පාර්ලිමේන්තු වරප්රසාද
පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවා වී බොහෝ මන්ත්රීවරුන් බොරු කියන බව පැහැදිලියි. මන්ත්රීවරුන් තම තමන්ට පමණක් නොව බාහිර පුද්ගලයන්ට ද අපහාස කරනවා. පාර්ලිමේන්තුවේ නොයෙකුත් ගිවිසුම් ගැන කියනවා. ඒ කියන සියල්ල ඇත්ත නොවන බව අප දන්නවා. ඒත් අපට ඒ ගැන කිසිවක් කරන්න බැහැ. රනිල් කියන විධියට අපට හම්බන්තොට වරාය ගැන චීනය සමග ඇති අනූනව අවුරුදු ගිවිසුම ඕනැම වෙලාවක වෙනස් කරන්න පුළුවන් ද? මෙහි ඇත්ත යනුවෙන් කියන්නේ සම්මුති අරුතකින් පමණයි. මා හිතන පතන විධියට නම් සියල්ල බොරු, මනසේ නිර්මාණ.