්ඩුවට සිදු වූ වාසියක් නැත. ආණ්ඩුවට අවශ්‍ය වූයේ එම උත්සවය නීතිඥ සංගමය විසින් වර්ජනය කරනු ලැබීම මහජනයාට වසං කිරීම ද? එහෙත් එය ඉටුනොවී ය. මෙරට මහජනයා සරත් ෆොන්සේකා ගැන අසා තිබුණත් ශිරාණි බණ්ඩාරනායක කෙනකු ගැන අසා තිබුණේ නැත. සරත් ෆොන්සේකා මානුෂික මෙහෙයුම් කාලයෙහි හමුදාපති විය. පොදු ජනයා සියළු හමුදාපතිවරුන් ගැන නොදැන සිටියත් සරත් ෆොන්සේකා ගැන දැන සිටියෝ ය. ඔවුන් කිසිම අගවිනිසුරුවරයකු ගැන ඒ ආකාරයෙන් දන්නේ යැයි නො සිතමු. මොහාන් පීරිස් මහතා ගැන නොදන්නා සංඛ්‍යාව අති විශාල විය යුතු ය. සරත් ෆොන්සේකාට එදා හෝ අද හෝ ජන පදනමක් නැත. ඔහු දේශපාලන කරලියේ චරිතයක් බවට පත්කරනු ලැබුයේ ජනමාධ්‍ය විසිනි. එහෙත් ජනමාධ්‍යවලට එතරම් දෙයක් කිරීමට නොහැකි බව අපි පනස්හයේ සිට ම දන්නෙමු. පනස් හයේ ජනමාධ්‍යයේ යෝධයා වූ ලේක්හවුසියට බණ්ඩාරනායක මහතා පැරදවිය නො හැකි විය. ජනමාධ්‍යයට විශාල බලයක් ඇතැයි මවා පෑවද එහි කාර්යභාරය ඉතා සීමිත ය. ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සරත් ෆොන්සේකාට තරම්වත් ජනපදනමක් නැත. එහෙත් ඇගේ දේශපාලන හැසිරීම ඉතා ඉහළින් වාර්තා කළ ජනමාධ්‍ය විසින් ඇය දේශපාලන චරිතයක් බවට පත්කරන ලදී. එහෙත් එය බැලුමක් උඩඇරීමකට වැඩි දෙයක් නො වීය. බමුණන් හා එකතු වූ ජනමාධ්‍ය විසින් ඇය අරභයා ජනමාධ්‍ය සන්දර්ශනයක් නිර්මාණය කරන ලදී. බමුණෝ එයින් ස්වයංමෝහනයට පත්වූහ. එහෙත් අද වන විට ඇය ජනමාධ්‍යයට ද අමතක වීමට පටන්ගෙන ඇත. මොහාන් පීරිස් මහතාගේ දිවුරුම් උත්සවය ජනමාධ්‍යයට විවෘත කළේ නම් බමුණන්ට තමන් ඒ උත්සවය වර්ජනය කළ බව ජනමාධ්‍යයෙන් කියවා තෘප්තියකට පත්වීමට ඉඩ තිබිණි. සතියකින් එය අවසන් විය යුතුව තිබිණි. එහෙත් ජනමාධ්‍ය වාරණය හේතුවෙන් සති දෙකකට පමණ බමුණන්ට ජනමාධ්‍ය නිදහස ගැන කතාකිරීමේ අවස්ථාව උදාවිණි. ආණ්ඩුව මාධ්‍ය සන්දර්ශනවලට බිය විය යුතු නො වේ. මාධ්‍ය සන්දර්ශන අවශ්‍ය වන්නේ ජනපදනමක් නැති දේශපාලනඥයන්ට ය.

