මෛත්‍රීපාල ගිවිසුම
මේ ලිපිය දින කිහිපයකට පෙර ලියැවිණි.
මහින්ද රාජපක්‍ෂ මහතා රැ වැටුණු වළේ දවල් වැටෙන්නට ගොස් බේරී ඇත. වාර්තාවන අන්දමට මහින්ද රාජපක්‍ෂ මහතාට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා විය. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් විය. ඔවුන් කියා සිටියේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය.