Main Logo

Sunday, 11 May 2014

දොස්තර ත්‍රස්තවාදය


මෙරට විවිධ වෘත්තීන්හි යෙදෙන්නෝ බොහෝ විට දේශපාලනඥයන්ට වඩා බලගතු වෙති. මේ වෘත්තීයකයන් පුහුණු කිරීම දහනවවැනි සියවසේ අගභාගය දක්වා දිව යයි. වෛද්‍ය විද්‍යාලය, කාර්මික විද්‍යාලය හා නීති විද්‍යාලය පිහිටුවීම මෙහි ආරම්භය වෙයි. ඉන්පසු විශ්වවිද්‍යාලයීය ආයතනය ද පසුව ලංකා විශ්වවිද්‍යාලය ද බිහිවිණි. මේ ඉතිහාසය කතාකිරීම වැදගත් වුවත් මේ එයට අවස්ථාව නො වෙයි. එහෙත් කිවයුතු කරුණක් වනුයේ මේ ආයතන සුද්දන්ගේ වුවමනාවට සුද්දන් විසින් පිහිටුවනු ලැබූ ආයතන මිස අපේ අවශ්‍යතා අනුව පිහිටුවනු ලැබූ ආයතන නොවන බව ය. උසස් අධ්‍යාපනයෙහි අපට තිබූ විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් ද ඊනියා විශ්වවිද්‍යාල තත්වය දී අපි නැතිකර ගත්තෙමු. අද මෙරට සාකච්ඡා වන ප්‍රධන ප්‍රශ්න දෙකක් ම පිටුපස සිටින්නේ බටහිර වෛද්‍යවරුන් බව ඇමතිවරු ද වෙනත් අදාළ පුද්ගලයෝ ද දනිති. ඒ ප්‍රශ්න විසඳීමට නොහැකි දොස්තර ත්‍රස්තවාදය නිසා බව පැහැදිලි ය. එහෙත් මගේ කීම සනාථ කිරීමට ඇමතිවරයකු ඉදිරිපත් වේ යැයි මට නිශ්චිත ව කිව නො හැකි ය. වෘත්තීයකයෝ ඒ තරමට බලවත් වෙති. මේ බලවත්කම දැකිය හැක්කේ බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි පමණක් නො වේ. ඉංජිනේරු, කථිකාචාර්ය ආදී ක්‍ෂෙත්‍රවල ද එය දැකිය හැකි ය. නීතිඥ ක්‍ෂෙත්‍රයෙහි ද ත්‍රස්තවාදය ක්‍ර්‍රියාත්මක කර අළුත්කඩේ වසන්තයක් උදාකිරීමේ වෑයමක් තිබුණ ද නීතිඥයන්ගේ සේවය ජනතාවට තීරණාත්මක ව බලනොපාන බැවින් එය සඵල නො වී ය. වෘත්තීයකයන්ට බලය ලැබෙන්නේ ජනතාවගෙන් නො වේ. බටහිර අධ්‍යාපනය විසින් දෙනු ලබන සහතික මගිනි. ඒ සහතික ඔස්සේ සමාජ වැදගත්කමක් මෙන් ම සමාජ බලයක් ද බොහෝ විට වෘත්තීයකයන්ට ලැබෙයි. සුද්දන්ගේ සහතිකය ගිනි අවිවලට වඩා අද බලවත් වෙයි. අද දෙමව්පියන් තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට මෙතරම් වලිකන්නේ ඔවුන් ගුණ යහපත් මිනිසුන් බවට පත්කිරීමට නොව බලවත් වෘත්තීයකයන් බවට පත්කිරීමට ය. 

අද එක් පැත්තකින් සමසෞඛ්‍ය විද්‍යා ඉගෙන ගන්නා ශිෂ්‍යයෝ තම පාඨමාලාව අවුරුදු හතරෙන් තුනට කප්පාදු කිරීමට විරුද්ධව දින එකසිය පනහක පමණ කාලයක උද්ඝෝෂණවල නිරත වී සිටිති. සරසවි සිසුන්ගේ සටන් ක්‍රම ගැන මගේ කිසිම පැහැදීමක් නැත. ඔවුහු දේශපාලන පක්‍ෂයක ඉත්තෝ වෙති. ලෝක තරුණ සම්මේලනය ලංකාවේ පැවැත්වෙන අවස්ථාවේ ඔවුන් අරලියගහ මන්දිරයට පෙළපාලියෙන් ගියේ වෙනත් න්‍යාය පත්‍රයකට අනුව ය. අනෙක් අතට ඔවුන් ඉල්ලන්නේ තමන්ට දෙන සුද්දන්ගේ සහතිකයේ (මේ සහතික මෙරට විශ්වවිද්‍යාලවලින් දුන්නත් ඒ සුද්දන්ගේ සහතික ය) බලය අඩුනොකරන ලෙස ය.  ඔවුන්ට එසේ සටනක නිරත වී සිටීමට සිදු වී ඇත්තේ දොස්තරවරුන් සමසෞඛ්‍ය විද්‍යා පාඨමාලාව අවුරුදු තුනකට සීමාකරන ලෙස කියන බැවිනි. මේ බව උසස් අධ්‍යාපන ඇමතිතුමා දන්නා මුත් ඔහුට අද කළ හැක්කේ ප්‍රශ්නය නොවිසඳීම සම්බන්ධයෙන් බැණුම් ඇසීම පමණ ය! අනෙක් පැත්තෙන් හෙදියන්ගේ ප්‍රශ්නය වෙයි. එහි ද ඇත්තේ ඔවුන්ගේ පුහුණු කාලය අවුරුදු හතර කිරීමට කරන ඉල්ලීම ය. එහි දී ඔවුහු පාඨමාලාවට වින්නඹු පුහුණු ව ද ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිති. රෝගීන් ප්‍රාණ ඇපයට තබාගනිමින් හෙදියන් තම ඉල්ලීම් දිනාගැනීමට කරන වර්ජන අනුමත කළහැකි නො වේ. එහෙත් එහි ද පසුපස ඇත්තේ දොස්තර ත්‍රස්තවාදය ය. බටහිර වෛද්‍යවරුන්ට මෙහි දී සුදනන් විය නො හැකි ය. ඔවුන් ද නොයෙක් අවස්ථාවල රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන වර්ජනය කර ඇත්තේ බටහිර අධ්‍යාපනයෙහි ගුණනැණ නැති බැවිනි. 


ශිෂ්‍යයන් හා හෙදියන් ද ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ බටහිර අධ්‍යාපනික රාමුවේ හිඳිමින් ය’ෂ බටහිර දැනුම් ආධිපත්‍යයෙහි රැඳෙමින් ය. කෙසේ වෙතත් මෙය සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයෙහි බලය පිළිබඳ ප්‍රශ්නයකි. පාඨමාලාවල කාලය අවුරුදු හතරකිරීම හුදෙක් අධ්‍යයනික ප්‍රශ්නයක් නො වේ. බලය පිළිබඳ ආකල්ප ද අපට ලැබී ඇත්තේ සුද්දන්නෙි. අද බටහිර වෛද්‍යවරුන් තම දැනුම මත පදනම් ව වක්‍රව අධ්‍යයනික හේතු දැක්වුවත් ශිෂ්‍යයන් ද හෙදියන් ද විවිධ කතන්දර කීවත් මේ කෙරෙන්නේ බටහිර ආධිපත්‍යය යටතේ සිදුවන බල අරගලයකි. ප්‍රශ්නවල දී නියම කරුණු අමතක කර ව්‍යාජ අධ්‍යයනික හේතු දැක්වීම සාමාන්‍ය සිද්ධියකි. මම ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවෙන් වැටුප් අරගලවල දී ව්‍යාජ අධ්‍යායනික හේතු දක්වා ඇත්තෙමි. එබැවින් ඔවුන්ගේ වත්මන් ව්‍යාජ හේතුවල සළුපිළි ගලවා දැමීම පහසු කටයුත්තකි. අපි ඉතා නග්න ව බලය පිලිබඳ ප්‍රශ්නයක් අසමු. හෙදියක සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසත් (ෙසෙද්ධාන්තික ව) සමසේවා සෞඛ්‍ය විද්‍යා උපාධිධාරියකු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙසත් පත්නොකෙරෙන්නේ කිනම් හේතුවක් නිසා ද? බටහිර වෛද්‍යවරුන් හා බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය කෙතරම් පම්පෝරී ගැසුවත් ඔවුන්ගෙන් හා ඔවුන්ගේ ඇදුරන්ගෙන් සියයට අනූනවයක් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවට අවශ්‍ය ආකාරයට වියුක්ත ව සිතන්නට නොව වියුක්තය යනු කුමක් ද කියාවත් නොදන්නා බව මම දනිමි. මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණයක් වනුයේ මේ දිනවල විදුසර පුවත්පත මගින් බටහිර විද්‍යාවේ පට්ටපල් බොරු ගැන මා සමග සංවාදයකට එළඹ සිටින හිටපු දන්තවෛද්‍ය පීඨාධිපතිවරයකු ය. ආණ්ඩුව අද කළ යුත්තේ රටට (සුද්දන්ගේ ක්‍රමයෙහි වුවත්) අඩු හානියක් වන තීරණයක් ගැනීම ය. පාඨමාලාවක කාලය තීරණය කිරීම රෝගීන් ප්‍රාණ ඇපයට ගන්නා දොස්තර ත්‍රස්තවාදයට යටකළ නො යුතු ය. මෙහි දී බොහෝ දෙනා නොදන්නා කරුණක් සඳහන් කළ යුතු ය. කෘෂිරසායනික වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවෙහි ප්‍රතිකාර නැත. ලේ කාන්දුකරණය ප්‍රතිකාරයක් නො වේ. මේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් ය. ආසනික් වකුගඩුවලට ගෙනයෑමේ දී ග්ලයිෆොසේට් වාහකයක් ලෙස ක්‍රියා කරයි. එය ද කියා දී ඇත්තේ දෙවිවරුන් ය. අප සමග කටයුතු කළ එක් බටහිර වෛද්‍යවරයෙක් රෝගයට හේතුව ග්ලයිෆොසේට් යැයි කියමින් කැලණි කණ්ඩායම අදාළ අධ්‍යයනයෙන් ඉවත්කිරීමට උත්සාහ කළේ ය. මේ අතර අපි පාරම්පරික වෙදමහතුන් ලවා රෝගීන් සුවකිරීමට කටයුතු කළෙමු. පාරම්පරික වෙදකමේ මේ රෝගයට ප්‍රතිකාර ඇත. අපි විශේෂ ව්‍යාපෘති අමාත්‍යතුමාට විලච්චියට ආරාධනා කර ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කළෙමු. ඒ සාකච්ඡාවට උතුරු මැද පළාතේ මහඇමතිතුමා ද සහභාගි විය. අපට අවශ්‍ය වූයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ආණ්ඩුව ලවා පාරම්පරික වෙදමහතුන්ට පහසුකම් සැපයීමට ය. බටහිර වෛද්‍ය විද්‍යාවට වියදම් කරන මුදලෙන් සොච්චමක් වියදම් කර ඒ කාර්යය ඉටුකළ හැකි ය. ඇමතිතුමා අප ජනාධිපතිතුමා මුණගැස්සීමට කටයුතු කරන බව ද පැවසුවේ අපේ යෝජනාවට එකඟ වෙමිනි. එහෙත් අද දක්වාත් ඒ හමුවීම සිදු වී නැත. ඒ අතර රෝගීහු  මියයති. අපට දැනගැනීමට ලැබී ඇති ආකාරයට අප ජනාධිපතිතුමා හමුවීම වළක්වන්නේ ද බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනෙකි. ලෙඩා මළත් දොස්තරගේ බඩ සුද්ද වෙයි. ආණ්ඩුව තනිව ම නොහැකි නම් ජනතාව සමග එක් වී දොස්තර ත්‍රස්තවාදය පරාජය කළ යුතු ය. 


