බුදුහාමුදුරුවන්ගෙ සර්වඥතාව
මට ඇත්තේ බුදුහාමුදුරුවන් ගැන ශ්රද්ධාවක්. ශ්රද්ධාව භක්තියෙන් වෙනස් වෙනවා. අපි සමහර වෙලාවට අන්ධ භක්තිය කියාත් කියනවා. භක්තියේ ඇත්තේ විශ්වාසයක්. හරියට ඇතැමුන්ට බටහිර විද්යාව, විද්යාත්මක විධි ක්රමය, තර්කය වගේ දේ ගැන ඇති විශ්වාසය වගේ. බටහිර විද්යාව කටගාගත් අයටත් අන් බොහෝ අයටත් ඒ භක්තිය තියෙනවා. ඒ බොහෝ දෙනා තවමත් විසිවැනි සියවසේ මුල තිබූ රදර්ෆර්ඩ්ගේ ප්රෝටෝන හා න්යුට්රෝන සහිත න්යෂ්ටිය වටේ රවුම් ගහන ඉලෙක්ට්රෝන සහිත පරමාණුව විශ්වාස කරනවා. ඒ පරමාණුව සුනු විසුනු (ශුන්යය මතක් කර ගන්න) වෙලා බොහෝ කල්.