Main Logo

Friday, 8 July 2011

Devivaru, Arsenic and Science - II

A number of Sri Lankan “scientists” have expressed their opinions on Arsenic and Rajarata Chronic Kidney Disease (RCKD) and also on the so called scientific method. Prof. Ajit Abeysekera is mainly interested in seeing that our work is published in a peer reviewed journal so that the information is available in the public domain. We are in the process of publishing our results in a journal or proceedings of a scientific session of an “accepted” association but in the meantime I must say if anybody is interested in our method of detecting Arsenic in “hard water” found in Rajarata areas we could provide it without waiting for the publication, provided of course we are requested to do so in writing. In fact we have provided the method to Water Resource Board and they have tested positive for Arsenic and also for Mercury in samples provided by the Sri Lankan customs. Thus in a sense the information is already in the public domain though the “publications are not peer reviewed as such”. I thank Prof. Abeysekera for his suggestion but I have to reiterate my position, albeit not that of the Kelaniya group, that I prefer to publish my original work in newspapers as they can be judged by a bigger audience, though they may not be so called experts in the field. I must also sate that peer reviewing does not make sure that a paper is “correct” as it is judged by only two experts and I doubt very much that the reviewers carry out the experiments themselves to see that the methods and contents are correct. In fact in certain cases the samples are not available to them and they can only check whether the standard procedure had been followed. The real testing comes only after the publication, by other groups interested in the work and in our case any group is free to test our method in their laboratories without waiting for the publication. The case pointed out by Prof. Upali Samarajeewa regarding a paper published in Nature which had to be apparently withdrawn subsequently, in fact goes against what he wishes to establish. I will discuss this in more detail later when I come to the articles by Professors Ileperuma and Samrajeewa hopefully in the next installment.
For the moment I would like to concentrate on what Prof. Carlo Fonseka has written on Arsenic, RCKD and scientific process. While Professors Ileperuma and Samarajeewa, attempt to find fault with “playing god” Prof. Fonseka has no objection to receiving ideas from devivaru. I quote Prof. Fonseka at length from his article on “Aesenic, RCKD and scientific process” published on 22nd June in the Midweek Review. “In practice the scientific process is HYPOTHETICO-DEDUCTIVE. This means that it essentially involves formulating a hypothesis to explain a given set of observations in the real world and then deducing consequences from the hypothesis which can be rigorously tested experimentally to see whether the results square with the hypothesis. A hypothesis is simply an explanatory conjecture. Therefore formulating a hypothesis means nothing more than having some explanatory idea. The process of having ideas itself is, of course, outside logic. Therefore Prof. Nalin de Silva’s claim that the idea (hypothesis) that Rajarata Chronic Kidney Disease (RCKD) is caused by arsenic came from devivaru is totally acceptable as a hypothesis. The pragmatist American philosopher C.S. Peirce (1839 – 1914) once said that hypotheses often come from "the spontaneous conjectures of instinctive reasoning." Thus, how the hypothesis that RCKD is caused by arsenic came to Prof. de Silva does not matter at all. The important thing is to test it rigorously to see whether it is true. Prof. Ajit has lucidly laid down the procedure acceptable to modern science for doing so.
I believe that what scientists should do is to offer explanations for things that happen in real life that others can verify for themselves for the purpose of promoting human welfare. Nobel Laureate for Medicine Sir Peter Medawar, FRS, once remarked that are building explanatory structures, telling stories which are scrupulously tested to see if they are stories about real life." The Kelaniya group of scientists are also telling us stories and they must be scrupulously tested along the lines suggested by Prof. Ajit. Who knows, they may turn out to be true. For my part, I do not believe that devivaru can help us one bit to achieve anything worthwhile in this world. In fact, I have been in the business of trying to demonstrate scientifically that some ‘miraculous’ things allegedly done entirely through the help of devivaru can be done without their help at all. I know, however, that for me to claim that my demonstrations are ‘scientific’ I am obliged to go through the process that Scientist Ajit Abeysekera has prescribed. Forty-one years ago I presented evidence to the Sri Lanka Association for the Advancement of Science (SLAAS) that fire-walking can be done without divine aid. I give notice here that this year I expect to present evidence to SLAAS that there is nothing supernatural about the ritualistic ‘hanging on hooks’.”
I believe in the Sinhala Buddhist approach and for me “ehi passiko” or come and see is a better method than quoting experts, specialists or books. I am not a person who would quote chapter a verse an essentially Biblical approach. Our methods of detecting Arsenic in hard water and other substances are there for anybody to see, and if they come to our laboratories, after testing them in the tradition of Mahavira Bhikkus who tested Ven. Buddhaghosa Thera we will allow them to work there and see for themselves whether the method is correct. However, at the same time I know that the western Judaic Christian tradition is hegemonic at present and for the sake of western scientists trained in that tradition we have to adopt their methods as well if we want to get our results accepted by them. Personally that problem does not occur to me as I am not interested in their acceptance of my ideas and methods.
Prof. Peirce may be a world renowned philosopher as they say but even without him we know that ideas do not come in a logical manner. The logic, which is none other than the Aristotelian logic for the overwhelming majority of scientists is only an abstraction of day to day sensory perceptible experience. The problem is that there are extra sensory perceptible experience where Aristotelian logic is thoroughly inadequate. In our day to day experience we know that an object can be only at one position at a given time (it has to be emphasised that even time is an abstract concept, and cannot be perceived by human beings. Time is our creation or “pannaththi” in the words of Ven. Buddhaghosa Thera. Time arises or this particular concept – pannaththi is created by human beings, and perhaps by some other animals as well, due to change and our memory. If there is no change or no memory there is no need for the pannaththi called time) but it is possible for some objects (for example Quantum particles) to exist at more than one place at a given time. Prof. Fonseka who is familiar with Buddhist ideas would probably remember the story of Ven. Cullapanthaka Tissa Thera in this regard, though the Thera cannot be compared with Quantum particles. However, sometime ago when I was working on a reinterpretation of Quantum Mechanics I got the idea of a particle existing at different places at the same time from the story of Ven. Cullapanthaka Tissa Thera in our culture.
The ideas come in different ways to different people and I am glad that unlike Prof. Ileperuma and Samarajeewa Prof. Fonseka has no quarrel about the origin of ideas. However, it appears that even with respect to western Philosophy of Science Prof. Fonseka still lives in a pre Popperian world and he does not seem to follow Popper, Kuhn, Feyarabend or any other modern western philosophers of science. I must say that I am not insisting that Prof. Fonseka should follow them. However, the so called hypothetico – deductive method is not consistent with the development of western science. (To be continued) (2011/06/29 -The Island)

Copyright Prof. Nalin De Silva

Sunday, 3 July 2011

දේශන - බටහිර යුධ අධිකරණ තර්ජන සහ කෘෂි රසායන මරුවැල්

හිතවතුනි,
මෙම සම්මන්ත්‍රණයේ පැවැත්වූ දේශන වල ශ්‍රවණ ගොනු පහතින් ලබාගත හැකිය. මෙහිදී මහාචාර්ය නලින් ද සිල්වා, වෛද්‍ය චන්න ජයසුමන යන මහත්වරුන්ද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ද විසින් දේශන පවත්වනු ලැබිණි. දේශකයන් විසින් රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් වී ඇති මත සහ ඒවායේ ඇති දුර්වලතා පිළිබඳව පැහැදිලිකිරීම්ද විවිධ පාර්ශවයන් විසින් නව මතය පිළිබඳව නගන ප්‍රශ්න සඳහා පිළිතුරුද දෙනු ලැබිණි.

හැඳින්වීමේ කථාව - නලින් ද සිල්වා මහතා

චන්න ජයසුමන මහතාගේ කථාව - 1

චන්න ජයසුමන මහතාගේ කථාව - 2

චන්න ජයසුමන මහතාගේ කථාව - 3

නලින් ද සිල්වා මහතාගේ කථාව - 1

නලින් ද සිල්වා මහතාගේ කථාව - 2

නලින් ද සිල්වා මහතාගේ කථාව - 3

නලින් ද සිල්වා මහතාගේ කථාව - 4

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ කථාව

Saturday, 2 July 2011

ආසනික් හා සුදු කපුටෝ

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ යනුවෙන් ආරමිභවන ගීතයක් ඇත. මේ ගීතයෙහි පදමාලාව රචනය කළ තැනැත්තා යුරෝපීය හෝ වෙනත් බටහිර වසන්තයක් හා ඇපල් මල් දැක ඇතැයි සිතමු. එසේ නම් ඔහුට ඇපල් මල ගැන ඇත්තේ සංයුක්ත සංකල්පයක් පමණක් නො වේ. ඔහුට එය ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් වෙයි. ඒ සංකල්පය ඔහුගේ පංචෙන්ද්‍රියන්ට ගොාචර වී ඇත. ඔහුට ඒ ඇපල් මල නැත්නම් ඇපල් මල් ලංකාවේ දී වුව ද සිතෙන් මවාගත හැකි වෙයි. මා මෙය ලියන අතර මට අවශ්‍ය නම් රුවන්වැලි සෑය සිතෙන් මවාගත හැකිවාක් මෙන් ඇපල් මලක් දැක ඇති අයකුට ඒ අමතක වී නැත්නම් ඇපල් මලක් ඕනෑම අවස්ථාවක සිතෙන් මවාගත හැකි වෙයි. එසේම ගී පද රචකයාට වසන්තය පිළිබඳ සෑජු පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ද ඇතැයි සිතිය හැකි ය.

එහෙත් මෙහි දී කිවයුත්තක් වෙයි. කාලයක් ඇවෑමෙන් ඇපල් මල පිළිබඳ මතකය දුරස්වත්ම සිතෙන් මවාගත හැකි ඇපල් මල ද වෙනස් වෙයි. එහි හැඩය, වර්ණය ආදිය කල්යෑමේ දී සිතෙහි වෙනස් වෙයි. වසන්තය ගැන ඇති හැඟීම් වුව ද කල්ගතවත් ම වෙනස්වෙයි. නැවත නැවතත් යුරෝපයට හෝ වෙනත් ප්‍රදේශයකට හෝ ගොස් තම මතකය අලුත්වැඩියා නොකරගන්නකුට ඒ අදාළ අත්දැකීම් පිළිබඳ මතකය ක්‍රමයෙන් ඈත්වෙයි. මෙය ගීතයෙහි පද රචකයාට පමණක් නොව ඕනෑම අයකුට සිදුවිය හැකි ක්‍රියාවලියකි.