නලින් ද සිල්වා

2014-05-11

Friday, 9 May 2014

No intellectual terrorism please


It is customary for the people to blame the government when problems are not solved. This is especially the case when there are strikes by trade unions, student bodies, demonstrations and road blocks by people who take law into their hands. Even when Bishops such as Rayappu Joseph and others propagate myths against the government it is the government that takes the rap. However, very often the Professionals and their trade unions are able to control the affairs of the country through sheer power they have obtained by passing a few examinations. The Professionals are sometimes more powerful than the politicians who become helpless but continue to be blamed by the people who do not go into the problem deep enough.

So called professional bodies have been established to look after the interests of certain professions through acts of Parliament. There are Colleges for all sort of disciplines and very often we see on television how the Presidents of these Colleges and Institutes are inducted (I almost said indicted) at the beginning of their terms of office. The members of the particular College or the Institute clad usually in red cloaks, and the ceremonies associated are full of pomp though very often the number of people who attend these ceremonies is not large. It is the English who gave this tradition of establishing colleges and inducting Presidents, and giving an artificial importance to the associated ceremonies. The members, fellows and what not are supposed to have an expert knowledge in the relevant discipline and their decisions very often become the last word. However, though they may have been elected FXYZ, where F stands for Fellow, and  XYZ stand for this or that College or Institute, none of them working in Sri Lanka has been elected a FRS (Fellow of the Royal Society of London). Even of the  Sri Lankans residing outside only one person has been elected a FRS and that again not for introducing any new concept or theory. Forget, the FRS, how many of them have published so called research papers in Nature? It has to be emphasized I mention FRS and Nature not because I think high of them but since these Fellows look up to them.

Though the Parliament is supposed to be the institution that makes law, and the cabinet of ministers is finally responsible to the Parliament the Professionals their Professional bodies and trade unions can bypass the decisions of the law makers simply using the strength of their certificates. Consider two recent examples where the professionals in the health sector have created chaos without getting involved in the problems openly. The duration of the degree course in the Faculties of Allied Health Sciences has to be decided by the relevant University Senate and the Council of the University, bodies created by the universities act. The university senate may also be a professional body with so called university autonomy but the Parliament knows how to handle awkward situations if they arise. Once the University senate recommends and the council approves the duration of a course of study, and  the Parliament is in agreement with the decision who could obstruct implementing the decision?

Though the training of the nurses is not guided by the universities, meaning the senates and the councils, there are legal bodies that are involved with decisions regarding such deeds. The trade unions of nurses are perfectly entitled to request for certain training given to their members to enhance their expertise, and also to request extending the training period. As I understand the trade unions of the nurses want the authorities to extend the training given to them to four years and to include midwifery in the syllabus.

The university students are agitating over the reduction of the duration of their course from four years to three years for about 150 days. Their decision to go to temple trees on a protest march to meet the President when the international youth conference being held in Sri Lanka may be according to some other agenda but their request has to be heard. Similarly though the decision by the trade unions to resort to trade union action risking the lives of the poor patients cannot be condoned, they have to be listened to by the authorities.        

Of course the relevant trade unions should be able to protest and negotiate with the government and resort to trade union action if the decision goes against the interests of the members. We have two bodies, the student body, though not legally recognized by the government (it would not be a bad idea to recognize the “anthare” or the IUSF by an act of Parliament and regularize election of office bearers  etc.) and the trade union of the nurses (though there are more than one trade union representing the nurses, it appears that one of them is leading the agitation), registered under the trade union act. However, there are other trade unions and professional bodies involved with, though they do not openly take ‘action”. However, they issue statements and contribute to national newspapers  as experts and office bearers and give their opinion on the issues.

What is involved is who should do what in the field of medicine, and it is clear that the “doctors” who are at the apex of the health services are against giving a four year training in either case for reasons known to them. As a past president of FUTA I know that academic reasons can be given or cooked up to justify the demands by a trade union and what we are witnessing is  power struggle between the doctors and the nurses and the allied health science students on the other hand. It is unfortunate that the doctors, the nurses and the Allied health science students are involved in a power struggle according to the practices introduced by the English. They all cook up stories on standards of degrees,  and any other  bullshit that they can think of as if they are genuinely  interested in the lives of the patients (there may be some individuals who are interested in but as trade unions and professional bodies they have other vested interests).  What would happen if one day the Director of Health Services is appointed from the nurses or graduates of allied health science faculties? In fact there is nothing wrong with appointing a person from the SLAS as director of health services or the secretary to the ministry of health.

At present the secretary to the ministry of higher education is not even from the SLAS, and the ministry would not have been in a better position if an academic was appointed to that position. When I was a temporary assistant lecturer at Peradeniya in late sixties Mr. M. J. Perera from the CCS was appointed as the Vice Chancellor amidst opposition from the academics. However, trade union action by FUTA (in fact there was no FUTA or its predecessor FTAU then) were not heard those days and Mr. Perera did not have any difficulties in functioning as the Vice Chancellor. I remember well that in early 1968 Mr. Perera chaired the meeting of the selection board that recommended me as a probationary assistant lecturer, and had they known that I would lead the first ever FUTA strike some twenty four years later, or state that western science is a “pattapal boruwa” about forty years later while functioning as the Dean of a Faculty of Science, they would have had second thoughts recommending me! I must mention that not only Mr. Perera but Mr. D. G. Dayaratne (they had been batch mates of Prof. Saracchandra) also from the CCS who was subsequently appointed as the Vice Chancellor did well in their office.   

When different trade unions have different opinions on the same subject what should the government do? The government has to consider the interests of the country and not the vested interests of a profession forced on us by the English, and should not be dictated by the power exerted by one union. It appears that the government is reluctant to take a decision on these two matters as they are "sacred” of the western medical practitioners or doctors in the public sector. It appears that it is not the government that rules the country but a mere few thousand who are not elected by the people, but are armed with some certificates issued by various bodies. The government should take a firm stand and face up to any intellectual terrorism that could be exercised by the trade unions and the professional bodies.  


Nalin De Silva

09-05-2014

Wednesday, 7 May 2014

ලාඕතුමා, කුං ගුරුතුමා හා බටහිර විද්‍යාව


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පරස්‌පරවලින් පරස්‌පරවලට ගමන් කරයි. ඒ මහතා හැම දා ම හැම තැනක ම පැවතියේ එක ම විද්‍යාව බව පැවසීමට සිංහල වෙදකම, ආයුර්වේදය, චීන විද්‍යාව, අරාබි පරිවර්තන ආදිය යොදාගනියි. එහෙත් කිසි දවසක ඒ මහතා ගේ කියුම් සනාථ කිරීමට කිසිවක්‌ නිශ්චිත ව උපුටා නො දක්‌වයි. අර පොතේ මේ පොතේ මෙහෙම තිබෙනවා යනු කීම ප්‍රමාණවත් නො වේ. පොතේ අදාළ පිටුව ඡේදය උපුටා දැක්‌විය යුතු ය. ඒ ඇත්තේ සිංහල නො වන බසකින් නම් අදාළ ඡේදය එබසින් උපුටා දක්‌වා ඉන්පසු සිංහල පරිවර්තනයක්‌ දිය යුතු ය. නීඩ්හම් චීන විද්‍යාව ගැන ලියා ඇති වෙළුම් සියල්ල කියවීමට පාඨකයාට අවස්‌ථාවක්‌ නැත. මේ වෙළුම් ගැන උජාරුවෙන් කතා කළාට අමරතුංග මහතා ඒ සියල්ල කියවා තිබේ ද? බොහෝ උගතුන් යෑයි කියාගන්නන් මෙන් ම ඔහු ද කරන්නේ ඔහු ගේ ඊනියා උගත්කම පාඨකයා ඉදිරියේ දමාගැසීම පමණ ය. 

අපි මේ එක ම විද්‍යාව පිළිබඳ කතාවට පසුව විස්‌තරාත්මක ව සාධාරණ වශයෙන් එමු. දැනට අමරතුංග මහතාට තව තවත් පරස්‌පරවල එරීමට අවස්‌ථාව ලබා දිය යුතු ය. ඔහු අද සිංහල වෙදකම ගැන මුල දීට වඩා සානුකම්පිත ව කතා කරයි. ඒ සමහර විට බුදුන්වහන්සේ ගේ ගිරිමානන්ද සූත්‍රයෙහි වා පිත් සෙම් ගැන දේශනා කර ඇති බව පෙන්වා දීමෙන් පසුව විය හැකි ය. ඒ පරස්‌පර ඒ මහතා ගේ ලිපිවලින් ම උපුටා දැක්‌විය යුතු ය. ඒ මහතා ගේ ලිපි උපුටා දැක්‌වීම අවශ්‍ය වන්නේ එවැනි පරස්‌පර පෙන්වා දීමටත් ඒ මහතා කරන වැරැදි පෙන්වා දීමටත් ය. ඒ මහතා ඇතැම් විට බොරුවෙන් පාඨකයා නොම`ග යෑවීමට උත්සාහ කරයි. ඒ බව වියුක්‌තය පිළිබඳ ව ඒ මහතා කළ කී දෙයින් පැහැදිලි වෙයි. 

වියුක්‌තය යන්න ඔක්‌ස්‌ෆර්ඩ් ශබ්ද කෝෂයෙන් උපුටා දැක්‌වූ ආකාරය සලකමු. අමරතුංග මහතා අප්‍රියෙල් 02 වැනි දා ලිපියෙහි මෙසේ කියා තිබිණි. "ඔක්‌ස්‌ෆර්ඩ් ඉංගිරිසි ශබ්ද කෝෂයේ abstract යන වචනයේ තේරුම හැටියට forming general concepts from specific instances යන්න සඳහන් වේ. නලින් මහතා අදහස්‌ කරන අරුත මෙය දැයි නො දනිමි. ඉහත සඳහන් ඉංගිරිසි වාක්‍යයේ අර්ථය ද වෙන් වූ, ඈත් වූ යන්නෙන් උපන් බව පෙනේ". අමරතුංග මහතා ඉංගිරිසි නොදන්නේ යෑයි කිව නො හැකි ය. එසේ නම් ඔහු forming general concepts from specific instances ඉංගිරිසි "වාක්‍යයේ" අර්ථය ද වෙන් වූ, ඈත් වූ යන්නෙන් උපන් බව පෙනේ යෑයි කියන්නේ බොරු කියා පාඨකයා නොම`ග යෑවීමට විය යුතු ය. අප පසුගිය වතාවක පෙන්වා දී ඇති ආකාරයට එහි අර්ථය (මෙය වාක්‍යයක්‌ නො වන බව ද ඒ සමග පැවසිය යුතු ය. එහි උක්‌තය හා ආඛ්‍යාතය කුමක්‌ දැයි අමරතුංග මහතාට පැවසිය හැකි ද?) විශේෂ අවස්‌ථාවලින් සාධාරණ සංකල්ප තැනීම මිස වෙනත් දෙයක්‌ නො වේ. අමරතුංග මහතා ඉංගිරිසි කියමන උපුටා දක්‌වා එය සිංහලෙන් කීමේ දී ද (එසේ කළ එක ම අවස්‌ථාව) තම නොදැනුම වසං කිරීම සඳහා එවැනි බොරු කියන්නේ නම් උපුටා දැක්‌වීම නැති ව වචන ගසා දැමීමේ දී මොන බොරු කියන්නේ දැයි අප දැනගන්නේ කෙසේ ද?

අපි දැන් නීඩ්හම් වෙතට ආපසු යමු. එහි දී ප්‍රශ්නය වනුයේ චීනයේ පැවැති විද්‍යාව බටහිර විද්‍යාව ද යන්න ය. අමරතුංග මහතා මැයි 07 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "මිනිසාට සෑදෙන රෝග බොහෝ සෙයින් සමාන ය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පිහිටා මේ රෝග පිළිබඳ පර්යේෂණ කළ විට ලැබෙන දැනුම ද සමකාලීන ව එක හා සමාන ප්‍රගතියක්‌ පෙන්නුම් කළේ මේ නිසා ය. නොයෙකුත් හේතූන් නිසා මේ විද්‍යාවන් වර්තමානයේ බටහිර දක්‌නට ලැබෙන තත්ත්වය තෙක්‌ දියුණුq වූයේ නැත. එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ අධිරාජ්‍යවාදීන් ගේ යටතට මේ රටවල් පත් වීම ය. චීනයේ ටාඔස්‌ සහ කොන්ෆියුසියස්‌ ධර්මයන් නිසා ඒ රටේ විද්‍යාව දියුණු වූයේ නැති බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වන විද්වත් ජෝශප් නිඩ්හම් පවසා ඇත. මේ ගැන නියම තතු පැහැදිලි කරන බවට කටමැත දෙඩෙව්ව ද නලින් මහතා එය තවමත් සිදු කොට නැත."

මිනිසාට සෑදෙන රෝග බොහෝ සෙයින් සමාන යෑයි අමරතුංග මහතා පවසන්නේ ඒ ඒ සංස්‌කෘතියෙහි රෝග එලෙස සමාන යෑයි කියෑවෙන බව උපකල්පනය කරමිනි. රෝග හෝ රෝහලේ දී ඊනියා ප්‍රතිකාර කළ යුතු යෑයි කියෑවෙන සංසිද්ධි සියලු සංස්‌කෘතීන්හි රෝග ලෙස හඳුනාගෙන තිබිණි ද? යම් සංසිද්ධියක්‌ රෝගයක්‌ ලෙස හඳුනාගැනීම වාස්‌තවික වූවක්‌ නො වේ. රෝග, රෝග ලෙස හඳුනා ගැනෙන්නේ සංස්‌කෘතියට සාපේක්‍ෂව ය. එපමණක්‌ නො ව වල් පැළෑටි එලෙස හඳුනාගැනෙන්නේ ද සංස්‌කෘතියට සාපේක්‍ෂ ව ය. බටහිර කෘෂිකර්මයෙහි වල්පැළෑටි ලෙස හඳුනාගන්නා පැළ සිංහල ගොවිකමෙහි වල්පැළෑටි නො වේ. පැළෑටියක්‌ වල් පැළෑටියක්‌ වන්නේ සංස්‌කෘතියට සාපේක්‍ෂව ය. අද ප්‍රශ්නය වී ඇත්තේ අප බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි ආධිපත්‍යයෙන් පෙළනු ලැබීම ය. අපේ රෝග ද, වල්පැළෑටි ද, ඖෂධ ද, වල්පැළෑටි නාශක ද ආදී සියල්ල තීරණය කෙරෙන්නේ බටහිරයන් විසිනි. 

අමරතුංග මහතා කියන්නේ කලක දී රෝග පිළිබඳ ව එක්‌ එක්‌ සංස්‌කෘතියෙහි ප්‍රගතිය සමකාලීන ව සමානත්වයක්‌ පෙන්නුව ද පසුව යම් යම් හේතූන් නිසා වර්තමානයේ බටහිර දක්‌නට ලැබෙන දියුණුව ලැබී නැති බව ය. ඒ හේතු අතර අධිරාජ්‍යවාදීන් යටතට අනෙක්‌ රටවල් පත් වීම ද දැක්‌වෙයි. අමරතුංග මහතා ඒ ඒ සංස්‌කෘතියෙහි ලබාගත් ප්‍රගතිය සලකා බලා ඇත්තේ දළ වශයෙන් වත් පහළොස්‌වැනි සියවස වන විට ද? පහළොස්‌වැනි සියවස වන විට ලෝකයේ බටහිර නො වන රටවල් ඒ ඒ ක්‍ෂෙත්‍රවල දළ වශයෙන් වත් සමාන මට්‌ටම්වල දැනුම් ලබාගෙන තිබුණේ ද?

අද ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි හා චීනයෙහි තිබූ ගණිත දැනුම් එක සමාන වී ද? ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි පහළොස්‌වැනි සියවසේ තිබූ ගණිත දැනුමට කිසි ලෙසකින් සමාන ගණිත දැනුමක්‌ එකල චීනයෙහි නො වී ය. චීනයෙහි තිබූ වෙදකම අනෙක්‌ බොහෝ දේ මෙන් ම යින් යං සංකල්පය මත පදනම් විය. එහෙත් ආයුර්වේදය පදනම් වූයේ වා පිත් සෙම් සංකල්ප මත ය. චීන විද්‍යාව හා ඉන්දීය විද්‍යාව යෑයි කිව හැකි විද්‍යා දළ වශයෙන් වත් සමාන බව අමරතුංග මහතාට පෙන්වා දිය හැකි ද? ඒ අතර අප්‍රිකානු දැනුම් පිළිබඳ ව අමරතුංග මහතා කර ඇති හැදෑරීම් කවරේ ද? 

යින් යං හා වා පිත් සෙම් සංකල්ප සියල්ල මිථ්‍යා යෑයි අමරතුංග මහතාට කීමට හැකි ය. එහෙත් කිව යුතු කරුණක්‌ වෙයි. අමරතුංග මහතා මිථ්‍යාව හා සත්‍යය වෙන් කර හඳුනාගැනීමට මෙතෙක්‌ නිර්ණායක ඉදිරිපත් කර නැත. අප පසුගිය සතියේ සඳහන් කළ පරිදි බටහිර කිසි ම ප්‍රවාදයක්‌ සත්‍ය යෑයි පෙන්වා දිය නො හැකි ය. සත්‍යය යනු කුමක්‌ දැයි නිර්වචනය කර ඒ නිර්වචනය යොදාගනිමින් බටහිර විද්‍යාවේ වියුක්‌ත (අමරතුංග මහතා වියුක්‌ත යනු කුමක්‌ දැයි දැන් වත් දන්නේ නම්) ප්‍රවාදයක්‌ සත්‍ය බව පෙන්නුම් කරන මෙන් අමරතුංග මහතාට අභියෝග කරමි. අභියෝගය පිළිගැනීමට ඉක්‌මන් නො වී පසුගිය සතියේ මා ලියූ ලිපිය කියවා තේරුම්ගන්නා ලෙස මම ඒ මහතාට ආරාධනය කරමි. 

අනෙක්‌ අතට එකොළොස්‌ වැනි සියවසේ පමණ සිට පහළොස්‌ වැනි සියවස දක්‌වා ඒ ඒ රටවල දැනුම වර්ධනය වී ඇති ආකාරය අමරතුංග මහතා හදාරා ඇත් ද? අඩු ම තරමෙන් අප රටේ දැනුම ඒ වකවානුවෙහි (එනම් අනුරාධපුර රාජධානියේ අවසාන කාලයේ සිටි පෘතුගීසීන් මෙරටට පැමිණීමට ආසන්න කාලය වන තෙක්‌) වර්ධනය වී ඇත්තේ කෙසේ දැයි ඒ මහතා හදාරා ඇත් ද? ඒ වර්ධනය දහ සය වැනි සියවසේ සිට විසි වැනි සිය වස අවසානය දක්‌වා බටහිර ඇති වූ දැනුම් වර්ධනයත් සමග සැස`දීමෙන් අමරතුංග මහතාට කිනම් නිගමනවලට පැමිණිය හැකි ද?

අප රටවල් අධිරාජ්‍යවාදීන්ට යටත් වීමෙන් පසුව අපේ දැනුම මිථ්‍යා බවට පත් කෙරිණි. අපේ දැනුම වෙනුවට අපට ආගන්තුක වූ බටහිර දැනුම අප මත බලයෙන් පැටවිණි. අපට එහි වර්ධනයට දායක වීමට නො හැකි විය. එහෙත් අමරතුංග මහතා කියන ආකාරයට නම් සිදු වී ඇත්තේ අපේ ම දැනුමක්‌ වූ බටහිර දැනුම, විශේෂිත ව ගත හොත් අපේ ම විද්‍යාවක්‌ වූ බටහිර විද්‍යාව, අපට හදාරන්නට ලැබීම ය. දැන් ප්‍රශ්නය වන්නේ මෙය ය. බටහිර විද්‍යාව අපේ විද්‍යාව නම් අපේ විද්‍යාව වූ බටහිර විද්‍යාව අපේ අටේ වර්තමානයෙහි වර්ධනය නො වූයේ ඇයි? එයට ප්‍රධාන හේතුවක්‌ වන්නේ අධිරාජ්‍යවාදයට අප යට වීම යෑයි කිව හැකි ද? අපේ ම වූ බටහිර විද්‍යාව අප රටේ වර්ධනය කරගැනීමට අධිරාජ්‍යවාදීහු අපට බාධා කළෝ ද?

අධිරාජ්‍යවාදීන් අපට බාධා කළේ කිනම් ආකාරයට ද? අපට නියම බටහිර අධ්‍යාපනයක්‌ දීමට ඔවුහු කටයුතු නො කළෝ ද? අපට අවශ්‍ය පහසුකම් සපයනු නො ලැබිණි ද? ලංකා විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨය බවට පත් වීමට පළමු ඉංගිරිසින් ලංකාවෙහි පිහිටුවූයේ වෛද්‍ය විද්‍යාලය ය. (අමරතුංග මහතාට නම් තවමත් ඇත්තේ වෛද්‍ය විද්‍යාල යෘ) එය 1870 දී පමණ සිදු විණි යෑයි සිතමි. එදා කෙසේ වෙතත් පසුව වෛද්‍ය පීඨවල ඊනියා පර්යේෂණ ද ඇරඹිණි. බටහිර වෛද්‍ය විද්‍යාව අපේ විද්‍යාවක්‌ නම් ඊනියා පර්යේෂණවලින් හරිහමන් සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ බටහිර වෛද්‍ය විද්‍යාවට එකතු කිරීමට අපට නොහැකි වී ඇත්තේ ඇයි? එයට හේතුව අපට ඊනියා පහසුකම් නැතිකම ද? එසේත් නැත්නම් මෙරට බටහිර වෛද්‍යවරුන්ට බුද්ධිය නොමැති වීම ද? එසේත් නැත්නම් වෙනත් හේතුවක්‌ ද?

අප රටේ පහසුකම් නැතැයි සිතමු. එහෙත් පසුගිය අවුරුදු පනහක පමණ කාලයක මෙරටින් බටහිර රටවල විශ්වවිද්‍යාලවලට ගොස්‌ බටහිර වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත පර්යේෂණවල නිරත වන්නෝ බොහෝ වෙති. ඒ රටවල ඔවුන්ට පහසුකම් නැතැයි කිව නොහැකි ය. එහෙත් ඔවුන් අතින් වුව බටහිර වෛද්‍ය විද්‍යාවේ සංකල්පීය හෝ ප්‍රවාදාත්මක හෝ වර්ධනයට සිදු වී ඇති දායකත්වය කවරේ ද? ඔවුන් ගේ දරුවන් හෝ විශේෂයෙන් ම මුණුබුරන් හෝ පසු කලෙක එවැනි වර්ධනයකට දායක වීමට හැකි වුවත් මෙරටින් ඒ රටවලට ගොස්‌ ඇති අය ගෙන් සිදු වන දායකත්වයක්‌ නැත. 

මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙහි ශල්‍යවෛද්‍ය මහාචාර්යවරයා ලෙස කටයුතු කර ඇත. එහෙත් මා ඒ මහතා හඳුනන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සභාපතිවරයා ලෙස ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වැටුප් ප්‍රශ්නයේ දී ප්‍රතිපාදන කොමිසම සමග පැවැත්වූ සාකච්ඡාවල දී ආචාර්යවරුන් ගේ නියෝජිත කණ්‌ඩායම මා විසින් මෙහෙයවනු ලැබිණි. ඇතැම් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ඒ සටන අතරතුර දී අපට බාධා ඇති කළ මුත් අළුවිහාරේ මහතා අපට හිතවත් විය. ඔහු ආචාර්ය සමිති සම්මේලනයේ රැස්‌වීම් පැවැත්වීමට ප්‍රතිපාදන කොමිසමේ මාණ්‌ඩලික රැස්‌වීම් ශාලාව අපට ලබා දුන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි එවකට සිටි උපකුලපතිවරයා ආචාර්ය සමිති සම්මේලනයට විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් කර තිබිය දී ය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා අස්‌ කරනු ලැබීමෙන් පසුව ද ඇතැම් ආචාර්යවරුන් ගේ විරෝධතා මධ්‍යයෙහි ඒ මහතා මට සමිති සම්මේලනයෙහි සභාපති ලෙස දිගට ම කටයුතු කිරීමට අවසර දුනනේ ඉංගිරිසි උපදේශකවරුන් ගේ සංගමයේ බාහිර නියෝජිතයකු ලෙස කටයුතු කිරීමට වෘත්තීය සමිති පනතෙන් මට ලැබී තිබුණු නෛතික තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. 

වෘත්තීය සමිති සාකච්ඡා පවත්වන අතර අපි සුහද ව ආළාහන (අමරතුංග මහතා මේ පිරිවෙනේ නම වත් හරිහැටි දැන සිටියේ නැත) පිරිවනෙන් ලැබුණු උපකරණ ගැන ද අළුවිහාරේ මහතා ගේ මඟපෙන්වීම මත ආයුර්වේද වෛද්‍ය උපාලි පිලපිටිය මහතා කළ ඇතැම් පරීක්‌ෂණ ගැන ද කතා කළෙමු. අළුවිහාරේ මහතා සමග සියලු කරුණු වල දී මා එකඟ නො වුණත් ඒ මහතා පිළිබඳ ව මගේ ඇත්තේ ගෞරවයකි. ඒ මහතා කලක්‌ බටහිර රටවල සේවය කර ඇති බව ද මම දනිමි. ඒ මහතා මා දන්නා බොහෝ ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා බොහෝ බුද්ධිමත් ය. එහෙත් ඒ මහතාට වුව ද බටහිර වෛද්‍ය විද්‍යාවට සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ එකතු කිරීමට නොහැකි විය. මා එසේ පවසන්නේ ඒ මහතාට කරන අගෞරවයක්‌ ලෙස නො වේ. 

