Main Logo

Wednesday, 1 January 2014

පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට


බටහිර විද්‍යාව පට්ටපල් බොරු වන්නේ ඇයි දැයි ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට  තවමත් වැටහෙන්නේ දැයි නො දනිමි. බොහෝ විට අපට වැටහෙන්නේ අප ලෝකය නිර්මාණය කරන රාමුවෙහි ඇතුළත් කරගත හැකි අදාළ ආකෘතියට ගැලපෙන කරුණු පමණ ය. අනෙක් දේ අපට නො තේරෙයි. එවිට අප බොහෝ විට කියන්නේ අදාළ කරුණ නිසි ලෙස තේරුම්කර දී නොමැති බව ය. පස්වැනි පංතිය තෙක් ඉගෙන ඉන්පසු පාසල හැර යන සිසුවකුට සාමාන්‍ය පෙළ මට්ටමේ උගන්වන ආකාරයෙන් (ආකෘතියෙන්) යමක් තේරුම්කර දුනහොත් බොහෝවිට ඔහුට එය අවබෝධ නොවීමට ඉඩ ඇත.

මෙරට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දළ වශයෙන් කොටස් හතරකට බෙදිය හැකි ය. ඉංගිරිසින්ගෙන් ලබාගත් මේ අධ්‍යාපනය රැකියාව සමග බැඳී ඇත. අධ්‍යාපනය පිළිබඳ බොහෝ ප්‍රශ්නවලට මුල අධ්‍යාපනය රැකියා සමග බැඳී තිබීම ය. ළමුන් පාසල්වලට ඇතුළත්කිරීම, පහේ ශිෂ්‍යත්වය, විශ්වවිද්‍යාල ප්‍රවේශය හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටළු ආදී ප්‍රශ්න සියල්ල අධ්‍යාපනය හා රැකියාව අතර ඇති කරුමක්කාර සම්බන්ධය සමග ගැට ගැසී ඇත. අධ්‍යාපනඥයන් තම රැකියාව වෙනුවෙන් මොන බොරු දෙසා බෑවත් සියයයට අනූනමයක් නොව එයටත් වඩා වැඩි පිරිසක් ඉගෙන ගන්නේ හොඳ යැයි කියන සමාජ වැදගත්කමක් ඇති රැකියාවක් කිරීමට මිස දැනුම ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් හෝ ඊනියා පූර්ණ මිනිසුන් වීමේ බලාපෙරොත්තුවෙන් හෝ නො වේ.

බටහිර රටවල මෙය ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය ඒ රටවල ආර්ථිකය විසින් ඇතිකෙරෙන රැකියාවලට පුහුණු කිරීම සඳහා සැකසී ඇති බැවිනි. එහෙත් අප වැනි රටවල එසේ නො වේ. අපේ අධ්‍යාපනය කලින් ම සකස් කෙරී ඇත. ඒ බොහෝ දුරට බටහිර අනුකරණයකි. අප රැකියා ඇතිකරන්නේ ඉන්පසුව ය. එය ද අතනින් මෙතනින් කෑලි එල්ලූ මෙරටට නොගැලපෙන ආර්ථිකයක් හා ඊනියා සංවර්ධනයක් ඉලක්ක කරගනිමිනි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ඇති නමුත් සමාජයවත් ආණ්ඩුවවත් ඒ පිළිගැනීමට තවමත් සූදානම් නැත. බොහෝ විට කෙරෙන්නේ විසඳුම ලෙස ඉංගිරිසි කලිසමට ( ඇඳුමට - මෙය චීන ද ඉංගිරිසි ද යන පඬිකතා අවශ්‍ය නො වේ) අණ්ඩ දැමීම, කෑලි එල්ලීම, පමණ ය. එයින් ප්‍රශ්නය තවත් අවුල් වෙයි.

ප්‍රාථමික අධ්‍යාපනයෙන් කෙරෙන්නේ දරුවන්ට ඉතා සංයුක්ත දැනුමක් තොරතුරු ලෙස ලබා දීම ය. එහි වියුක්ත බවක් නැතිවා නො වේ. අකුරු කියවීම හා ලිවීම වුව ද තරමක් වියුක්ත ය. ශබ්දයක් සංකේතයකින් නිරුපණය කිරීම සු්‍රළු වශයෙන් වුව ද වියූක්ත ක්‍රියාවකි. ඇතැම් සිසුනට අකුරු කියවීම ද ප්‍රශ්නයක් වන්නේ එබැවිනි. අංක ගණිතය කෙසේ වුවත් එයටත් වඩා වියුක්ත ය. සිසුන් සෑහෙන සංඛ්‍යාවකට අංක ගණිතය අමාරු වීම පුදුමයක් නො වේ.

හයවැනි ශ්‍රේනියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපනයට වඩා විශ්ලේෂණයට තරමක් බර අධ්‍යාපනයකි. එහි වියුක්ත බව වැඩි ය. එහෙත් ඔරොත්තු නොදෙන්නක් නො වේ. එසේ වුවත් වියුක්ත චින්තනය අසීරු සිසුහු මේ අවස්ථාවේ දී අධ්‍යාපනයෙන් සමුගනිති. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයේ ගණිතය බොහෝ සිසුන්ට අසීරු ය. බොහෝ සිසුහු ගණිතයෙන් අසමත් වෙති. බටහිර විද්‍යාව දිගට ම හැදෑරීමට බලාපොරොත්තු නොවන සිසුන් සඳහා වියුක්ත බව අඩු ගණිත නිර්දේශයක් සකස් නොකරන්නේ එයින් ඒ සිසුන්ගේ සමාජ වැදගත්කම අඩුවන්නේ යැයි සිතන බැවින් ද? ඒ සිසුන්ට තමන්ට හැකි ගණිතයකින් සමත්වීමට ඉඩ නොදී වියුක්ත බවින් වැඩි ගණිතයකින් අසමත් කිරීමෙන් ඔවුන්ගේ සමාජ වැදගත්කම වැඩිවන්නේ ද? 

උසස් පෙළ දී වියුක්ත බව තවත් වැඩිවෙයි. සෞන්දර්ය විෂය වුව ද හැදෑරෙන්නේ වියුක්ත පසුබිමක ය. ප්‍රායෝගික පරීක්‍ෂණ නොවන්නට ගීතයක් ගැයීමට, චිත්‍රයක් ඇඳීමට නොහැකි සිසුන් වුව ද චිත්‍රකලාවේ ඉතිහාසය, එනම් බටහිරයන්ට සාපේක්‍ෂව ලියැවුණු ඉතිහාසය බටහිර විචාරය ආදී කරුණු දැනගෙන අදාළ විෂයයන්ගෙන් උසස් පෙළ සමත්වනු ඇත. අනෙක් අතට හොඳින් වියුක්ත ව සිතීමට හැකි එහෙත් ප්‍රායෝගික ව පරීක්‍ෂණ කිරීමට අසමත් සිසුන්ට බටහිර විද්‍යාවේ ප්‍රායෝගික පරීක්‍ෂණවලින් අසාධාරණයක් සිදුවෙයි. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී වියුක්ත බව තවත් වැඩිවෙයි. බුදුදහමෙහි සමාජ දර්ශනය වැනි බුදුන්වහන්සේවත් සිතී යැයි කිව නොහැකි බටහිර පට්ටපල් බොරුවලට විශ්වවිද්‍යාලවල දී ලැබෙන වැදගත්කම වැඩිවෙයි. කිසිම ශ්‍රද්ධාවක් නැති බෞද්ධ සංස්කෘතිය පිලිබඳ උපාධිධාරීන් බිහිවන්නේ එවැනි පසුබිමක ය. විශ්වවිද්‍යාලයෙහි දී වියුක්ත බව වැඩිවුවත්  උසස් පෙළ දී තිබූ විචාරශීලී බව ගිලිහෙයි. නිර්මාණශීලී බව මොට වෙයි. ප්‍රශ්නපත්‍ර සකස් කරනු ලබන්නේ ගුරුවරුන් විසින් වීම හේතුවෙන් සහ ගුරුවරුන්ට නිර්මාණශීලීව ප්‍රශ්නපත්‍ර සකස්කිරීමට නොහැකි බැවින් වියුක්ත බව ද කටපාඩම් කිරීමෙන් ලබාගත හැකි අවස්ථාවක් උදාවෙයි. පංති සාමාර්ථ ලබාගත් බොහෝ උපාධිධාරීන්ට ඇත්තේ කටපාඩමින් ලබාගත් වියුක්ත අධ්‍යාපනයකි. එයටත් වඩා අභාග්‍යයක් තිබිය හැකි ද? ඔවුහු ආකෘතික උගත්තු වෙති.

ඉතා කෙටියෙන් නමුත් මේ වෙනස්කම් මෙහි සඳහන් කළේ පහේ ශිෂ්‍යත්ව විභාගය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් පුහුණු කරන සිසුන් තෝරාගැනීම සඳහා සුදුසු පරීක්‍ෂණයක් නොවන බව කීමට ය. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණය ගැන ද කිව යුත්තේ එය ය. සුපශාස්ත්‍ර පර්යේෂණකරුවකුට සිසුන්ගේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, උසස් පෙළ ප්‍රතිඵල හා විශ්වවිද්‍යාල උපාධි ප්‍රතිඵල අතර සහසම්බන්ධයක් තිබේ දැයි ඊනියා පර්යේෂණයකින් දැනගත හැකි ය. 

එක් එක් අවස්ථාවල දී ඒ ඒ අවස්ථාවේ රාමුවට හැඩගැසීමට හැකි සිසුවෝ ඒ ඒ අවස්ථාවේ දක්‍ෂ යැයි නම් කෙරෙති. ප්‍රාථමික පාසලේ දක්‍ෂකම් පෙන්නුම්කර උසස් යැයි සම්මත පාසල්වලට ඇතුළත්වන සිසුන්ගෙන් යම් පිරිසක් දිගින් දිගට ම තම දක්‍ෂකම රැකගැනීමට අසමත් වෙති. එයට නව පාසල් පරිසරයට හැඩගැසීමට නොහැකි වීම ආදී වෙනත් හේතූන් ද, තිබිය හැකි නමුත්, ප්‍රාථමික අධ්‍යාපනයේ හා ද්විතීයික තෘතීයික අධ්‍යාපනවල අතර ඇති වෙනස ද එහි දී බලපාන බව පැහැදිලි ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය විචාරයට තෝතැන්නක් නොවන බව මම අත්දැකීමෙන් ම දනිමි. එහි දී බොහෝ විට දක්‍ෂතා පෙන්වන්නෝ අදාළ ආකෘතියට හැඩගැසීමට හැකි වූවෝ ය. යමකු  දක්‍ෂයකු වන්නේ යම් පරිසරයකට ආකෘතියකට සාපේක්‍ෂව ය. 

ඊනියා පර්යේෂණ හා එහි ප්‍රතිඵල ලෙස ලැබෙන පශ්චාත් උපාධි ගැන කීමට ඇත්තේ වඩාත් ශෝචනතය කතාවකි. එංගලන්තයේ, අමෙරිකාවේ, බටහිර යුරෝපයේ හා නැගෙනහිර යුරෝපයේ ආචාර්ය උපාධිවලට පුහුණු කිරීමේ දී යොදාගන්නා විධික්‍රම එකිනෙකින් වෙනස් වෙයි. එහෙත් එහි පොදු බවක් ද ඇත. මුලික වශයෙන් ගත්කල පශ්චාත් උපාධිවලින් කෙරෙන්නේ බටහිර රටවලට ඇති ප්‍රශ්නවලට එතෙක් තමන් දන්නා (නිර්මාණය කරගත්) දැනුම ඇසුරෙන් විසඳුම් සෙවීම ය. එහෙත් එය ද නොකෙරෙන, උපාධි නිබන්ධනයට හුදු දත්ත එක්රැස්කිරීම් පමණක් කෙරෙන අවස්ථා ද ඇතැම් විට දැකිය හැකි ය. 

කාල් පොපර්  විසින් කියන ලද ආකාරයේ අසත්‍යකරණ එහි දී නො සිදුවෙයි. එමෙන් ම ආචාර්ය උපාධිවලට හෝ ඊනියා පර්යේෂණ මත ප්‍රදානය කෙරෙන විද්‍යාපති, ශාස්ත්‍රපති, දර්ශනපති ආදී උපාධිවලට හෝ ඉදිරිපත් කෙරෙන නිබන්ධවලින් දැනුමට ප්‍රදානයක් කෙරෙන්නේ  යැයි කීම ද වැදගත් කම රකින බොරුවක් පමණකි. ගැටළු විසඳීම් හැරෙන්නට ඉන් සිදුවන ඊනියා ප්‍රදානයක් නැත. ඇතැම් නිබන්ධවලින් කෙරෙන්නේ කලින් සඳහන් කළ ආකාරයට දත්ත එක්රුස්කිරීම් පමණකි. 

කෙසේ වෙතත් මේ නිබන්ධන ඉදිරිපත් කිරීමේ ආකෘති වෙයි. අවශ්‍ය වන්නේ ආකෘතිය අනුව දත්ත රැස්කර, ඇතැම් විට ගැටළුවක් විසඳා නිබන්ධය ලිවීම ය. එහි දී නිර්මාණශීලීත්වය ප්‍රථම උපාධි මට්ටමෙන් ද පහතට වැටෙයි. වැදගත් වන්නේ ආකෘතිය ය. මේ සූපශාස්ත්‍ර පර්යේෂණ ය. සූපශාස්ත්‍රයේ දී ඒ ඒ අවස්ථාවෙහි දී කළ යුත්තේ කුමක් දැයි පොතේ සඳහන් කෙරී ඇත. නිබන්ධ ඉදිරිපත් කිරීමට වැඩ කෙරෙන්නේ ද ඒ අයුරෙන් ය. අද ඊනියා පර්යේෂණ විධික්‍රම (research methodology)  යනුවෙන් ඉගැන්වෙන්නේ මේ සූපශාස්ත්‍ර ක්‍රමවේදය ය. 

ඊනියා පර්යේෂණ පත්‍රිකාවලින් ද සමස්තයක් ලෙස ගත්කල දැනුමට කෙරෙන ප්‍රදානයක් නැත. ආකෘතියට අනුව දත්ත රැස්කර ආකෘතික විශ්ලේෂණයක් මගින් ඊනියා නිගමනවලට එළඹීම මෙහි දී ද සිදුකෙරෙයි. එහෙත් මේ දත්ත රුස්කිරීම් හා ගැටළු විසඳීම් මගින් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නිර්මාණය කිරීමට දක්‍ෂයන්ට ඇතැම් විට කල්පනා කිරීමට අවස්ථාව උදාවෙයි. ඔවුහු බොහෝ විට අනෙක් අයගේ දත්ත හා විසඳුම්වල යම් පරස්පර දකිති. ඒ පරස්පරවලට විසඳුම් නිර්මාණය කිරීම නම් දැනුම නිර්මාණය කිරීමකි. 

එහෙත් එලෙස දැනුම නිර්මාණය කරන්නෝ විරල වෙති. ඔවුහු ග්‍රීක යුදෛවු ක්‍රිස්තියානි චින්තනයෙහි කිමිදුණු අය වෙති. එසේ නොමැතිව කළ හැකි නිර්මාණයක් නැත. බටහිර අධ්‍යාපනයෙන් බටහිර රටවල එවැන්නෝ ද බිහිකෙරෙති. ඔවුන් සමහර විට විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පරීක්‍ෂණවල දී  එතරම් දක්‍ෂතා නොපෙන්වූ අය ද විය හැකි ය. එහෙත් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එවැන්නන් සොයාගැනීම ප්‍රශ්නයක් නො වේ. ඇල්බට් අයින්ස්ටයින් එවැන්නෙක් විය. 

අපේ රටෙන් එලෙස බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දැනුම නිර්මාණය කරන්නන් බිහි නොවන්නේ අපට ඒ චින්තනය ආගන්තුක බැවිනි. අපෙන් බිහිවන්නේ පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධිය ආදිය ඉහළින් සමත්වන්නන් පමණකි. මෙරට ජනමාධ්‍ය එවැන්නන්ට විශාල ප්‍රචාරයක් ලබාදෙන්නේ අපට අදාළ රාමුවල  එවැනි ආකෘතික දක්‍ෂයන් මිස දැනුම නිර්මාණය කරන්නන් බිහිකර ගැනීමට නොහැකි බැවින් විය හැකි ය. කෙසේ වෙතත් මෙරට සිංහල බෞද්ධ චින්තනයෙහි වුවත් දැනුම නිර්මාණය කරන්නන්ට සමාජ වැදගත්කමක් හිමි නො වේ. එනම් සමාජය විසින් එවැන්නෝ එලෙස නො පිලිගැනෙති. එයට හේතුව මහාවිහාරික සම්ප්‍රදාය විසින් දැනුම නිර්මාණය කිරීමට වැටකඩුළු බැඳ ලැබ තිබීම ය. 

මේ කරුණු අපට වැදගත් වන්නේ ගැලීලියෝගේ බොරුව තේරුම් ගැනීමට යෑමෙහි දී ය. මහාචාර්ය අමරතුංග මහතාට ගැලීලියෝගේ බොරුව අවබෝධ වීමට ඉඩක් නැත්තේ ඔහු මෙරට ආකෘතික රාමු අධ්‍යාපනයෙන් බිහිවූවකු බැවිනි. එමෙන් ම ඔහු මහාවිහාර සම්ප්‍රදායේ පතාක යෝධයකු වූ බැවිනි. ගැලීලියෝ නිවුටන් හෝ අයින්ස්ටයින් හෝ මෙන් සුසමාදර්ශී වෙනසක් කළ අයෙක් නො වූහ. එහෙත් ඔහු නව චින්තනය මත පදනම් ව රාමු වෙනසක් සිදු කළේ ය. 

අප පසුගිය සතියේ සාකච්ඡා කළේ  මේ රාමු වෙනස ය. ඒ වෙනස සමග ඔහු බටහිර විද්‍යාවේ අත්තිවාරම ද දැමී ය. ඒ අත්තිවාරම අන්කිසිවක් නොව ප්‍රත්‍යක්‍ෂය නොවූ වියුක්ත පට්ටපල් බොරු ගෙතීම ය. දැනුම ප්‍රත්‍යක්‍ෂය නොවූ කල, සංයුක්තය නොවී වියුක්තය වූ කල, බොරු ගෙතීම අමාරු කාර්යයක් නො වේ. අමාරු කාර්යය වනුයේ සංගත ව බොරු ගෙතීම ය.  ගැලීලියෝ බොරුව සංගත කිරීම සඳහා එතෙක් පැවති රාමුව වෙනුවට වෙනත් රාමුවක් ඉදිරිපත් කළේ ය. පොල් ගෙඩිය අල්ලපු වත්තේ නොවැටී ගහ මුල වැටෙන්නේ ඇයි ද යන්න ඔහු තේරුම් කළේ රාමුව වෙනස් කිරීමෙනි.     


නලින් ද සිල්වා

2014-01-01

Hazards of development


Knowledge is created or constructed due to Avijja, based on the Chinthanaya and relative to the sense organs, mind and the culture of the people, in terms of concepts, theories etc.  One who “knows” through prathyaksha, and not with concepts and theories, that whole knowledge, not just that of “self” as the “Arhaths” do, is due to avijja, “knows” everything. In my view it is in that sense “Buddha” was “sarvanna” (who knew everything). Since we are not even “Arhaths” we go on constructing knowledge but unfortunately the “educated” can only imitate forgetting absorption and other means of creating knowledge. The absorption of western knowledge within our chinthanaya and culture when necessary is not excluded but what harms us is imitation. Though western science has been taught in Sri Lanka for more than one hundred and fifty years we have not been able to produce a single western scientist who is worth his salt.

We do not live in isolation as pundits very often remind us, but what we have to remind the pundits is that by imitating western knowledge that includes knowledge of development we will only find ourselves to be mere slaves of the west often bringing misery to the people. The recent problems that have arisen due to imitating western development without absorbing into our culture should open the eyes of the not so educated general public. It is unlikely that the educated will ever understand this problem as they are in a deep slumber as a result of taking “knowledge pills” exported by the western countries.

The CKDu (Chronic Kidney Disease unidentified etiology) remains unidentified as far as western science and western medicine are concerned, and the patients continue to die in order to maintain the hegemony of western knowledge. It is said that hundred kidneys will be transplanted this year (2014) but that is going to be a small percentage of the patients even if this number of kidneys would be donated by the public. The government has decided to increase funds to deal with this problem, but without any creative absorption of knowledge by the western “scientists” and medical doctors, it is very unlikely that we could expect any positive outcome. The public funds if not returned to the treasury at the end of the year would most probably be spent on importing high tech equipments and very expensive filters of water bringing in additional income to the parties with vested interests. However, the WHO in their so called report according to a spokesperson in the ministry of health, but a paper published by four individuals, two attached to the ministry of health as very high officials, and the other two attached to the WHO, in an open accessible journal, like all the western scientists and medical personnel are not in a position to identify the cause of the Chronic Kidney Disease. Ironically the paper does not indentify so called drinking water as a cause of the disease.

The Kidney Disease has become a fertile ground for western scientists and others who are after instant publicity to come out with their pet theories on the cause of the problem. It appears that the GMOA led by its President is also in the picture portraying the image of saviours of patients. The president who does not understand any epistemology or even western “morals” come out in media as a person in search of “guna’ in addition to “nena” in western medicine. What he does not understand is that there is no “guna” dissociated from “nena” and western medicine is neither with “guna” or “nena” more correctly “guna nena” when viewed relative to Sinhala culture. Though the western “scientists” are not prepared to accept it the group at Kelaniya identified arsenic found in agrochemicals as the cause of the disease together with hard water contaminated with Magnesium and Sodium salts, and Arsenic “friendly” soil found in the affected areas. They also said that Cadmium in a vacuum is not the cause though it acts as a catalyst. Cadmium alone is not sufficient to cause the disease. Now the western scientists and the western medics, being the imitators they are, are not prepared to accept the “findings” of the Kelaniya group. If they accept it then in order to eradicate the disease the government would be instructed to go back to Sinhala govikama giving up agriculture based on agrochemicals gradually. The western science does not act in a vacuum, and it is bound with the interests of the Judaic Christian culture.  

Western science and medicine together with western technology are created in Greek Judaic Christian Chinthanaya relative to the western Judaic Christian culture. They are not dissociated from capitalism and the multinational companies, and western science, medicine and technology serve the multinationals in the final analysis. The multinationals cannot do away with agrochemical based agriculture and western scientists will find many reasons to tell us that the cause of the so called CKDu cannot be identified, may be with the present state of knowledge. In western medicine there are so many criteria that have to be satisfied in order to conclude that something is a causative factor of a disease, and it would not be difficult for a group to say in the case of a particular candidate the criteria are not satisfied and hence it cannot be concluded as the cause of the particular disease. The multinationals will depend on some report, paper or finding or what not by a “reputed” scientist or a group of scientists and claim that agrochemicals are not the cause of the disease. Since knowledge is controlled by the westerners, under the hegemony of western science the poor Kidney patients will continue to die.

What is interesting is that though no group or individual other than the Kelaniya group has pointed its finger towards hard water (kivul jalaya) there are interested parties who are all out to import filters to be installed in the affected areas. I would not be surprised if soon a “reputed” team comes out with the startling new finding that hard water is one of the causes of the disease. That is the way western Judaic Christian culture works. The parties with vested interests would ignore the claim by the Kelaniya group that arsenic is the main cause but cling to the “finding” that hard water is a cause of the disease. We would even see the prospect of the same company importing agrochemicals as well as the filters.  

The Kidney Disease, which we call the Chronic Agrochemical Kidney Disease (CAKD) is the result of imitating the western development and is a fall out of the “green revolution”. The UNP introduced the “green revolution” but the present generation of leaders in both the UNP and the SLFP do not seem to remember that. The present UNP leaders give the impression that the present government is responsible for the CAKD but the government spokespersons are not in a position to reply as they also work with the multinationals.

We witness a similar phenomenon in respect of powdered milk. Though there are reports of powdered milk imported by some companies, contaminated with poisonous substances there are western “scientists” to issue certificates to the effect that the very same powdered milk is devoid any such substances. These speak volumes for the “objectivity” of western science and powdered milk will continue to be imported. It is not my intention to publicize drinking of milk as this again is an imported concept. I would not go into detail but suffice is to say that the Sinhalas were a milk eating (kiri kema) nation, in the form of mee kiri (curd) etc. The Sinhalas drank “kenda” and not milk but we were taken away from that habit by the English with degrading remarks such as “ada kenda beelada aawey” (are you after drinking kenda today). Instead of imitating milk or consuming powdered milk the government should cultivate a habit of drinking “kenda” among the people. In the case of CAKD there are Sinhala physicians who are capable of curing the disease, and if the government spends a fraction of the funds allocated to western medicine to organize veda gedera (clinics) in the areas affected with the disease and divert the “govi mahathun” from agrochemical based agriculture to Sinhala govikama the CAKD could be eradicated.


Nalin De Silva

01-01-2014

Sunday, 29 December 2013

එඩේරුන් නැති සිංහල බැටළුවෝ


දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ගැන ලියන ලිපි පෙළ කල්දැමීමට සිදු වී තිබෙන්නේ මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් කරන ලද බවට පළවූ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීම සඳහා ය. දකුණු අප්‍රිකාවේ ඩෙස්මන්ඩ් ටුටූ බිෂොප්වරයා ලංකාවට විරුද්ධව ප්‍රකාශයක් කළේ ඊනියා සංහිඳියාවකට නම් නො වේ. මැන්ඩෙලාගේ සංහිඳියාව අපි පසුව සාකච්ඡා කරමු.    

තමන් දේශපාලනයෙහි නොයෙදෙන්නේ යැයි කියන මැල්කම් රංජිත් කාදිනල්තුමා ද දෙමළ ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත්වීමට කැමැත්ත පළකර තිබෙනු දුටිමි. එතුමන් කියනු ඇත්තේ එය හුදෙක් රටේ සුබ සිද්ධියට කරන්නක් මිස දේශපාලන මැදිහත්වීමක් නොවන බව ය. සියළු දේශපාලනඥයන් කියන්නේ තමන් ජනතාවට රටට සේවය කරන බව ය. මෙරට සියළු ආගමික නායකයෝ දේශපාලනයෙහි යෙදෙති. එය සෘජු මැතිවරණ දේශපාලනයක් නොවිය හැකි ය. එහෙත් මැතිවරණවලදී ඡන්දය දිය යුතු ආකාරය ගැන ද ඇතැම් පූජකවරු කියා දෙති. කෙසේ වෙතත් කාදිනල්තුමාට අනුව මෙරට දෙමළ වාසභූමි ඇත. ඒ නිජභූමි නොවේ යැයි එතුමා කියනු ඇත. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුමෙහි ද නිජභූමි ගැන නොකියැවිණි. එහි සඳහන් වූයේ ඊනියා ඓතිහාසික නිජභූමි ය. උතුරු හා නැගෙනහිර පළාත් එකතුකළේ ඒ සංකල්පය මුල්කර ගනිමිනි. අහිංසක ලෙස පෙනෙන සංකල්ප ජනතාවගේ ස්වාධිපත්‍යයට හා රටේ භෞමික අඛන්ඩතාවට එරෙහිව යොදාගත හැකි ය. මේ රටේ කිසිවකුටවත් වෙන්කෙරුණු වාසභූමි නැත. වාසයභූමිය යනු තමන් වාසය කරන ප්‍රදේශය යනු බොරු කතා ය. වාසභූමියට ඉන්දු ලංකා ගිවිසුමේ ඇත්තේ වෙනත් අරුතකි. දකුණ දෙමළ ජනයාට සැලකූ ආකාරය මෙන් ම ප්‍රභාකරන් ද වැරදි යැයි කාදිනල්තුමා කියයි. තමන් මධ්‍යස්ථ බව පෙන්වීමට කැමති අය මෙවැනි ප්‍රකාශ කරති.  දකුණ වැරදියට සලකා ඇත්තේ කෙසේ දැයි කාදිනල්තුමා පැහැදිලි කරන්නේ නම් මැනවි.  ඒ අතර එතුමන් කියා ඇත්තේ විවිධ ආණ්ඩු යටතේ සාකච්ඡා පැවතුණත් විසඳුමක් නොලැබුණේ දෙමළ නායකයන් සමග අවංකව සාකච්ඡා කිරීමට දේශපාලනඥයන්ට ධෛර්යයක් නොතිබුණු නිසා බව ය. එතුමන් කියා ඇති දෙයට අටුවා ටීකා අවශ්‍ය නො වේ. දේශපාලනඥයන්ට ඔය කියන ධෛර්යය නො ලැබුණේ සිංහලයන් නිසා ද? දෙමළ නායකයෝ අවංකව සාකච්ඡාවලට පැමිණියාහු ද? 

