Main Logo

Wednesday, 24 January 2024

මානව අයිතිවාසිකම් හා යුක්තිය මෙහෙයුම

 

මානව අයිතිවාසිකම් හා යුක්තිය මෙහෙයුම

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නැවතත් කරළියට ඇවිත්. මෙවර නිල වශයෙන් නොවෙයි. කොමිසම සමග ක්‍රියාත්මක වන ස්වේච්ඡාවෙන් කටයුතු කරන ඊනියා විශේෂඥ කණ්ඩායමක් ලෙස. අපට කොමිසම මෙතෙක් මතක් කර දුන්නේ වෙල්ලාලයන්ගේ හා ඔවුන් වෙනුවෙන් අවි අතට ගත් දෙමළ ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිවාසිකම්. අද මේ විශේෂඥයන් මතක් කරන්නේ මත්දූව්‍ය භාවිතා කරන්නන්ගේ මානව අයිතිවාසිකම්.

Tuesday, 23 January 2024

එක්ස් වයි හා ඉසෙඩ් හෙවත් ඔමෙගා ( එක්ස් අරුන් හා ජාතිකත්වය)

 

එක්ස් වයි හා ඉසෙඩ් හෙවත් ඔමෙගා ( එක්ස් අරුන් හා ජාතිකත්වය)

 

දකුණේ ඉන්න නිරාගමික සිංහල බෞද්ධ විරෝධී පඬි නැට්ටනුත්  වෙල්ලාලයන්ට හා දෙමළ හින්දු සංස්කෘතියට නොව වෙල්ලාලවාදයට විරුද්ධ අරුන් සිද්ධාර්ථනුත් අතර විශාල වෙනසක් තියෙනවා. සිංහල බෞද්ධ විරෝධීන් ඊනියා උගතුන් වෙන්න පුළුවන්. ඔවුන් බොහෝ දෙනකු එක්ස් කණ්ඩායමට යම් ආකාරයකින් සම්බන්ධ වී සිටියවුන්. දැන් කණ්ඩායමේ ඉන්නේ කවුද කියා මා දන්නේ නැහැ. සමහර විට දීප්ති ගුණරත්න පමණක් වෙන්න පුළුවන්.

Monday, 22 January 2024

සුමන්තිරන් ශ්‍රීධරන් හා සිද්ධාර්ථන්

 

සුමන්තිරන් ශ්‍රීධරන් හා සිද්ධාර්ථන්

 

ඊයේ (ජනවාරි 21) ත්‍රිකුණාමලයේ පැවති ඉලංකෙයි තමිල් අරසු කච්වි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ සම්මේලනයේ දී යාපන දිස්ත්‍රික්ක මන්ත්‍රී ශ්‍රීධරන් පක්‍ෂයේ නායකයා ලෙස තේරී පත්වෙලා. ඔහුට පරාජය වී ඇත්තේ සුමන්තිරන්. නායකත්වයට මඩකලපු දිස්ත්‍රික්ක හිටපු මන්ත්‍රී යෝගේස්වරන් තරග වැදීමට සිටි නමුත් ඔහු ශ්‍රීධරන් වෙනුවෙන් තරගයෙන් ඉවත් වෙලා.

Sunday, 21 January 2024

ජෙප්පෝ නිවන හා බුදුදහම විකෘති කිරීම

 

ජෙප්පෝ නිවන හා බුදුදහම විකෘති කිරීම

 

මෙවර සයන්ස් සඟරාවේ කතුවැකියක් ලෙස පළ වූ ලිපියටත් සුපුරුදූ පරිදි කිහිප දෙනකු හා හා ලකුණු කර තිබුණා. ඔවුන් සියල්ලන් නැතිව වුණත් බහුතරය ජෙප්පන්. ඔවුන් හිනහවෙන්නේ තම පාරම්පරික දැනුමටයි. අද විජේවීරගේ වි පෙරමුණක් නැහැ. ඇත්තේ ඉහළ මධ්‍යම පාංතික  හරිණි අමරසූරියගේ බලවේගය. එහි කිසිම ජාතිකත්වයක් නැහැ. විජේවීර ජාතිකත්වය හා මාක්ස්වාදී සමාජවාදය අතර දෝලනය වූ අයෙක්. එකල වි පෙ හිටි විමල් වීරවංශ වසන්ත බණ්ඩාර වැන්නන්  අදත් කියන්නේ වාමවාදී ප්‍රගතිශීලි ජාතිකත්වයක් ගැන. අර දෝලනයෙන් එන කතා.

Saturday, 20 January 2024

සයන්ස් හා පඬි නැට්ටෝ

 

සයන්ස් හා පඬි නැට්ටෝ

 

පහත පළවන්නේ මෙවර (ජනවාරි 19) සයන්ස් සඟරාවේ කතුවැකිය ලෙස පළ වූ ලිපියයි. මෙහි දේශීය විද්‍යා ගැන කියනවා. ලිපියේ අවධාරණය කෙරෙන්නේ දේශගුණය හා පරිසරය පිළිබඳ ප්‍රශ්නයයි. බටහිර විද්‍යාව එක දැනුම් පද්ධතිය ලෙස සලකන පඬි නැට්ටන්ට හා අනෙක් අයට දැන ගැනීමට කරුණු කිහිපයක් ලිපියේ තියෙනවා.

Friday, 19 January 2024

පාරම්පරික වෙදකම සමග උණවටුනට යෑම

 

පාරම්පරික වෙදකම සමග උණවටුනට යෑම

 

මා ඊයේ (ජනවාරි 18) දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දකුණට ගියා. නැහැ මාළු ඇඹුල් තියල් ගේන්න නො වෙයි. අධිවේගය හැදුවෙ මාළු ඇඹුල් තියල් ගේන්න කිවුව අයත් පාරෙ එහෙ මෙහෙ යනවා මහින්ද හොරා කිය කියා. ඉස්සර නම් බස්නාහිර ගාළු පාර අවට ජීවත් වූවකු ලෙස මාත් ඇඹුල් තියල්වලට කැමති වුණා. නාථ දේව මණ්ඩලය මුණ ගැසුණට පස්සෙ මා මස් මාළු කෑම නතර කළා. අවුරුදු විස්සකට පමණ පෙර.  පාරේ වෙන දා තරම් වාහන තිබුණේ නැහැ.

Thursday, 18 January 2024

මෝදි නේරු හා රාම

 

මෝදි නේරු හා රාම

 

ඉන්දීය ජාතිකයකුගේ යැයි සිතිය හැකි පහත සඳහන් ලිපිය මා පළකරන්නේ නේරුගේ හා නේරු පවුලේ ඊනියා ඓහිය (secular) දේශපාලනය මෝදිගේ හින්දු ජාතිකත්වය හමුවේ පරාජය වී ඇති ආකාරය පෙන්වීමටයි.  අයෝධ්‍යාවේ නව හින්දු කෝවිලක් විවෘත කිරීමේ උත්සවයක් ගැන ලියවී ඇති ලිපිය මෙරට පඬි නැට්ටන්ගේ අවධානයට යොමු වේය කියා හිතන්න බැහැ. පඬි නැට්ටන් දන්නේ බටහිරට අවශ්‍ය විධියට වලිගය වැනීම පමණයි.