Main Logo

Monday, 11 July 2022

බටහිර සැලැස්ම හා ජූලි 9

 

බටහිර සැලැස්ම හා ජූලි 9

 

ජූලි 9 කියන්නෙ දේශපාලන සිදුවීමක්. එයට විශාල පිරිසක් සහභාගි වුණා. වැඩියෙන් ම හිටියෙ ඊනියා උගත් ගැමි තරුණයන්. ඔවුන් මාක්ස්වාදී කතා අනුව කම්කරු පංතියේ නො වෙයි. ඔවුන් වැඩිම වුණොත් අඳුන්වන්න පුළුවන් සුළු ධනේශ්වර කියල. දැන් සුළු ධනේශ්වරයන් ජයග්‍රහණය කරල ද? ඒ අයගෙන් ඇහුව ම ඊනියා අරගලයේ පංති පදනම කුමක් ද කියල ඔවුන් දන්න පංතියක් නැති බව පැහැදිලි වෙනවා. කසිකබල් මාක්ස්වාදය අනුව පංතිය තීරණය වන්නෙ නිෂ්පාදනයෙදි එ එ අය සහභාගි වන ආකාරය මත. ඒ බව ඊනියා සුළු ධනේශ්වරය නොදන්නා බව පැහැදිලියි. පංතිය ගැන ඔවුන්ගේ ප්‍රතිචාර කියවන්න.

Sunday, 10 July 2022

ඩලස් හා කණ්ඩායම

 ඩලස් හා කණ්ඩායම බලයට පත් කිරීමට දරණ උනන්දුව කාගේ ද? 


මෙවැනි ප්‍රශ්න අසන්නේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නොවන බව තේරුම් ගන්න. 

බටහිරින් පායපු ඉර

 

 

බටහිරින් පායපු ඉර

 

ඊයේ රෑ ලංකාවට අලුත් ඉරක් පෑවුවා. එය අත්ලන්තික් සාගරයේ බටහිරින් පෑවුවෙ. අපට බොහෝ කාලයක් ඉර පෑවුවෙ එකී සාගරයේ නැගෙනහිරින්. මින් පසු ඒ ඉර පායන්නෙ නැහැ. මට අර ඉර පායා ඉර පායා ගීතය මතක් වෙනවා. ගණදුරු මැදියම අරුණළු නම් මට දකින්න බැහැ. ඊයේ කොළඹ ආවේ උගත් ගැමි මධ්‍යම පාංතික තරුණයන්. තරුණියන් ද හිටියා. පොෂුන් හා පොෂියන් වැඩිය දැක්කෙ  නැහැ.  සමහරු තරුණ මව්වරු. ඔවුන් දරුවන් ද කැටුව ඉර පායනවා බලන්න ඇවිත් තිබුණා. අර පූජක තැන නම් කැපිල පෙණුනා. ඔහු අරගලගැති දේවගැතිවරයෙක්. 

 

Saturday, 9 July 2022

රනිල් අස්කරන්න.

 රනිල් අස්කරන්න. 


ජනාධිපති  ඉල්ලා අස් වී නැත්නම් හැකි නම්  ඉක්මණින් රනිල් අගමැති කමෙන් හා මුදල් ඇමති කමෙන් අස්කරන්න. 

අත්ලන්තික් තරණය

 

අත්ලන්තික්  තරණය

ලංකාව අවුරුදු හැත්තෑහතරකින් අත්ලන්තික් සාගරය තරණය කරයි. නියමුවා යැංකි ඩිකී. අත් උදවුවට බැසිල්  නාමල් හා දෙදහස් හයේ දරුවෝ. 


සාදුකින් පෙළෙනවුන් රනිල් ජනාධිපති කරනවා ද?

 

සාදුකින් පෙළෙනවුන් රනිල් ජනාධිපති කරනවා ද?

 

අද එලවන්නෙ ගෝඨාභයව ද රනිල්ව ද නැත්නම් දෙන්නම ද? එහෙමත් නැත්නම් තවත් අය ද? ඒ කරන්නෙ ව්‍යවස්ථාවට එකඟව ද ව්‍යවස්ථාවට පිටින් ද? මේ උද්ඝෝෂණයට හරි මොකට හරි නායකත්වය දෙන්නෙ කවුද? මෙය නිර්පාක්‍ෂික නිර්නායකත්ව අරගලයක් ද? ගෝඨාභය එලවන්නෙ ඔහු කුමක් කළාට ද? අද පවතින ආර්ථික අර්බුදයට වග කියන්න ඕන ඔහු ද? ඔහු හොරකම් කළා ද? හොරකම් කළෙ මොනවා ද?

Friday, 8 July 2022

ව්‍යාජ ගිණුම හා පඬි නැට්ටෝ

 

ව්‍යාජ ගිණුම හා  පඬි නැට්ටෝ

 

මා කලින් සටහනේ සඳහන් කෙළේ මගේ නමින් පළවන ව්‍යාජ මුහුණු පොත් ගිණුමක් ගැන.  එවැනි දේ කරන එක අමාරු කාර්යයක් නො වෙයි. සකර්බර්ග්ට එය ප්‍රශ්නයකුත් නො වෙයි. සකර්බර්ග්ට ව්‍යාජ ගිණුම් අව්‍යාජ ගිණුම් කියා ජාති දෙකක් නැහැ. ව්‍යාජ ගිණුමක් ඇති වුණේ කොහොමද වගේ ප්‍රශ්න තේරුමක් නැහැ. ඉතා පැහැදිලි ව මගේ විරුද්ධවාදියෙක් ව්‍යාජ ගිණුම සකස් කර පසු කලෙක කියවන්නන් නොමග යැවීමට ගන්නා උත්සාහයක්.