කෙසේ වෙතත් ව්‍යවස්ථාව උල්ලංඝනය කළෝ හිටපු අගවිනිසුරුවරිය අභියාචනාධිකරණයේ විනිසුරුවරු තිදෙනා හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිසුරුවරු තිදෙනා හා විප’ක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරු වෙති. ඔබාමාගේ නියෝජිතයන්ට අප ඒ බව පැවසිය යුත්තේ ඔහුට කරන ගෞරවයක් ලෙස නොව ඇත්ත දැනගැනීමට සැලැස්වීමට ය. මා කලින් සඳහන්කර ඇති ආකාරයට අභියාචනාධිකරණයට පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවට රිට් ආඥා පැනවීමට අධිකරණ බලතල නොමැත. විනිසුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමේ බලතල ඇත්තේ 107 (2) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට පමණ ය. තෝරාගත් කමිටුව එහි දී 107 (3) ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූලව යොදාගන්නා උපකරණයක් පමණකි. එයට තීන්දුවක් දීමට නොහැකි ය. එයට කළ හැක්කේ අදාළ චෝදනා සාධනය වී ඇත් ද නැත් ද යන්න පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පමණ ය. එය තීන්දුවක් නොවේ. තීන්දුව දෙන්නේ ජනාධිපතිවරයා ය. තෝරාගත් කමිටුවේ වාර්තාව බල රහිත කිරීමට අභියාචනාධිකරණයට 139 හෝ 140 හෝ යටතේ නො හැකි ය. තීන්දුවක් නොවූ වාර්තාවක් බලරහිත කළේ කිනම් ව්‍යවස්ථාවකට එකඟව ද? ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිසුරුවෝ ද 107 (3) ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පාර්ලිමේන්තු බලතල අතට ගනිමින් ව්‍යවස්ථාව උල්ලංඝණය කලහ. ආණ්ඩුව මුළුමනින් ම ව්‍යවස්ථාව රැකගනිමින් ක්‍රියා කළේ ය. එහෙත් මාධ්‍ය සන්දර්ශනයේ දී බමුණෝ ආණ්ඩුව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවත් විනිසුරුවන් ව්‍යවස්ථාව රැකි බවත් කීහ. ව්‍යවස්ථාව සැබවින්ම උල්ලංඝනය කළවුන්ට දඬුවම් දිය යුතු ද?

සන්තතික ද අසන්තතික ද

මනසක් නැතැයි අප කියන්නේ වාස්තවික හා නිරපේක්‍ෂ අර්ථයකින් මිස සාපේක්‍ෂ අර්ථයකින් නො වේ. එය පුටුවක් නැතැයි කීමෙන් වෙනස් නො වේ. සාපේක්‍ෂ අර්ථයකින් පුටු ඇත. එහෙත් නිරපේක්‍ෂ අර්ථයකින් පුටු නැත. පුටුව යන්න අපේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂ ය. පුටුව යන්න අනෙක් ඉන්ද්‍රියයන්ගේ ද සහාය ඇතිව මනස විසින් නිර්මාණය කෙරී ඇති තවත් සංකල්පයක් පමණකි. එය සංකල්පීය ලෝකයට අයත් වූවකි. සංකල්පීය ලෝකය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය, ශූන්‍යය.

සංකල්පීය ලෝකය අපේ නිර්මාණයකි. අප එය නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසා ය. අවිජ්ජා පචීචයා සංඛාරා යන්නෙන් කියැවෙන්නේ අවිද්‍යාව හේතුකොටගෙන සංස්කාර ඇතිවන බව ය. එනම් අවිිද්‍යාව හේතුවෙන් සංකල්පීය ලෝකය සංස්කරණය කෙරෙයි. අවිද්‍යාව යනු අන්කිසිවක් නොව සංකල්පීය ලෝකය අනිත්‍ය, දුක්ඛ,අනාත්ම, ශූන්‍ය බව නො දැනීම ය. මෙහි චක්‍රීය බවක් දැකිය හැකි නම් එය පුදුමයට කරුණක් නො වේ. අපට ඇත්තේ ඒක රේඛීය චින්තනයක් නොව චක්‍රීය චින්තනයකි.

චක්‍රීයත්වය පටිච්චසමුප්පදාය පුරාම දැකිය හැකි ය. නිවන් අවබෝධය යනු එක් අතෙකින් ගත්කල මේ චක්‍රීයත්වය නැති කිරීම ය. සංකල්පීය ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ශූන්‍ය බව අවබෝධ කිරීමත් සමග ඒ ලෝකය නිර්මාණය කිරීමේ අවශ්‍යතාව නැති වී යයි. ඉන් පසු පිරිනිවන් පානා තෙක් මනස සාපේක්‍ෂව ගනිමින් ජීවත් වෙයි. එහෙත් එසේ මනස සාපේක්‍ෂව ගන්නා තෙක් ලෝකය පිළිබඳ සාපේක්‍ෂ දැනුම වෙයි. ජීවත්වීම සඳහා ආහාර අවශ්‍ය බව නින්ද අවශ්‍ය බව එවැනි සාපේක්‍ෂ දැනුම් වෙයි.

පුටුව යන්නෙන් නිරපේක්‍ෂ වූ දෙයක් නොමැති බව කී විට එය පිළිගැනීම ප්‍රශ්නයක් කර නොගන්නා ඇතැමුන් මනසක් නැතැයි කී විට ප්‍රශ්න නගන්නේ කුමක් නිසා දැයි තේරුම් ගත නො හැකි ය. ඒ ඔවුන් විසින් මාර්ගඵල ලාභීන් ලෙස සැලකෙන්නන් මනසක් වාස්තවිකව ඇති බව තේරුම් යන ආකාරයෙන් ලියා ඇති නිසා විය හැකි ය. යම්කිසි අයකු මනස වාස්තවිකව පවතින්නේ යැයි පිළිගන්නේ නම් හෙතෙම මාර්ගඵල ලාභියකු විය හැක්කේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි.

වාස්තවික ව මනසක් ඇතැයි පිළිගන්නා අයකු මම යනුවෙන් කෙනකු ඇතැයි පිළිගැනීම වැළැක්විය නො හැකි ය. එවැන්නකු මාර්ගඵල ලාභියකු වන්නේ කෙසේ ද? අනෙක් අතට වාස්තවික ව මනසක් ඇතැයි පිළිගන්නා අයකුට ශාස්වතවාදියකු හෝ උච්ඡෙදවාදියකු හෝ නොවී සිටිය නො හැකි ය. ඊනියා වාස්තවික මනස නිවන් අවබෝධයත් සමග එක්කෝ දිගට ම පැවතිය යුතු ය. එනම් අදාළ පුද්ගලයා ශාස්වතවාදියෙක් වෙයි. එසේත් නැතහොත් ඊනියා වාස්තවික මනස නිවන් අවබෝධයත් සමග නැතිවෙයි. එවිට එය උච්ඡෙදවාදී අන්තය සමග එකඟ වෙයි.

බුදුන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවෙන් උච්ඡෙදවාදය මෙන් ම ශාස්තවාදය ද ඉවත් කෙරෙයි. මධ්‍යම ප්‍රතිපදාව යනු ශාස්වතවාදය හා උච්ඡෙදවාදය යන දෘෂ්ටි දෙකම එකට ගැනීම නොව ඒ දෙකම ඉවත්කිරීම ය. මෙය චතුස්කෝටිකයේ හතරවැනි අවස්ථාව ය. එහි දී කියැවෙන්නේ A ප්‍රස්තුතයක් නම් හා ~A යනු එහි නිෂේධය නම් A හා ~A යන ප්‍රස්තුත දෙකම අසත්‍ය බව ය. ප්‍රස්තුතය ශාස්වතවාදය සත්‍යයක් වේ ලෙස ගනිමු. එවිට ප්‍රස්තුතයෙහි නිෂේධය උච්ඡෙදවාදය සත්‍යයක් වේ ලෙස ගත හැකි ය. චතුස්කෝටිකයෙහි හතරවැනි අවස්ථාවට අනුව ශාස්තවාදය ද උච්ඡෙදවාදය ද යන දෙකම අසත්‍ය වෙයි.