එයින් කියැවෙන්නේ ඇපල් මල් අවුරුදු පතා නොදකින, කාලයකින් ඒ නොදුටු අයකුගේ ඇපල් මල පිළිබඳ සිතෙහි මැවෙන සංකල්පය කාලයත් සමග වෙනස්විය හැකි බව ය. වසන්තය සම්බන්ධයෙන් ද තත්වය එසේම ය. දැන් මේ ගීතය රසවිඳින කිසිදා ඇපල් මලක් නොදුටු අයකු ගනිමු. ඔහු ඇපල් මලක් ලෙස සිතෙහි මවා ගන්නේ කුමක් ද? ඔහු ඡායාරූපයක ඇපල් මලක් (මල්) දැක ඇත්නම් ඒ අනුසාරයෙන් ඇපල් මලක් සිතෙහි මවාගනු ඇත. ඒ ඇපල් මල ගීත රචකයාගේ ඇපල් මලෙන් වෙනස්වන බව අමුතුවෙන් කිවයුතු නො වේ.

ගීතය රස විඳින්නා ඡායාරූපයකින්වත් ඇපල් මලක් දැක නැත්නම් ඔහු ඇපල් මලක් සිතෙන් මවාගන්නේ කෙසේ ද? ගීතයෙහි ඇපල් මල යොදාගෙන ඇත්තේ රූමත් යැයි කිවහැකි කතක් ගැන කීමට බැවින් ඇපල් මල ලස්සන යැයි ගීය රස විිඳින්නා පළමුව සිතනු ඇත. ඉන්පසු ඔහු තමා දැක ඇති ලස්සන මල් ඇසුරෙන් ඇපල් මලක් සිතෙහි නිර්මාණය කරගනු ඇත. එවැන්නකුගේ ඇපල් මල පිළිබඳ සංකල්පය ගී පද රචකයාගේ ඇපල් මල සමග සමපාත වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු ය.

එපමණක් නො වේ. ඇපල් මල් දුටු අය සියල්ලන් ම එකම ආකාරයේ ඇපල් මල් පිළිබඳ සංකල්ප ඇතිකරගන්නේ යැයි නොසිතිය යුතු ය. ඇපල් මල දුටු දිනයේ සිතෙහි වූ හැඟීම්, ප්‍රීතියෙන් සිටියේ ද, කණගාටුවෙන් සිටියේ ද ආදිය හා තවත් බොහෝ කරුණු ඒ සංකල්පය ඇතිකර ගැනීමේ දී බලපායි. අප සියළු දෙනා ම දකින්නේ එකම පොල්මලක් යැයි නොසිතිය යුතු ය. අප එකිනෙකාගේ පොල්මල් වුව ද එකිනෙකාට සාපේක්‍ෂ වෙයි. අපට බොහෝ විට සමාන ඉන්ද්‍රිය පද්ධති තිබුණ ද මනස සමග එකතුවී සංස්කරණය කෙරෙන සංකල්ප සම්බන්ධයෙන් අප සෑම අතින් ම එකඟවන්නේ යැයි නොසිතිය යුතු ය. එසේ සිතන්නට අප පුරුදු වී ඇත්තේ බටහිර ආත්මවාදීන්ගේ දැඩි පීඩනය හේතුවෙනි. අඩුම තරමෙන් සිංහල සංස්කෘතියේ අප දකින පොල්මල හා ඉංගිරිසිකාරයකු ලංකාවේ දකින පොල්මල අතර වෙනසක් ඇති බව වටහාගත යුතු ය.

සංකල්පවල සාපේක්‍ෂභාවය ගැන සාකචිඡාකරන අතර ඊනියා වාස්තවික මිනුම්වල සාපේක්‍ෂතාව ගැන කෙටි සටහනකට මේ අවස්ථාව යොදාගනු කැමැත්තෙමි. අද ලංකාවේ සිටින බොහෝ විද්‍යාඥයන් යැයි කියන කරුණක් නම් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ගවේෂණයක යෙදෙන කණ්ඩායම පලිබෝධ නාශකවල, රජරට ඊනියා පානීය ජලයෙහි හා රජරට නිපදවන සහල් වැනි ද්‍රව්‍යවල ආසනික් ඇති බවට කරන ප්‍රකාශ සාවද්‍ය බව ය. ඔවුන්ට අනුව ඒ සහල්වල ආසනික් නැත. එමෙන් ම පලිබෝධ නාශක දෙකක හැර අනෙක් බොහෝමයක ද ආසනික් නැත. ඔවුන් කියනානේ තවත් පලිබෝධ නාශක නියැදි කිහිපයක් පමණක් පරීක්‍ෂාවට ලක්කළ යුතු ව ඇති බව ය. ඊනියා පානීය ජලයෙහි හෙවත් බොන වතුරෙහි ආසනික් ඇත් ද නැත් ද යන්න පිළිබඳ ව මේ විද්‍යාඥයන්ගෙන් නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කෙරී නැත. එසේ නම් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කණ්ඩායම ඇතැමුන් කියන්නාක් මෙන් රටට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ ද?

මේ ප්‍රකාශ කරන ඇතැමුන් තමන් හඳුන්වාගන්නේ විශ්ලේෂණාත්මක රසායන විද්‍යාඥයන් ලෙස ය. ඒ එසේ විය හැකි ය. එහෙත් කිසිම විෂයක් ඊනියා විශේෂඥයන්ගේ පමණක් බූදලයක් නො වේ. සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයකුට බොහෝ දේ තේරුම් ගැනීමේ හැකියාවක් ඇත. අනෙක් අතට කාබනික රසායන විද්‍යාව දන්නා මහාචාර්යවරුන්ට දෙවැනි වසරේ ශිෂ්‍යයන්ට උගන්වන ඊනියා විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව අවබෝධකර ගැනීමට නොහැකි නම් විශ්වවිද්‍යාලයෙහි ඉගැන්වෙන රසායන විද්‍යාවෙහි විශාල අඩුපාඩුවක් තිබිය යුතු ය.

පලිබෝධනාශකවල ආසනික් නැතැයි කියන අය තම මතය ප්‍රකාභ කරන්නේ කාර්මික හා තාක්‍ෂණික ආයතනයේ කරන ලද පරීක්‍ෂණ පමණක් උපයෝගී කරගනිමිනි. එය ඊනියා විද්‍යාත්මක විධික්‍රමයට එකඟ දැයි දැනගනු කැමැත්තෙමි. එක ආයතනයක පමණක් කරන ලද පරීක්‍ෂණ මත පදනම් වී සාධාරණ (general-පොදු යන අරුතින්) නිගමනවලට එළඹෙන්නේ කෙසේ ද?

ආසනික් සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල දී යොදා ගැනෙන්නේ සාමාන්‍යයෙන් සම්මත රසායන විද්‍යා පොත්පත්වල හා පර්යේෂණ සඟරාවල ඇති ක්‍රම ය. මේ ක්‍රම අනුව කාර්මික හා තාක්‍ෂණික ආයතනයෙහි කරන ලද පරීක්‍ෂණවලදී පලිබෝධනාශකවල ආසනික් හඳුනාගන්නට නොහැකි වන්නට ඇත. එසේත් නැතහොත් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ඇතැම් නියැදිවල ඇති බව පෙනී යන්නට ඇත. එහෙත් එපමණකින් ඔවුන් පලිබෝධනාශකවල ආසනික් නැතැයි යන නිගමනයට පැමිණෙන්නේ කෙසේ ද?

ඔවුන්ට කිවහැක්කේ තමන් විසින් යොදාගන්නා ලද ක්‍රමයට අනුව තමන් විසින් පරීක්‍ෂණයට ලක්කරන ලද නියැදිවල ආසනික් නැති බව පමණ ය. එය සාධාරණ නිගමනයක් විය නොහැකි ය. එහෙත් යමකු යම් පරීක්‍ෂණයකින් පලිබෝධනාශක නියැදියක ආසනික් ඇති බව දැනගතහොත් එයින් කියැවෙන්නේ අඩුම තරමෙන් එක් පලිබෝධනාශකයක ආසනික් ඇති බව හා අනෙක් පලිබෝධනාශකවල ද ආසනික් තිබේදැයි දැනගැනීමට පරීක්‍ෂණ පැවැත්වීම යෝග්‍ය බව ය.

තමන්ගේ පරීක්‍ෂණාගාරයෙහි තමන් දන්නා ක්‍රමයකට පලිබෝධනාශකවල ආසනික් තිබේදැයි පරික්‍ෂාකර ඒ පරීක්‍ෂණවලට ආසනික් හසුනොවූ කල පලිබෝධනාශකවල ආසනික් නැතැයි නිගමනය කරන ඊනියා විද්‍යාඥයන්ට සාමාන්‍ය ව්‍යවහාර ඥානයවත් ඇත් ද යන සැකය මතුවෙයි. කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පලිබෝධනාශකවල මෙන් ම රජරට ලිං හා වැව්වල ජලයෙහි ද, සහල්වල හා වෙනත් ද්‍රව්‍යයන්ගේ ද ආසනික් ඇත්දැයි සොයා බැලීමේ දී සම්මත ක්‍රමය ඇතැම් සංශෝධනයන්ට ලක්කර ඇත. අප කණ්ඩායමට ඒ ඒ නියැදිවල ආසනික් ඇති බව පෙනී ගොස් ඇත්තේ එසේ සංශෝධිත ක්‍රම මගින් නියැදි පරීක්‍ෂාකිරීමෙහි දී ය.

ඒ සංශෝධිත ක්‍රම කවරේදැයි අප කණ්ඩායමේ විද්‍යාඥයෝ රටට දැනුම් දීමට සූදනමින් සිටිති. එහෙත් එක් ආයතනයකින් හැරෙන්නට අනෙක් ආයතනවලින් ඒ පිළිබඳ ව ලැබී ඇත්තේ නිෂේධාත්මක ප්‍රතිචාර ය. අපේ කණ්ඩායමේ සංශෝධිත ක්‍රම අනුව පරීක්‍ෂා කළ ආයතනයේ විද්‍යාඥයන්ට අදාළ නියැදිවල ආසනික් හඳුනාගැනීමට හැකි වී ඇත. රජයේ ම ආයතනයක් වූ ඒ ආයතනයෙහි ද නිරීක්‍ෂණ රජයේ ඇතැම් නිලධාරීන් විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබ ඇත.