අපට බටහිර විද්‍යාවේ වර්ධනයට සාධක වශයෙන් ගත හොත් දායක වීමට නොහැක්‌කේ අපට බටහිර චින්තනය (එනම් බටහිර විද්‍යාවේ චින්තනය) ආගන්තුක බැවිනි. වියුක්‌ත ව සිතීමට නොහැකි වුවත් අපට බටහිර විද්‍යාව යම් අයුරකින් තේරුම්ගත හැකි ය. අප බටහිර විද්‍යාව හා බටහිර ගණිතය තේරුම් ගන්නේ වියුක්‌ත ව නො වේ. අප සරල රේඛා ගැන සිතන්නේ කඩදාසියක පැන්සලකින් ඇඳගත් රේඛා ලෙස ය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) පරීක්‌ෂණයේ දී ගණිතයෙන් විශිෂ්ට සාමර්ථ්‍යයක්‌ ලබා ගැනීමට ඒ ප්‍රමාණවත් ය. මා දන්නා ගණිතය (විශේෂ) උපාධිධාරීන්ටත් සරල රේඛාවක්‌ ගැන වියුක්‌ත ව සිතිය නොහැකි ය. දත ගැන වියුක්‌ත ව සිතන දන්ත වෛද්‍ය විද්‍යා මහාචාර්යවරු ලංකාවේ වෙත් ද? වියුක්‌ත ව සිතන්නට බැරි වුවත් ඔවුන්ට ප්‍රථම පංතියේ උපාධි ලබාගැනීමට හැකි ය. එහෙත් ඔවුන්ට බටහිර විද්‍යාවට හෝ බටහිර ගණිතයට සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ එකතු කිරීමට හෝ නොහැකි ය. 

බටහිර විද්‍යාව චීනයේ ඇති නො වීමට හේතු වශයෙන් නීඩ්හම් දක්‌වන දේ මම පසුව උපුටා දක්‌වමි. අපි දැනට අමරතුංග මහතා ඒ ගැන කියා ඇති දේ පමණක්‌ සලකමු. "චීනයේ ටාඔස්‌ සහ කොන්ෆියුසියස්‌ ධර්මයන් නිසා ඒ රටේ විද්‍යාව දියුණු වූයේ නැති බව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වන විද්වත් ජෝශප් නිඩ්හම් පවසා ඇත." ටාඔස්‌ යනු කවුද? අමරතුංග මහතාට ඒ නම් ද ආගන්තුක බව පැහැදිලි ය. සාමාන්‍යයෙන් ඉංගිරිසියෙන් ලාඕ ට්‌සේ කෙනකු ගැන කියෑවෙයි. මේ ඔහු විය යුතු ය. ඒ ගුරුතුමා ගැන චීන බසින් කියෑවෙන්නේ ලාඕ තුමා යන අර්ථය ඇති ව ය. එහෙත් එතුමා ගේ නම ලී අර් යන්න ය. ඔහුට ගෞරවයෙන් ලාඕ තුමා යෑයි කියෑවෙයි. එතුමා ගේ දහම තාඕ (මාර්ගය) ලෙස හැඳින්වෙයි. කොන්ෆියුසියස්‌ යන්න ඉංගිරිසියෙන් අදාළ නම උච්චාරණය කෙරෙන්නේ එලෙස බැවින් අමරතුංග මහතාට මෙහි දී චෝදනාවක්‌ නැඟිය හැකි නො වේ. 

එහෙත් එතුමා ගේ නම උච්චාරණය කෙරෙන්නේ කුං ෆු- ත්ස ලෙස ය. ෆු - ත්ස යන්නෙහි තේරුම ගුරුතුමා යන්න ය. එබැවින් සුද්දන් කොන්ෆියුසියස්‌ යන්නෙන් කියන්නේ කුං ගුරුතුමා ගැන ය. මේ පිළිබඳ අමරතුංග මහතා ගේ දැනුම කෙසේ වෙතත් අපට මෙහි දී වැදගත් වන්නේ ඒ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් ගේ ඉගැන්වීම් නිසා බටහිර විද්‍යාව චීනයේ ඇති නො වූ බවට (අවශ්‍ය නම් වර්ධනය නො වූ බවට නීඩ්හම් කර ඇති ප්‍රකාශය ය. (නීඩ්හම් තවත් දේ ද කියා ඇත. අපි ඒ පසුව සලකා බලමු). මෙයින් කියෑවෙන්නේ චීනයේ තිබූ චින්තනය බටහිර විද්‍යාව බිහි වීමට විරුද්ධ ව ගිය බව මිස වෙනත් දෙයක්‌ නො වේ. සංස්‌කෘතිය දැනුමට බලපාන අයුරු අපට නීඩ්හම් ම`ගින් කියා දීම ගැන අමරතුංග මහතාට අපි කෘතඥ වෙමු.


නලින් ද සිල්වා

2014-05-07

Protect Sinhala Buddhism from the educated – III


Varigapurnikava has not been published in its entirety or what is remaining of it, but only some extracts of it by Ven. Manewe Vimalarathana Thero. Also when I mentioned that Varigapurnikava believed in Abhidhamma what was intended to say was that Varigapurnikava believes that Abhidhamma was taught by Budunvahanse, as there are some schools of thought such as Sauthranthikas that do not believe in Abhidhamma as one of the pitakas (baskets). What is interesting is that according to Varigapurnikava Abhidhamma had been first (and probably last time as well, if considered as a Pitaka) taught to Arhant Rathnavali Therin in Sri Lanka. I do not want to go into details regarding Arhant Rathnavali Therin but  according to Varigapurnikava she had been the mother of Mahapali apparently identified as Kuveni by the Mahavamsa, and Ruvanveliseya had been named after her. Interested readers may refer to the two books published by Ven. Vimalarathana Thero based on Varigapurnikava. However, Varigapurnikava does not mention how much of the Abhidhamma Pitaka as known at present was taught to Arhant Rathnavali Therin, but it could be another Sutta by Budunvahanse, later developed into a Pitaka on its own right by some Bhikkus, who were probably students of Arhant Sariyuth Thero. It should be mentioned that some Suttas contain briefly what is included in the Abhidhamma Pitaka and this whole narrative on Abhidhamma needs a careful study. 

In any event what is clear is that as far as Buddha Sasana is concerned there are at least two narratives one given by Mahavamsa and the other as stated in Varigapurnikava. As mentioned in the last installment, Varigapurnikava gives the Hela Buddhism and Mahavamsa depicts the Sinhala Buddhism with Sinhala Buddhism taking the upper hand after King Mahasen. It is interesting to note that after Mahasen, Abhayagiriya or Jethavanaya had not enjoyed much Royal patronage.

When Physics is not objective, one cannot expect History to be objective, and what is clear is that Mahavamsa records the history of the winners. It appears that Hela Buddhism had been non violent, and though some Yakshas (Yagu Kauranas according to Varigapurnikava) did not become Buddhists, there was no hostility by them against Bududahama unlike in Bharat.  It is also clear that in a hostile surrounding a strictly non violent culture cannot survive, and Ashokan Buddhism could not afford to be hundred percent non violent. Whether we like or not almost all cultures that have survived have been militant at least to some extent, though they may have preached loving thy neighbour in their texts and sermons. If one thinks that the English culture at present, forget its past since Hastings days of 1066 or round about, is non militant then one is in a deep slumber.

The English culture has trapped us militantly not only through weapons but through knowledge as well. The professional jealousies that make the western medical practitioners taking up “arms” against nurses being given a training in midwifery, the allied health service students in the universities getting a four year training, the Sinhala “praramparika” physicians being supplied with facilities to cure the Kidney patients, are only a few examples in compartmentalizing knowledge and some people being issued with ‘certificates” to engage in certain work. I wonder had the “sisters” continued to work as nurses and had they wanted a training in midwifery, whether the western “doctors” would have objected to it. This is finally a question of power where what has to be decided is who carries out the work as dictated by the western powers.  This is not confined to western medicine but western engineering, teaching including university teaching etc., are also poisoned with compartmentalization of knowledge. The so called professionals and not the politicians are powerful in many areas and very often the ministers become helpless though the public knows only to blame the politicians.

The educated Sinhala Buddhists who are products of western education are conditioned to think that Sinhala Buddhists are non militant pious people who should be confined to live according to the teachings of Budunvahanse. The Bhikkus according to these educated Buddhists should follow the “Vinaya Pitaka” strictly and should not engage in politics. Some so called scholars would teach Bududahama to the Sinhala Buddhists and tell them that “war” is not for the Buddhists whether Sinhala or otherwise. In effect the westerners and their henchmen and henchwomen want the Sinhala Buddhists to be non militant.

As non militant cultures cannot survive when  almost all other cultures are militant in one way or the other what these Samaritans who preach Sinhala Buddhists is the extinction of Sinhala Buddhism. The Sinhala Buddhism had been militant in the past, and it could be that their first victory was over the Hela Buddhism around the fifth sixth centuries. It appears that Hela Buddhism was not as militant as Sinhala Buddhism, and probably it was the cause of its downfall. In any event when different sects of Hinayana had been wiped out from the surface of the earth, the survival of Sinhala Buddhism in Sri Lanka for so long could also be due to its militant nature introduced by the Sinhala Buddhists of yesteryears.