මනස සන්තතික ද අසන්තිතක ද යන ප්‍රශ්නයට පිළිතුර කුමක් ද? සාමාන්‍යයෙන් අපි චිත්ත පේළි, චිත්ත වීථි, චිත්ත පරම්පරා ආදිය ගැන කතා කරමු. එමෙන් ම එක් චිත්තයක් පසුපස තවත් චිත්තයක් හඹා ඒම ගැන කියමු. මෙහි දී කියැවෙන්නේ චිත්ත දෙකක් අතර කාලාන්තරයක් නැති බව ය. එසේ ම එක් චිත්තයක් චිත්තක්‍ෂණයකට පමණක් පවතින බව ද අපි කියමු. මනස යනු චිත්ත පරම්පරාවක් නම්, මනසෙහි සන්තතික අසන්තතික බව ගැන ඉන් කිව හැක්කේ කුමක් ද? සන්තතික අසන්තතික සංකල්ප එහි දී වලංගු වේ ද?

එපමණක් නොව චිත්තයක් පසුපස වැළ නොකැඩී තවත් චිත්තයක් පහළවීම යන සංකල්පය ද කෙතරම් දුරට වලංගු ද? චුති චිත්තය අත්හැරිය විගස පටිසන්ධි චිත්තය පහළ වීම තේරුම් ගන්නේ කෙසේ ද? අන්තරාභවය පිළිබඳ සංකල්පය හා චිත්ත පහළවීම කූඩැල්ලා තම ගමනෙහි දී එක් කොණක් අත්හරින්නේ වෙනත් කොණක් අල්ලා ගෙන ය යන්න සමග සංසන්දනය කරන්නේ කෙසේ ද?

චිත්තයක් පසුපස තවත් චිත්තයක් කාලාන්තරයක් නැතිව පහළ වන්නේ ය යන්න සන්තතික පෙරහැරක් පිළිබඳ අදහස අපට ගෙන එයි. ඒ අතර එක් චිත්තයක් පිිළිබඳ අපේ සිත්වල ඇත්තේ කිනම් රූපයක් ද? ඒ චිත්තය චිත්තක්‍ෂණයක් පවතින්නේ සම්පුර්ණ චිත්තයක් ලෙස ද? එසේත් නැත්නම් විකාශයවන චිත්තයක් ලෙස ද? එයින් අදහස් කෙරෙන්නේ චිත්තයක් පහළ වූ පසු ඒ චිත්තය යම් ක්‍ෂණයක් පැවතී ක්‍ෂණයක අන්තරයක්වත් නොමැතිව තවත් චිත්තයක් පහළ වී ඒ චිත්තය ද ක්‍ෂණයක කාලයක් වෙනස් නොවී පවතින බව ද?

චිත්තයක් කිසිදු වෙනස්වීමකින් තොරව ‘ක්‍ෂණයක කාලයක් පැවතී ඉන් ඉක්බිති ක්‍ෂණයක කාලාන්තරයක්වත් නොමැතිව වෙනත් චිත්තයක් පහළවීමත් ඒ ක්‍රියාවලිය සංසාරය පුරාම චුති චිත්ත හා පටිසන්ධි චිත්ත ද ඇතුළත් ව ක්‍රියාත්මක වීම අසන්තතික ක්‍රියාවලියකි. එය පෙරහැරකි. පෙරහැරක දෙදෙනකු අතර ඉඩක් නොමැතිව මිනිසුන් යන්නේ යැයි සිතමු. එවිට අපට ඇත්තේ වෙනස් නොවන මිනිසුන් හා ඒ මිනිසුන් එකිනෙකා පසුපස යන ප්‍රවාහයකි. එය ද අසන්තතික ප්‍රවාහයකි.