රජයේ නිලධාරීන් කුමක් කීව ද කුමක් කළ ද, මේ සියල්ලෙන් පැහැදිලිවන කරුණක් වෙයි. එනම් යොදාගන්නා ක්‍රම වෙනස්වන විට ඊනියා විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවෙහි ද (Analytical Chemistry) ප්‍රතිඵල වෙනස්වන බව ය. ප්‍රතිඵලය ඉතා පැහැදිලි ව යොදාගන්නා ක්‍රමය මත වෙනස්වන විට වාස්තවිකත්වයක් ඇත්තේ කොහේ ද? යොදාගන්නා ක්‍රමය සංශෝධනය කළ විට, අවශ්‍ය නම් වර්ධනය කළ විට, එතෙක් නොපෙනී තිබූ ආසනික් පෙනෙන්නට ගන්නේ නම් අපට කළ හැක්කේ සෑම විට ම මේ මේ අවශ්‍යතා යටතේ මේ මේ ප්‍රතිඵල ලැබෙන බවත් මේ මේ නිගමනවලට එළඹිය හැකි බවත් ප්‍රකාශකිරීම පමණකි.

එහෙත් මෙයින් යම් ක්‍රමයක් යොදාගැනීමෙන් ආසනික් ඇති බව පෙනී යෑමෙන් පසු ඒ ක්‍රමය තවත් වර්ධනය කිරීමෙන් ආසනික් නැති බව පෙන්වාදීමට ඉඩක් ඇතැයි යන්න ගම්‍ය නො වේ. එක් ක්‍රමයක් යොදාගැනීමෙන් ආසනික් ඇති බව පෙනී ගියහොත් ඉන් කියැවෙන්නේ අදාළ නියැදියෙහි ආසනික් කිනම් ආකාරයකින් වුව අඩංගු බව ය. එහෙත් එසේ ආසනික් අඩංගු වේ ය යන්න ද ඊනියා යථාර්ථයක් නො වේ. ඒ නිගමන සියල්ල අවසාන වශයෙන් අපේ පංචේන්ද්‍රිය, මනස හා සංස්කෘතිය මත පදනම් වෙයි. සංස්කෘතියෙන් මනසෙන් පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත වූ දැනුමක් ඇති බව ඒ කිසිවකින් තොරව පෙන්වා දිය හැකි නො වේ.

ආසනික් ඇතැම් කණ්ඩායමක යොදාගන්නා ක්‍රමයට හසු නොවූ පමණින් ඒ නැතැයි කීම එක් අතකින් සුදු කපුටන් නැතැයි කීමට සමාන ය. සුදු කපුටකු නොදැකීම හේතුවෙන් සුදු කපුටන් නැතැයි නදගමනය කළ හැකි නො වේ. සුදු කපුටන් සිටිය ද, අප ඔවුන් නිරීක්‍ෂණය කර නොමැති නම් අපට සාපේක්‍ෂව සුදු කපුටන් නැතැයි කිවහැකි ය. එහෙත් එපමණින් කිසිවකුට සුදු කපුටන් නැතැයි යන සාධාරණ නිගමනයට පැමිණිය හැකි නො වේ. මේ කරුණුවලින් අප යොමු කෙරෙන්නේ ඊනියා වාස්තවික යථාර්ථයක් නැතැයි යන තැනට මිස වාස්තවික යථාර්ථයක් ඇතැයි යන තැනට නො වේ. වාස්තවික යථාර්ථයක් ඇතැයි යන්න මනසෙන් තොරව වාස්තවික ව පෙන්වාදිය හැකි සමතකු නැත. සංකල්ප අවසාන වශයෙන් මනසෙහි නිර්මාණය වෙයි.


Channel Four and Killing Fields in Rajarata

Channel Four has done it again. Two years after the Nandikadal defeat of the LTTE, the infamous channel has come out with another footage on the so called killing fields in Sri Lanka. It is said that the Sri Lankan Army had been involved in war crimes during the last stages of the humanitarian operations and so many innocent Tamils had been killed while Tamil women had been raped. Channel Four has taken two years to produce this footage and may be few more videos are being prepared to release in the near future.

It is well known that the LTTE made use of three hundred thousand innocent people as a human shield during the last stages of the operations and the Sri Lankan government took a long time to defeat the LTTE as it did not want to cause any harm to the innocent Tamils. Unlike the Americans and the other westerners (especially NATO) who bomb innocent civilians in Libya, Afghanistan and other countries Sri Lankan armed forces did not resort to any such actions against humanity.

The question naturally arises as to why the Sri Lankan armed forces waited till the last stage of the humanitarian operations to engage in these so called mass killings. An army that had behaved as an exemplary military had apparently decided to turn into vultures all of a sudden towards the end. How did it happen? Why did the armed forces behave so only during the last stages? Do the western pundits have answers to these questions? Almost all the people who were held as a human shield by the LTTE have been resettled now and I am sure that these people would give the correct picture of what had happened during the last stages of the operations.

Killing Fields is a hackneyed expression of the western scriptwriters and other such pundits and they very often use it in reference to so called war crimes committed by non westerners. The Killing Fields due to the westerners are easily forgotten as they are the people who dominate the news media in the world, and also since the west has established its hegemony in creation and distribution of knowledge in general.

The Killing Fields of the west are not confined to battle fields. The multinationals control everything, and in Sri Lanka and in the rest of the so called third world, a term used by the westerners, there are so many other killing fields. The killing fields in the Rajarata area where more than twenty thousand people have died due to what is known as Rajarata Chronic Kidney Disease Unidentified Etiology (RCKD Un et) is only one example. There are some pundits in Sri Lanka who object to the terminology RCKD claiming that such patients are found in other places such as Girandurukotte and Dehiaththakandiya outside the Rajarata area. The disease is called RCKD simply because the vast majority of the patients due to it are from Rajarata area.

Rajarata and other affected areas are also killing fields although Channel Four is not interested in making a movie on RCKD. For almost twenty years the cause of the disease was not known and that was the reason why Un Et had to be tagged on to the name of the disease. As I have explained in recent articles the group at Kelaniya University that study various aspects of the disease is ninety nine percent confident that the disease is due to Arsenic found in agrochemicals and mainly in pesticides. It has to be mentioned contrary to the view expressed by some scientists Arsenic is not found naturally in Sri Lankan soil and our studies with soil from Rajarata areas have confirmed this. Arsenic is found only up to a depth of about six to eight feet and the patterns are clearly indicative of introduction of Arsenic from the top of the soil.

We tested for Arsenic not only in the soil of Rajarata but in flora as well. Arsenic was found in rice as well and naturally we divulged these facts at a number of seminars and workshops held with learned scientists from universities. No objections were raised at these learned gatherings, and it cannot be said that our findings are not in the public domain as such. I of course have a different attitude to publishing in so called peer reviewed prestigious journals, though most of the members of our group do not endorse my views. Though I have a few papers published in international journals, including two papers in Nature in my younger days, for the last twenty five years after I broke away (my abhinishkramanya or renunciation) from western science in particular and western knowledge in general, I publish all my original ideas in The Island, Divaina and Vidusara all of which happen to be Upali Publications. I value these articles more than my papers in the so called prestigious journals, as they contain better original ideas, though the Sri Lankan Universities and the pundits therein do not recognize them as research papers and no points are given for them. However, our group did not publish their methods in so called refereed journals, not because they are not interested in having a paper or two in their names, but for the reason that they got the ideas through “unconventional methods” including Bhavana, and they were not sure as to whether the ideas belonged only to them. Anyhow now they have resolved the problem, and they would submit their papers to the standard journals.

There were lot of obstacles to our research even from the University itself and the opposition was led by a lady who has vested interests and who still goes around agitating against our research. We overcame these in the University but now all these elements including various government officials have got together to engage in a vicious campaign against us. It appears that they have gone to the highest levels but we will carry on with our work in the interests of the general public. We were mainly interested in the RCKD and did tests for Arsenic only in the relevant material. Rice was also tested and we found Arsenic in that substance but did not want to make a big fuss over it. Of course, we did not test bread or wheat flour or apples or imported butter as we were concerned with how Rajarata has been affected by pesticides. The fact that we did not test for Arsenic in imported food items does not mean that we are promoting them as against local products including rice. Only a crooked mind of an official who wants to survive at any cost can accuse us of a conspiracy against the country and our economy. These officials were not anywhere near during the last twenty five years or so when we fought against the most deadliest terrorists on a theoretical plane. We are happy to inform all of them that we would be testing for bread as well as ponac very soon as some of them may be interested in the Arsenic content of the latter.

The Registrar of Pesticides in a recent article to “The Island” on the “Arsenic Upheaval” claims that we did not submit our results to him even after repeated requests. It is true that we did not submit our results as it is not our policy to do so. We presented our results at a meeting held with the Minster of Agriculture where the RoP was also present and he cannot say that he is totally unfamiliar with our conclusions. The RoP has the luxury to hind behind the relevant acts and regulations and, it appears that until we raised the issue he (or his predecessors) has either issued licenses or recommended issuing them simply by going through the application to import pesticides and accepting the declarations of the importers. Apparently he has not taken steps to test for various chemicals including Arsenic and only after the Arsenic Upheaval according to the PoR, he has sent some samples to the ITI which has submitted a report to him. It has to be mentioned that when the University of Kelaniya sent some samples to the ITI to test for Arsenic it declined to do so claiming that one of their employees fainted as a result of testing. We hope that nobody fainted this time but we are not in agreement with their recent findings. It has to be brought to the notice of the public that it is not only the group at Kelaniya that has got positive results and the Sri Lanka customs when they decided to retain some of the containers they had other evidence as well regarding presence of Arsenic and also Mercury in pesticides.

The RoP depends only on the readings of the ITI and I do not know how much it agrees with the so called scientific method to come to conclusions only on the results of one institute how much it is “internationally recognized”. In any event one cannot say that Arsenic is not present in pesticides that one has not tested and all that one can say is that according to the method one has adopted Arsenic is present in certain quantities in the samples that have been tested. At Kelaniya we did not stick to the instructions given in the text books and the journals on testing for Arsenic as we modified the methods. If somebody requests we are prepared to give them the methods and alternatively we are prepared to allow them to come to our laboratories and test for Arsenic with us using our methods.

The killing fields in Rajarata, we claim are due to the Agrochemicals imported from the west, and the channel four could shoot a film on this tragedy if they are so humanitarian. More than twenty thousand innocent people have already died and the government should consider the feasibility of asking the relevant companies to pay compensation to the affected families as well as to the country, and introducing alternative methods of farming to the farmers without sticking to western farming with its nasty consequences.(2011/06/22)

Copyright Prof. Nalin De Silva

කෝප්පයේ භෞතිකවාදී කෙප්පය

භෞතිකවාදයේ හෙවත් ද්‍රව්‍යවාදයේ පදනම වාස්තවිකත්වය නොවේ යැයි වාස්තවිකත්වය යනු විඥානවාදී සංකල්පයක් බව පෙන්වාදීමෙන් පසුව කිසිවකුට කිවහැකි ය. වාස්තවිකත්වය යන්න වස්තුව යන සංකල්පය මත පදනම් වී ඇති බවත් වස්තුව යනු පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන වියුක්ත සංකල්පයක් බවත් වටහාගත් භෞතිකවාදියකු ඇතැම් විට කියනු ඇත්තේ භෞතිකවාදයෙහි සඳහන්වන්නේ ඒ ඒ ද්‍රව්‍ය මිස සාධාරණ වස්තු නොවන බව ය. උදාහරණයක් ලෙස එවැනි භෞතිකවාදියකු තමා කතාකරන්නේ තමාට පෙනෙන කෝප්පයක් ගැන මිස ලෝකයේ ඇති ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කෝප්පයක් ගැන නොවන බව ය.

එහෙත් ප්‍රශ්නය වනුයේ අප සෑම විට ම පංචෙන්ද්‍රියන්ට ගෝචරවන කෝප්ප ගැන පමණක් කතා නො කිරීම ය. අපට අවශ්‍ය නම් ඇමරිකාවේ සුපිරි වෙළෙඳසලක විකිණීමට ඇති කෝප්පයක් ගැන කතාකළ හැකි ය. දැන් ප්‍රශ්නය වනුයේ එලෙස කෝප්පයක් ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. ඒ කෝප්පය අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. පරිගණක තාෂණය යොදාගෙන ඇතැම් කෝප්ප අපට මෙරට සිට බැලිය හැකි ය. එහෙත් ඇමරිකාවේ තබා ලංකාවේ ද ඇති කෝප්ප සියල්ල අපට බලාගත හැකි නො වේ.

එසේ වුවත් එවැනි කෝප්ප ඇති බව අපි නිගමනය කරමු. හුදු ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නම් එසේ කළ හැකි නො වේ. ඉන්ද්‍රිය ගෝචර සංසිිද්්ධි හැරෙන්නට වෙනත් සංසිිද්ධි ඇති බව අප නිගමනය කරන්නේ කෙසේ ද? එය එක්තරා ආකාරයකින් ගතහොත් අභ්‍යුහනයකි. ලෝකයේ ඇත්තේ අප දැනටමත් පංචෙන්ද්‍රියන්ගේ ආධාරයෙන් නිරීක්‍ෂණය කර ඇති කෝප්ප පමණක් යැයි අපට කිවහැකි නො වේ. අප දැනට දැක නැති කෝප්පයක් වෙළෙඳසලකට ගියවිට හෝ වෙනත් අයකුගේ නිවසකට ගිය විට හෝ අපට දැකගත හැකි වෙයි.

එලෙස අපේ පංචෙන්ද්‍රිය ගෝචර කෝප්ප කුලකයට අවයව එකින් එක එකතු වන බැවින් අප මෙතෙක් නිරීක්‍ෂණය කර නොමැති කෝප්ප ද ඇති බව අපි නිගමනය කරමු. ඒ කෝප්ප එකක්වත් අප දැක නැත. එහෙත් එවැනි කෝප්ප ලෝකයේ ඇති බව අපි නිගමනය කරමු. අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නෙවන කෝප්ප ඇති බව භෞතිකවාදියාට පිළිගැනීමට සිදු වෙයි. අභ්‍යුහනය වියුත්ත ක්‍රියාවලියකි. ඒ කියාවලිය ඇත්තේ සිතෙහි ය. එය කිසිසේත්ම පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා එකක් නො වේ.

වාස්තවිකත්වය යන වියුක්ත සංකල්පය නොපිළිගත්ත ද අපට නොපෙනෙන අප කිසි දිනෙක අතපත ගා බලා නැති රස බලා නැති ගඳ සුවඳ බලා නැති කෝප්ප ඇති බව පිළිගැනීමට අපට සිදුවෙයි. එවැනි කෝප්ප ලෝකයේ ඇතැයි භෞතිකවාදියා කියනු ඇත. එහෙත් භෞතිකවාදියා එවැනි කෝප්ප පංචෙන්ද්‍රිය ඇසුරෙන් නො දනියි. ඔහු ඒ බව දන්නේ මනසින් පමණකි. මනසින් පමණක් දන්නා, එනම් පංචෙන්ද්‍රිය ගෝචර නොවන කෝප්ප ඔහු අභ්‍යුහනයෙන්, එනම් මනසේ ඇතිවන ක්‍රියාවලියකින් පමණක් දැනගනියි. එවිට භෞතිකවාදියාගේ කෝප්ප විඥානවාදී  නොවන්නේ ද? භෞතිකවාදීන්ට හුදු පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වලින් පමණක් ලෝකය තේරුම් ගත නො හැකි ය.

අප ඉදිරිපිට ඇති කෝප්ප, මේස, පුටු කිහිපයක් පමණක් පදනම් කරගනිමින් මුළු ලෝකයම එවැනි ද්‍රව්‍යවලින් සෑදී ඇතැයි නිගමනය කිරීම තරම් ඊනියා විඥානවාදී ක්‍රියාවලියක් තවත් නැත. ඊනියා සැබෑ භෞතිකවාදියකු හෝ ද්‍රව්‍යවාදියකු හෝ තමන්ගේ පංචෙන්ද්‍රියන්ට පමණක් හසුවන ද්‍රව්‍යවලට පමණක් සීමාවිය යුතු ය. එහෙත් එසේ කරන භෞතිකවාදියකු ගැන දැනගැනීමට නැත. ඉන්ද්‍රිනුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් විද්වතා භෞතික විද්‍යාව පංචෙන්ද්‍රියට ගෝචර වන සංකල්ප මගින් පමණක් තේරුම්කර දිය යුතු යැයි කලකට පෙර කියා සිටියේ මේ ගැටලුව ගැන යම් අවබෝධයකින් යුක්තව ය.

එහෙත් බටහිර භෞතික විද්‍යාඥයෝ ඔහුට සවන් නුදුන්හ. ඔවුහු දිගින් දිගට ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු, පරමාණු, ඉලෙක්ට්‍රෝන ආදිය තම පද්ධතියෙහි රඳවා ගත්හ. ඒ බටහිර භෞතික විද්‍යාඥයන්ට මනසෙහි පමණක් ඇතිවන සංකල්ප නැතිව බැරි හෙයිනි. ඉලෙක්ට්‍රෝන ආදිය භෞතික වස්තූන් යැයි භෞතිකවාදීන් කියන්නේ කිනම් පදනමකින් ද? එහෙත් භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න එපමණ යැයි කිසිවකු වරදවා තේරුම් ගත යුතු නො වේ.

අපට ඇසට පෙනෙන කෝප්පය මනසෙන් තොරව පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් දැනගත හැකි සමතා කවු ද? එපමණක් නොව කෝප්පයේ භෞතිකවාදී කතාව පංචෙන්ද්‍රියන් සම්බන්ධයෙන් වුව ද සම්පුර්ණ ද? කෝප්පයේ භෞතිකවාදී පැවැත්ම කෙප්පයක් නොවන්නේ ද? කෝප්පයට තද බවක් ඇත්තේ නිරීක්‍ෂකයාගෙන් තොරව ද? අපට වඩා ශක්තිමත් හස්තයක් තිබිණි නම් අපට අතින් ම කෝප්පය පොඩිකිරීමට හැකිවන්නට තිබිණි. අප ඊනියා වස්තුවකට ඇතැයි කියන ගුණ අපේ පංචෙන්ද්‍රිය මත රඳා පවතින බව පැහැදිලි ය. ඒ සඳහා ඇති උදාහරණවල කෙළවරක් නැත.  

අප බොහෝ විට කියා ඇති පරිදි අපට නොපෙනන වර්ණ වෙනත් සතුන්ට පෙනෙයි. අප අද අධොරක්ත, පාරජම්බුල ආදී වශයෙන් නම්කර ඇති කිරණ අපේ ඇස්වලට දර්ශනය විණි නම් අප ඒවාට යම් වර්ණයක් දීමට තිබිණි. අපට නොඇසෙන ශබිද බල්ලන්ට ඇසෙයි. අපේ පංචෙන්ද්‍රියන්ගේ සීමාකාරීත්වය එබඳු ය. අප නිරීක්‍ෂණය කරන ලෝකය අපේ පංචෙන්ද්‍රියන්ට සාපේක්‍ෂ ය. අද ඇතැම් පඬියන් දෙවියන් නැතැයි කියන්නේ ඔවුන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බව පවසමිනි. එහෙත් ඒ පඬියෝ ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ඉලෙක්ට්‍රෝන ද ගුරුත්වාකර්ෂණ බලය ද වෙනත් දේ ද ඇතැයි පිළිගනිති. ඒ ගුරුත්වාකර්ෂණ බලයක් නැතැයි අයින්ස්ටයින් විද්වතා කියා තිබිය දී ය.

බාහිර වස්තු යැයි කියැවෙන වස්තුවලින් අපට, එනම් නිරීක්‍ෂකයන්ට, සංජානන ලැබෙන්නේ යැයි භෞතිකවාදීහු කියති. නිරීක්‍ෂකයන් සිටියත් නැතත් වස්තු තිබෙන බවත් සංජානන නිකුත් කරන බවත් ඔවුහු විශ්වාස කරති. එහෙත් ඒ බව ඔවුන් දන්නේ කෙසේ ද? අප කලින් ද කියා ඇති පරිදි එය පෞද්ගලික නිරීක්‍ෂණවලින් වියුක්තියට යෑමක් පමණකි. කිසිම නිරීක්‍ෂකයකු නැති විට සිදුවන්නේ කුමක් දැයි නිරීක්‍ෂණය කිරීමට කිසිවකු නැත. එසේ නම් නිරීක්‍ෂකයන් නැතිවිට කුමක් සිදුවේ ද යන්න දැනගත හැක්කේ පංචෙන්ද්‍රිය ගෝචර පරීක්‍ෂණ හෝ නිරීක්‍ෂණ හෝ යොදාගෙන නොව හුදෙක් මනස යොදගෙන කරන උපකල්පනවලින් හා තර්කයෙන් පැමිණෙන නිගමනවලින් පමණකි. එයටත් වඩා විඥානවාදී ක්‍රියාවලියක් තවත් ඇද්ද? 

ඊනියා වාස්තවිකවාදී භෞතිකවාදීන් උපකල්පනය කරන තවත් කරුණක් නම් සංජානන සංකල්පවලින් ස්වායත්ත බව ය. සංජානන පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත වන්නේ යැයි කියන භෞතිකවාදීහු ඒවා මනසෙන් ද ස්වායත්ත යැයි කියති. සංජානන නිරීක්‍ෂකයන්ගෙන් ස්වායත්ත බව දැනගැනීමට භෞතිකවාදී ක්‍රමයක් භෞතිකවාදීන්ට නැත්තේ නිරීක්‍ෂකයකු නොමැති කල සිදුවන්නේ කුමක් දැයි දැනගැනීමට ක්‍රමයක් නොමැති බැවිනි. කලින් ද කියා ඇති පරිදි නිල්බව (බලඋඉසහනඑසස) යන්න නිරීක්‍ෂකයාගේ පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත නො වේ. බර්ට්‍රන්ඩ් රසල් විද්වතා වැනි බොහෝ බටහිර දාර්ශනිකයන් ඒ එසේ යැයි පිළිගත්ත ද අපේ ඇස් නිල්බව යන්නට හැරෙන්නට වෙනත් සංඛ්‍යාතිවලට ප්‍රතිචාර දැක්වී නම් අපට ඊනියා නිල්බව නැතිවීමට තිබිණි. එහෙත් යම් කිසිවකු නැවතත් කියනු ඇත්තේ නිල්බව ඇසට නොපෙනුනත් ඒ සංඛ්‍යාතිය ඇති විකිරණ ඇති බව ය. එහෙත් ප්‍රශ්නය වනුයේ කිසිවකු නැතිව ඒ බව දැනගන්නේ කෙසේ ද යන්න ය.

අනෙක් අතට සංකල්පයක් නොමැතිව සංජානනයක් හටගන්නේ කෙසේ ද? නිල්බව යන්න නිල්බව යන සංකල්පය සමග බැඳී ඇත. මිනිස් නිරීක්‍ෂකයන් හෝ වෙනත් විඥානයක් සහිත සත්වයකු ඊනියා බාහිර වස්තු ග්‍රහණය කරන්නේ යම් ඉන්ද්‍රිය ඔස්සේ හෝ එසේ නැතිව හෝ මනස උපයෝගී කරගනිමිනි. මනසක් නැතිව නිරීක්‍ෂකයකු සංජානනයක් ඇතිකර ගන්නේ කෙසේ ද? සිංහල බෞද්ධයනට මනසෙහි ප්‍රධානත්වය අමුතුවෙන් කියා දිය යුතු නො වේ. අමනුෂ්‍යයන්ට ද, තිරිසනුන්ට ද, මිනිසුන්ට ද, දෙවියන් ට ද, බඹුන්ට ද මනස් ඇත. පාරමී දම් පිරීමටවත්, කුසල් අකුසල් රැස්කිරීමටවත් මනසක් නොමැතිව නො හැකි ය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මනස ඇත්තේ මිනිසුනට පමණ ය. එය ද දෙවියන් වහන්සේ විසින් දෙන ලද ඊනියා සදාකාලික ආත්මය සමග සම්බන්ධ ය.

සිංහල බෞද්ධයනට සත්වයන්ගේ මනස ප්‍රධාන ය. සිරුර නැතිව වුව ද සිත මිස කය නැති බඹලොව බ්‍රහ්මයෝ වෙති. සියලු සත්වයෝ සංකල්ප සංස්කරණය කරති. සංකල්ප යනු මනසේ නිර්මාණය කෙරෙන්නකි. අපට සංකල්ප අඩුම තරමෙන් දෙවර්ගයක් ඇති බව පෙනී යයි. පළමුවෙන් ඇත්තේ සංයුක්ත සංකල්ප ය. සංයුක්ත සංකල්ප ඇතිවන්නේ සංජානන සමගින් ය. අප පුටුව, මේසය ආදී වශයෙන් දකින්නේ සංකල්ප - සංජානන පොදියකි. මේසයක් හෝ පුටුවක් හෝ අපට දැකගත හැකි ය. එහි දී ඇස හා මනස එකතු වී මේසය යන දෘශ්‍යමානය ඇති කරයි. එසේත් නැතහොත් ස්පර්ශය හා මනස එකතු වී මේසයෙහි තදබව යන්න ඇතිකරයි. එලෙස පංචේන්ද්‍රිය හා මනස (මනස ද සිංහල බෞද්ධයනට ඉන්ද්‍රියකි) එකතු වී ඊනියා මේසයෙහි විවිධ ගුණ ඇතිකරයි. ඒ ගුණ නිරීක්‍ෂණය කරනු ලබන්නේ අප වැනි මනුෂ්‍ය නිරීක්‍ෂකයන් විසිනි. වෙනත් සත්ව වර්ගයන් වෙනත් නිරීක්‍ෂණයන් ලබාගනු නො අනුමාන ය. ඒ සියල්ලන්ට ම ලැබෙන්නේ සංයුක්ත සංකල්ප යැයි අපි කියමු. සංයුක්ත සංකල්පයක් යම්කිසි රූපයක්, තදබවක්, ගඳක් සුවඳක් ආදිය සමග බැඳී ඇත. කෙටියෙන් කිවහොත් සංයුක්ත සංකල්පයක් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් සමග බැඳී ඇත.

මේ සංයුක්ත සංකල්ප ද දෙවර්ගයකි.  එක් වර්ගයක් අපට සෘජුව පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. අප දකින මේසය, පොල්ගස ආදිය එවැනි සෘජු පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප වෙයි. ඒ අතර තවත් සංයුක්ත සංකල්ප වර්ගයක් සෘජුව ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන එහෙත් රූප ගඳ සුවඳ ආදිය මනසෙන් මවාගත හැකි ගුණ සහිත වෙයි. ඒ මවාගැනීම අවශ්‍යයෙන් ම ඒ දුටු ආකාරයෙන් ම විය යුතු නො වේ. උදාහරණයක් ලෙස ගතහොත් ජීවිතයේ කිසිම දිනක ඇපල් ගසක් නොදුටුවකුට ඇපල් ගස ගැන සංකල්පයක් තිබිය හැකි ය. එසේ ඇපල් ගසක් නොදුටුවකු සිතෙහි මවාගන්නා ඇපල් ගස සාමාන්‍ය ඇපල් ගසකින් හාත්පසින් වෙනස් විය හැකි ය. එහෙත් එසේ මවාගන්නේ ද ඒ පුද්ගලයාගේ, එසේත් නැත්නම් ඒ පුද්ගලයාට සාපේක්‍ෂ ඇපල් ගසකි. සෑම සංකල්පයක් ම ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ බැවින් මෙහි ගැටලුවක් පැන නො නගී.

ආසනික් කං ඩෝං පුතා

රජරට වැව් හා ලිං ජලයේ ආසනික් අඩංගු බවත්, රජරට නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවට සියයට අනූනවයක් ම සහතික බවත්, කෘමිනාශක ඇතුලු කෘෂිරසායනික ද්‍රව්‍ය බොහෝමයක (අප දැනට පරීක්‍ෂා කර ඇති සියල්ලෙහි) ආසනික් අඩංගු බවත්, රජරට නිපදවන සහල්වල ද ආසනික් අඩංගු බවත් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ගවේෂණය කරන (ඒ හුදු පර්යේෂණ පමණක් නො වේ) කණ්ඩායම ප්‍රකාශ කර දැන් සති කිහිපයක් ම ගත වී ඇත. මේ කෘෂිරසායනික ද්‍රව්‍ය ගෙන්වන්නන් අතර ඈපාවරු, මාපාවරු, මෙන් ම ජනතාව මානසික රෝගීන් කරන මහාරාජාවරු ද වෙති. ඔවුහු අද ජනතාවට ආසනික් දී ඔවුන් ශාරීරික ව ද රෝගීන් කිරීමට කටයුතු කරති. ආසනික් අඩංගු කෘෂිරසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වන අය පමණක් නොව එසේ ආනයනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දුන් රජයේ ආයතන හා නිලධාරීන් ද දැන් කලබලයට පත් වී ඇති බව පෙනී යයි. මේ අතර කෘෂිකර්ම ඇමතිවරයා ද රජයේ ගුවන් විදුලියක සේවය කරන වාචාලයකු ද කිසිම වගවිභාගයක් නැතිව මේ පිළිබඳ ව විවිධ මත ඉදිරිපත් කරනු දැකිය හැකි ය. මාධ්‍ය සදාචාරය ගැන කතාකළ ද අපට මාධ්‍ය ඔස්සේ චෝදනා ඉදිරිපත් කරන්නෝ අපෙන් ඒ පිළිබඳ ව කිසිවක් විමසීමට ඉදිරිපත් නොවුහ. කෘෂිකර්ම අමාත්‍යාංශයට සම්බන්ධ විවිධ පුද්ගලයන් ඉදිරියේ කෘෂිකර්ම ඇමතිවරයාට අප පැය හතරක පමණක කාලයක් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුහු අපෙන් ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රශ්න නො ඇසුහ.