අද මෙරට විසඳීමට දෙමළ ප්‍රශ්නයක් නැත. ඒ බව ඉන්දු ලංකා ගිවිසුම හා පළාත් සභා ක්‍රියාත්මක වන ආකාරයෙන් ද පැහැදිලි වෙයි. මෙරට සිටින සියළු දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණයට විසඳුම විය යුත්තේ සියළු දෙමළ ජනයා විඳින ඊනියා අසාධාරණයට පිළියමක් මිසක් උතුරු හා නැගෙනහිර පළාත්වලට ඊනියා වාසභූමි සංකල්පය ඔස්සේ බලය බෙදීම නො වේ. ඇතැයි කියන ප්‍රශ්නය එකකි. දී ඇති විසඳුම තවත් එකකි. මෙය යන්නෙ කොහේ ද මල්ලෙ පොල් පිළිතුරකි. අද පළාත් සභා ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවට අවශ්‍ය ආකාරයට නොවන බව සිහින ලෝකයක ජීවත්වන වාසුදේව නානායක්කාර මහතාට ද මතක්කර දිය යුතු ය. තමන්ට අවශ්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීමට නැති ප්‍රශ්න මැවීමට ගිය විට එවැනි තත්ත්ව උද්ගත වෙයි. අද මෙරට පළාත් සභා යනු එක්සේසත් රාජ්‍ය ව්‍යුහය තුළ ක්‍රියාත්මක වන ආයතන පමණකි. වත්මන් භාෂාවෙන් කියන්නේ නම් එක්සේසත් රාජ්‍යයක් යනු ඒකිය රාජ්‍ය ප්‍රභේදයකි. දෙමළ ජාතික සංධානය ඒ බව ද, පොදු රාජ්‍ය මණ්ඩල නායකත්ව රැස්වීමෙන් පසු ඉන්දියාවට කළහැකි බලපෑමක් නැති බව ද, වටහා ගත යුතු ය. කාදිනල්තුමා මැදිහත්වීමට උත්සාහ කරන්නේ ඒ නිසා විය හැකි ය. ජෙනීවා ගෝනිබිල්ලා පෙන්වා දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීමට කටයුතු කළ නොහැක්කේ අද ආණ්ඩුව බැටළුහම්  පොරවාගත් වෘකයන් හඳුනන බැවිනි. 

අද ඇතැමුනට අවශ්‍ය වී ඇත්තේ ජෙනීවා සාකච්ඡා සඳහ දහතුනට පක්‍ෂ අය යැවීම ය. පසුගිය අවුරුද්දේ ලංකාවට විරුද්ධව යෝජනාව සම්මත කරගත හැකි වූයේත් ඉන් පෙර නොහැකි වූයේත් එකල සහභාගි වූ අයගේ දක්‍ෂතාව නිසා යැයි ඔවුහු කියති. එහෙත් එයට පෙර අප දිනුවේ නම් එයට හේතුව අප ඉන්දියාවට හා බටහිරට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීම ය. විශේෂයෙන් ම ඉන්දියාවට අවශ්‍ය ආකාරයට පොරොන්දු දීම ය. එහෙත් ඉන්දියාව පසුගිය වසර වනවිට දැනසිටි කරුණ නම් අප ඉන්දියාවේ පදයට නැටීමට සූදානම් නැති බව ය. ඉන්දියාව බටහිරයන් සමග එකතු වී ජෙනීවාහි දී අප පරාජයට පත්කළේ එබැවිනි. එසේ පැරදීම අපට ප්‍රශ්නයක් නො වේ. එය අපේ ආත්මාභිමානයට හේතුවකි. ජෙනීවාහි දී ජයග්‍රහණය කිරීම සඳහා අප ජනතාවගේ ස්වාධිපත්‍යය හා රටේ භෞමික අඛණ්ඩතාව පාවා දිය යුතු නො වේ. අප කළ යුත්තේ බටහිරට පක්‍ෂ නොමැති රටවල සමග විශේෂ සම්බන්ධතා ඇති කරගෙන ජෙනීවාහි දී එංගලන්තය, ඇමරිකාව ආදී රටවල් පරාජය කිරීම ය. ඇමරිකාව ඉන්දියාවට සලකන ආකාරය පසුගිය දා ඇමරිකාවේ ඉන්දීය තානාපති නිලධාරිනියක සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයෙහි දී පැහැදිලි විය. යම්කිසි දවසක ඇමරිකාව ඉන්දියාවේ දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් ගැන යයි කියමින් ජෙනීවාහිදී ඉන්දියාවට විරුද්ධව යෝජනා සම්මත කිරීමට ක්‍රියා කිරීමට ඉඩ ඇත. බටහිරයන්ට අද ඉන්දියාව අවශ්‍ය වන්නේ පකිස්ථානයට හා චීනයට විරුද්ධ ව යොදා ගැනීමට මිස වෙනත් කරුණකට නො වේ. 

කෙසේ වෙතත් කාදිනල්තුමා මැදිහත් වීමට සූදානම්වන්නේ කිනම් ප්‍රශ්නයක් විසඳීමට දැයි  නිශ්චිත ව පැහැදිලි කරන්නේ නම් මැනවි. පසුගිය කාලයේ කතෝලික සභාවේ ඇතැම් බිෂොප්වරුන් කොටින්ට උඩගෙඩි දුන්නේ හුදෙක් ජීවිත බය නිසා ම යැයි අපි විශ්වාස නො කරමු. සවුන්ද්‍රනායගම්, ජෝසෆ් එමෑනුවෙල් ආදී බිෂොප්වරුන් කොටින්ට පක්‍ෂව ක්‍රියා කළ ආකාරය අපි දුටුවෙමු. අද ද එමෑනුවෙල් බිෂොප්වරයා පිටරට සිට කොටින්ට පක්‍ෂව ප්‍රචාරක කටයුතුවල නිරත වෙයි. ඒ කිසි ලෙසකින්වත් ජීවිත භය නිසා කෙරේන්නක් නො වේ. රායප්පු ජෝසෆ් බිෂොප්තුමා මරියතුමියගේ ප්‍රතිමාව ද කොටින්ට දීමට කටයුතු කළේ ය. ලංකා සභාවේ කෙනත් ප්‍රනාන්දු බිෂොප්වරයා ප්‍රභාකරන් මානව හිතවාදී පුද්ගලයකු ලෙස හැඳින්වී ය. බටහිරයන්ගේ භාෂාවෙන් කියන්නේ නම් ඇත්තේ කළු බැටළුවන් පමණක් නො වේ. කළු එඬේරු ද සිටිති. මෙහි කළු යන්න බටහිරයන් යොදන්නේ ද කලුබවට කරන අපහාසයක් ලෙස ය. ඒ කෙසේ වෙතත් සිංහල කතෝලිකයෝ ද සිංහල ක්‍රිස්තියානි භක්තිකයෝ ද සිටිති. ඔවුහු ද බටහිර සංකල්පයට අනුව බැටළුවෝ වෙති. අද ඔවුන්ට එඬේරුන් නැත් ද? 


නලින් ද සිල්වා

2013-12-29



Friday, 27 December 2013

Habits, habitats and armed forces


Those who were not in favour of operations against the LTTE have a habit. They wanted the operations to be stopped and engage in so called peace talks with the terrorists. The UNP ridiculed the armed forces and Ranil Wickremesinghe referred to Thoppigala as a jungle. Ravi Karunanayake wanted to find out whether the army was in Medawachchiya when they were in Killinochchi. He probably does not know where Alimankada is as he thought it was another name for Pamankada. As far as he is concerned it appeared that all mankadas were the same. Then Lakshman Kirielele said any ass or some other animal could fight a war. The NGO pundits and self appointed specialists on warfare, echoing the westerners, said that the “war” cannot be won by either party. However, the Sri Lankan armed forces were able to defeat the LTTE and to become the first to defeat a terrorist organization.

The peace talks were to be based on the thirteenth amendment, which was a result of the infamous Indo Lanka Accord which is not a document valid politically or legally. The Indo Lanka Accord referred to the historical habitats of the Tamils in Sri Lanka, and it was to these so called habitats that power was to be devolved in order to solve the “discriminations” against the Tamils by the Sinhala Buddhists, who in the eyes of the westerners and NGO pundits are the worst Chauvinists in the world. The government of the Sinhala people as the Tamil racists call the Sri Lankan government has no respect at all for human rights according to the west, their agent UNP and of course the NGO pundits and the TNA.

Almost all these anti Sinhala Buddhist organizations habitually tell us though the war was won, peace was not won. They seem to be of the opinion that peace could have been won without winning the war. For them winning the “war” was not a necessary condition for peace. It is clear what they mean by peace is not what the vast majority of Sinhalas and probably Tamils have in their minds. As far as the UNP, NGO pundits and others are concerned peace is nothing but betraying the sovereignty of the people and the territorial integrity of the nation. For them peace is handing over a piece of the country to the Tamil racists. In any event most of them talk of a non-existing Tamil nation and their self determination.

It is wrong to say that there is no peace in this country. Peace was won by the Sri Lankan armed forces under the political leadership of the President and the direction of the Defense Secretary. However, England and some other western countries want another \war against the Sinhala people this time through various means. They employ the dispersed Tamils in their countries on one hand and on the other, their so called international organizations such as the UN and human rights agencies, and of course the NGOs. The displaced Tamils operate through a faction of the TNA that had its annual conference recently in Vavunia without Ananda Sangari who was not sympathetic to the LTTE but with the widows of the terrorists and others such as Sumanthiran the MP appointed on the national list. The anti Sinhala lobby shout slogans inside and outside the Parliament, stage demonstrations in London and Geneva and attempt to give the impression that there is no peace in the country. In the whole of Sri Lanka the arrival of the prince of peace was celebrated day before yesterday unlike in the days of Prabhakaran the devil of terrorism and some Bishops of the Catholic Church who dominated the Church then, and some other Churches. We cannot forget that the Bishop of a Christian denomination referred to the terrorist leader as a humane person. It is time for the Catholic and other Christian Churches to look back and correct the mistakes. After all there are Sinhala Catholics and Christians whom the Church cannot ignore in the name of finding so called peace that is detrimental to the sovereignty of the people and the territorial integrity of the nation.     