අපි දැන් ගළන දිය පහරක් සළකමු.එය සන්තතික ද? එසේත් නැත්නම් අසන්තතික ද? යම් ද්‍රවයක් සෑදී ඇත්තේ ද්‍රව අංශුවලින් යැයි බටහිර තරල ගතිකයෙහි ඉගැන්වෙයි. එහෙත් මේ ද්‍රව අංශු එසේත් නැත්නම් තරල අංශු නිව්ටෝනීය අංශු මෙන් නො වේ. නිව්ටෝනීය අංශු දෘඪ ය. එහෙත් තරල ගතිකයෙහි සැලකෙන අංශු එලෙස නො වේ. එහි සන්තතික බවක් වෙයි. තරල අංශුවක් තවත් තරල අංශුවක් පසුපස ගිය ද අංශු කිහිපයක…… පරිමාව කාලයත් සමග වෙනස් විය හැකි ය. එනම් තරල අංශුවක ද පරිමාව කාලයත් සමග වෙනස් වෙයි.

එහෙත් නිව්ටෝනීය දෘඪ වස්තුවල අංශු එසේ නො වේ. ඒ අංශුවල හා එවැනි අංශුවලින් සමන්විත වස්තුවල පරිමාව වෙනස් නො වේ. මෙහි දී උෂ්ණත්වය වෙනස්වීමත් සමග පරිමාවේ ඇතිවන වෙනස්කම් සළකා නොබැලෙයි. කෙසේ වෙතත් තරලයක සාමාන්‍ය චලිතය සන්තතික වෙයි. තරලය, දිය පහර ගලක් වැනි වස්තුවක ගැටුණහොත් චලිතය යම් ආකාරයක අසන්තතික වෙනසකට භාජනය වෙයි.

නිව්ටෝනීය වස්තුවල ද චලිතය සාමාන්‍යයෙන් ගතහොත් සන්තතික යැයි කියැවෙයි. එය පෙරහැරක යන මිනිසුන්ගේ චලිතය වැන්නක් නොව තනි වස්තුවක් සම්බන්ධ චලිතයකි. තනි වස්තුවක් යම්කිසි සන්තතික බලයක් යටතෙහි යම් කාල පරාසයක චලනය වන්නේ සන්තතික ව ය. එහි පිහිටීම, ප්‍රවේගය, ත්වරණය සන්තතිකව වෙනස් වෙයි. පෙරහැරක අප විසින් සළකනු ලබන්නේ වස්තු සමූහයකි. එහි විවිධ වස්තු වෙයි. ඒ වස්තු මූලීක වශයෙන් මිනිස්සු වෙති.

තරලයක ද විවිධ වස්තු, එනම් විවිධ තරල අංශු වෙයි. එහෙත් නිව්ටෝනීය ගතිකයෙහි අප සාකච්ඡා කරන්නේ තනි අංශුවක එසේත් නැත්නම් තනි වස්තුවක චලිතය ය. සන්තතික බලයක් යටතෙහි මේ තනි අංශුව හෝ තනි වස්තුව හෝ සන්තතික චලිතයෙහි යෙදෙයි. එහෙත් බලය අසන්තතික වූ විට ඒ මොහොතෙහි, එනම් අසන්තතික බලය යෙදෙන මොහොතෙහි , අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ චලිතය අසන්තතික වෙයි.

එහි දී අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ පිහිටීම සන්තතික ව වෙනස් වෙයි. අංශුවට හෝ වස්තුවට හෝ අවකාශයෙහි අසන්තතික චලිතයක් නැත. එහෙත් අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ ප්‍රවේගය අසන්තතික ව වෙනස් වෙයි. අසන්තතික චලිතයක් සඳහා උදාහරණයක් නම් ආවේගී චලිතය ය. ආවේගී බලයක් යනුවෙන් හැඳින්වෙන බලයක් යෙදීමෙන් ආවේගී චලිතයක් ලැබෙයි. අංශු හෝ වස්තු හෝ ගැටීමෙහි දී ද අසන්තතික චලිත ඇති වෙයි.