අප සාකච්ඡා කළ බොහෝ ප්‍රශ්නවලට මූලික වූයේ මෙරටට ආනයනය කරන කෘෂිරසායන ද්‍රව්‍යවල ආසනික් අඩංගු වීම ය. අප පරීක්‍ෂාවට ලක්කළ නියැදිවල (සාම්පලවල) ආසනික් අඩංගු බවට අපි සහතික වෙමු. අප ඒ දැනගත්තේ කෙසේ ද යන්න ඇතැමුනට ප්‍රශ්නයක් වී ඇත. මහාචාර්යවරියනට නොපෙනෙන දේ දෙවියන්ට පෙනෙන්නේ කෙසේ දැයි ඇතැම්හු සාවඥ කතා කියති. මේ සමිබන්ධ විස්තරයක් කලින් ලිපිවල දක්වා ඇති බැවින් ඒ ගැන විස්තර අනවශ්‍ය යැයි සිතමි. ඒ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ම රසායන විද්‍යා මහාචාර්යවරියක වන මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය එක් සතිඅන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයකට අනුව රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ කරන කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කණ්ඩායම දැනටමත් පැමිණ ඇති නිගමන සාවද්‍ය වෙයි. ඇයට අනුව “වකුගඩු රෝගයට ආසනික් විෂ රසායනිකයේ කිසිදු බලපෑමක්” නොමැත. වෛද්‍යවරියක නොවන මහාචාර්ය ලියනගේ මහත්මිය එවැනි නිගමයකට පැමිණ ඇත්තේ රසායන විද්‍යාඥවරියක ලෙස එතුමිය සතු දැනුම උපයෝගී කරගෙන බව පැහැදිලි ය. ඒ මහත්මියට අනුව රජරට ප්‍රදේශවල ජලයේ ආසනික් අඩංගු නො වේ. අපට පුවත්පතෙහි පළ වී ඇති කරුණුවලින් පෙනී යන ආකාරයට ඒ මහත්මියගේ තර්කය වී ඇත්තේ ජලයේ ආසනික් අඩංගු නොවන බැවින් ආසනික් වකුගඩු රෝගයට එහි බලපෑමක් තිබිය නොහැකි බව ය. ඒ එසේ නම් ඒ මහත්මියගේ “විද්‍යාත්මක ක්‍රමය” ගැන අපට යම් අවබෝධයක් ලබාගත හැකි ය. හුදු තර්කය සඳහා රජරට අදාළ ප්‍රදේශවල ජලයෙහි ආසනික් නැතැයි උපකල්පනය කරමු. එහෙත් රජරට පසෙහි හා ඒ හේතුවෙන් ඒ ප්‍රදේශයෙහි භෝගවල ආසනික් නැතැයි අප කියන්නේ කෙසේ ද? එසේ ආසනික් තිබිණ ද වකුගඩු රෝගයට එහි බලපෑමක් නැතැයි වෛද්‍යවරියක නොවූව ද බටහිර විශ්ළේෂණාත්මක රසායන විද්‍යාඥවරියක වූ එතුමිය නිගමනයකට පැමිණෙන්නට ඇත. මේ සම්බන්ධයෙන් එතුමිය බටහිර වෛද්‍යවරුන් සමග සාකචිඡා පැවැත්වීම හෝ වකුගඩු රෝගයට අදාළ බටහිර ලිපි ලේඛන පරිශීලනය කිරීම හෝ ඒ දෙකම හෝ කරන්නට ඇතැයි සිතමු. අපි ඒ සඳහා එතුමියට ඇති හැකියාව ප්‍රශ්න නො කරමු.

රජරට ජලයේ ආසනික් අඩංගු බව සම්මත පැරණි රසායන විද්‍යා ක්‍රමවලින් පෙන්වීමට නො හැකි ය. ඒ සඳහා අලුත් ම රසායන විද්‍යාත්මක ක්‍රමයක් කැලණිය විශ්වවිිද්‍යාලයීය කණ්ඩායමට යොදාගැනීමට සිදුවිය. ඒ ක්‍රමය නුදුරු අනාගතයේ දී ම ප්‍රසිද්ධ කිරීමට අපි බලාපොරොත්තු වෙමු. එහෙත් කෘමිනාශක වැනි ද්‍රව්‍යවල ආසනික් ඇද්දැයි දෙවියන්ට නොව දෙවැනි වසරේ උපාධි අපේක්‍ෂකයකුට වුව ද සොයා බැලිය හැකි ය. දෙවැනි වසරේ සිසුන්ට පෙනෙන දේ මහාචාර්යවරියනට හා විද්‍යාඥයන්ට නොපෙනෙන්නේ දැයි නො දනිමි. ඒ කෙසේ වෙතත් එහි දී ද උෂ්ණත්වය ආදිය පිළදබඳ ව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු ය. එයට හේතුව ආසනික් නම් ද්‍රව්‍යයට ද්‍රව තත්වයට පත්නොවී වාෂ්ප වීමට ඇති හැකියාව ය. උෂ්ණත්ව ගැන සැලකිල්ලක් යොමු නොකළහොත් ආසනික් වාෂ්ප වී ඉවත් විය හැකි ය. එවිට නිගමනය වනුයේ ආසනික් නැති බව ය. එහෙත් ඒ ආසනික් නැතිකම නිසා නොව ආසනික් වාෂ්පවීම නිසා ලැබෙන නිගමනයකි. කෙසේ වෙතත් මෑතක දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ පවත්වන ලද රැස්වීමක දී නිලධාරීන්ගේ ප්‍රකාශ අනුමත කරමින් කෘෂිකර්ම ඇමතිවරයා පවසා ඇත්තේ ආසනික් ඇත්තේ කෘෂි රසායනික ද්‍රව්‍යවලින් දෙකක පමණක් බව ය. එපමණක් නොව ඒ ද්‍රව්‍ය දෙක බෙදාහැරීම තහනම් කර ඇතිබවත් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත. එහෙත් අපි මේ ප්‍රකාශවලට අභියෝග කරමු. මේ පර්යේෂණවල දී යොදාගත් නියැදි හා රේගුවේ නියැදි අප වෙත ලබා දෙන්නේ නම් ආසනික් සඳහා ඔවුන් ඉදිරියේ ම පරීක්‍ෂාකිරීමට අපි පොරොන්දු වෙමු. ඇමතිවරයාට තම නිලධාරීන්ට සවන්දීමට සිදුවන බව සැබෑ ය. එහෙත් නිලධාරීන් කියන සියල්ල පිළිගැනීමට ඇමතිවරයා බැඳී නැත. ඇමතිවරයා සියල්ලන්ට පළමුව ජනතාවට වගකිව යුතු ය. නිලධාරීන්ට අවශ්‍ය දේ කියන ඇමතිවරයකු රටට වුවමනා නැත. ඇමතිවරයා හුදු රබර් මුද්‍රාවක් නොවිය යුතු බව අපි ඔහුට මතක් කරමු.

අපට අවශ්‍ය වන්නේ පලිබෝධනාශක රෙජිස්තාර්වරයා මේ ද්‍රව්‍ය ආනයනය නිර්දේශ කළේ කෙසේ ද යන්න දැනගැනීම ය. ඔහු හුදෙක් ආනයනය කරුවන් ඉදිරිපත් කරන ප්‍රකාශය පිළිගෙන අදාළ ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර දුන්නේ ද? ආනයනය කරන්නා ආසනික් නැතැයි කී පමණින් ඒ පිලිගැනීමට රෙජිස්තාර්වරයකු අවශ්‍ය නැත. ජනතාවගේ මුදලින් නඩත්තුවන රෙජිස්තාර්වරයකුට එයට වඩා වගකීමක් තිබිය යුතු ය. රෙජිස්තාර්වරයා දැන් කියනු ඇත්තේ ඔහු මේ සිද්ධියෙන් පසුව ලබාගත් නියැදි රජය පිළිගත් තාක්‍ෂණ හා පර්යේයණ ආයතනයට යැවූ බවත් වෙනත් ආයතනයකට යැවීමට ඔහුට නීතියෙන් බලයක් නැති බවත් ය. අප ඉල්ලා සිටින්නේ ඒ ආයතනයට යැවූ නියැදි හා රේගුව සපයන නියැදි අපටත් ලබාදෙන ලෙස ය. එමෙන් ම අපට පහත සඳහන් ප්‍රශ්නවලටත් පිළිතුරු අවශ්‍ය වෙයි. රෙජිස්තාර්වරයා අදාළ ආයතනයට යැවු එක් එක් නියැදියෙහි අඩංගු ආසනික් ප්‍රමාණය (පීපීබී ක්‍රමයට හෝ වෙනත් ආකාරයකට හෝ) කෙතෙක් ද? රෙජිස්තාර්වරයාට අනුව තිබිය හැකි අවම ආසනික් ප්‍රමාණයක් වේ ද, එසේ නම් ඒ කවරේ ද? ලංකාණ්ඩුවේ නීති රීති අනුව ආසනික් සුළු ප්‍රමාණයක් වුවත් අඩංගු කෘෂි රසායන මෙරටට ආනයනය කළ හැකි ද? අද කෘෂිරසායනික ද්‍රව්‍යවල ආසනික් ඇතැයි යන්න වැසීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීහු ඇමතිවරයා ද සහභාගි කරගනිමින්, සහල්වල ආසනික් ඇතැයි කියමින් අප ජනතාව මුළාකරන බවට මතයක් ගොඩනැගීමට උත්සාහ කරති. සහල්වල ද ආසනික් ඇති බව අපේ පරීක්‍ෂණවලට හසුවිය. එහෙත් ඒ සියල්ලට ම මුල කෘෂිරසායනික ද්‍රව්‍ය ය. අපි සහල් අවධාරණය නො කරමු. සහල් අවධාරණයට ලක්කරනු ලබන්නේ නිලධාරීන් හා ඔවුන්ගේ බසට සවන් දෙන ඇමතිවරයා විසිනි. ගොවීන් කෘෂිරසායනික ද්‍රව්‍යවලින් බැහැර වූ කල සහල්වල ආසනික් නැතිවනු ඇත. අප පාන් පිටි කාරයන් වෙනුවෙන් සහල්වල ආසනික් ඇතැයි කියන්නේ වෙනත් අරමුණකින් යැයි ඉඟිකිරීමට මේ අය සැරසෙති. එහෙත් ඇමතිවරයා තම කැබිනට් සගයකු වන විමල් වීරසිංහ මහතාගෙන් ඇසුවහොත් පාන්පිටි ත්‍රස්තවාදය ප්‍රශ්නයේ දී අප සිටින්නේ කාගේ පැත්තේ දැයි දැනගැනීමට හැකිවනු ඇත. කෘෂිකර්ම ඇමතිවරයා කතාකිරීමට පළමු කල්පනාකිරීමට පුරුදුවන්නේ නම් ඒ ජනතාවගේ යහපතට හේතුවනු ඇත. පාන් කන්න යැයි කොළඹ වීදි පුරා පත්‍රිකා බෙදාහරින්නන් කවුදැයි සොයාගන්නේ නම් මේ සහල් කතාවේ පිටුපස සිටින්නේ කවුදැයි දැනගැනීමට හැකිවනු ඇත.