If not for that militancy Sinhala Buddhism would have been wiped out too, especially in the face of conquerors from Chola and Kalinga. It cannot be said that the Bhikkus of Sinhala Buddhism were the most pious people who lived on this earth, and the educated who want to confine the Bhikkus to pansukula, pirith and dana want to see the downfall of Sinhala Buddhism on the instructions they have got from the English very often indirectly. Though I do not agree with Dhammvada and Kshanavada as they stem from Athmavada, it has to be stated that the other reason for survival of Sinhala Buddhism was the introduction of these two vadas or  pravadas or theories as the educated even in the third fourth fifth centuries would have wanted some kind of Athmavada to project their images. However, Dhammavada and Kshanavada could not stand up to the criticism by Ven. Nagarjunapada and in Andra Pradesh the other forte of Theravada Buddhism in the fourth fifth centuries, and it was gradually driven out.


In Sri Lanka Sinhala Buddhism (Theravada Buddhism) survived due to militancy of Mahavira Bhikkus who eradicated any challenges from Hela Buddhism or any other sect by translating the texts to Pali and destroying the Hela Atuvas and other books on Hela Bududahama, confining Bedudahama to Sinhala Bududahama. I am not particularly bothered by this incident as if this step was not taken no form of Bududahama or Buddhist culture would have survived in Sri Lanka. In Andra Pradesh and other areas in ancient Bharat no form of Buddhism including Mahayana versions could survive especially after the challenge of Sankaracharya in the sixth century. Sankaracharya was able to turn Ven. Nagarjunapada upside down by turning Sunyathava to a Nirgun Brahman through his Advaitha Vedantha. If the Mahvihara Bhikkus had not taken the militant step of having a totalitarian attitude towards Bududahama, and if the texts were not translated to Pali, various interpretations could have been given to them as anybody who could understand Sinhala would have tried to give his two cents (or kahavanu) worth opinion, and Sri Lanka could have ended up as a Hindu country under the influence of Sankaracharya.  (To be continued)


Nalin De Silva

07-05-2014

Sunday, 4 May 2014

අලුත් අවුරුද්ද ගැන අලුත් කතන්දරයක් -3


සුමින්ද ගුණරත්න මහතා කියන පරිදි නොව රාශි චක්‍රයෙහි අග හා මුල අතරක් නැත. එවැනි අතරක් ඇත්නම් යම්කිසි ග්‍රහයකු ඒ ඊනියා අතරට පැමිණි විට ඉපදෙන දරුවකුගේ කේන්ද්‍රයෙහි ඒ ග්‍රහයා සිටින රාශියක් නැත. අනෙක් අතට ඒ අතර ග්‍රහයාගේ අහසෙහි ප්‍රක්‍ෂෙණයට වඩා වැඩි ද අඩු ද ආදී ප්‍රශ්නවලට ද මුහුණ දීමට සිදුවෙයි. මීන රාශිය අග හා මේෂ රාශිය මුල එවැනි අතරක් නැත. ඒ රාශි දෙක අහසෙහි, එනම් ද්විමානයෙහි සරල රේඛාවකින් වෙන් වී ඇත. නොනගතය ඇතිවන්නේ සූර්යයා මේ සරල රේඛාව පසුකරන විට ය. ඒ සඳහා පසුගිය සතියේ දැක්වූ පරිදි (ඉංගිරිසි) පැය 12 මිනිත්තු 48ක් ගතවෙයි. ඒ පිළිබඳ ගැටළුවක් නැත. නොනගතය යන්නෙහි නිරුක්තිය දැනගැනීමට ඒ සංකල්පය අවුරුද්දට එකතු වූයේ කවරදා දැයි දැනගත යුතු යැයි සිතමි. එසේ දැනගත්තත් අපට ඒ පිළිබඳ ව කළහැක්කේ සංගත කතන්දරයක් ගෙතීම ය. නොනගතය සම්බන්ධයෙන් දැනට ගෙතී ඇත්තේ කතන්දර දෙකක් පමණ යැයි සිතමි. එකක් නැකැත් නැතිවීම මුල්කරගෙන ගෙතී ඇති කතාව ය. එහෙත් ඒ කතාව අසංගත වන්නේ නැකැත් නැති වෙලාවක් නොමැතිවීම හා නොනගතයේ අපර අර්ධයේ ලිප ගිනි මෙළවීමට ආදී වශයෙන් සුභ මූර්ති යෙදීම නිසා ය. කොළඹ විශ්වවිද්‍යාලයෙහි උගන්වන සමයෙහි මේ ප්‍රශ්නයට මගේ සිත යොමු විය. නොනගතය සඳහා වෙනත් කතන්දරයක් ගෙතිය යුතු බව මට වැටහිණි. එහි දී පැරණි ලෙන් ලිපිවල සඳහන් අගත අනගත යන වචන මගේ සිහියට නැගිණි. එහි ප්‍රතිඵලය වූයේ සුමින්ද ගුණරතන මහතා කියන ආකාරයට නම් විකට දාර්ශනික අන්තය ය. එය කිසිසේත් ම ඊනියා පර්යේෂණයක ප්‍රතිඵලයක් නො වේ. 1982න් පමණ පසු මා ඊනියා පර්යේෂණ කර නැත. ඉන්පසු මා කරන්නේ කල්පනා කිරීම හා කතන්දර ගෙතීම පමණ ය. නොනගතයට වඩා හොඳ කතන්දරයක් ගෙතීමට ඒ සංකල්පය අවුරුද්දට එකතු වූයේ කවදා දැයි දැනගත යුතු ය. දැනට මගේ මනසට එන සංගත කතන්දරය න + අනගත යන්න සමග බැඳී ඇත.

සිංහලයේ ද්විත්ව නිෂේධය ගැන ද වචනයක් කිව යුතු ය. එය සිංහල බුද්ධාගම සමග බැඳී ඇත. කලකට පෙර සංස්කෘත වචනයක් වූ අනන්‍යතාව පිළිබඳ සංවාදයක් පේරාදෙණියේ සිංහල අංශයෙහි මහාචාර්යවරයකු වූ මයිකල් ප්‍රනාන්දු මහතා සමග ඇති විය. ඔහුට අනන්‍යතාවෙහි ඇති ද්විත්ව නිෂේධය හඳුනාගැනීමට නොහැකි වී යැයි සිතමි. කෙසේ වෙතත් සිංහල බුද්ධාගමෙහි, එනම් එකී සංස්කෘතියෙහි, ද්විත්ව නිෂේධය යෙදෙන්නේ චතුස්කෝටික න්‍යායෙහි ය. ද්විකෝටික ඇරිස්ටෝටලීය න්‍යායෙහි ද්විත්ව නිෂේධයෙන් මුල් ප්‍රස්තුතය ලැබෙයි. එය (නොම) (නොම) ප්‍රස්තුතය = ප්‍රස්තුතය ලෙස දළ වශයෙන් ප්‍රකාශ කළ හැකි ය. උදාහරණයක් ලෙස අන් අන්‍ය යනු තමා ම වෙයි. එහෙත් සිංහල බුද්ධාගමෙහි අන් අන්‍ය යනු තමා ම නොවිය හැකි ය. මිලින්ද ප්‍රශ්නයෙහි තමාත් නොවේ, අන් අයකුත් නො වේ යනුවෙන් සඳහන් වන්නේ අන් අයකු නො වේ යන්නෙන් තමා යන්න ගම්‍ය නො වේ ය යන්න පැහැදිලි කිරීමට ය. එය අනාත්මය හා බැඳෙයි. එලෙස ම නොපැමිණියේ නොවේ යන්නෙන් පැමිණියේ ය යන්න ගම්‍ය නො වේ. න + අනගත යනු නොපැමිණියේ නො වේ යන්න ය. එහෙත් එයින් පැමිණියේ යැයි ගම්‍ය නො වේ. එය පැමිණියේ ද නො වේ, නොපැමිණියේ ද නො වේ. නොනගතයෙහි දී සිදුවන්නේ එයයි. ඒ අවස්ථාවෙහි දී සූර්යයා මේෂ රාශියට පැමිණ නැත. එසේ ම නොපැමිණ ද නැත (පසුගිය සතියෙහි රූප සටහන බලන්න). එය සුමින්ද ගුණරතන මහතාට විකට දාර්ශනික අන්තයකි. එහෙත් ඒ මහතා බියුටි ක්වීන් වාග් විද්‍යාවක් යොදා ගනිමින් ඊනියා හින්දු ජ්‍යොතිෂයක් ගැන සඳහන් කරමින් නැකැත් ඇති අහසෙහි සුබ මුහුර්ති උදාවන අවස්ථාවෙහි නැකැත් නැතිවීමක් ගැන කියන්නේ ජ්‍යොතිෂය ගැන දැනුමක් නැතිව ය. හින්දු ජ්‍යොතිෂය යන වචන යෙදීමෙන් ඒ මහතා  බලාපොරොත්තුවූයේ කුමක් ද? තම ජ්‍යොතිෂ දැනුම පාඨකයාට දැන්වීම ද? 