As we have said very often, this so called solution is backed by the Tamil racist Vadukoddai resolution, though the Tamil problem is more than hundred and fifty years old. The Tamil racists took so much time to formulate “the problem” in order to suit the solution that they had from the state council days. Nagnathan who became the treasurer of the Illankai Thamil Arasu Kadchchi (Lanka Tamil State Party) later wanted a separate country for the Tamils even before the first Parliament was elected in 1947. In the case of Tamil racism the solution came first and then the problem was formulated.

However, the process was so artificial that the solution does not address the problem. The problem is “discrimination against the Tamils by the Sinhala Buddhists and their government”. The solution is devolution of power to the historical habitats of the Tamils, identified by the Indo Lanka Accord as the Northern and Eastern Provinces, though the “Eelam Map” refers to an area to the north of Chillaw on the western coast and Panama in the eastern cost. This “Eelam Map” is based on judicial districts demarcated by the Dutch who imported the Vellalas to the country. Incidentally the word Eelam was coined by C Sunthralingam who spelt it as Eylom. If the Tamils are discriminated then a solution has to be found for all the Tamils in the country and not only for the Tamils living in the Northern and Eastern Provinces.  

It has to be emphasized that the solution depends on the concept of habitats as stated in the Indo Lanka Accord. It does not depend on the so called homeland concept and it is clear that it is the concept of habitats that is used to justify the solution of devolution of power to the Northern Province and the Eastern province. Thus when the Catholic Church issues a statement recognizing habitats of the Tamils, the Sinhalas especially the Sinhala Buddhists are disturbed to say the least. The Church in its defense may say that they do not refer to the homeland, but then the notorious Indo Lanka Accord also does not refer to the homeland of the Tamils. The Catholic Church like any other organization is entitled to engage in politics forgetting the differences between the God and Caesar without correcting its mistakes, but then the Church should realize that it is not immune from criticism.

It should be realized even by some ministers belonging to the leftover left, not to mention the TNA leaders that the Provincial Councils in operation today do not confirm to the Indo Lanka Accord as such. The Northern and Eastern Provincial councils act separately and the provinces are not amalgamated for the purpose of implementing the thirteenth amendment and the provincial councils act. The present provincial councils are not a solution to the so called discrimination of the Tamils and they function in the framework of the “eksesath rajya” a form of unitary state if one were to use modern terminology. The Northern Province Provincial council is not different from any other provincial council in the country and this is something that the TNA should realize sooner than later. The original idea of provincial councils was bound to fail as there was no problem to be solved envisaged by the so called solution.

It is in this background that we have to consider the employment of the armed forces in the country. Sumanthiran who said a few weeks ago in a television discussion that there were no Tamil speaking policemen in most of the police stations in the Northern Province, but  did not respond to the media spokesperson for the Police who challenged the honourable MP, is now shouting slogans against the presence of the Army in the Jaffna Peninsula. It is the commander of the Army who decides where to employ the platoons, and as long as Premachandrans, Sritharans who want a separate state it appears that the commander cannot confine the army to the barracks. The Provincial Council of the Northern Province has no authority to decide where the army should be stationed and as long as the Army is not involved in civil administration there is nothing wrong in having the army in the streets of Jaffna or Colombo, if the commander is of the opinion that there are separatists who are controlled by external forces that act against the sovereignty of the people and the integrity of the nation. The faction of Sampanthan and Wigneshwaran is only using Sumanthiran to counter the faction of the dispersed Tamils in the TNA, and this policy would not succeed.


Nalin De Silva

27-12-2013

Wednesday, 25 December 2013

ගැලීලියෝ බොරු කීවේ ඇයි?


බටහිර විද්‍යාව පිළිබඳ මා දරණ ස්ථාවරය මෙසේ ය. බටහිර විද්‍යාව යනු ලෝකයේ ඇති එක් දැනුම් පද්ධතියක් පමණ ය. බටහිර විද්‍යාව එතෙක් තිබූ චීන, භාරතීය, සිංහල, බැබිලෝනියානු, මිසර ආදී  විද්‍යාවන්ට වඩා වෙනස් වෙයි. එහෙත් එසේ වන්නේ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යැයි කියැවෙන්නන් ප්‍රකාශ කරන ආකාරයට එහි ඇති ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නිසා නො වේ. නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, උද්ගමන, නිගමන, යම් න්‍යායක් (logic) මත පදනම් වී තර්ක කිරීම ආදිය බොහෝ දැනුම් පද්ධතිවල දැකිය හැකි ය. බටහිර විද්‍යාව අනෙක් විද්‍යා ඇතුළු දැනුම් පද්ධතිවලින් වෙනස් වන්නේ එය පදනම්වන චින්තනයේ ඇති වෙනසක් නිසා ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ද මේ චින්තන වෙනස හේතුවෙනි.    

බටහිර විද්‍යාව බිහිවූයේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පහළොස්වැනි සියවස අගභාගයේ දී දකුණ යුරෝපයේ, විශේෂයෙන් ම ඉතාලියේ ඇතිවූවකි. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට පෙර යුරෝපයේ තිබුණේ කතෝලික චින්තනය ය. පහළොස්වැනි සියවස අග දී දකුණු යුරෝපයේ සිදුවූ මේ චින්තන විප්ලවයට හේතු කිහිපයක් විය. ඒ අතර පාප්වහන්සේගේ ආධිපත්‍යයට එරෙහි වූ දේශපාලනයක් ද විය. එසේ ම පෞද්ගලිකත්වය සාමූහිකත්වය අභිබවා පෙරට පැමිණියේ ය. එය ද කතෝලික චින්තනයෙහි සාමූහිකත්වයට එරෙහි වූ ආකල්පයක් විය. 

නව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය කතෝලික චින්තනය මෙන් සංයුක්ත නො වී ය. පෞද්ගලිකත්වය ඉස්මතුවීම සමග චින්තනය සංයුක්තයෙන් වියුක්තයට හැරිණි. මේ පිළිබඳ විටින් විට අපේ ප්‍රවාද මගින් කරුණු දක්වා ඇත. පෝලන්තයේ විසූ කොපර්නිකස් පූජකත්වය ලබාගැනීම සඳහා පැමිණියේ මෙවන් චින්තන විප්ලවයකට භාජනය වී තිබි ඉතාලියකට ය. ඒ වන විට මාටින් ලූතර්ගේ අදහස් ද යුරෝපයෙහි තිබිණි. පෘථිවිය සූර්යයා වටා චලනය වන බව ද පෘථිවිය සූර්යයා වටා යන තම ගමන් මාර්ගයට ආනත ව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව ද සිංහලයෝ දැන සිටියහ. සිංහලයන්ගේ තෙල්මේ නැටුම සකස් වී ඇත්තේ පෘථිවියේ මේ සංකීර්ණ චලිතය නිරූපණය කරමිණි. කොපර්නිකස් ඉන් යම් දැනුමක් භාරතයෙන් ලබාගෙන තිබිණි. එහෙත් කොපර්නිකස් ගෙන ගිය ඒ දැනුම ඉතාලියේ දී ක්‍ෂණිකව නො පිළිගැණිනි.

පසුව ගැලීලියෝ කොපර්නිකස්ගේ මතය පිළිගෙන එය ඉගැන්වීම ඇරඹී ය. ගැලීලියෝ එවකට ඉතාලියේ සිටි උගතුන්ගෙන් අතිවිශාල බහුතරය පිළිගෙන සිටි මතයට විරුද්ධ මතයක් ප්‍රචාරය කළේ ය. ඉතාලියේ එවකට සිටි උගත්තු සමස්තයක් ලෙස ගත්කල ගැලීලියෝගේ අදහස් නො පිළිගත්හ. එකල ද ඉතාලියේ මහාචාර්ය අමරතුංග වැන්නන් සිටියාට සැකයක් නැත. ඔවුන් අන් අය නොපිළිගන්නා අදහස් ප්‍රචාරය කිරීම පිළිබඳ ගැලීලියෝට විරුද්ධ වන්නට ඇත. එහෙත් ගැලීලියෝ එවැනි ගතානුගතික ඊනියා උගතුන් කී දේ තඹයකටවත් මායිම් නොකරන්නට ඇත. 

අඩු තරමෙන් ගැලීලියෝට විරුද්ධ වූවන්ට එසේ කිරීමට තර්කයක් විය. මේ තර්කය අපේ ප්‍රවාද මගින් ප්‍රකාශ කෙරී ඇත. පොළොව ගමන්කරන්නේ නම් නටුවෙන් ගිළිහුණු පොල් (ඇපල්) ගෙඩියක් ගහ මුල වැටෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නය විය. තරමක අතිශෝක්තියෙන් කියන්නේ නම් පොළොව චලනය වන්නේ නම් පොල් ගෙඩිය වැටිය යුත්තේ අල්ලපු වත්තේ ය. ඒ තර්කයෙහි වරදක් නැත. පාප් වහන්සේ ගැලීලියෝ ට කියා සිටියේ පොළොව ගමන්කරන්නේ නම් ඒ බව ඉගැන්වීමට පෙර එය ඔප්පුකරන ලෙස ය. ඇතැම් විට ඇතැම් අය යම් යම් දේ ඔප්පු කරන ලෙස ඉල්ලන්නේ ඔප්පු කිරීම පිළිබඳ මනා අවබෝධයකින් නො වේ. පාප් වහන්සේ මෙන් ම අමරතුංග මහතා ද ඔප්පු කිරීම යන්න හදාරා නැත.  