අපට අවශ්‍ය කරන්නේ ජනතාව තව තවත් බතට හුරුකිරීම මිස අනෙකක් නො වේ. එහෙත් ජනතාව ආහාරයට ගත යුත්තේ වස විස මිශ්‍ර ආහාර නො වේ. කෘෂිරසායන ද්‍රව්‍ය තහනම් කරන ලෙසටත් ගොවීන්ට දේශීය ගොවිකම් ක්‍රම නැවත කියාදෙන ලෙසටත් අපි රජයට කියා සිටිමු. පැරණි හෙළ ගොවි ක්‍රමය හඳුන්වාදීමේ දී අපට ද එයට සහාය විය හැකි බව පමණක් දැනට ප්‍රකාශ කරමු. කෘෂිකර්ම අමාත්‍යංශය වැඩියෙන් ම කරන වගාව කටින් බතල කොළ සිටුවීම බැවින් මේ කාර්යය ඔවුන්ට පමණක් භාරදිය යුතු නො වේ. එයට මෙරට සිටින විකල්ප ගොවිකම් දන්නවුන් ද සහභාගි කරගැනීමට රජය පියවර ගත යුතු ය. කෘෂිරසායනික ද්‍රව්‍ය අපේ ගොවියන්ට දැනට අවුරුදු පනහකට පමණ පෙර මුල්වරට හඳුන්වාදීමේ දී බටහිරයෝ ඒ ස’ඳහා ගොවීන්ට අල්ලස් දුන්හ. අද පරම්පරා දෙකකට පසුව ගොවීන්ට කෘෂිරසායන නැතිව බැරි තත්වයකට පත්කෙරී ඇත. අප කෘෂිරසායන ද්‍රව්‍ය යොදාගනිමින් කරන කෘෂිකර්මය තව අවුරුදු පනහක් කරගෙන ගියහොත් ජාතිය ම විනාශ වීමට ඉඩ ඇත. අපට යුද්ධාපරාධ ගැන බයිලා කියන බටහිරයෝ කෘෂිරසායන මගින්් දිනපතා මිනිසුන් මිය යෑමට සලස්වති. අවුරුදු තුන්සියයකට පමණ පෙර ඇමරිකාවට, ඕස්ත්‍රේලියාවට, නවසීලන්තයට ගිය සුද්දෝ එහි ජනතාව සමුලඝාතනය කිරීමට වස ද යොදාගත් හ. ආසියාවේ දී ඒ දේ කිරීමට බැරිවීම ගැන ලතවන සුද්දෝ් අදවත් අපට වසදීමට පියවර ගෙන ඇත් ද?

විඥානවාදී භෞතිකවාදියෝ

බටහිර විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ විද්වතා ඒ ඒ නිරීක්‍ෂකයාට නිරීක්‍ෂණය කළ හැකි ඊනියා පෞද්ගලික පරීක්‍ෂණ ක්‍රමය ඉදිරිපත් කෙළේ යැයි කීව ද ඔහු කර ඇත්තේ චිත්ත පරීක්‍ෂණ ඉදිරිපත් කිරීම බව අපි සඳහන් කළෙමු. බටහිර විිද්‍යාවේ දාර්ශනිකයන් කෙසේ කීව ද නිරීක්‍ෂණ මත පදනම් වී නිගමනවලට එළඹී තිබුණේ ඇරිස්ටෝටලීය පද්ධතියෙහි ය. අපේ එදිනෙදා නිරීක්‍ෂණය පිහාටුවට වඩා ඉක්මණින් පොල් ගෙඩිය බිමට වැටෙන ව ය. එවැනි නිරීක්‍ෂණ මත පදනම් වී සාධාරණීකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස බරින් වැඩි වස්තුව බරින් අඩු වස්තුවට වඩා ඉක්මණින් පොළොවට වැටෙන බව ඇරිස්ටෝටලීය පද්ධතියෙහි සඳහන් වී තිබිණි.

එසේ නම් ගැලීලියෝ විද්වතා කර ඇත්තේ එදිනෙදා සාමාන්‍ය නිරීක්‍ෂණයට පිටින් යෑමකි. ඔහුට පෙන්වීමට වුවමනා වූයේ රික්තයක වස්තු එකම ත්වරණයකින් පහතට වැටෙන බව ය. එහෙත් ඔහු ඒ බව කිසි දිනෙක නො පෙන්වී ය. ඒ වෙනුවට වියුක්ත රික්තයක වස්තු වැටීම පිළිබඳව ඔහු කරුණු ඒත්තු ගැන්වී ය. ඉන්පසු බටහිර භෞතික විද්‍යාවේ එසේ එක් එක් පුද්ගලයාට ඇතිවන අත්දැකීම්, එසේත් නැතහොත් ඒ ඒ පුද්ගලයාගේ නිරීක්‍ෂණ සියළු පුද්ගලයන්ට එක ම ආකාරයෙන් වේ යැයි උපකල්පනය කරමින් සාධාරණ ව (in general) නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන කරුණු ගැන සඳහන් කෙරිණි.

ඉන්පසුව එසේ සියළුම නිරීක්‍ෂකයන්ට එකලෙස නිරීක්‍ෂණය වන්නේ නම් නිරීක්‍ෂකයන් නැතිව වුව ද ඒ සංසිද්ධි ඇතිවන්නේ ය යන්න උපකල්පනය කෙරිණි. උදාහරණයක් ලෙස ගතහොත් සියළු නිරීක්‍ෂකයනට සාපේක්‍ෂ ව වස්තු ඒකාකාර ත්වරණයකින් පොළොවට වැටෙන්නේ නම් නිරීික්‍ෂකයන් නැතිව වුව ද වස්තු ඒකාකර ව පොළොවට වැටෙන්නේ ය යන්න උපකල්පනය කෙරී එය ඊනියා සත්‍යයක් බවට පත්විණි. ඒ සමග වාස්තවික යථාර්ථය (objective reality) බටහිර විද්‍යාවට, මුල දී බටහිර භෞතික විද්‍යාවට, එකතුවිණි. 

නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ලෝකයේ විවිධ සංසිද්ධි ඇතිවන බවත් ඒ සංසිද්ධි ද නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත වූ නියම අනුව සිදුවන බවත් නිව්ටෝනීය චලිත නියම හා ගුරුත්වාකර්ෂණ නියමයෙහි පසුබිමෙහි විය. විවිධ වස්තු නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ඒකාකාර ත්වරණයකින් පොළොවට ඇද වැටීම ගැලීලියෝ විද්වතාගේ නිරීක්‍ෂණවලින් සාධාරණය (generalize) කෙරුණකි. වස්තු එසේ ඇද වැටෙන්නේ විශ්වයේ සියළු අංශු එකිනෙක එක්තරා නියමයකට අනුව ආකර්ක්‍ෂණය වීම නිසා යැයි නිවිටන් විද්වතා තම චලිත නියම හා ගුරුත්වාකර්ෂණ නියමය යොදා ගනිමින් පෙන්නුම් කළේ ය.

චලිත නියම මෙන් ම ගුරුත්වාකර්ෂණ නියමය ද පසුව බටහිර විද්‍යාවට එකතු වූ විවිධ නියමවල පුරෝගාමී කාර්යය ඉටු කළේ ය. එයින් කියැවුණේ නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්තු (අංශු) එකම ආකාරයකින් (යම් ගණිත ප්‍රකාශනයකට යටත් ව) ආකර්ක්‍ෂණය කරන බවත් වස්තු බාහිර බල යටතේ එකම ආකාරයෙන් යම් ත්වරණයකින් චලනය වන බවත් ය. නිවිටන් ගැලීලියෝ ආදීන් ඇතත් නැතත් වස්තු එසේ චලනය වන බව උපකල්පනය කෙරිණි.නිව්ටෝනීය නියමයට අනුව එක් අංශුවක් අනෙක් වස්තු විසින් ආකර්ෂණය කෙරෙයි. නීිරීක්‍ෂකයන් නැතිවත් කෙරෙන ආකර්ෂණය බටහිර භෞතික විිද්‍යාවට අනුව වාස්තවික නියමයක ප්‍රතිඵලයක් වෙයි.

සියළු වස්තු (අංශු) සඳහා එසේ නියම ඉදිරිපත් කෙරුණේ සාධාරණවය. එහෙත් විශ්වයේ ඇති සියළු අංශු සඳහා එවැනි පරීක්‍ෂණ නිරීක්‍ෂණ කළ අයකු නැත. මෙහි දී සිදුවන්නේ අංශු කිහිපයක් සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ හා පරීක්‍ෂණ හා ඊනියා නියම සාධාරණීකරණයට ලක්කිරීම ය. ඒ සාධාරණයට ලක්කිරීමට ඒ ඒ වස්තු එකිනෙක නිරී’ක්‍ෂණය කළ යුතු නො වෙි. අංශු කිහිපයක් නිරීක්‍ෂණය කිරීම ප්‍රමාණවත් වෙයි. මේ සාධාරනීකරණය අභ්‍යුහනය (induction) නමින් ද හැඳින්විය හැකි ය. අභ්‍රුහනයෙන් ලබාගන්නේ නිරපේක්‍ෂ සාධාරණත්වයකි. එක් අංශුවක් සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ ඒ ඒ නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත වෙයි. ඒ නිරපේක්‍ෂත්වය ය.

