තරුෂි
හා නොබෙල්
දිසානායක මුදියන්සෙලගෙ තරුෂි දිල්සරා කරුණාරත්න. 2023 ආසියානු මළල ක්‍රීඩා තරගවල දී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනලා. ඇය අවුරුදු විසිඑකක් පැරණි එම ඉසව්වේ ආසියානු වාර්තාව ද බිඳ හෙලලා. ඒ කියන්නෙ ඇය ඉපදෙන්න අවුරුදු දෙකකට පෙර තැබූ වාර්තාවක්. මා දන්නේ නැහැ ලෝක මට්ටමෙන් ඇය කොයි හරියෙ ඉන්නවා ද කියා. ලෝක මට්ටමෙන් ද ඇය ජයග්‍රහණය කරනු දැකීමට මා කැමතියි.