සන්තතික අසන්තතික යන සංකල්ප මිනිසුන් විසින් ඇතිකරගෙන ඇත්තේ තම එදිනෙදා අත්දැකීම් විස්තර කිරීමට ය. පුුටු අතර දුරක් වෙයි. අඩුම තරමෙන් අප තනාගෙන ඇති පුටු අතර හිඩැස් වෙයි. අප තනාගෙන ඇති පුටු යන්නෙන් අදහස් කෙරෙන්නේ අප විසින් නිර්මාණය කෙරී ඇති පුටු පිලිබඳ සංකල්ප ය. පුටු අතර හිඩැස් ඇති බැවින්, එනම් අවකාශය ඇති බැවින් අපි පුටු අසන්තතික වස්තු යැයි සළකමු.

මිනිසුන් ද එලෙස ම අසන්තතික වස්තු ලෙස සැලකෙයි. එහෙත් යම් නිශ්චිත අවකාශයක වූ ද්‍රවයක් හෝ වායුවක් හෝ, එනම් සාධාරණ වශයෙන් තරලයක් සන්තතික වස්තු ලෙස සැලකෙයි. එහි අංශු අතර හිඩැස් ඇතැයි නොසැලකෙයි. හිඩැස් යන සංකල්පය එතරම් නිරවුල් නොවූවත් අපේ කාර්යය සඳහා ඒ ප්‍රමාණවත් වෙයි. එකිනෙකින් වෙන් වූ මේස දෙකක් අසන්තතික වස්තු ලෙස සැලකෙන නමුත් එකම දෘඪ මේසයක අංශු සන්තතික අංශු ලෙස සැලකෙයි. ගණිතයෙහි සන්තතික යන සංකල්පය වඩා නිරවුල් ව අර්ථදැක්වෙන බව මෙහි දී සඳහන් කරමු.

අප තාත්වික සංඛ්‍යා සැලකුවහොත් නිඛිල හෙවත් පූර්ණ සංඛ්‍යා අසන්තතික වෙයි. නිඛිල දෙකක් අතර තාත්වික සංඛ්‍යා අනන්තයක් ඇත. එපමණක් නොව ඕනෑම තාත්වික සංඛ්‍යා දෙකක් අතර වුව ද තවත් තාත්වික සංඛ්‍යා අනන්තයක් ඇත. ඒ කෙසේ වුවත් තාත්වික සංඛ්‍යාවලින් සමන්චිත වන තාත්වික රේඛාව සන්තතික යැයි සැලකෙයි. එහෙත් නිඛිල සන්තතික නො වෙයි. අවකාශය ද එලෙස ම සන්තතික ලෙස සැලකෙයි. එපමණක් නොව කාලය ද අවකාශ - කාලය ද සන්තතික ලෙස සැලකෙයි.

නිව්ටෝනීය ගතිකයෙහි සන්තතික යැයි සැලකෙන චලිතවල ඒ ඒ අංශුව හෝ වස්තුව හෝ ගන්නා අවකාශය හෝ ප්‍රවේගය හෝ පිලිබඳ අගය සන්තතික වෙයි. අංශුව හෝ වස්තුව හෝ අවකාශයෙහි එක් පිහිටුමක සිට තවත් පිහිටුමකට සන්තතිකව චලනය වෙයි. එසේ ම එහි ප්‍රවේගය ද වෙනස් වන්නේ සන්තතික ව ය. මෙහි දී කාලයෙහි සන්තතික බව ද වැදගත් වෙයි. යම් හෙයකින් කාලය සන්තතික නොවී නම් ඒ කිසිවක් වලංගු නොවීමට තිබිණි.