අනෙක් අතට බටහිර භෞතික විද්‍යාවට අනුව සියළු වස්තු එකම ආකාරයෙන් චලනය වෙයි. එහි දී වස්තුව පොල් ගෙඩියක් වුවත් යකඩ බෝලයක් වුවත් එකම ගුරුත්වාකර්ෂණ නියමයට යටත්වෙයි. එමෙන් ම එකම චලිත නියම යටතේ චලනය වෙයි. නිරීක්‍ෂකයා කවුරුන් වුවත් නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්තු ඊනියා වාස්තවික නියමවලට යටත් වෙයි. මෙය බටහිර විද්‍යාවේ දක්නට ලැබෙන ඊනියා විශ්වීය (universal) නියමයකි. පොල් ගෙඩි දෙල් ගෙඩි පමණක් නොව සූර්යයා හා ග්‍රහවස්තු ද මන්දාකිණි ද මේ නියමයට යටත්වන්නේ යැයි නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඉගැන්වෙයි.

මේ කිසිවක් ඊනියා පර්යේෂණවල හෝ නිරීක්‍ෂණවල හෝ ප්‍රතිඵල නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. බටහිර භෞතික විද්‍යාව ඇතුළු බටහිර විද්‍යා ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් ගැන අවධාරණය කළ ද ඊනියා වාස්තවිකත්වය හා නිරපේක්‍ෂත්වය එවැනි පර්යේෂණාත්මක ක්‍රමවලින් ලබාගත හැක්කක් නො වේ. කිසිවකුට විශ්වයේ (ලෝකයේ) සිටින සියළු නිරීක්‍ෂකයන් අරභයා ඒ සියල්ලන් ම එකම ආකාරයෙන් ඒ ඒ සංසිිද්ධි නිරීක්‍ෂණය කරන්නේ දැයි නීරීක්‍ෂණයෙන් හෝ පර්යේෂණයෙන් හෝ දැනගත හැකි නො වේ. එසේ දැනගත්තත් කලින් සිටි නිරීක්‍ෂකයන් හා ඉපදීමට සිටින නිරීක්‍ෂකයන් සම්බන්ධයෙන් එසේ කරන්නේ කෙසේ ද? එමෙන් ම කලින් පැවති වස්තු හා අනාගතයේ දී ඇතිවන වස්තු සම්බන්ධයෙන් එවැනි පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ කරන්නේ කෙසේ ද?

වාස්තවිකත්වය හා නිරපේක්‍ෂත්වය හුදු උපකල්පන පමණක් වෙයි. ඊනියා අභ්‍යුහනය එහි දී යොදා ගැනෙන විධික්‍රමය යැයි කියනු ලැබෙයි. අභ්‍යුහනය නම් ගාම්භීර නමකින් හැඳින්වුව ද, එයින් කියැවෙන්නේ වස්තු කිහිපයකට නිරීක්‍ෂකයන් කිහිප දෙනකුට ගැලපෙන යම් යම් ලක්‍ෂණ මුළු මහත් විශ්වයට ම ගැලපෙන බව ය. මෙය ගණිත අභ්‍යුහනයෙන් (Mathematical Induction) ලබාගත හැකි වූවක් ද නො වේ. අනෙක් අතට ගණිත අභ්‍යහනය පියානෝගේ ස්වසිද්්ධි හෙවත් ප්‍රත්‍යක්‍ෂ (axioms) මත පදනම් වෙයි. මේ ස්වසිද්ධි ගණිතයේ අනෙක් ස්වසිද්ධි මෙන් ම ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයකින් ලබාගත් ප්‍රතිඵල නො වේ. ඒවා හුදෙක් වියුක්ත උපකල්පන පමණක් වෙයි. මුළු මහත් ගණිතය ම පදනම් වන්නේ එවැනි ස්වසිද්ධි හා ඇරිස්ටෝටලීය න්‍යාය (logic) මත ය. හැකිනම් නිරපේක්‍ෂත්වය, වාස්තවිකත්වය හුදු පරීක්‍ෂණයෙන් හෝ නිරීක්‍ෂණයෙන් හෝ සම්පරීක්‍ෂණයෙන් හෝ පෙන්වන මෙන් අභියෝග කරමි.

වියුක්ත චින්තනය බටහිර විිද්‍යාවට නැතිව ම බැරි ය. වියුක්තය ඊනියා පුද්ගල බද්ධ පරීක්‍ෂණාත්මක ක්‍රමයට පටහැණි වෙයි. වියුක්ත චින්තනයෙහි දී පංචෙන්ද්‍රිය ගෝචර ලක්‍ෂණ බැහැර කෙරෙයි. ගැලීලියෝ විද්වතාට පීසා නුවර ඇලවෙන කුලුන වටා රික්තයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නො වී ය. ඔහු කීවේ රික්තයක් සිතෙන් මවා ගැනීමට ය. ඔහුගේ ඊනියා පරීක්‍ෂණයේ පංචෙන්ද්‍රියන්ට ගෝචර රික්තයක් නො වී ය. එහෙත් රික්තයක් නොමැතිව වස්තු වැටීම පිළිබඳ පරීක්‍ෂණයක් ද නො වී ය.

අනෙක් අතට වස්තුව යනු කුමක් ද? වස්තුව යන්න ම වියුක්ත සංකල්පයකි. වියුක්ත සංකල්ප පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. ගැලීලියෝ විද්වතාට අවශ්‍ය වූයේ යකඩ බෝල අතහැරිය ද, ඇපල් ගෙඩි අතහැරිය ද, අශ්වයන් දෙදෙනකු අතහැරිය ද, ඒ සෑම අවස්ථාවක දී ම ඒ සියල්ල එකම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීම ය. එසේ එක ම ත්වරණයකින් ඇද වැටීමේ ගුණය ඒ ඒ ද්‍රව්‍ය මත රඳා නොපවතින බව ද ඔහුගේ කෙසේ වෙතත් පසුව පැමිණි බටහිර භෞතික විද්‍යාඥයන්ගේ අදහස (උපකල්පනය) විය. ඇපල් ගෙඩියේ වර්ණය හෝ යකඩ බෝලයේ තදබව හෝ වෙනත් ගුණයක් හෝ අත්හරිනු ලැබූ ගෙඩියේ හෝ බෝලයේ හෝ ත්වරණය තීරණය කිරීමේ දී වැදගත් නො වේ. එබැවින් අපට පැහැයක් නැති ඇපල් ගෙඩියක් පමණක් නොව අහවල් ගෙඩිය යැයි කිව නොහැකි ගෙඩියක් හෝ කකුල් ඇති නැති ඕනෑම සතකු හෝ වෙනත් දෙයක් හෝ මෙහි දී යොදාගත හැකි ය.

වස්තුවක් යනු අතිශයින් ම වියුක්ත සංකල්පයකි. එය කිසිසේත් ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. එපමණක් නොව එය සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. කලින් අපේ ප්‍රවාදවල සඳහන් කර ඇති ආකාරයට අපට දෙල් ගෙඩියක් හෝ කෙසෙල් ගෙඩියක් හෝ සිතෙන් මවාගත හැකි වුවත් ගෙඩියක් සිතෙන් මවාගත නො හැකි ය. එය සරල රේඛාවක් වැනි සිතෙන් මවාගත නොහැකි වූවකි. ගෙඩිය, ගස, සිවුපාවා ආදිය සිතෙන් මවාගත නොහැකි සංකල්ප වෙයි. වස්තුව යන්න ඒ සියල්ලටත් වඩා වියුක්ත වූ සංකල්පයකි. එයට හේතුව ගෙඩිය, ගස, සිවුපාවා ආදී මේ ඕනෑම සංකල්පයක් වස්තුවක් විය හැකි බැවිනි.

බටහිර භෞතික විද්‍යාව පමණක් නොව මුළු මහත් බටහිර දැනුම් පද්ධතිය ම ඊනියා වාස්තවිකත්වය මත රඳා පවතියි. එහෙත් වාස්තවිකත්වය යන්න පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවනවා පමණක් නොව සිතෙන් ද මවාගත නොහැකි සංකල්පයකි. එයින් අදහස් කෙරෙන්නේ ඒ පිළිබඳ කිසිවක් සිතෙහි පහළ නොවන බව නො වේ. වාස්තවිකත්වය යනු සිතෙහි ඇතිවන සංකල්පයකි. එය පංචෙන්ද්‍රියන්ගෙන් සංජානනය කළ නොහැකි සංකල්පයකි. එපමණක් නොව එහි රූපයක්, ගඳක් සුවඳක්, හැඩයක්, රසයක්, ශබිදයක්, තදබවක්, මොළොක්බවක් ගැන සිතෙහි මවාගත නො හැකි ය. එය යුදෙව්වන්ගේ වියුක්ත යෙහෝවා දෙවියන් වහන්සේ මෙනි. ඒ දෙවියන් වහන්සේගේ පිළිමයක්වත් ඇඹීම යුදෙව් ආගමේ තහනම් කෙරී ඇත. 

බටහිර භෞතික විද්‍යාවේ ප්‍රමුඛ බටහිර විද්‍යාවේ පමණක් නොව ඊනියා භෞතිකවාදී හෙවත් ද්‍රව්‍යවාදී (materialistic) දර්ශනවල ද පදනමේ ඇත්තේ ඊනියා වාස්තවිකත්වය වැනි කිසිසේත් ම භෞතිකවාදී නොවන මතිමතාන්තර ය. වස්තුව යන්න සිතෙහි ඇති සංකල්පයක් පමණක් වන විට වාස්තවිකත්වයක් ගැන මැත දොඩවන භෞතිකවාදීන් ගැන අප කළයුත්තේ කුමක් ද? තම පඬි බවෙන් උදම් වී භෞතිකවාදී පඬි කතා කියන පඬියන්ට අනුකම්පා කිරීම හැර කළ යුතු අන් දෙයක් ඇතැයි නො සිතමි. භෞතිකවාදී පඬියන්ට අනුව නම් භෞතිකවාදී නොවන සංකල්ප ගැන කතාකරන්නෝ විඥානවාදියෝ ය. එසේත් නැත්නම් පාර භෞතිකවාදියෝ ය. ඒ අරුතින් ගත්කල  ඊනියා වාස්තවිකත්වයක් ගැන කතාකරන භෞතිකවාදයෝ ද  විඥානවාදියෝ වෙති.