එහෙත් මම පාප්වහන්සේට ගරු කරමි. එසේ කරන්නේ උන්වහන්සේ තම චින්තනය වූ කතෝලික චින්තනය වෙනුවෙන් පෙනී සිටි නිසා ය. අමරතුංග මහතා පෙනී සිටින්නේ සිංහලයන්ගේ චින්තනය වෙනුවෙන් නොව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වෙනුවෙනි. සංයුක්ත වූ කතෝලික චින්තනයෙහි පාප්වහන්සේගේ තර්කය නිවැරදි ය. උන්වහන්සේ තම තර්ක ඉදිරිපත් කලේ සංයුක්ත චින්තනයක ය. අපට පොල් ගෙඩි හුදු ප්‍රත්‍යක්‍ෂ නොවූවත් ප්‍රත්‍යක්‍ෂ ලෙස ගත හැකි වෙයි. පොල් ගෙඩිය පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිම ඉන්ද්‍රියයකට ගෝචර නො වෙයි. එහෙත් අපට පොල් ගෙඩිය පිළිබඳ යම් ආකාරයක ප්‍රත්‍යක්‍ෂයක් මනස ද ආධාරයෙන් ලබාගත හැකි ය. එපමණකට පොල් ගෙඩිය සංයුක්ත වෙයි.

අමරතුංග මහතා නොදනිතත් ඔප්පු කිරීම් කෙරෙන්නේ යම් පද්ධතියක ය. ඒ ඒ දැනුම් පද්ධතියෙහි ආකල්ප, න්‍යාය ආදිය වෙයි. එය චින්තනයක් මත පදනම් වෙයි. පාප් වහන්සේගේ සංයුක්ත චින්තනයෙහි පොල් ගෙඩි ප්‍රත්‍යක්‍ෂ වෙයි. පොළොව චලනය නො වෙයි. පොළොව චලනය වන බව අමරතුංග මහතා නිරීක්‍ෂණය කර තිබේ ද? පොළොව චලනය වීම අපේ සංයුක්ත අත්දැකීමක් නො වේ. අපේ සංයුක්ත ප්‍රත්‍යක්‍ෂය පොළොව චලනය නොවන බව ය. එමෙන් ම අපේ සංයුක්ත ප්‍රත්‍යක්‍ෂය වන්නේ නටුවෙන් ගිළිහුණු පොල් ගෙඩිය ගහමුල වැටෙන බව ය. ඒ පද්ධතිය තුළ වූ ගතිකය අනුව පොළොව චලනය වන්නේ නම් පොල් ගෙඩිය වැටිය යුත්තේ අල්ලපු වත්තේ ය. එහෙත් පොල් ගෙඩි වැටෙන්නේ ගහ මුළ ය. ගැලීලියෝගේ කතාව, එනම් පොළොව චලනය වන බව හා නිරීක්‍ෂණය අතර පරස්පරයක් ඇත.  

පාප්වහන්සේ ගැලීලියෝට කීවේ පොළොව ගමන් කරන බව ඔප්පු කරන ලෙස ය. අමරතුංග මහතාට එය කළ හැකි ද? ගැලීලියෝට නම් එසේ ඔප්පු කිරීමට නොහැකි විය. පාප්වහන්සේ කියා තිබුණේ පොළොව චලනය වන බව ඔප්පු නොකර එය නූගන්වන ලෙස ය. එහෙත් ගැලීලියෝ දිගින් දිගට ම තම ඉගැන්වීම කරගෙන ගියේ ය. පාප්වහන්සේ ගැලීලියෝ සිරගෙට නියම කළහ. පාප්වහන්සේ එදා කල වරදක් නැත. ක්‍රියාවක් වරදක් වන්නේ යම් පද්ධතියකට සාපේක්‍ෂව ය. එකල තිබූ චින්තනය හා ඒ මත පදනම් වූ  නීතිය ඇතුළු දැනුමට අනුව පාප්වහන්සේ වරදක් කර නැත. වරද කර ඇත්තේ ගැලීලියෝ ය.

අප මේ කතා කරන්නේ බටහිර විද්‍යාවේ තිඹිරිගෙහි සිදු වූ දේ ගැණ ය. ගැලීලියෝට කතෝලික චින්තනය මත පදනම් ව පොළොව චලනය වන බව ඔප්පු කිරීමට නොහැකි විය. අප ඒ බව පිළිගත යුතු ය. ගැලීලියෝට සිදුවූයේ මහත් අභියෝගයකට මුහුණ දීමට ය. ඔහුට පොළොව චලනය වන බවට වූ දැනුම ලැබුණේ කොපර්නිකස්ගේ මාර්ගයෙනි. කොපර්නිකස්ට එය ලැබී ඇත්තේ භාරතයෙනි. භාරතීයයනට ඒ දැනුම ලැබුණේ කෙසේ ද? එය ඔවුන්ගේ සංයුක්ත දැනුමක් වී ද? 

මා සිතන අයුරෙන් පැරණි භාරතීයයනට හා සිංහලයන්ට එය සංයුක්ත දැනුමක් විය. එය ඔවුන්ගේ ප්‍රත්‍යක්‍ෂයක් විය. එහෙත් එය පංචෙන්ද්‍රියයන්ගෙන් ලබාගත් ප්‍රත්‍යක්‍ෂයක් නො වී ය. ඔවුන් එය ලබාගත්තේ මනසින් විය යුතු ය. ආධ්‍යාත්මික ව මනස දියුණු කිරීමෙන් පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව හා සූර්යයා වටා ගමන්කරන බව ඔවුන් දකින්ට ඇත. අපගෙන් ඇතමකුට ද මනස දියුණු කිරීමෙන් ඒ ආකාරයෙන් දැනුම ලබාගත හැකි යැයි මම විශ්වාස කරමි. එහෙත් වත්මන් අධ්‍යාපන ක්‍රමයෙහි එවැනි ධ්‍යාන ලබාගැනීම්වලට ඉඩක් නැත. 

මා කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි පීඨාධිපති ලෙස කටයුතු කරද්දී සිසුන්ට භාවනාව සඳහා විද්‍යා පීඨයෙහි ඉඩකඩ සපයා දුන්නෙමි. එහෙත් එයට බලවත් විරෝධතාවක් විද්‍යා පීඨයෙහි සිංහල බෞද්ධ යැයි කියාගන්නා ඇදුරන්ගෙන් ම මතුවිණි. එහි දී විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද යනුවෙන් ඉරිදා දිවයින පුවත්පතට ලිපියක් ලිවීමට ද මට සිදුවිය. අපි අවුරුදු දහතුනක පාසල් අධ්‍යාපනයක් ලබා වසර තුනක හෝ හතරක හෝ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයක් ද ලබා ඉන්පසු අවුරුදු තුන හතරක නැතහොත් එයටත් වැඩිකලක පශ්චාත් උපාධි අධ්‍යාපනයක් ලබන්නෙමු. ඊනියා පර්යේෂකයන් සරසවි ඇදුරන් ආදීහු එලෙස අවුරුදු විස්සකට වඩා බටහිර ක්‍රමයට පුහුණුවක් ලැබුවෝ වෙති.

අමරතුංග මහතා ද එසේ යැයි සිතමි. ඒ අවුරුදු විස්සෙන් පසුව ද බොහෝ දෙනා ඊනියා පර්යේෂණවල යෙදෙති. එහෙත් ඔවුන් විසින් ඉදිරිපත් කෙරී ඇති නව සංකල්පයක්, ප්‍රවාදයක් වේ ද? ඔවුන් ආචාර්ය, උසස් ආචාර්ය උපාධිධාරී මහචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, සම්මානිත මහාචාර්යවරුන් විය හැකි ය. එහෙත් ඔවුන් නමින් ඇති සංකල්පයක්, ප්‍රවාදයක් නැත. එසේ වුවත් පැරණි සිංහලයෝ තෙල්මේ නැටුමෙහි සංකීර්ණ සූර්ය චලිතය නිරූපණය කළහ. ඔවුන්ට තිබුණේ ආධ්‍යාත්මික ශක්තිය හා ඒ ඇසුරෙන් ලබාගත් දැනුමකි. 

අපේ පාසල්වල සරසවිවල කාලපරිච්ඡෙද වෙන් නොකරන්නේ ඇයි? ඒ සඳහා පංති කාමර ලබා නොදෙන්නේ ඇයි? අපේ දැනුම ඊනියා පර්යේෂණ මත නොව ආධ්‍යාත්මික දියුණුව මත පදනම් වී ඇත. ටික කලකට පෙර ජනාධිපතිතුමා පාසල්වල පංති කාමරයක් භාවනාවට වෙන් කරන ලෙස ඉල්ලා සිටියේ ය. එහෙත් අධ්‍යාපන බලධාරීන් ඒ ගැන කිසිවක් කළ බවක් දැනගන්නට නැත. නිවන් අවබෝධ කරගැනීම සඳහා කරන භාවනාවක් නොවුවත් දැනුම නිර්මාණය කිරීමේ මාර්ගයක් ලෙස එවැනි භාවනාවක වැදගත්කමක් ඇත. 

ඒ කුමක් වුවත් ගැලීලියෝ මුහුණ දුන්නේ ඉතා අසීරු ප්‍රශ්නයකට ය. ඔහුට පොළොවේ චලනය පිළිබඳ දැනුම ලැබී තිබුණේ ආධ්‍යත්මික ව ඒ දැනුම ලබාගත් සංස්කෘතියකිනි. කතෝලික සංස්කෘතියෙහි ද යුදෙවු සංස්කෘතියෙහි ග්‍රීක සංස්කෘතියෙහි ද දෙවියන්ගෙන් දැනුම ලබාගැනීමේ සම්ප්‍රදායක් විය. එහෙත් ඒ සංස්කෘතීන්ට පදනම් වූ චින්තන එකතු වීමෙන් නිර්මාණය කෙරුණු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ඒ සම්ප්‍රදාය ප්‍රතික්‍ෂෙප විය. 

දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම මත පාප්වහන්සේගේ ආධිපත්‍යය තහවුරු වී තිබිණි. නව චින්තන විප්ලවයෙන් අභියෝග කෙරුණු එක් කරුණක් වූයේ පාප්වහන්සේගේ ආධිපත්‍ය ය. එබැවින් ග්‍රීක යුදෙවු ක්‍රිසතියානි චින්තනයෙහි එසේ දෙවියන්ගෙන් ලබාගත් දැනුම ප්‍රතික්‍ෂෙප විය. ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචරවන දැනුම පමණක් නව චින්තනයෙහි ආකෘතික ව පිළිගැණිනි. අද වන විට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේ වුව ද නො පිළිගැනෙයි. 