නොනගතය යන්න කවදා අවුරුද්දට එකතු විණි ද යන්න නොදැන ඒ පිළිබඳ වඩා හොඳ කතන්දරයක් ගෙතීම අපහසු ය. එහෙත් අපට දැනට ඇති තොරතුරු අනුව ගෙතිය හැකි කතන්දරය න + අනගත සමග බැඳී ඇත. එය කිසිසේත් ම නැකැත් නැත යන්න සමග නො බැඳෙයි. අපට දැනට ඇති තොරතුරු අනුව අවුරුද්ද නැකැත් කෙළියකි. එය කලක් වසන්ත උත්සවයක් ලෙස පැවැත්වී ඇත. අප වරිගපූර්ණිකාව හා වෙනත් තොරතුරු පිළිගන්නේ නම් අවුරුද්ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ උත්සවයක් ලෙස සැලකිය හැකි ය. එය කෙසේ නමුත් අවුරුද්ද ඉතා ඈත අතීතයට ගෙන යෑමට කරන උත්සාහයක් නො වේ. යක්‍ෂ ගෝත්‍රිකයෝ හිරු පුදන්නෝ වූහ. ඇතැම් යක්‍ෂ ගෝත්‍රික පරම්පරා හිරු සමග බැඳී ඇත. රවිශෛලාස යනු යක්‍ෂ පරම්පරාවකි. අදත් ඉරුගල් බණ්ඩාරලා සත්කෝරළේ දැකගත හැකි ය. එහෙත් රාවණ යන්න හිරු සමග සම්බන්ධ කිරීමට මම ඉක්මන් නො වෙමි. එයට හේතුව රාවණ යන්නෙහි සම්භවය ගැන විවිධ මත තිබීම ය. රාවණ යන්න සඳහන් වන්නේ රාමායනයෙහි ය. සංස්කෘත පිළිබඳ දැනුමක් ඇති භික්‍ෂූන් වහන්සේ නමක මා සමග පැවසුයේ වාල්මිකී ලා රාවණ යන්න යොදාගෙන ඇත්තේ රාවණයන්ට අපහාසයක් ගෙන දීම සඳහා බව ය. රාවණ යන්නෙන් ඝෝෂාකාරයා යන්න කියැවෙන බව උන්වහන්සේ මා සමග පැවසූහ. රාමායනයෙහි යක්‍ෂ ගෝත්‍රිකයන්ට අපහාසාත්මක නම් දී රාම ලක්‍ෂමණ සීතා ආදීන්ට යහපත් නම් දී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.  රාවණට හිරු සමග වූ පිරිසක් (වණක්) ආදී තේරුම් දීමට සූරිය ගුණසේකර මහතා පෙළඹෙයි. මෙහි දී අප උත්සාහ කළ යුත්තේ හැකි නම් යක්‍ෂ ගෝත්‍රිකයන් රාවණ රජු හැඳින්වූයේ කවර නමකින් දැයි දැනගැනීමට ය. වාල්මිකීලා එරජු හැඳින්වීමට යොදාගත් නමකට යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායෙන් අරුත් දීමට උත්සාහ කිරීම එතරම් ඵලදායී කටයුත්තක් යැයි මම නො සිතමි. එය දුටුගැමුණු යනුවෙන් අපේ සතුරන් විසින් හඳුන්වනු ලැබූ ගැමුණු රජතුමාට දෙටුගැමුණු ආදී නම් දීමට කරන උත්සාහයට සමාන ය. රාවණ යන්නෙහි තේරුම කුමක් වුවත් යක්‍ෂ ගෝත්‍රිකයන් හා හිරු අතර සම්බන්ධයක් තිබූ බව පෙනී යයි. අවුරුද්ද යනු ඉතිහාසයේ විකාශය වී ඇති උත්සවයකි. එයට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පසු කලෙක එකතු වූ අංගයක් බව පෙනී යයි. එහෙත් එයින් කියැවෙන්නේ පැරණි යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ උත්සව හුදෙක් සඳු මුල් කරගත් උත්සව පමණක් වූ බව නො වේ.    


නලින් ද සිල්වා

2014-05-04

Friday, 2 May 2014

NPC on the wrong path


From day one the two factions in the TNA have been competing with each other to win the support of the dispersed Tamils in the western countries. It is true that the dispersed Tamils who were educated largely at the expense of the Sinhala tax payers have an economic clout with respect to the voters in the Northern Province. The dispersed Tamils help their relatives in the Northern Province economically, and the former have been able to dictate their views to the latter using this economic power. However, it is not a phenomenon that is going to last for long and if the two factions of the TNA think of competing for the sympathy of the dispersed Tamils then they are mistaken. The government should take steps to break the nexus between the dispersed Tamils and their relatives in the Northern Province by improving the economic conditions of the latter.  

The dispersed Tamils in turn are being used by the western powers led by England but their days are numbered. The western powers are powerless when the majority of people support an elected government, and Ven. Sobhitha Thero, Ranil, Chandrika, Sarath Fonseka or Anura Kumara or even a popular cricketer are weak candidates to challenge President Mahinda Rajapakse. Ven. Sobhitha Thero would end up as an also ran and Anura Kumara knows that he is not capable of giving a fight to the President. The JVP has already said that it is willing to support any candidate to defeat the President. Sarath Fonseka has said recently that he will get the support of the UN to topple this government. However, it is only rhetoric by a person who does not understand politics. Such statements work against him, and only those “nationalistic” political parties without a vision but with equal rhetoric would be excited by such statements. Both Ranil and Chandrika would be losing candidates at the presidential elections, and the only common candidate we have at present is Mahinda Rajapakse.

The dispersed Tamils in general are not from affluent families unlike the Vellalas who were the darlings of the English in the past, and the affluent have been able to send the former to “war” against the Sinhalas, with the support of the western powers. However, in the meantime the affluent Vellalas are gradually withdrawing from active politics confining themselves to indirect politics through NGOs and religious groups. It is ironical that a problem of the affluent Vellalas has been passed on to not so affluent, and the latter are fighting against the Sinhala on behalf of the former. In this regard there are a few Sinhala NGO and religious group activists who are mainly either non Buddhist or various types of Marxists who are with the Tamil racists against the Sinhala people. These people are given publicity by media though they do not have any base among the people. If not for the media nobody other than those who finance them would have herd of them, and would have died a natural death.

The media do not reflect the ground situation and the western powers make use of media reports for their propaganda against the government. However media politics through so called press statements and press interviews do not carry weight during elections as has been shown over and over again in the past decades, and the western powers will not be able to find a candidate to defeat the President. Under such conditions their dreams of various springs following the Arab Spring would not materialize, and the TNA could go on passing resolutions at the Northern Province Provincial Council meetings without affecting the government.

It is clear from the Gopi Appan Theiveegan incident that the dispersed Tamils with the backing of the western countries are trying to resurrect the LTTE if possible. The fact that the NGOs and other religious activists were not able to deny such resurrection and claim that Gopi, Appan and Theiveegan were only creations of the government gives ample testimony to the government statement. If there was even the slightest possibility of denying the incident the NGOs and the religious activists would have gone to town with cooked up evidence claiming that Gopi and others were innocent people. The western governments attempted to question the Gopi, Appan and Theiveegan incident but had to give up as it was proved beyond any doubt that Theiveegan had been one of the leaders of the resurrection of the LTTE movement. Theiveegan after fleeing Vavunia, Sri Lanka had been living in the west and some Asian countries and the million dollar question is as to who the financiers of the resurrection movement.

It is in this context that the decision by the government to ban sixteen organisations operating abroad becomes important. Together with the ban hundreds of “wanted people” have been named by the government. These “wanted people” have had connections with the LTTE or involved in resurrecting terrorist activities and if the western countries are genuinely against terrorism they should help the Sri Lankan government and extradite the relevant personnel without allowing the terrorists to use their soil to organise terrorist activities against the Sinhala people in Sri Lanka.

The Provincial Council of the Northern Province has adopted a resolution to the effect that the ban of the sixteen organisations should be lifted. This is under the influence of the dispersed Tamils who act on instructions by the western countries and. It is clear that in the final analysis it could be said that the NPC is acting in the interests of the western countries and not in the interests of the Tamils in the Northern Province. The Tamils in the Northern Province who celebrated the T-20 world cup victory by the Sri Lankan cricket team would soon realise that the NPC is representing the western countries and not them.

There are some people who talk of a “kumanthranaya” (coup) by the western countries when they mention the so called ethnic problem. It is not a “kumanthranaya” as such and coming out with “kumanthrana” stories would not help us to understand political phenomena. There is no “kumanthranaya” as such but it is a policy the west, especially England, has been following from the very beginning to weaken, if not destroy the Sinhala Buddhist culture or Sinhala Buddhism. This has been done through education and also by preparing an elite Tamil group to be the leaders of the country.

The Tamil leaders kept away the Tamils from the independence struggle and it was left only to the common Sinhala people, especially the Sinhala Buddhists to fight for independence from the very beginning. The irony is that the Tamil Vellala leaders consider the Sinhalas to be colonial powers much worse than the English (The English were not considered to be colonials by the elite Sinhalas and the elite Tamils who had the ‘best’ of the colonial education) and have driven the common Tamils to fight against the Sinhala people. It was not for nothing that the LTTE was involved in killing Bhikkus in Arantalawa and innocent people in many other areas and also for the attacks on Dalada Maligawa and Sri Maha Bodhi. The TNA leaders to date have not condemned these attacks and they could make a start by denouncing vehemently the attacks, instead of asking the government of Sri Lanka to lift the ban of the sixteen organisations. If the TNA continues to adopt an anti Sinhala pro western policy and lead the Provincial Council of the Northern Province along a path dictated by the dispersed Tamils who are guided by the western countries then the writing is on the wall for both factions of the TNA. 