නිව්ටෝනීය ගතිකයෙහි අංශුවකට හෝ වස්තුවකට හෝ අවකාශය හෝ කාලය හෝ සම්බන්ධයෙන් කිසිවිටෙක අසන්තතික අගයන් නො ලැබෙයි. අසන්තතික චලිතයෙහි පවා එය එසේ ම වෙයි. එහෙත් ප්‍රවේගය සම්බන්ධයෙන් එය එසේ ම නො වේ. අසන්තතික චලිතයෙහි දී ප්‍රවේගය අසන්තතික අගයන් ගනියි. ආවේගී චලිතයෙහි එය විද්‍යමාන වෙයි. ආවේගී බලයක් යෙදීමට මොහොතකට පෙර අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ ප්‍රවේගය ආවේගී බලය යෙදීමෙන් මොහොතකට පසුව අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ ප්‍රවේගයෙන් අසන්තතික ව වෙනස් වෙයි.

Defending the constitution

I had the opportunity of watching the entire second inauguration of Barack Obama on Sunday and Monday on television. On Sunday it was a private ceremony and on Monday which happened to be the Martin Luther King day it was a public ceremony with all pomp and pageant attended by nearly a million of people. On Sunday, Obama placed his hand on a Bible used for years by Michelle Obama's family. On Monday, he took the oath using two Bibles, one owned by Martin Luther King and one by Abraham Lincoln. On both occasions he said “I Barack Hussein Obama do solemnly swear that I will faithfully execute the office of President of the United States. And will, to the best of my ability, preserve, protect and defend the Constitution of the United States, so help me God,” his hand on Bibles. I did not see any African culture during the ceremony and whatever the origin of Obama may be it was a hundred percent Anglo Saxon Protestant Christian affair with Obama asking the help of the God (definitely not Allah) to defend the Christian constitution of the USA with hand on Bibles. No civic rights movement people were there to ask Obama to speak in Spanish or to respect the other religions by at least inviting the clergy of those religions. The Sarva Agamika concept is not in the vocabulary of the Americans and I propose that we send some Sarva agamika Clergy to USA to teach a lesson or two on that concept to the white house people. I could not see Navanitham Pillai or even Ban Ki Moon among the distinguished gathering inside, perhaps they were mingling with the people, whom Obama referred to as We the People more than ten times during his brief speech. The public ceremony came to an end with a rendering of the National Anthem of USA sung in English only. Though there are a substantial number of Spanish speaking people even if we go by the nomenclature of Sambandhan, no Spanish was spoken and no translations of the speeches into Spanish were given during the entire ceremony. I thought there would be at least a sprinkle of Aboriginal culture but during the entire ceremony no mention was made of the aboriginals. Barack Obama is only dark in colour but in all the other aspects he is a white Anglo Saxon Protestant upholding the Christian constitution of the USA. This is something that a former envoy of Sri Lanka in a western Christian country could not understand by claiming that the Americans had elected a black American as the President. If any Tamil leader is prepared to respect the Sinhala culture and consider it as the significant culture I am sure that he would be considered for the President of Sri Lanka.

I do not mention these facts in order for our civil rights Gandhians and Lutherians to take the next plane to Washington to begin a civil rights movement so that at least by the next inauguration the ceremony would be conducted in Spanish as well and that the National Anthem would be sung in Spanish and an aboriginal language in addition to English. Anglo Saxon white Protestant Christian culture is the dominant culture not only in USA but in the whole world. All that I want to emphasize is that due recognition should be given to the Sinhala Buddhist culture without demeaning that culture by invalid arguments brought out by a hatred that the westerners and the Tamil racists have for the same. In the meantime I am worried by Obama’s statement to the effect that the Americans are committed to defend democracy in Asia and Africa. The problem with that concept is that the democracy is of the American people, by the American people for the American people. It is this democracy that Obama wants to defend in Asia and Africa and not the democracy that the Asian and African people would like to protect. Just as much Obama has taken an oath to defend the American constitution Mahinda Rajapakse has taken an oath to defend the constitution of Sri Lanka whether it is bahubutha or not. The other countries including USA should recognize the sovereignty of Sri Lanka by allowing Mahinda Rajapakse to defend the constitution.

