බටහිරයන් පරගලය උගත්තු හා රනිල්
පරගලයේ මුල සිට ම එය හුදෙක් ගෝඨාභය රාජපක්ෂ එළවීම සඳහා කරන්නක් නොවන බව අප දැන සිටියා. මා බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් වමාලා දකුණලා ජඩමාධ්‍යවේදීන් සරසවි මඬු ඇදුරන් ඇතුළු විද්වතුන් මා මෝඩයකු විහිළුකරුවකු නාකියකු මැන්ටලයක් ආදී වශයෙන් පමණක් නොව කාලකන්නියකු වැනි අභිධානවලින් ද හඳුන්වනවා. මා මුහුණු පොතේ කිසිවකුට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දෙන්නේ නැත්තේ ඔවුන්ගෙන් එවැනි ප්‍රශංසා ලබා ගැනීමට අනවශ්‍ය බැවින්. ඔවුන්වත් ඔවුන්ගේ ගුරුවරුන්වත් කිසිම අලුත් අදහසක් කියන්නේ නැහැ. සරසවි මඬු කිවුවෙ සරස්වති මණ්ඩපවලට. ආදි කාලයෙ ජම්බුද්වීපයෙහි ශාස්ත්‍ර උගන්වපු තැන් සරස්වතියගේ නමයෙන් සරස්වති මණ්ඩප ලෙස හැඳින්වූවාලු. ග්‍රීකයෝ හා මෞර්යයෝ කියවන්න.