අද දක්වා එකී චින්තනයෙහි  විකාශයට කලක් ගත වී ඇත. ගැලීලියෝ පාප්වහන්සේට අවනත නොවූ නමුත් භක්තිමත් කතෝලිකයෙක් විය. නව චින්තනයක ආරම්භයේ දී එවැනි ගැටළු මතු වීම අපේක්‍ෂා කළ යුතු ය. ගැලීලියෝට දෙවියන්ගෙන් දැනුම ලබාගත නොහැකි විය. එසේ කරන්නට යැයි ඉල්ලා සිටීමට ද ඔහුට නොහැකි විය. ඔහුට නව චින්තනයෙන් ලැබුණු භාවනාවක් ද නො වී ය. එසේ නම් පොළොව චලනය වන්නේ ය යනුවෙන් ඔහු කොපර්නිකස්ගේ නමින් ඉදිරිපත් කළ එහෙත් සිංහලයන්ට ද (පොළොවේ චලනය ගැන ඉගැන්වීමේ දී අඩු තරමෙන් තෙල්මේ නැටුම ගැන සඳහන් කරවීමට අධ්‍යාපන බලධාරීන්ට පියවර ගතහැකි ද?) තිබූ දැනුම හා පොල් ගෙඩිය ගහ මුළ වැටීම නම් නිරීක්‍ෂණය අතර වූ පරස්පරයට විසඳුමක් දුන්නේ කෙසේ ද? ඔහු නැවතත් ඉන්ද්‍රිය ගෝචර නොවන දැනුමක් කරා ගියේ ය. එය නව චින්තනයට පටහැණි වුවත් පසු කලෙක අර්නස්ට් මාක් නම් ඉන්ද්‍රියානුභූතවාදයෙහි පුරෝගාමියකු පරමාණුවට විරුද්ධ වන තුරු කිසිවකු එහි වරදක් දුටු බවට සාක්‍ෂි නැත. ගැලීලියෝ ප්‍රශ්නයට විසඳුම ලෙස ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත දැනුම් නිර්මාණය කළේ ය. ඔහු පට්ටපල් බොරු ගොතන්නට පටන් ගත්තේ ය. බටහිර විද්‍යාව ආරම්භ විය.


නලින් ද සිල්වා

2013-12-25

The politics of TNA


It is said that the Tamil National Alliance (TNA) is getting ready to remove the name of Ananda Sangari from its membership list. It is true that Ananda Sangari did not poll enough preferential votes at the Northern Province Provincial Council elections to be elected as a member of the provincial council. The TNA received more than seventy percent of the vote of the people in the province, and it was clear that they voted under instructions from the dispersed Tamils who now reside in the western countries. We have come to a stage where the politics in the Northern Province are increasingly being manipulated by the western countries through the displaced Tamils in those countries. It is a case of western countries maintaining the dispersed Tamils and the latter maintaining their relatives in the province through money sent to them.

It is said that a last minute campaign through SMS, telephone calls etc., was conducted by the dispersed Tamils to make the voters in the Northern Province go to the polling booths and from all accounts it can be inferred that the latter were asked to vote for the TNA with preferential vote for those candidates who are sympathetic to the LTTE. The people elected Anandi, the wife of an LTTE terrorist leader with the second largest preferential vote after Wigneshwaran and rejected Ananda Sangari who is not sympathetic to the LTTE.
                                                                                                          
It appears that there are at least two groups within the TNA. The first faction is the party of the Eelamist dispersed Tamils in the western countries and the second faction is that led by Sampanthan. This latter group has the blessings of India and had their support as well, but it has to compete with the faction of the Eelamist dispersed Tamils. It also appears that the Colombo based Tamils who are not with the UNP, support mainly the Sampanthan faction, while the Tamils in the other areas of the country are generally with the SLFP led UPFA. However, as far as the Northern Province is concerned the vote is being manipulated by the dispersed Tamils  that do not belong to the group of elite Tamils in the country. The elite Tamils support either the UNP or the Sampanthan faction and those who are sympathetic to the latter faction in general are more Hindu oriented than Christian oriented.

The dispersed Tamils in the western countries are not from the elite families and are products of free education. There is this difference between the Tamil leadership of the Tamil Congress for example and the present leadership. The leaders such as G G Ponnambalam and those who preceded him came from the elite families but after the introduction of free education and after Chelvanayakam the leadership changed from the elite to the educated non elite. It is the non elite free educated that give leadership to the dispersed Tamils who in turn lead the Tamils in the Northern Province. Sampanthan with the support of the Indians would like to go back to the days of the elite with Wigneshwaran but it is clear that he has a problem at hand.

The western countries also would like the elite but the non elite free educated in the west would not allow it to happen. The west, especially England does not mind that, as their main objective is to teach the Sinhala people a lesson for all that the latter did and do against the English colonial power. Prabhakaran has for all purposes made an irreversible change in the Jaffna society and it is the dispersed Tamils with the support of England, which calls the shots.

The dispersed free educated Tamils who were educated mostly at the expense of the Sinhala people since the latter as the majority would have contributed more to the public purse that spent money for free education among other such social welfare measures have displaced the elite Tamils and it appears that Sampanthan is fighting a losing battle. However, he is determined to fight back and the present shouting of slogans by various sectors has to be considered in this background.

Since the provincial council elections for the Northern Province, the Tamil politics have gone back to the days of the Vadukkodai resolution and the Indo Lanka agreement that is not valid either legally or politically. There is familiar talk against the National Flag, National Anthem in addition to attempts to celebrate the so called mahivir day at various places in the northern province. Even the Catholic Church that has Bishops such as Rayappu Joseph who did not make statements because of fear of Prabhakaran now talks again of traditional habitats of the Tamils. One may try to split hairs by telling that traditional habitats are not the same as homeland, but the net political result is the same whatever the term used. The infamous Indo Lanka agreement that was forced on us by the Gandhi dynasty and the Indian Brahmins also referred to the Northern Province and the Eastern Province as the habitats of the Tamils ignoring the fact that these provinces were demarcated by the English as late as 1889. The Catholic Church echoing Wigneshwaran and the others want the removal of the governor of the Northern Province on the grounds that the latter was an ex army officer.

The Tamil leadership and others who echo these slogans have gained a new life after the visit of David Cameron who threw the usual English sophisticated but bogus manners out of the window, and behaved exposing his true character as an English Prime Minister. It is the anti Sinhala attitude, especially the anti Sinhala Buddhist attitude that was exhibited nakedly by David Cameron and the Sinhala people should be thankful to him for being not sophisticated. The English are not democrats at all and they cover their autocracy by bogus sophisticated mannerisms.  

Sampanthan and Wigneshwaran as long as the Tamil politics in the Northern Province are determined by the dispersed Tamils and the western countries led by England, have to compete with TNA leaders such as Premachandran, Sritharan and Anandi to name only a few. It is a pity to see Wigneshwaran competing with Anandi but it is politics whether one likes it or not. India is not in a position to help them as the Indian Prime Minister by not attending the CHOGAM has abdicated the role of India in Sri Lankan Tamil politics. Jayalalitha is only an inflated figure who has no authority outside Tamil Nadu. Her talk of becoming the Prime Minister of India is nothing but wishful thinking of an aging actress.

There have been ex army officers who were acceptable to the Tamil leaders as the governors of the Northern and Eastern Provinces from the days of Vartharajaperumal and it is nothing but opportunistic politics of the TNA leaders who supported the candidature of the commander of the army, Sarath Fonseka to the post of President of the country objecting to the present governor of the Northern Province merely because the latter had functioned as an officer in the army. Even Vartharajaperumal hoisted the national flag when he was the Chief Minister of the combined Northern and eastern Provinces and we all know that India was behind him. The present objections to the national flag stems from Eelam politics of the dispersed Tamils who are being used by England, and Sampanthan and Wigneshwaran who would not receive much support from India have to readjust their politics to the whims and fancies of the dispersed Tamils. Wigneshwaran will have to attempt to visit high security zones in order to make news in his competition with Anandi. However, the irony is that whether they adjust or not they would soon find themselves in the same boat as Ananda Sangari, and their best bet would be to corporate with the government and work for the welfare of the Tamils in the Northern Province and cut the umbilical cord that attach the latter to the dispersed Tamils in the west.


Nalin De Silva

25-12-2013

Sunday, 22 December 2013

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව - 1


වෙනත් අය නොපිළිගන්නා මත මා ප්‍රසිද්ධියේ පළකරන බවට ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විදුසර පුවත්පත මගින් චෝදනා කරනමුත් මට දැනුම් නිර්මාණ ප්‍රකාශ නොකර සිටිය නො හැකි ය. මගේ ප්‍රධාන කාර්යය දැනුම නිර්මාණය කිරීම ය. සියළු දැනුම් බොරු ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය. මා නිර්මාණය කරන දැනුම් ද බොරු ය. මගේ නිර්මාණ සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ය. සමහරවිට එය ආත්මවාදී අශෝක බුදුදහමට හා සංස්කෘතියට පටහැණි විය හැකි ය. අශෝක අමරතුංග, කපිල පීරිස් ආදීහු එවිට අවි අමෝරා ගෙන මට විරුද්ධව සටන් වදිති. ඔවුන්ට අනුව ඔවුහු පාරිශුද්ධ ථෙරවාදයෙහි ආරක්‍ෂකයෝ ය. එහෙත් ඔවුහු දෙරණ නාලිකාවේ හෙළවංශය මගින් රාවණගේ පැවැත්ම වෙනුවට බුදුන්වහන්සේගේ නැවැත්ම පිළිගැනීමෙන් හෙළයේ වර්ධනයට හානි වූ බව කියමින් බුදුදහමට නිගාකරන සූරිය ගුණසේකර වැන්නන්ට එරෙහිව කිසිවක් නො කියති. එමෙන් ම ඔවුහු විවිධාකාරයෙන් බටහිර විද්‍යාව ආරක්‍ෂා කරති. අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවක් ඇත් ද නැත් ද යන්නවත් නො දනියි. එහෙත් ඔහු එය ආරක්‍ෂා කරයි. කපිල පීරිස් මහතා රේ විජේවර්ධන මහතාගේ විද්‍යාව ආරක්‍ෂා කරයි. කැනඩාවේ වාසය කරන මහාචාර්යවරයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා මා පාරභෞතික තර්කනයක යෙදෙන්නේ යයි කියයි. ඔහු දැන් කෘෂිරසායනික වකුගඩු රෝගය(කෘවරෝ)ට හේතුව ආසනික් නොව පොහොර වැඩියෙන් යොදාගැනීමත් එහි ඇති ඇතැම් රසායනික සංඝටක මහවැලි නදිය මගින් රජරට පෙදෙස්වලට ගෙනයෑමත් යැයි කියයි. එහෙත් මහවැලියෙන් වතුර නොලබන පෙදෙස්වලත් කෘවරෝ  පැතිරී ඇත. මේ තිදෙනාම දෙමළ ජාතිවාදයට විරුද්ධ යැයි සිතමි. එහෙත් වෙනත් බොහෝ කරුණුවලින් ඔවුහු බටහිරට සේවය කරති. ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ මා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය.  මේ අතර බටහිර පඬියකු දැනුම විසින් මිනිසා වහලකු වීමට නුසුදුස්සකු බවට පත්කරයි යනුවෙන් කියා ඇත. මේ පඬියා දැනුම යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි කියා නැත. දැනුම අවිද්‍යාව හේතුකොටගෙන (විජ්ජාචරණ නොවීමෙන්) ඒ ඒ චින්තනයෙහි නිර්මාණය (සංස්කරණය) කෙරෙන අතර සංස්කෘතියට, පංචෙන්ද්‍රියයන්ට හා මනසට සාපේක්‍ෂ වෙයි. විජ්ජාචරණ සම්පන්නවූ බුදුන්වහන්සේ දැනුම නිර්මාණය නොකළහ. අනෙක් සියල්ලෝ ම යම් යම් දැනුම් නිර්මාණය කරති. නිර්මාණය කෙරෙන සියළු දැනුම් බොරු ය. මා විසින් නිර්මාණය කෙරෙන දැනුම ද බොරු ය. මා සිංහල බෞද්ධ චින්තනය පදනම් කරගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කරන්නේ එසේ නොකළහොත් අප බටහිරයන්ගේ හා වෙනත් අයගේ බොරු දැනුම්වලට යටවන බැවිනි. අපට සරිලන්නේ අපේ බොරු (දැනුම) මිස බටහිරයන්ගේ බොරු (දැනුම) නො වේ. මෙහි දී මගේ මතකයට එන්නේ කලකට පෙර මැතිවරණයක දී ඡන්දාපේක්‍ෂකයන් දෙදෙනකු සම්බන්ධයෙන් ඌත් වලා, මූත් වලා, ගමේ වලා අපට හොඳා යනුවෙන් කෙරී ඇතැයි කියන ප්‍රකාශය ය. ඉහත සඳහන් පඬියාගේ පඬිකතාව උද්ධෘතයක් ලෙස ඉදිරිපත් කරන මෙරට සිටින පුහු නිවට උගතුන් නොදන්නේ බටහිර දැනුම විසින් අප බටහිරයන්ගේ වහලුන් බවට පත්කෙරී ඇති බව ය.  

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර සමානකම් බොහෝ ය. එහෙත් ඒ දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන්ලා කියන ආකාරයෙන් නො වේ. අනෙක් අයගේ මතය නොවුණත්, අමරතුංග මහතා කුමක් කීවත්, මම දකුණු අප්‍රිකාව හා ලංකාව පිළිබඳ මගේ දැනුම ප්‍රකාශ කරමි.  ලෝකයේ රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ හා දකුණු අප්‍රිකාවේ ය. ලන්දෙසින් අද දකුණු ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙන් වෙල්ලාලයන් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස ගෙනගොස් ඇත්තේ දකුණු අප්‍රිකාවට හා ලංකාවට ය. දකුණු අප්‍රිකාවේ වර්ණභේද රාජ්‍යයක් ගොඩනැගීමට මුල්වූයේ ඒ රට ආක්‍රමණය කළවුන් අතර බහුතරය වූ ලන්දේසින් ය. දකුණු අප්‍රිකාවේ කතාකරන බස අෆ්‍රිකාන් යනුවෙන් හැඳින්වෙයි. එය ලන්දේසි භාෂාවෙන් බිඳී ඇති අතර කලක් කුස්සි ලන්දේසි යනුවෙන් අවඥා සහගතව හැඳින්විණි. ලංකාවේ දෙමළ ප්‍රශ්නය ඇතිවූයේ ලන්දේසීන් මෙරටට වෙල්ලායන් ගෙන ඒම නිසා ය. අද උතුරු පළාතේ දෙමළ ජනගහණය (සංස්කෘතිය) අවුරුදු තුන්සිය පනහකට පෙර මෙරටට ගෙනෙන ලද වෙල්ලාලයන්ගෙන් පැවත එයි. ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලත් වෙල්ලාලයෝ පෘතුගීසීන් හා ලන්දේසීන් ලංකාවට පැමිණෙන විටත් එහි සිටි බහුතරය වූ සිංහලයන් දෙමළ සමාජයේ ඊනියා පහත්කුල ජනයා ලෙස අවශෝෂණය කරගත්හ. මෙරට විශ්වවිද්‍යාලයක ඉතිහාසය නමින් බටහිර බොරු උගන්වන කසිකබල් ඉතිහාසඥයකුට නොතේරෙන කරුණ නම් විවිධ කාලවල දී අද දකුණු ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශවලින් රටේ අනෙක් පළාත්වලට ස්වේච්ඡාවෙන් සංක්‍රමණය වූවන් (ලන්දේසීන් ආනයනය කළවුන් නොව) තම මුල් සංස්කෘතිය ඉවත ලා, ඇතැම්විට තම සංස්කෘතියෙන් සුළු කොටසක් එකතුකරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වූ බව ය. සිංහල සමාජය හා දෙමළ සමාජය අතර ඇති මේ වෙනස ද තේරුම් නොගෙන මෙරට දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නො හැකි ය. දකුණු අප්‍රිකාවේ ද ශ්‍රී ලංකාවේ ද ප්‍රශ්නය ජනගහනයෙන් සුළුතරය බලයෙන් වෙනත් කරුණුවලින් බහුතරය බවට පත්වීම ය. හිරෙන් නිදහස්වීමේ දී සුද්දන් සමග එකඟතාවකට පත්වී ඇති මැන්ඩෙලා හා වර්ණභේදවාදී සුදු පාලකයන් අතර ඇතිවී තිබෙන ඊනියා සංහිඳියාවේ ප්‍රතිඵලය ලෙස දකුණු අප්‍රිකාවේ නිදහසින් පසුව ද ආර්ථික වශයෙන් බලතල ඇති බහුතරය සුද්දන් මිස ජනගහනයෙන් බහුතරය වූ කල්ලෝ නො වෙති. සුද්දන් මැන්ඩෙලාට මෙතරම් ගරුකරන්නේ මැන්ඩෙලාගේ යහපත්කමට ද? සුදු පාලකයන් යහපත්කමට සැලකුවේ කවදා ද? සුද්දන් ගාන්ධිට හා මැන්ඩෙලාට මෙන් අනගාරික ධර්මපාලතුමාට ගරුකරන්නේ නැත්තේ ඇයි? මෙරට පඬියන් මැන්ඩෙලා අගයමින් ධර්මපාලතුමාට පහරදෙන්නේ ඇයි? අපට අවශ්‍යවන්නේ දකුණු අප්‍රිකා අච්චුවේ සංහිඳියාවක් නො වේ. 

මෙරටට ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ වෙල්ලාල කෘෂිකාර්මික කම්කරුවෝ වෛදික සංස්කෘතිය අනුව ඔවුන්ගේ මව්රටෙහි දී (එනම් නිජභූමියෙහි දී) ශුද්‍රයෝ වූහ. මෙරටට ආනයනය කරනු ලැබූ ඔවුහු යාපන අර්ධද්වීපයෙහි ද සුළුතරයක් වූහ. බහුතරය වූයේ සිංහලයන් ය. එයට පෘතුගීසි ජාතික බ්ලෝඩියස් සාක්‍ෂි දරයි. එහෙත් වැඩිකල් නොගොස් දකුණු අප්‍රිකාවේ ලන්දේසීන් ප්‍රධාන සුළුතර සුද්දන් යටත්විජිතවාදී අවි බලයෙන් බහුතර කල්ලන් මර්දනය කර බලවතුන් වූ අයුරෙන් දෙමළ වෙල්ලාලයෝ යටත්විජිතවාදී ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් හා අනුබලයෙන් යාපනයේ සිංහල බෞද්ධයන් (දෙමළ බෞද්ධයන් සිටියේ සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ හිස් හිස්වල ය.) අභිබවා තම සංස්කෘතික ආධිපත්‍යය පිහිටුවූහ.  තම මුල් බිමෙහි දී ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි බලමහිමයෙන් යාපන අර්ධද්වීපයෙහි දී මහේශාඛ්‍ය කුලය බවට පත්වී සිංහලයන් අඩුකුල ජනතාවක් ලෙස දමළ සංස්කෘතියට අවශෝෂණය කළහ. එය පළමු බලහත්කාරය විය. සුළුතරයක් බහුතරය බවට පත්කිරීමේ ක්‍රියාදාමයේ මුල්පියවර විය. (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2013-12-22