The impeachment of the CJ is purely an internal matter of Sri Lanka and no foreigner however powerful he or she may be, should interfere with the procedure or the judgment given by the President. When the Appeal Court granted leave to proceed with the petitions filed praying for a writ to issue on the Parliamentary Select Committee (PSC) the Appeals court was in error to say the least. I have argued that the Appeals Court has no jurisdiction on this aspect in these columns and elsewhere and I do not want to repeat those arguments. I am not a lawyer by training but I am confident of my reasoning and arguments. The Appeals Court, meaning the three judges who sat on the bench referred a certain question to the Supreme Court on the grounds that they were requesting an interpretation of the constitution. The way the question was drafted and also the answer that the three judges who sat on the Supreme Court leave doubts on the minds of the average people such as me as to the genuineness. It is true that the Supreme Court is the sole authority on interpretation of the constitution but there are few questions that have to be asked with respect to this matter. It is a case involving the punishment of a judge and not an ordinary case. The disciplinary actions of judges are no ordinary matters and the constitution lays down a separate procedure when it comes to disciplinary matters of the judges. There is no provision in the constitution or elsewhere for an accused judge to appeal against the judgments of the President in such cases and the President cannot give arbitrary judgments as he is guided by the Article 107 (2) of the constitution. The Appeals court in their hurry quashed a decision of the PSC, which was only a finding and not a sentence or a judgment, depending on a so called interpretation of the constitution the Supreme Court. The appeals court is not empowered by Article 139 or 140 or any other article to quash a judgment that had not been given and also to interfere with deliberations of the parliament according to Article 80. There was no judgment to be quashed as at that stage the President had not removed the CJ. The Appeals Court had only a finding by the PSC which was an instrument of the Parliament that had judiciary powers together with the President in the case of disciplinary actions against the judges.

The Supreme Court amended the Article 107 (3) in the guise of an interpretation thus encroaching on the powers of the Parliament. In any event under 107(3) the Parliament could either by law or by standing orders provide the forum with the procedures etc., to “impeach” a judge. The standing orders are no law in the sense that they are not acts of Parliament but 107 (3) is law and abiding by that Article is not against the law nor illegal. The Supreme Court amended 107(3) and removed the words “or by standing orders” in that Article. In any event the parliament had acted in accordance with 107 (3) which is law in appointing the PSC as provided by standing orders 78 (A). Does the Supreme Court say that acting according to 107 (3) is illegal? The Supreme Court and the Appeals Court appear to have given unlawful judgments and have failed to uphold the constitution. The parliament on the other hand upheld the constitution and acted within the powers that have been invested in it by the constitution. The President has defended the constitution and not acted violating the constitution. However, the President and the Parliament are accused by the Brahmins and Navaneetham Pillais, the Canadian Prime Minister, commonwealth stalwarts and others for not upholding the constitution. They on the other hand praise the Appeals Court and the Supreme Court that have failed to uphold the constitution encroaching on the powers of the Parliament, and quashing judgments that had not been given.

President Obama is supposed to defend the American constitution in USA and not in other countries. Unfortunately it is the American democracy that is being defended everywhere in the world and when our courts act in a way so as to defend the American democracy they are praised condemning the President and the Parliament that have defended our constitution even if it is a bahubhutha constitution. The government that could not be influenced by the western powers, India and Brahmins during the humanitarian operations would not bow down to these powers and would only laugh at the claim by the impeached lady who still claims to be the CJ. On the other hand though the government should consider the possibility of impeaching the judges who have not upheld and defended the constitution it is unlikely that the government would do so and pardon them.

Copyright Prof. Nalin De Silva