Nalin De Silva

02-05-2014

Thursday, 1 May 2014

සිංහල මුස්ලිම් සහජීවනය


මුස්ලිම්වරුන් සහජයෙන්ම අන් කිසි ජාතියක් සමඟ සහජීවනයෙන් ජීවත්වීමටඅකමැති යැයි සමහරු සිතති. මේ ආකල්පය පදනම් කරගෙන මුස්ලිම් ප්‍රශ්ණයට දියහැකි පිළිතුර කුමක්ද?

එක්කෝ මුස්ලිම්වරුන්ට රටෙන් කොටසක්දී සිංහළුන් ඔවුන්ගෙන් වෙන්විය යුතුය. එක්කෝ ඔවුන් වෙන රටකට පන්නා දැමියයුතුය. උගත් බෞද්ධ පිංවතුන් යෝජනා කරන්නේ ඉහත කුමණ විසඳුමද? සිංහල මුස්ලිම්සහජීවනයක් නොපතන මුස්ලිම්වරුද වෙත්. ඔවුන් සිංහළුන් සම්බන්ධයෙන් දරනඅවිචාරවත් ආකල්පද මේ හා සමානය. මේ මුස්ලිම්වරුන්ද යෝජනා කරන්නේත් ඉහතවිසඳුම් නම් ඔවුන්ටද දෙයියන්ගේ පිහිටය.

මේ තරුණයෝ එතැනින්නොනැවතී තවත් ආකල්ප ඊට එකතු කර ගනිති. තම ජාතිය ආගම බේරා ගැනීම සඳහාසුදුසුකමක් ඇත්තේ තමන්ට යැයි සිතා ඔවුහු ඒ සඳහා තමන්වම පත් කරගනිති. තමන්උගතුන්ය බුද්ධිමතුන්ය යැයි සිතන නිසා ඔවුහු හුදී ජනයා තමන් දරන මතය අනුමතකරයිද නොකරයිද යන්න ගැන විචාරවත් නොවෙති. එතැනිනුත් නොනැවතී ඊලඟට ඔවුහු සමාජ දේශපාලන ප්‍රශ්ණ ඉක්මණින්ම විසඳිය යුතුයැයිද එසේ විසඳිය හැකියැයිදකල්පණා කරති. මීට වසර විසි පහක පමණ කෙටි කලකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණවටා එකතුවුනු තරුණයින්ද මෙවැනි ආකල්ප දැරූහ. එය කෙලවර වුනේ කෙසේදැයි දැන්අපි දනිමු.

මෙරට විවිධ ජනවර්ගවලට සහජීවනයෙන් ජීවත්වියහැකිය. එයට අපේ ඉතිහාසය සාක්‍ෂි දරයි. නමුත් සහජීවනයක් ඇතිවන්නේ සියලුජන-ආගම් වර්ග යම් එක් පවතින විදිහකට අනුගතවීම තුලිනි. මෙය අප රටටවිශේෂත්වයක් නොවේ. අරාබි රටවලට යන විදේශිකයෝත් යුරෝපීය රටකට යන විදේශිකයෝත්ඒ ඒ රටවල මිනිසුන් සමඟ එකට ජීවත්වන්නේ ඒ ඒ රටවල පවතින විදිහට අනුගතවීමතුලිනි. මීට වසර විස්සකට තිහකට ඉහතදී මෙරට සියලු ජන-ආගම් වර්ග අදට වඩාඑකිනෙකා අතර සුහදත්වයෙන් ජීවත්වූයේ ඔවුන් අදට වඩා මෙරට පවතින විදිහට ගරුකරමින් ඊට අනුගතව ජීවත්වූ බැවිනි. නමුත් පසුගිය වසර විස්ස තිහ ඇතුලතසිදුවුනු සමාජ විපර්යාසය නිසා ඒ පවතින විදිහ පිළිබඳ අවබෝධය අපෙන් ගිලිහීඇත. ඒ සමාජ විපර්යාසය හුදෙක් මුස්ලිම් අන්තවාදීන් විසින් ඇති කල එකක් නොවබටහිර සංස්කෘතියේ බලපෑමද ඊට හේතුවිනි.

පැවැත්මපිළිබඳ දැනුම අපට ලබාදෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය විසිනි. සිංහල බෞද්ධයෝපැවැත්ම මුලාවක් යැයි විශ්වාස කරමින් පවතිති. ඒ නිසා පැවැත්ම පිළිබඳ සිංහලබෞද්ධ සංස්කෘතිය දරන ආකල්පය අන් කිසි සංස්කෘතියකටත් වඩා විශේෂත්වයක් ගනී. (මේ පිළිබඳ වැඩි විස්තරයක් සිංහල බෞද්ධයාගේ පැවැත්ම යන ලිපියෙහි අඩංගුවේ.) සම්මුති වශයෙන් සිංහල බෞද්ධයෝ ලෝකය සමඟ බැඳීත්වෙන්වීත් ජීවත් වෙති. එනම් ඔවුහු තමන්ගේ පැවැත්මට ස්වාධීනත්වයක් අපේක්‍ෂාකරන අතර තමන් පවතින්නේ අනුන් නිසා බවද අමතක නොකරති. ඒ නිසා ඔවුන් තමඅනන්‍යතාව පිළිබඳව දරන්නේ ලිහිල් ආකල්පයකි. තමන් බෞද්ධයැයි ලේබල් ගසාගැනීමට ඔවුන් අකමැතිය. නමුත් තමන්ගේ අනන්‍යතාවට නැත්නම් බෞද්ධකමට අන් අයවිසින් ගරු කරතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. අනුන් සංස්කෘතියෙන් වෙනස්වීමඔවුන්ට ප්‍රශ්ණයක් නොවේ. ඒ වෙනස්කම් වලට ගරු කරන්ට ඔවහු දනිති. නමුත් තමන්ලේබල් නොගසන නිසා අනුන්ද ලේබල් ගසා නොගනිතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. මෙහිඇත්තේ ඉතා සරල සුනම්‍ය බවකි. බැඳී වෙන්වී පැවතීම එලෙසය. එය ඊනියා පුද්ගලඅයිතීන් සුරැකීමට ලඝු කල නොහැකිය. ආගම් පොලිසියකින් ඒ පැවැත්ම තහවුරු කලනොහැකිය. එය ගොඩනැඟිය හැක්කේ සමාජ සම්බන්ධතා මතය.

කලකටඉහතදී මෙරට බෞද්ධයෝ පමණක් නොවේ කිතුණුවන් මුසල්මානුවන් හිංදුන්ද අනුගතවීසිටියේ මේ පවතින විදිහටය. නමුත් අද නොයෙකුත් බලපෑම් මත මුස්ලිම්වරු මේපවතින විදිහෙන් මිදෙමින් සිටිති. ඔවුන් අන් ජාතීන්ට දරාගත නොහැකි තරමටතමන්ගේ ලේබලය උස් මහත් කරගනිමින් සිටිති. එය බැඳී වෙන්වී පැවත්මට පටහැණිය.එය ආපසු හැරවිය හැක. නමුත් එය ආපසු හැරවිය හැක්කේ පොදු සමාජයටම බලපාන සමාජදේශපාලන ක්‍රියාවලියකින් මිස මුස්ලිම් වරුන්ට පමණක් එල්ලවුනු දේශපාලනප්‍රවාහයකින් නොවේ. බැඳී වෙන්වී පවතින සමාජයක සිදුවෙන වෙනස්කම් සමස්ථසමාජයටම දැනීම වැලකිය නොහැකිය.


වාසනාවකට මේ සමාජවිපර්යාසයට ගොදුරු නොවුනු සහජීවනයක් පතන එලෙස ජීවත්වීමට දන්නා, සාමාන්‍යජනතාවක් තවම අප අතර ජීවත්වෙති. ඔවුන් බුද්ධිමත්ය. ඔවුන්ගේ දේශපාලන හදවත ජනමාධ්‍ය තුලින් දැක ගත නොහැකිය. ඔවුන්ගේ මතය වෙනස් කල හැකිය නමුත් ඔවුන්ගොන්නුන් මෙන් දක්කවන්නට නොහැකිය. මුස්ලිම් ප්‍රශ්ණයට පිළිතුර බැඳී වෙන්වීපැවැතීම යලි තහවුරු කරගැනීමය. එය ඉටු කර ගත හැක්කේ මෙරට සාමාන්‍ය ජනයාකේන්ද්‍ර කරගත් සමාජ ආර්ථික දේශපාලන පෙරළියක් තුලින් පමණි. මන්ද බැඳීවෙන්වී ජීවත්වන හැටි දන්නේ ඔවුන් නිසා වෙනි. අවිචාරවත් ආකල්ප මත පදනම්වඊනියා ප්‍රායෝගික, ඉක්මන් විසඳුම් සොයන, ජන මාධ්‍ය සමඟ දේශපාලනය කරන බෞද්ධ, මුස්ලිම් මෙන්ම අන් සැම දෙනාම තමන් ක්‍රියාකරන්නේ මෙරට දේශපාලන පරිධියේසිට බව අවබෝධ කරගත යුතුය. පරිධියේ සිට කරන වැඩවලින් කල් පවතින දේශපාලනවෙනසක් අත් කරගත නොහැකිය. මීට වසර විසි පහකට පමණ ජවිපෙය අපට ඉගැන්වුයේ ඒපාඩමය.


ජානක වංශපුර

2014-05-01